ලොව පුරා

lasperera444

Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    ලොව පුරා තත්පර 60කදී පරිගණක 710 විකිණෙන අතර ඉන් 555ක්ම ඉන්ටෙල් ප්‍රොසෙසර්
    moz-screenshot.png
    අඩංගු පරිගණක වේ.

    පරිගණක 220ක් වෛරස් ආසාදනයකට බඳුන්වේ

    CD තැටි මිලියන 2.6 පිරවිය හැකි ටෙරාබයිට 1820ක (1 terabyte = 1024 gigabytes) දත්ත ලොව පරිගණක දත්ත මහමෙරට අලුතින් එකතුවේ.


    වින්ඩෝස් 7 මෘදුකාංගය අඩංගු CD තැටි 450ක් සෑම තත්පර 60ක් තුල විකිණේ.

    වෙබ් අඩවි 12ක් හැකරුන්ගේ ග්‍රහණයට නතුවෙන අතර තවත් හැකින් ප්‍රයත්න 416ක් විනාඩියක් තුල ලොව පුරා සිදුවේ.

    Redbox.com අඩවිය හරහා චිත්‍රපට DVD 1400ක් කුලියට (බලා ආපසු භාරදෙන පදනමට) ගැනේ

    ebay.com අඩවිය හරහා මිළදීගැනීම් 950කට අධික සංඛයාවක් සිදුවන අතර මින් ගණුදෙනු 180කට අධික සංඛයාවක් ජංගම දුරකථන හරහා සිදුවේ.

    ඩොලර් 216,000ක ගෙවීම් අඩවිය හරහා සිදුවන අතර මින් ඩොලර් 10,000ක ගණුදෙනු ජංගම දුරකථන හරහා සිදුවේ.

    ෆාර්ම් විල් ක්‍රීඩාවේ අක්කර 1100ක් මිනිත්තුවක් තුලදී වගාකෙරෙන බව පැවසේ.

    මිනිත්තුවක් තුල බ්ලැක්බෙරි ස්මාර්ට්ෆෝන 103ක්ද අයිෆෝන් 925ක්, අයිපෑඩ් 81ක්, xbox 360 11ක්, කින්ඩල් ෆයර් ටැබ්ලට් 18ක්ද මිළදී ගැනේ.

    තත්පරක් තුල Instant Messaging (IM) සේවාවන් හරහා සංවාද මිලියන 11ක් සිදුවේ

    මෙම තත්පර 60තුලම USB උපාංග 4000ක් InkJet හා Laser ප්‍රින්ටර් සඳහා යොදන 2500ක්ද විකිණේ. එමන්ම ඊ-අපද්‍රව්‍ය (e-waste) එනම් පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංග ඉවතදැමීමෙන් හටගන්න අපද්‍රව්‍ය ටොන් 38ක් ලොව කුණු කන්දට එක්වේ.

    මේ සියල්ල සිදුවන තත්පර 60 තුලම ගූගල් සමාගමේ ලාභාලාබ ගිණුමට ඩොලර් 75,000ක් ආදායම ලෙස එකතුවේ.