ලොව දිගම පාවෙන පාළම 😱😱😱 ( Lake Washington - SR 520 Bridge )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලොව දිගම පාවෙන පාළම 😱😱😱 ( Lake Washington - SR 520 Bridge ) - Your Choice Way
    ඇමරිකා එක්සත් ජනපදයේ සියැටල් නගරයේ වොෂිංටන් විල(Lake Washington) හරහා ඉදිකර ඇති SR 520 Bridge නමින් හැදින්වෙන පාලම සැලකෙන්නේ ලොව දිගම පාවෙන පාළම ලෙසයි.

    මෙහි සම්ප්‍රදායික පාලමක් ඉදිනොකර පාවෙන පාලමක් ඉදිකර ඇත්තේ වොෂිංටන් විල නිර්මාණය වී ඇත්තේ මෘදු පාෂාණ ස්ථරයක් මත වීමත් එය අධික ගැඹුරකින් යුක්ත වීමත් නිසාය.

    සම්පුර්ණ දිග මීටර් 4,750 ක් වන මෙම පාලමේ පාවෙන කොටස පමණක් මීටර් 2,310 ක දිගින් යුක්ත වේ.

    එය දිගින් මීටර් 110 ක් ද පළලින් මීටර් 23 ක් ද වන කොන්ක්‍රීට් පෙට්ටි (pontoons- පාරු) 23 ක් මත ඉදිකර ඇත.

    ඒවා ජලයේ පාවී ගසාගෙන යාම වැළක්වීමට වානේ කම්බි මගින් විල පතුලට සම්භන්ද කර ඇත.

    ඇමෙරිකානු ඩොලර් බිළියන 2.7 ක වියදමකින් ඉදිකර ඇති SR 520 පාලම මතින් දිනකට වාහන 115,000 පමණ එහා මෙහා ගමන් කරයි.

    ඉතිම් වටිනවා නම් පොස්ට් එක සෙයාර් කරන්න ....

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here