- ලොව ආරක්ෂිතම මෝටර් රථය -

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    - ලොව ආරක්ෂිතම මෝටර් රථය -

    'Sir Vival' ලෙසින් නම් කර තිබූ කොටස් දෙකකින් සමන්විත වූ මෙම අපූරු මෝටර් රථය වෝල්ටර් C. ජෙරොම් නම් ඉංජිනේරුවරයාගේ වසර දහයක අත්‍යන්ත කැපවීමෙහි අවසන් ප්‍රතිඵලය ලෙස 1958 වසරේ දී වෙළදපොළට හදුන්වා දුන් අතර මෙහිදි, මෝටර් රථයේ එංජිම සහ ඉදිරිපස රෝද යුගලය රියදුරා සහ මගීන් ගමන්ගත් මැදිරියෙන් ස්වායක්තව, එකිනෙකට වෙනස් කොටස් දෙකකින් නිමවා තිබූ අතර මධ්‍යයේ ඇති කුඩා සන්ධියකින් පමණක් එකිනෙක සම්බන්ධ කරවා තිබිණි. ඝට්ටනයක දී එම ගැටුනු කොටස සන්ධිය වටා කැරකැවීයන පරිදි නිදහස්ව තිබීමෙන් එහිදී ඇතිවෙන කම්පනය ඉන් අවශෝෂණය වීමට සළස්වා මගීන්ගේ ජීවිතාරාක්ෂාව සැලසීම ප්‍රධාන අරමුණ කොටගත් මෙම රථය එනිසාම 'ලොව ආරක්ෂිතම මෝටර් රථය' ලෙස හදුන්වාදීමේදී හදුන්වා තිබිණි.

    තවද රියදුරා මගීන් ට වඩා අඩි තුනක් පමණ ඉහළින් පිහිටි විශේෂිත වූ අසුනක පිහිටුවා ලන මෙම නිර්මාණය, ඔහුට අංශක 270 ක පමණ පාරාසයක් ඎජුව නිරීක්ෂණය කිරීමට හැකිවෙන පරිදි සැකසූ සුවිසල් වාමුවාවකින් සමන්විතය. ඒ වන විට පැවති සම්පූර්ණ මෝටර් රථ කර්මාන්තයටම අභියෝගය කල හැකිවක්ව තිබූ තනි මිනිසෙකු ගේ මෙම අපූරු නිර්මාණය ලත් තැනම ලොප් කරවාලන්නට ධනවත් මෝටර් රථ සමාගම් එකාවන්ව කෙනෙහිලිකම් පෑවෙන් නිර්මාණය කර්මාන්තයක් කරවාලන්නට වත්කමක් නොවී ඔබට මට අද මගතොට දකින්නට ඉතිරි නොම වී ජායාරූප කිහිපයකට හා මළ කෑ මතකයකට පමණක් සීමා වී ඉතිහාසයෙන් අතුරුදන් විය!



    FvuFgZ4.jpg



    qASrzEN.jpg



    obMbb5r.jpg

     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    ඕකේ ඔය කියන තරම් සේෆ්ටි එකක් තිබ්බනම් තාක්ශනය මෙච්චර දියුණු කාලෙක ඔය කන්සෙප්ට් එක නිකන්ම අතෑරලා දාවිද
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඕකේ ඔය කියන තරම් සේෆ්ටි එකක් තිබ්බනම් තාක්ශනය මෙච්චර දියුණු කාලෙක ඔය කන්සෙප්ට් එක නිකන්ම අතෑරලා දාවිද

    uba kiyana eka hari Ow bn ochchara saftyak na bn :yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕකේ ඔය කියන තරම් සේෆ්ටි එකක් තිබ්බනම් තාක්ශනය මෙච්චර දියුණු කාලෙක ඔය කන්සෙප්ට් එක නිකන්ම අතෑරලා දාවිද




    අතෑරලා දැම්මේ ඒ කාලෙමනේ බන්. හේතුවත් ඔය කියලා තියෙන්නේ..