ලොකු ළමයෙක් වූ පසු සිදුවන සන්තෑසිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Kiloshini Hendawitharana


    පෑඩ් එක

    ..............
    මම ලොකු ළමයෙක් වුනේ 10 වසරේය. දහය කීවාට එකොලහට ඔන්න මෙන්න කාලේය. එතැන් පටන් මගේ ජීවිතයට අවසනාවන්ත දවස් හා අප්‍රසන්න දවස් එකතු වෙන්නට පටන් ගත්තේය.
    ලොකු ළමයෙක් වූ පසු සිදුවන සන්තෑසිය අම්මා මට මැනවින් පෙන්වා දී තිබිනි. දහයේ වූ කෙල්ලක්ට එය දරා ගැනීමට පුලුවන් අපේක්ශිත ඉලක්කයක් වූ නමුත් කුඩා වයසේ ලොකු ළමයින් වූ කෙල්ලන් එය දරා ගත්තේ කෙසේද යන්න මට ගැටළුවකි.
    එතෙක් කලක් හැමදාම පාසලට ගිය ශිෂ්‍යාවක් වූ මම මාසයකට වරක් දවස් දෙක තුනක් පාසලට යාම ප්‍රතික්ශේප කරන්නට වීමි. පීරියඩ් හතරක් වාඩි වී ඉන්ටර්වල් එකට නැගිටින මොහොතේත් ඉතුරු පීරියඩ් හතර වාඩිවී ගෙදර යාමට නැගිටින මොහොතේත් හිතට නැගෙන හා නැගුනු චිත්ත සන්තාපයන් අද වයසේ කෙල්ල්ලන්ටද මෙසේම ඇතැයි සිතමි.
    සුදු පාට රැලි ගවුමේ රතු පාට ලේ පැල්ලම් නිසා ලැජ්ජාවට පත් නොවූ දවසක් නැති තරම්‍ ය. එසේ වූයේ ඇයි.?
    මම ආර්තව දවසට රෙදි බාවිතා කල පරම්පරාවේ එකියක්මි. එහි අපහසුව මම අත් විද ඇත්තෙමි.
    රෙදි පොටවල් හතර පහකට ආර්තවයේදී වැගිරෙන රුධිර ධාරාව දරා ගැනීමට බැරි පීඩනය මැනවින් අත් දැක්කෙමි. වාසනාවකට මෙන් අක්‍රමවත් හා ඉතා දිගු කාල පරතරයන් තිබූ ආර්තවයකට හිමි කම් කියූ මම මේ පීඩනය දැරුවේ කෙටි කාල වකවානුවන් සදහා පමනි.
    එහෙත් මගේ සම වයසේ කෙල්ලන් හිටි අඩියේ තැන්පත් වනු මම දැක්කෙමි. පිලිතුරක් දීමට නැගිට ගැනීමට බැරිව පුටුවල ගැලී ඇලී සිටිනු මම දැක්කෙමි. වේගයෙන් ඉගෙන ගනිමින් සිටි කෙල්ලන් පාසලට නොපැමිනෙමින් සිටින දින වකවානු වැඩි වන අයුරු මම දැක්කෙමි.
    ඒ කාලයේදීද පෑඩ් වෙලද පොලේ තිබෙන්නට ඇත. ඒත් අනුරාධපුර පෑඩ් තිබූ කඩ ඉතා සීමිත වූ අතර නිකම්ම ඉවත දමන දෙයකට රුපියල් 100ක් වියදම් කිරීම සාමාන්‍ය මධ්‍ය පාන්තික පවුලකට අසීරු කාර්‍යයක් වන්නට ඇත. මම කැම්පස් යනකම්ම රෙදි බාවිතා කලෙමි.
    රෙදි බාවිතය නිසා මහ මගේදී සිදුවන ලැජ්ජාව ඇරුනු කොට කකුල් අතර වන වීම් , කැසීම් විටින් විට ඇති වන්නට විය. කෙල්ලක් අපහසුතාවයට ලක් වන සමහර දිනවලදී පන්තියේ කොල්ලන් විහිලු කරන අයුරු මම දැක ඇත්තෙමි.
    ඒත් සවබාවයෙන්ම කොල්ලෙක්ගේ ජානයන් වලින් සැකසුනු කෙල්ලෙක ස්ත්‍රී ලක්ශන පෙන්වන කල්හි මගේ පන්තියේ උන් කොල්ලෝ මාව ආරක්ශා කල බව කිවයුතුය. අනෙක් දවස් වලදී පොලු මුගුරු සහිතව මා සමග වාදයට එන උන් මම එක්වනම තැන්පත් වන දින වලදී මාගේ සුදු ගවුමේ පැල්ලම් වසා ගන්නා තෙක් පන්තියෙන් පිටටවී සිටීමට තරම් ශික්ශනයක් ලද වුන් වූහ.
    පාසල තුලදී නිවැරදි ලෙස වතුර හෝ සබන් හෝ නැති වැසිකිලි පද්දතියක් තුල වැසිකිලි යාම මේ දිනවලදී තදින්ම ප්‍රතික්ෂේප වූ අතර කෙමෙන් එකී දිනවලදී පාසල ප්‍රතික්ශේප කිරීම පහසු හා නුවණැතිම ක්‍රියා මාර්ගය විය.
    මම එය කලෙමි.
    පෑඩ් එන්නේ ඉන් අනතුරුව ය.
    පෑඩ් බාවිතයේදී ආර්තව දින වලදී දැනෙන පහසුව මම අත් වින්දෙමි. යට ඇදුම් වල නොගෑවෙන ලෙස කාන්දු වීම් වලට ඔරොත්තු දෙන පෑඩ් එකකින් ලැබෙන ආරක්ශාව මම බුක්ති වින්දෙමි. පෑඩ් එකක් ඇග ලා ගත් කල දැනෙන ආත්ම විශ්වාසය මම තදින්ම බුක්ති වින්දෙමි.
    කැසිලි, වන වීම් , හා පිරිසිදු කර ගැනීමට යන කාලය , නැවත මාරු කර ගැනීමට යන පහසුව හා වේලාව මට නැවත ලැබිනි. නැවත ආත්ම විශ්වාසය ලදිමි.
    පැඩ් පැකට් එකක් තවම වෙලද පොලේ රුපියල් 150 කි. එය ලාබයැයි මම හිතා සිටියෙමි. එම නිසා අවුරුදු හතලිහකට පසුව හෝ එහි මිල ඉහල නොදමා සිටීම කුමන ආන්ඩුවක් හෝ කරන අනුවණ කමකි..
    ලංකාවේ ජනගහනයෙන් සීයට පනහක්ම ගෑනුය. උන් තම ජීවිත කාලයෙන් අඩුම වසර හතලිහක්, එනම් මාස 480ක් පෑඩ් පාවිච්චි කරති.
    මුලු ජීවිත කාලයටම ඔවුන්ට තම ආර්තව සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන්නට වෙන්නේ රුපියල් 48000 ක් වැනි කුඩා මුදලකි. මින් ආන්ඩුවකට ලැබෙන ලාබයක් නැති තරම්‍ ය.
    ඉතින් මෙය වෙලද භාන්ඩයක් වූ කල්හි ආන්ඩුවකට අනිවාර්‍යෙන්ම ලාබ ලැබිය හැකිය. පෝට් සිටි වැනි ඉතා තාක්ශනික කාරණා මම නොදනිමි. එහෙත් මෙය අනිවාර්‍යෙන්ම ලාබ ලැබෙන කාරනයක් බව දනිමි. මන්ද ගැහැනුන් අනිවාර්‍යෙන්ම ආර්තවය කල යුතුය. ආන්ඩුවකට ගැහැනියට බදු ගැසීම කල නොහැකිය. ආර්තවයට බදු ගැසීම කල නොහැකිය. ගැසිය හැක්කේ පෑඩ් පැකට් එකට පමනක් වන බැවිනි.
    මම ලෝකයේ රට රටවල් ගොඩකට ගිය අයෙක් නොවෙමි. 2012 දී මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වීමි. එහි හැම වෙලද පොලකම 'බේසික්ස්' හෝ 'එසෙන්ශල්ස්' ලෙස පෑඩ් ඉතාම අඩු මිලට හෝ නොමිලේ බාවිතයට සකස් කර තිබෙනු මම දැක ඇත්තෙමි. ඒවා අත්‍යාවශ්‍ය බාන්ඩ හෝ මූලික අත්‍යාවශ්‍ය බාන්ඩ ගනයට ඇතුලත් කර තිබිනි. ගවුමක් ඩොලර් 100 ක් වන කල්හි බේසික්ස් පැකට් බන්ඩලයක්ම ඩොලර් 0.99 ට වඩා අඩුවෙන් තිබ්බා මතකය. මම ඉන් විශ්මයට පත් වීමි.
    2019 දී මම ජපානයට ගියෙමි. එහිදීද මේවා 'බේසික්ස්' ලෙස වෙලද පොලවල් වල දැක්කෙමි. නිකමට මිල ගනන් බැලීමට යාමේදී ඒවා මිලක් සදහන් නොකල බාන්ඩ ලෙස දැකීමි. ඒවා නොමිලේ තිබූ බාන්ඩ විය. ගවුමක් යෙන් 4000 ක් වෙදිදී පෑඩ් නොමිලේ හෝ යෙන් 10කට අඩුවෙන් මිල නියම කර තිබෙනු දුටුවෙමි.
    ලන්කාවේ ගවුමක් රුපියල් 2000 ක් වන කල්හි පෑඩ් පැකට් එකක් රුපියල් 150 පමන වීම ඇත්තටම වර්තමාන ලෝකය හා තරග කිරීමට සුදුසු නොවේ.
    එහෙයින් ආන්ඩුවක් වශයෙන් ආර්තිකය ශක්තිමත් කිරීමට ඉතාම සුදුසු හා කාලීන තීරනය ලෙස පෑඩ් එකට බදු වැඩි කිරීම, ආන්ඩුවක අමනෝඥ පිරිසකට ඉතාම සුදුසු යැයි මම ද යෝජනා කරමි. එසේ නොමැතිව දේශීය පෑඩ් නිශ්පාදකයා නගා සිටවීමට අදහස් කරන්නේ නම් නගා සිටවිය යුතු අනෙක් තැන් නගා සිටුවීම හා තත්වයෙන් උසස් නිශ්පාදන නිපදවා නිම වූ පසු බද්දක් පැනවීම හෝ බද්දේ නම වෙනස් කරමින් එහි බ්‍රේක් ඩවුන් එකට තුල්‍ය කිරීම කල හැකිව තිබිනි. මේ වසංගත කාලයේදීද ගැහැනු ආර්තවය කරති.
    එහෙත් ,
    තවම ලංකාවේ අනුරාධපුර දරුවෝ පෑඩ් වෙනුවට රෙදි අදිති. වතුර පොදක් නැති වැසිකිලි ඇති පාසල්වල දරුවෝ නැවත තම ආත්ම විශ්වාසය ගොඩ නගා ගනිමින් පෑඩ් බාවිතය හා ආර්තව සෞඛ්‍ය නංවා ගනිමින් සිටින කාලයක රටක ආන්ඩුවක් ගත් ඒ තීරනය කෙතරම් අමනෝඥ දැයි මම සිතමි.
    පාසල් වයසේ නවයොවුන් දරුවන් කුස ගින්න දරා ගත නොහැකිව තම ආහාර වේල ගැනීම වෙනුවෙන් ම පාසල් වෙත එන අයුරු මම අත් දැකීමෙන්ම දකිමි. උන් ට තව දුරටත් නව යව්වනය බරක් විය යුතු නැත. ආර්තව සෞක්‍ය නොමිලේ ලබා දිය යුතු සේවාවක් කල යුතු කාල වකවානුවක, රොකට් සෑදීමට තරම් තාක්ශනයක් ඇති පරම්පරාවක එහෙයියන් පෑඩ් එකටත් තට්ටු කිරීම නව යොවුන් පාසල් දැරිවියන්ගේ ආත්ම විශ්වාසය තුට්ටුවකට මායිම් නොකිරීමක් ලෙස හගිමි. මම අදේශපාලනිකව විරුද්ද වෙමි.

    මම අනුරාධපුර පාසල් සෞඛ්‍ය වයිද්‍යවරියයි.
    2020.11.26
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    සජියා පෑඩ් වල ගණන් අඩු කරන්න යද්දී කට්ටිය අම්බානෙකට බැන්නා නේද පොරට.
     
    • Like
    Reactions: westpra

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    pad wata tax eka gahapu eka waradi. lankawe ewa promote karanna ona nam lankawe ewage tax free kara nam hari
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කො සන්ටැඹිරාලලා සෙට් එක...

    is at "ෂෑර්ගේ පෑඩ් බද්දෙන් රටේ ආර්තිකය නගා සිටුවීමට වෙන පිටුවහල " රචනාව බලාපොරොත්තුවෙන් ...
     
    • Like
    Reactions: westpra

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බලාගෙන යද්දී සජියා ගෝටාට වඩා ප්‍රායෝගිකයි.


    gotha kiyanne, gu wimal, gommanpila hiru, derana media walin pumbapu nikan his dial ekak ban. teleprompter nethwa 5mins mic eke katha karaganna be.
    mohomad sajith mongal unata baya nethuwa gon katha hari kiyana dial ekak


    I remeber. Some one called as PAD MAN. now time to deserve it 😎


    gotha = padman
     
    • Like
    Reactions: Lankaputhra16

    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,014
    113
    Colombo
    ජෙප්පො දැන් කේරලෙ අමතක කරල පෑඩ් එකක් අල්ලගෙනද ?? අනුර කුමාරගෙ පුන්චි අම්මට පෑඩ් ගන්න සල්ලි නැතිලුද ?? කැට හොල්ලල වත් සල්ලි හොයල දීපල්ල.
     
    • Haha
    Reactions: erozan

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    බලාගෙන යද්දී සජියා ගෝටාට වඩා ප්‍රායෝගිකයි.
    ඔව් ප්‍රායොගික කමකට වඩා ඌ ඉතින් චන්ද ටිකක් ගන්න තමා බලන්න ඇත්තේ