ලොවම මවිත වන අයිස් වලින් තැනු Minus 5˚ice bar

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලොවම මවිත වන අයිස් වලින් තැනු Minus 5˚ice bar

    උණසුම් කබා නොමැතිව ඇතුල් විය නොහැකි ලොවම මවිත වන අයිස් වලින් තැනු Minus 5˚ice bar





    Minus 5˚ Bar එනම් සෙල්සියස් අංශක -5 තැබෑරුම ලෙසින් හඳුන්වන මෙම ස්ථාන තුළ සැබෑ ලෙසින්ම උෂ්ණත්වය පවතින්නේ අයිස් මිදෙන උෂ්ණත්වයටත් අඩු -5 හා -10 වැනි ඉතාමත් පහළ උෂ්ණත්වයකයි. එය නිසා තමයි මෙම තැබෑරුම් ලොව පුරා මෙතරම් ප්‍රසිද්ධියට පත්වී තිබෙන්නේ.
    තැබෑරුමක් කියා පැවසුවත් මෙය මුළු පවුලටම පැමිණ විනෝද විය හැකි ස්ථානයක්. මනරම් අයිස් පිළිම හා නිර්මාණ සහිත ඉග්ලූ නිවෙසක් බඳු මෙහි තිබෙන සියලුම දේවල් පාහේ අයිස් වලින් නිමවා තිබීමත් විශේෂිත දෙයකි. තැබෑරුමේදී ඔබට ලැබෙන වීදුරු පවා අයිස් වලින් සාදනු ලැබූ වීදුරු වේ.
    ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝක්, ලාස් වේගාස් හා ඔර්ලන්ඩෝ වැනි නගර වල ස්ථාන කිහිපයකම minus 5° තැබෑරුම් දැකිය හැකි අතර නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් හිදී minus 5º ice bar නමින්ද පවතිනවා. අත දරුවාගේ සිට ඕනෑම වයසක කෙනකුට ඇතුළුවීමට මෙහි අවසර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය උණසුම් කබා හා ඇඳුම් සියල්ලක්ම ඇතුළු වීමට පෙර ඔවුන් ලබා දෙනවා.
    මේස, පුටු හා වීදුරු ඇතුළු සියල්ලක්ම අයිස් වලින්ම නිමවා තිබෙන නිසා තැබෑරුමෙන් බීම ලබා ගැනීමට අමතරව මෙය නැරැඹීමටත් බොහෝ දෙනා පැමිණෙනවා. විශේෂයෙන්ම කුඩා ළමයින්ට විනෝද වීමට මෙහි අයිස් නිර්මාණ රැසක් ඉදිකර තිබෙනවා. එක් එක් නගරයන්හි ඇති අයිස් තැබෑරුම් හි ඇතුළත හා අයිස් නිර්මාණ විවිධාකාර වන්නේ එක අයිස් තැබෑරුමකින් තවත් එකකට වෙනස්ම වූ අත්දැකීමක් ලබා දීමටයි. අයිස් තැබෑරුම පිහිටි ප්‍රදේශයට අදාළ හා එම ප්‍රදේශයට විශේෂ වන ආකාරයෙන් මෙහි බිත්ති සැරසිලි හා අනෙකුත් සැරසිලි අයිස්වලින්ම නිමවා තිබීම විශේෂයි.
    isa.jpg

    i1.jpg

    i2.jpg

    i9.jpg

    ic.jpg
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    එතකොට මේකේ තියෙන බීම ගල්වෙන්නැද්ද? :baffled: බොන්නේ කොහොමද? :rofl: