ලොව ජරාම ගූ කන කතානායක පන්නමු

monson

Well-known member
  • May 7, 2007
    25,629
    28,619
    113
    කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද? :lol:

    තොරතුරු පනත 2011 ගෙන ආ වෙලාවේ කටහඬ අනුව ඡන්දය විමසුවා.

    2011 දී කතානායක ගරු චමල් රාජක්ෂ මැතිතුමා කටහඬ අනුව ඡන්දය විමසා ''තොරතුරු දැනගැනීමේ පනත් යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජය කළා. ඒ් යෝජනාව සභාවට ඉදිරිපත් කළේ වත්මන් කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමා.
    එදා හරි දේ අද වැරදියි කියන්නේ ජනතා පරමාධිපත්‍යයට පයින් ගසමින් නොවේ ද ?

    දිනය 2011 ජුනි 21 අඟහරුවාදා


    46334841-1559850417451312-6998910463102681088-n.jpg

    46441148-1559850404117980-6591310056598274048-n.jpg

    46458137-1559850427451311-4288465849385222144-n.jpg


    - https://www.facebook.com/wajiraabey/posts/1559850540784633

    කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද මහින්ද? ‌උදාහරණයක් ‌ මෙන්න..!

    පාර්ලිමේන්තුවේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා අද කිව්වා කතානායක කරු ජයසූරිය මහතාගේ වැඩපිළිවෙළ වැරදියි කියලා. ඒ කියන්නේ විශ්වාස භංගය සම්මත කර ගත් ආකාරය වැරදියි කියලා. මේ කියන්න යන්නේ චමල් රාජපක්ෂ මහත්මයා කතානායක වෙලා ඉඳිද්දි කටහඬවල් අනුව ඡන්දය විමසපු අවස්ථාවක් ගැන.

    ඒ 2011 ජුනි මස 21 වැනි දා අඟහරුවාදා. එවකට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තිබුණේ. පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂ මහත්මයා.

    ‍තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එදා.

    ඊට පෙර එම යෝජනාව ඉදිරිපත් වූ අව්සථාවෙදි පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් එය ඉදිරිපත් කරනවාට විරුද්ධ වෙලා තිබුණා. ආණ්ඩුවෙන් කියලා තිබුණේ එය ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන බවයි. කොහොම වුණත් ආණ්ඩුවෙන් එය ඉදිරිපත් නොකළ නිසා 2011 ජුනි මස 21 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය එය ඉදිරිපත් කළා.

    ‘කතානායකතුමනි, පහත සඳහන් යෝජනාව මම ඉදිරිපත් කරනවා.‘ කියලා කරු ජයසූරිය මහත්මයා යෝජනාව ඉදිරිපත් කරන්න ගත්තම දිනේෂ් ගුණවර්ධන මහත්මයා නැගිටලා රීති ප්‍රශ්නයක් තිබෙන බව කිව්වා.

    දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ විරෝධතාවය වුණේ පක්ෂ නායක රැස්වීමේදී එළැඹි එකඟතාවයන්ට පිටින් තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරනවා කියලයි. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඊට තදින්ම විැරුද්ධ වුණා.

    කොහොම වුණත් කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වේ මේක ඉදිරිපත් කළාට පස්සේ එහෙම නම් ඡන්දෙකට යමු කියලා. ආණ්ඩු පක්ෂයේ විරෝධතා හමුවේ යෝජනාව ඉදිරිපත් කරන්න කරු ජයසූරිය මහත්මයාට ඉඩ ලැබුණා.

    ‍යෝජනාව ඉදිරිපත් කළායින් පසු මේ පිළිබඳ පැහැදිලි කරමින් කතාවක් කරන්න කරු ජයසූරිය මහතා ඉල්ලුවත් කතානායක චමල් මහතා ඊට අවසර දුන්නේ නෑ. කතානායකවරයා කිව්වා මේ යේාජනාව කාට හරි ස්ථිර කරන්න කියලා. ඒ අනුව ස්ථිර කරන්න නැගී සිටියේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා.

    එම යෝජනාව ස්ථිර කරන්නට දෙනවාට ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.. රනිල් වික්‍රමසිංහ මහතා නැගිට යෝජනාව ගැන අදහස් දක්වද්දී කතානායකවරයා ඊට විරුද්ධ වුණා. අදහස් දැක්වීමකට ඉඩ ලබා දිය නොහැකි බවත්, යෝජනාව ස්ථිර කිරීම පමණක් කරන ලෙසත් කතානායකවරයා ප්‍රකාශ කළා. යෝජනාව ගැන විවාධයක් ලබා දිය නොහැකි බවත් කතානායකවරයා ප්‍රකාශ කළා. ඒ අනුව විරෝධතා මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එම යෝජනාව ස්ථිර කළා.

    ඉන් පසු නිමල් සිරිපාල ද සිල්වා මහතා නැගිට යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළා. ඉන් පසු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වා ආණ්ඩු පක්ෂය මෙයට විරුද්ධ නිසා කටහඬින් ඡන්දය විමසමු කියලා.

    විපක්ෂය (එජාපය) ඊට විරුද්ධ වෙද්දි කතානායකවරයා යළිත් කිව්වා වැඩි ශබ්දයට ජයග්‍රහණය ලැබෙන නිසා නිශ්ෂබ්ද වෙන්න කියලා.

    ඉන් පසු ‘කටහඬ‘ අනුව විරුද්ධ මන්ත්‍රීන්ට ජය බව කතානායක චමල් මහත්මයා ප්‍රකාශ කළා.

    නම අනුව ඡන්දය විමසිය යුතු බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනකු යේාජනා කරද්දී නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කතානායකවරයා ඊට එරෙහි වුණා. ඉන් පසු අස්වර් මහතා නැගී සිට නමින් ඡන්දය තබන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව බෙදුම් සීනුව නාද කරමින් නමින් ඡන්දය පැවැත්වීමට කතානායක චමල් රාජපක්ෂ මහතා ඉඩ දුන්නා.

    ස්ථාවර නියෝග යටතේ අවසර දීමට
    පක්ෂව 32ක් සහ විරුද්ධව 99ක් ලැබුණා. මන්ත්‍රීවරුන් 93 දෙනෙක් සභාවට පැමිණ තිබුණේ නැහැ. ඒ අනුව යේාජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා.

    පක්ෂ නායක රැස්වීමේ එකඟතාවයන්ට පිටින් මෙම යෝජනාව ගෙන ඒම ගැන දිනේෂ් ගුණවර්ධන මහතා විරුද්ධ වුණත් කතානායක චමල් එදා ඊට අවසර දුන්නා. මෙවරත් යෝජනාව ගෙන ඒම ගැන පක්ෂ නායක රැස්වීමෙදි විරුද්ධ වුණත් කතානායක ඊට අවසර දුන්නා.

    එදා යෝජනාව සම්බන්ධයෙන් කතානායක චමල් ‘කටහඬවල්‘ අනුව ඡන්දය විමසලා ‘විරුද්ධයි‘ශබ්දය වැඩියි කියා ඒ පැත්තට තීන්දුව දුන්නා. මෙවර කතානායක කරු කටහඬ අනුව ඡන්දය විමසලා ‘පක්ෂයි‘ කියන පැත්තට ශබ්දය වැඩියි කියලා ඒ පැත්තට ජයග්‍රහණය දුන්නා.

    කතානායකගේ තීන්දුවත් සමගම එදා මන්ත්‍රී අස්වර් නැගිට නමින් ඡන්දයක් ඉල්ලා සිටියා. ඒ අනුව ‘‘ඔව්, අස්වර් මන්තීතුමා නමින් ඉල්ලා සිටිනවා. කැමැත්ත නමින් ගන්න.‘‘ යනුවෙන් කතානායක චමල් බෙදීම් සීනුව නාද කිරීමෙන් පසු නමින් ඡන්දය ගන්න අවසර දුන්නා. මෙවර කිසිම මන්ත්‍රීවරයෙන් නැගී සිට නමින් ඡන්දය ගන්න බෙදීමක් ඉල්ලා සිටියේ නෑ. වෙනස එයයි.


    - තරිඳු ජයවර්ධන විසිනි -

    - https://www.facebook.com/lankaenews/posts/2138021226263031
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,619
    113
    Ow ne Chamal wage nemei Karu nam hari jara neh :lol:

    මහින්ද ජනාධිපති වීමේ වාර 2කේ සීමාව අයින් කරගන්න 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හඬවල් අනුව සම්මත කරගත් හැටි ! :lol:

    Hansard-08-september-2010.jpg

    Hansard-08-september-2012.jpg


    PARLIAMENTARY DEBATES (HANSARD)
    පාර්ලිෙම්න්තු විවාද (හැන්සාඩ්)
    2010 සැප්තැම්බර් 08 වන බදාදා - page 361 (PDF)

    http://www.parliament.lk/uploads/documents/hansard/PUBDOC2771_document.pdf

    Hansard-08-september-2011.jpg


    - http://www.divaina.com/2010/09/09/index.htm
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අවශ්‍ය යැයි හැ‌‌ගෙන වි‌‌ටෙක ‌යෝජනාව මගින් ස්ථාවර නි‌යෝග අත්හිටුවීමට ද සභාවට බලය ති‌බේ. සභාව ඉදිරි‌යේ තබන ලද යම් කරුණක් සම්බන්ධ‌යෙන් ස්ථාවර නි‌යෝග අත්හිටවන ලද්දේ නම් එවැනි කරුණු නියාමනය කිරී‌‌මේ ‌ශේෂ බලයක්, කථානායකතුමා සතු ‌වේ. ස්ථාවර නි‌යෝගවලට අනුගතව කථානායකතුමාට සහ එතුමා මගින් එක් එක් මන්ත්‍රීවරයා වෙත ද, ස්ථාවර නි‌යෝග නිවැරදිව අර්ථ කථනය කිරීම සහ ‌යොදා ගැනීම පිළිබඳව සහාය දැක්වීම පාර්ලි‌‌මේන්තු‌ මහා ‌ලේකම්වරයාගේ වගකීම වේ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    :lol:

    ටෙලිෆෝන් වයරයත් මැරයෙක් ලෙස හඳුන්වන රාජපක්ෂවාදී සට්ටැම්ඹියෝ...

    පාර්ලිමේන්තුවේ මැර, හැසිරීමක නිරත වෙමින් කථානායකවරයාගෙ දුරකථනය කඩාදැමීමට තැත්කිරීමේදී දුරකථන වයරයකට අත කැපී තුවාල ලැබූ මදාවී අමුනුගමව පොහොට්ටු පක්ශයෙ ආධාරකරුවන්ට පෙනෙන ආකාරයයි මේ .....
    රාජපක්ෂවාදීන්ගේ මානසික මට්ටමට අනුව ඔවුන් සිතනුයේ මේ රටේ සියලුම මිනිසුන්ද තමන් මෙන්ම අවිචාරශීලී මෝඩ මිනිසුන් කොටසක් ලෙස නොවේද...
    ඔවුන් වරද්දාගන්නා ලොකුම තැනත් රටේ මිනිසුන් සියල්ලම ඔවුන් මෙන්ම පල් මෝඩයන් රැලක් සේ සිතා මෙවැනි ආකාරයට කටයුතු කිරීම බවත් ඔවුන්ට අපි වගකීමෙන් මතක්.කරමු!

    ( Indunil.P.)


    46288037_786796618318902_6114460956077588480_n.jpg


    - https://www.facebook.com/photo.php?fbid=786796601652237&set=a.121769171488320&type=3&theater




    :lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කථානායක කරු ජයසූරිය මහතා අද දිනයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කර ඇති බව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා චෝදනා කරයි.

    ඔහු සඳහන් කරන්නේ අගමැතිවරයාගේ වියදම් කපා හරින්නට අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂයට බලයක් නොමැති බවයි.

    මුදල් පිළිබඳ පනතක් හෝ යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ කැබිනට් මණ්ඩලය අනුමත කිරිමෙන් පසුව ඇමතිවරයෙකුට පමණක් බවද ඔහු සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කරයි:lol::lol::lol: