ලොව ප්‍රථම මිනිස් ඡායාරූපය

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ලොව ප්‍රථම මිනිස් ඡායාරූපය

    952-.jpg

    1838 දී ලුවී දගර් (Louis Dagurre) විසින් ප්‍රංශයේ පැරිස් නුවරදී ඡායාරූපගත කරන ලද මෙම රුපය මනුෂ්‍ය රුපයක් අඩංගු පැරණිතම රුපය ලෙස සැලකේ.මෙම මනුෂ්‍යයා පහල වම් පස සිටගෙන සිටින්නේ මාර්ගයේ නැම්ම අසල ඇති පදික වේදිකාව මතයි . ඔහු තම සපත්තු ඔප දමා ගනිමින් සිටියි

    මම ආලෝකය ග්‍රහණය කරගත්තෙමි .එය මිදී යාම වලක්වාගත්තෙමි
    -ලුවී දගර් 1839


    රුපයේ නිරාවරණ කාලය මිනිත්තු හතක් වූ අතර මාර්ගය පදිකයන්ගෙන් හා වාහනවලින් ගහණව තිබිය යුතු උවද එය පාළු ස්වරූපයක් උසුලයි .වේගයෙන් චලනය වන අන් සෑම දෙයක්ම චායාරූපයේ සටහන් නොවී තිබෙන්නේ එහි වේගයන් නිසා සටහන් කිරීම අපහසු බැවින්ය.
    නමුත් පහල වම් පස සිටින මිනිසා ඡායාරූපයේ සටහන් වීමට තරම් කාලයක් නිශ්චලව සිට ඇත. සපත්තු ඔප දමන මිනිසාද සටහන් වී ඇති නමුත් ඔහුව එතරම් පැහැදිලි නැහැ .
    ඇතමෙකු අනුමාන කරන ආකාරයට මෙම මිනිසා සිටගෙන සිටින්නේ සපත්තු ඔප දමන කෙනෙක් ගාව නොව පොම්පයක් අසල බවය . කෙසේ නමුත් දගර් විසින් එම ස්ථානයේම සිට ගනු ලැබූ තවත් ඡායාරූපයක් සමග කරන ලද සන්සන්දනයකින් පසුව පොලිෂ් හා බුරුසු තැබීමට භාවිතා කල පෙට්ටි හඳුනා ගැනීමට හැකිව ඇත .


    අත් ” Daguerreotype ” ඡායාරූපය දගර් නමින් නම් කරන ලද ප්‍රථම වතාවට ප්‍රසිද්දියට පත් කළ ඡායාරූප ක්‍රමය,මෙන්ම මෙම ඡායාරූප යද දර්පණ ප්‍රතිබිම්බයකි ( mirror image ).මෙම රූපය පැත්ත මාරු කර තිබෙන්නේ දගර් එය දුටු විදිය පෙන්වන්නටය .
    මාර්ගය “බුලේවාද්දු තොම්පල් ” ( Boulevard du temple ) වන අතර එය සාප්පු ,අවන්හල් හා සිනමාශාලා වලින් සමන්විත පෙදසක කොටසකි . එයට “බුලේවාර්දු දු ක්‍රයිම් “(Boulevard du crime ) යන අන්වර්තනාමය පටබැදි තිබුනේ එහි නාට්‍යශාලා වල නිතරම පහේ වේදිකා ගත වූ අපරාධ පිළිබධ නාට්‍ය නිසාය. පස්සේ කලෙක මේ අංග බොහොමයක් වියෙකී ගියේ තෙවන නෙපෝලියන් ගේ අනසක සහ උපදෙස් පරිදිය .

    බැරන් හෞස්මන් ( Baron Haussmann ) පැරිස් නුවර ප්‍රතිනිර්මාණය නවීකරණය කිරීමට පටන්ගෙන මද්‍යකාලීන නගරයේ වූ පටු , අදුරු , අවදානම්සහගත තත්වයේ පැවති මාර්ගයන් ඉවත් කර ඒ වෙනුවට උද්‍යාන හා විවaත අවකාශයන් ස්ථාපිත කිරීම හේතුවෙනි. මෙම ක්‍රියාවලිය 1853 වර්ෂයේදී ආරම්භ කරන ලදී .සපත්තු ඔප දම්මවා ගනිමින් සිටින පුද්ගලයා සහ සපත්තු ඔප දමන පුද්ගලයා වඩාත්ම පැහැදිලි මනුෂ්‍ය රූප දෙක උවද , විස්තරාත්මක පරීක්ෂාවකින් චායාරූපයේ වෙනත් පුද්ගලයන්ද සිටින බව අනාවරණය කර ගත හැකි වේ .

    මෙම රූපයේ අපැහැදිලි බවක් පෙනෙන්නට ඇත්තේ ද රූප හදුනා ගැනීමේ අපහසු බවක් ඇත්තේ මුල් කාලීන ඡායාරූප තැටිය අගල් 8.5 ත් අගල් 6.5ත් පමණ තරම් වූ නිසාය