ලොව උසම දැරිය..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    mw32qa.jpg


    ඡායාරූපයේ දැක්වෙන්නේ වයස අවුරුදු 17ක් වන එලිසනි සිල්වා(Elisany Silva) නැමැති දැරියයි. වසර 1995 සැප්තැම්බර් මස 27 වන දින බ්‍රසීලයේදී උපත ලබා ඇති ඇය මේ වන විට අපූරු ලෝක වාර්තාවකට හිමිකම් කියනු ලබයි. ඒ ලොව උසම නව යොවුන් තරුණිය වීමේ වාර්තාවයි(The Tallest Teen Girl in the World).
    මේවන විට ඇගේ උස අඩි 6කුත් අගල් 9ක් හෙවත් සෙන්ටි මීටර් 206ක් වන අතර මේ වන විටත් ඇය වසරකට අගල් 6 බැගින් උස යයි.ඇය මෙසේ අසාමාන්‍ය ලෙස උස යාමට හේතුව ලෙස වෛද්‍යවරුන් පවසන්නේ අසාමාන්‍ය රෝග තත්වයක් නමුත් එම රෝගයේ සැබෑ තත්වය හෙලි කර ගැනීමට අපහසු වී ඇත්තේ වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු සදහා වියදම් වන මුදල් සැපයීමට ඇගේ දෙමව්පියන්ට ඇති නොහැකියාවයි.ඇගේ අසාමාන්‍ය වූ උස භාවිතා කරමින් නිරූපිකාවක්(Catwalk Model) වීම එලිසනිගේ අපේක්‍ෂාවයි.


    උපුටා ගැනිමකි..