ලොව අරුම පුදුම ජාතිය..!

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    ලොව අරුම පුදුම ජාතිය..!

    ලොව අරුම පුදුම ජාතිය..!​

    ___________________________
    S8V85KX.jpg

    මෙයට අවුරුදු හතළිහකට පමණ පෙර ජෝර්දාන ගංගාව මැදි කර යුදෙව්වෝ අවුලක් හදා ගත්හ. අවුරුදු තිහකට පමණ පෙර ඊජිප්තු ජාතිකයන් සමඟ අරගලයක යෙදුණි. අවුරුදු තුන හතරකට පෙර ඉරානය සමඟ උග්‍ර වාග් සංග්‍රාමයක යෙදී, කුමන මොහොතක සටනක් ඇති වේද යන තරමට ඒ තත්වය උග්‍ර විය. මේ සිදුවීම් දහස් ගණනක සිදුවීම් අතරින් කීපයක් පමණි.

    මේ තරම් අරගල මත ‘කූල් එකේ’ ජීවත් වන යුදෙව්වන් යනු ඇත්තටම කව්ද ?

    කෙටියෙන් කිවහොත් යුදෙව්වන් යනු ලෝකයේ අදටත් වාසය කරන ඉතාම පැරණි මිනිස් වර්ගයක් කියා කිව හැක. ක්‍රිස්තු වර්ෂයට පෙර අවුරුදු දෙදහසක් පමණ ඈත අතීතයට යන යුදෙව් ජාතියට, ජාතියක් කීමද එතරම් ම සාධාරණ නැත. මක්නිසාද යත් යුදෙව්වන් ලෝකයේ වෙනත් ජාතීන්ට මිශ්‍ර වී පවතින බැවිනි. බ්‍රිතාන්‍යයේ සුද්දන් යයි කියන අයගෙන් සෑහෙන ප්‍රමාණයක් යුදෙව්වන් වේ. ඇමරිකාවේම යුදෙව්වන් ගේ ජනගහනය මිලියන වලින් මැනිය යුතුය.

    වෙන එකක් තබා ලංකාවේ සිට යුරෝපයේ ඇති එංගලන්තය වැනි රටවලට ගිය අයද යුදෙව් ගැහැණුන් විවාහ කර ලංකාවටද පැමිණි අවස්ථාවන් ඇත. එහෙත් ඔවුන්, ‘එංගලන්තයේ සුද්දියන්’ යයි කියනවා හැර, තමා යුදෙව්වන්ගෙන් පැවතෙනවා කියන්නේද නැත.

    ‘යුදෙව්’ යන වචනය භාවිතා කිරීමට කෙනෙක්, යුදෙව් පරම්පරාවකින් පැමිණීම පමණක් නොව, එසේ පැවතීමට අතිරේකව යුදෙව් ධර්මය පිළිපැදීමද අදාළ වේ. යුදෙව් ධර්මය අනුව බයිබලයේ ප්‍රථම භාගය හෙවත් ‘පැරණි තෙස්තමේන්තුව’ ඇදහීම කෙරේ. ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කාරයෙක් යයි ඔවුන් පිළි නොගනිති. ක්‍රිස්තුස් වහන්සේට ඇන ගසන ලද්දේද, යුදෙව් ධර්මය අදහන පූජකයන්ගේ කුමන්ත්‍රණ නිසා විය.

    යුදෙව්වන්ගෙන් සැම කෙනෙක්ම යුදෙව් ආගම පිළි නොගනිති. එසේ ආගම වෙනස් කළා කියා ඉස්ලාමයේ මෙන් ඝාතනය කිරීමක් වන්නේ නැත. හොඳ උදාහරණයක් වන්නේ බ්‍රිතාන්‍යයේ සිටි අගමැතිවරයෙක් වූ ‘බෙන්ජමින් ඩිස්රේලි’ විය. ඔහු ක්‍රිස්තියානි ධර්මය අනුගමනය කල කෙනෙක් විය.

    එසේම ඔවුන්ට යාබද ජාතිය වන ඉස්ලාමිකයන්ට වඩා ඉඳුරා වෙනස් පිළිවෙතකින් ඔවුන් යුදෙව් ධර්මය අනුගමනය කරති. උදාහරණයක් සේ, ‘සබත් දිනයේ වැඩ කරන්නාව ඝාතනය කර යුතුය’ වැනි ප්‍රාථමික නීති කිසිම යුදෙව්වෙක් අනුගමනය නොකරති. එසේම අන් ආගම් ගැන තුලනාත්මක සේ සිතන යුදෙව්වන් වැනි මිනිසුන් කොටසක් මේ ලෝකයේ කොහේවත් නැත. ඔබට උදාහරණයක් දෙමි. ඊශ්‍රායලයේ ඇති හින්දු යෝග ක්‍රම මධ්‍යස්ථාන පමණක් නොව, බෞද්ධ විපස්සනා භාවනා මධ්‍යස්ථාන ගූගල් කර බලන්න.

    ටොන් ගණනට විස්තර ඔබට ලැබෙනු ඇත.

    මෙන්න මේ නිසාම ඔවුන් ගේ චින්තන ශක්තිය පුළුල් වී ඇත. ඔවුනට ලොව පුරා අයත් අන්තර් ජාතික නිෂ්පාදන සමාගම් ප්‍රමාණය අති විශාලය. මුහුණු පොත අයිතිකරුද යුදෙව්වෙකි. එසේම ලොව සිටි මෙන්ම සිටින අග්‍ර ගණයේ උගතුන් යුදෙව්වන් වූහ.

    කීප දෙනෙක් ගැන කියනවා නම්, අයින්ස්ටයින්, කාල් මාක්ස්, යෙහුඩි මෙනුයින්, වොන් බ්‍රෝන්, සියල්කොවුස්කි, මෙන්ම ක්‍රිස්තුස් වහන්සේ සහ උන් වහන්සේගේ සියලුම ගෝලයන් යුදෙව්වන් විය. අදද යුදෙව් ප්‍රසිද්ධ චරිත ඇත. මේ තරම් මේ මිනිසුන් උගතුන් වූයේ කෙසේද යන්න ප්‍රශ්ණයකි. සාපේක්‍ෂ උදාහරණයක් සේ, එක යුදෙව්වේකුට මුස්ලිම්වරු 14,000 ක් ලොව සිටී. එහෙත් නොබෙල් ත්‍යාගය ලැබූ යුදෙව්වන් දෙසිය පණහට වඩා වැඩි අතර, මුස්ලිම් ලෝකයේ එය දහයට අඩුය.

    මෙතෙක් නොබෙල් ත්‍යාගය ලැබූ 900ක් පමණ සිටිති. එයින් 20% ක් තෑගී දිනා ඇත්තේ ලෝක ජනගහනයෙන් 0.2% ක් වන යුදෙව්වන්ටය ! List of Jewish Nobel laureates සේ ඔබ ගූගල් කළහොත්, විකිපීඩියාවේ ලැබෙන ලැයිස්තුව දුටුවොත් පුදුම වෙනු ඇත. ඇත්තටම, ජාතියක් වශයෙන් මේ තරම් මේ යුදෙව්වන් උගතුන් වූයේ කෙසේද යන්න ප්‍රශ්ණයකි.

    පැහැදිළි එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ පැරණි ආගමික නීති පොත් ඉවත් කර වර්තමානය අනුව හැඩ ගැසීමය. නැතිනම් ඔවුන්ද පස් වතාවක් ඔලුව පොලවේ ගසමින්, දිනකට පැයක කාලයක් නාස්ති කරන්නට ඉඩ තිබිණ.

    මෝසෙස් යුදෙව්වන්ට යුදෙව් ආගම සහ නීති ඉදිරිපත් කල අනාගත වක්තෘ විය. ඔවුන්ගේ මුල් භුමිය වන ඊශ්‍රායලය ලෙස, වෙනම රාජ්‍යයක් සේ පිහිටුවන ලදී. එය ලංකාවට නිදහස ලැබූ 1948 වර්ෂයේම පිහිටුවන ලදී. අද ලංකාව කොතනද, ඔවුන් කොතනද යන්න ගැන මොහොතක් සිතා බලමු.

    යුදෙව්වන් ලෝකයේ සිටින පීඩිතම ජාතීන්ගෙන්, ජාතියක් වෙති. දෙවන මහා ලෝක සංග්‍රාමයේ දී නොයෙක් ආකාරයේ වධ බන්ධන වලට මුහුණ පා මිය ගිය යුදෙව් ජාතිකයන් ගේ ප්‍රමාණය මිලියන 6කට වැඩි විය.

    එසේ වූ හේතුව නම්, තමන් යුදෙව්වන් වී ඉපදීම නිසාය.

    අවුරුදු දෙදදහකට පමණ පෙර යුදෙව්වන්ට ‘පලස්තීනය’ යයි නමෙන් රටක් තිබුනේය. ක්‍රිස්තු වර්ෂ 70 සහ 135 දී රෝම අධිරාජ්‍ය වාදීන් පැමිණ, ජෙරුසලම ගිණි තියා, එකම යුදෙව්වෙකුට වත් එහි ඇතුළු වීම තහනම් යයි ආඥා පනවන ලදී. ලෝකයේ නා නා රටවල් වලට යුදෙව්වන් ගොස් ජීවත් වීම ආරම්භ කලේ ඉන් පසුවය. එහෙත් ම රටවල් වලින් යුදෙව්වන් පිටුවහල් කලහ. මෙය මුලින්ම කලේ එංගලන්තය විසින් ක්‍රිස්තු වර්ෂ 1290 දීය. ප්‍රංශය සහ ජර්මනිය පසුව එංගලන්තය අනුව යමින් යුදෙව්වන් පිටමං කරන ලදී.

    1348 වසරේ යුරෝපයේ හටගත් මහා වසංගතයට හේතුව යුදෙව්වන් විසින් ළිං වලට වස යෙදීම යන බොරු චෝදනාව අනුව, යුදෙව්වන් ලක්ෂ ගණනක් ඝාතනය කිරීම සිදු විය. නමුත් පසුකලෙක යුරෝපයේ බොහෝ රටවල් පාර්ලිමේන්තු පනත් සම්මත කර, යුදෙව්වන්ට පුරවැසිකම දුන්හ. මේ රටවල් කීපයක් නම් බෙල්ජියම, ඩෙන්මාර්කය, ස්වීඩනය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව සහ නෝර්වේ වේ.

    දෙවන මහා ලෝක සංග්‍රාමයේ බොහෝ යුදෙව්වන් ඝාතනය කරන අතර වාරයේ තවත් යුදෙව්වෝ බොහෝ දෙනෙක් වෙනත් රටවල් වලට පැන ගත්හ. 1947 වසරේ එක්සත් ජාතීන්ගේ යෝජනාවක් පරිදි පලස්තීනය දෙකට කඩා එක කොටසක් යුදෙව්වන්ටත්, අනෙක් කොටස අරාබි ජාතිකයන්ටත් බෙදා දෙන ලදී. එහෙත් මේ තීරණයට එදා සිට අද වනතුරුත් අරාබි ජාතීන් බොහොමයක් හිස නොනමති.

    වෙන එකක් තියා මූල ධර්ම ඉස්ලාමික සංවිධාන වලින්, ‘ස්වර්ගයට යාමට කල හැකි විශ්වාසම ක්‍රමය හෙවත් කුසළ කර්මය වන්නේ, ‘යුදෙව්වෙක් ඝාතනය’ යයි කියා කියති. මැද පෙරදිග බල අරගලයේ එක දැවැන්තයෙක් වන ඉරානයද යුදෙව්වන්ට විපක්ෂ වෙති.

    මහින්ද රාජපක්ෂ මහතා ලංකාවේ ජනාධිපතිවූ කල, ලංකාවටද පැමිණි ඉරාන ජනාධිපති ‘අහමඩ් නෙජාඩ්’ කියා සිටියේ, …”ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දමන බවය”... එහෙත් ඉන් පෙර ඔහු ජනාධිපති කමෙන් අතුගා දැමිණි. ජර්මනියේ සිදු වූ ඊශ්‍රායෙල් වරුන්ගේ ඝාතන බොරු යයි කියන්නට ගොස්, ඔහුට අන්තර් ජාතිකව පමණක් නොව, ඉරානයේ සාමාන්‍ය ජනතාවගේ සමච්චලයද හිමි විය.

    ඉහත එක්සත් ජාතික සංවිධානයෙන් ගන්නා ලද පලස්තීනය බෙදා ඊශ්‍රායෙල් වරුන්ට එක් කොටසක් දීමට අරාබි රටවල් හයක්ම සම්පූර්ණ විරුද්ධත්වය පළ කලද, එය යුදෙව්වන්ගේ ආගමනය නැවැත්වීමට හේතුවක් නොවිණි. ඇත්ත වශයෙන් යුදෙව්වන්ට අද ඔවුන් සිටින භූමියට වඩා වැඩි ප්‍රමාණයක් අතීතයේ තිබුණහ. එහෙත් අද ඔවුන් ජීවත් වන කුඩා බිම් කොටස අරාබි රාජ්‍යයන් ගෙන් වටව ඇත්තේ, “දත් තිස් දෙකක් අතර ඇති දිව” අයුරෙනි.

    ලොව පවතිනා තුරු හෝ මූල ධර්මික ඉස්ලාමය පවතින තුරු, මේ නයි පොළොන් වෛරය පවතිනු ඇත.

    එහෙත් යුදෙව්වන් නම් අද වනතුරුද නිරුපද්‍රිත සේ ඊශ්‍රායලයේ ජීවත් වෙති. මුළු ඊශ්‍රායලයේම අහස රේඩාර් තාක්ෂණයෙන් ආවරණය වන පරිදි ආරක්ෂා කර ඇත. එසේ හෙයින් හිතන තරම් ලෙහෙසියෙන් ඊශ්‍රායලය ආක්‍රමණය කල නොහැක. පොළව යට බංකර වල ඇති සිය ගණන් කෆීර් යානා නවතා ඇත්තේ, ඕනෑම මොහොතක ඒවා ක්‍රියාවට නැගීමට හැකි හෙයිණි. මුළු රටේම මිනිසුන් පාහේ යුද්ධයකට සූදානම් කර ඇත. යුද්ධයකට සුදුසු නැතැයි සිතෙන සුරූපී යුවතියන් පවා දක්ෂ සොල්දාදුවියන් වී ඇත.

    එහි ගිය කෙනෙක්ට, මහා කතරක් ස්වර්ගයක් කල අයුරු පෙනේ. මා කියන්නේ මොනවාද යයි එහි සිටින ලංකාවේ අය දනිති.

    ස්වර්ගයක් කරන්නට අපහසු තැන් වල සූර්ය තාප ක්‍රම සකසා රටට විදුළි බල ශක්තිය ගනිති. ඔබ දකින පින්තූරය ඒ ආකාරයේ ක්‍රමයකි. උදාහරණ:- Ashalim Power Station. එය අද දින ලෝකයේ විශාලතම තාප කුළුණ වේ.

    මේ අතර අප, අදත් අළුත් ගල් අඟුරු බලාගාර රටට ගෙන එන්නට උත්සාහ කරමු. නව අවුරුද්ද බේබදු කමෙන් සමරමු. අහසෙන් වැටෙන දිය බිඳ මෙන්ම හිරු කිරණද, හිර තාපයද අපතේ යවන්නෙමු. රතු කොළ නිල වලට බෙදී බැන ගන්නෙමු. සෑහෙන ප්‍රමාණයක හරක් සහ, නරි රැළක් පාර්ලිමේන්තුවේ තබන්නෙමු.

    සමස්ථයක් සේ ගත්කල යුදෙව්වන් විසින් ලොවට දුන් දායාද බොහෝ වේ. ඒවායින් ලංකාවටද ප්‍රයෝජනවත් වන කෘෂිකර්මය සඳහා වන එකක් පමණක් කිවහොත්, ‘ජළ බිඳුව බැගින් ගස් වලට සැපයීම’ [Drop irrigation] ගත හැක. මේ ජලය අපතේ නොයවා ගොවිතැන් කරන ක්‍රමය ඉන්දියාව, චීනය ඇතුළු මුළු ලෝකයේම ගොවියන් මිලියන ගණනාවක් භාවිතා කරන ක්‍රමයකි.

    යුදෙව්වන් විසින් ලොවට දෙන ලද දායාද ගැන ලියන්නට, මෙවැනි ලිපියක් නොව විශාල පොතක් අවශ්‍ය වනු ඇත.​

    - උපුටාගැනීම ලලිත් කරුණාරත්නගෙ මහතාගෙනි -
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ අතර අප, අදත් අළුත් ගල් අඟුරු බලාගාර රටට ගෙන එන්නට උත්සාහ කරමු

    නොදැනුවත්කමට කියන කතා :D
     
    • Like
    Reactions: TMR72