ලොව මිල අධිකම සතුන්

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ලොව මිල අධිකම සතුන්

    සතුන්ට ආදරේ කරන හා ඒ සම්බන්දව උනන්දුවක් දක්වන අයට වැදගත් .........

    ලොව කොතරම් සතුන් සිටිනවද කියා තව වෙනකම් සමීක්ෂණය කරමින් යන අතරතුරේ , අසමසමවුත් , වෙනස්ම වර්ගවලට අයත් සතුන් කිහිපදෙනකුගේ වටිනාකම් හදුනාගෙන ඇත. මෙම සතුන්ගේ වටිනාකම් හුදෙක් මිනිසාට අවශ්‍ය පරිදි මිල කර නොමෙති අතර එම සතුන්ගේ විශේෂ වූ ලක්ෂණ හා සුවිශේෂ ගුණාංග අනුව මිල කර ඇත.
    මෙම සතුන්ගේ බොහොමයක් මිනිසාගේ සුපිරි හිතවතුන් වන අතරම සමහරක් වනාන්තරවල වාසය කරන සතුන් වේ .
    එහෙනම් බලාගන්නකෝ


    10. DE BRAZZA’S MONKEY – $3,000 TO $4,000
    sri lankan rupees : 435,000 - 580,000

    top-ten-most-expensive-animals-in-the-world-2015.jpg



    De Brazza’s Monkey - ඇමෙරිකානු ඩොලර් 3000 - 4000 අතර මුදලකට හිමිකම් කියන මෙම දුර්ලබ වදුරු විශේෂය වැසි වනාන්තර ආශිතව දැකිය හැකිවේ .
    මෙම වදුරු විශේෂයට මෙම නම ලැබීමට ප්‍රදනතම හේතුව වන්නේ Pierre Savorgnan de Brazza නැමති ප්‍රංශ සංචාරකයකු විසින් ප්‍රථම වරට සොයාගැනීම හේතුවෙනි . වසර 25 - 30 අතර අයුෂ ඇති මෙම වදුරු විශේෂය ඉතාමත් දුර්ලබ සත්ව විශේෂයකි .


    09. STAG BEETLE – $6,000
    sri lankan rupees : 870,000

    top-ten-most-expensive-animals-in-the-world-2015-1.jpg


    ජපන් සත්ව පාලකයකු විසින් අගල් 3 පමණ වන මෙම කුරුමිණිය ඇමෙරිකානු ඩොලර් 6000 විකුණා ඇත . කෙසේ වෙතත් ජපන් සත්ව පාලකයා නම් කියන්නේ මෙම ගෝන කුරුමිණිය මිනිසාගේ සුරතලෙකු බවයි

    08. SIR LANCELOT ENCORE – $8,000
    sri lankan rupees : 1,160,000

    top-ten-most-expensive-animals-in-the-world-2015-2.jpg


    ඉතාමත් සුහදශීලි හා කීකරු මෙම බලු පැටියා ඇමෙරිකානු ඩොලර් 8000 මිලකට මිලදිගත්තද , වසරක් ගතවීමටත් පෙර මියගොස් ඇත .පොඩ්ඩක් දුකත් හිතෙනවා .


    07. GREEN MONKEY – $10,000
    sri lankan rupees : 1,450,000

    top-ten-most-expensive-animals-in-the-world-2015-3.jpg


    ටිකක් අමුතු නමක් නේද ? මේ සතාට මේ විදිහේ නමක් දැම්මේ මොකටද මන්ද ??
    Calder තුරග තරගයකදී Demi O’Byrne නමැති පුත්ගලයා විසින් ඇමෙරිකානු ඩොලර් 10,000 මෙම අශ්වයා මිලදීගෙන ඇත . ඒ වනවිටත් මෙම අශ්වයාගේ වයස අවුරුදු 2ක් පමණි .


    06. TIBETAN MASTIFF – $13,000
    sri lankan rupees : 1,880,000

    top-ten-most-expensive-animals-in-the-world-2015-4.jpg


    ලොව මිල අදිකතම බල්ලන් ලෙස සෙලකෙන මෙම බලු විශේෂය , චීන ජාතිකයන්ගේ ධනවත් කමේ සංකේතයක් ලෙසද සැලකේ .
    බොහෝ චීන ධනවතුන්ගේ නිවෙස්වල ඇති කරන මෙම බල්ලන් ලොව භයානක බල්ලෙකු ලෙසද සැලකේ
    ඔන්න බල්ලෝ කිවුවලු ... :lol::lol::lol:



    05. Miss Missy - $15,000

    sri lankan rupees : 2,175,000

    top-ten-most-expensive-animals-in-the-world-2015-5.jpg


    white Holstein ගව විශේෂයක් වන මෙම සත්වයා වෙන්දේසියකින් මිලදීගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 15,000. ඒ වනවිටත් මෙම සත්වයාගේ වයස අවුරුදු 3ක් පමණි .


    TOUCAN – $15,000 TO $17,000

    sri lankan rupees : 2,175,000 - 2,465,000

    top-ten-most-expensive-animals-in-the-world-2015-6.jpg


    Tupi tucana සත්ව විශේෂයකින් පැවත එන මෙම සත්වයා මිල අධිකම හා ලොව ලස්සනම සත්වයකුද වේ . දකුණු ඇමෙරිකාවේ , කැරබියන් දුපත් හා මෙක්සිකෝ නිජබිම කරගත් මෙම කුරුළු විශේෂයේ වර්ග 40ක් පමණ දැකිය හැකිය. මෙම සියලුම සතුන් ඉතාමත් මිල අදික වේ .

    03. HYACINTH MACAW – $18,000
    sri lankan rupees : 2,600,000

    top-ten-most-expensive-animals-in-the-world-2015-8.jpg


    මැකෝ ගිරවුන්ගේ සාමාන්‍ය විශේෂයක් වන මෙම ගිරවුන් විශේෂය ලොව විශාලතම ඉගිලෙන ගිරවුන් වේ . මෙම ගිරවුන්ගේ වටිනාකම හොදින්ම දන්නා ජාතිය වන්නේ ඇමෙරිකානුවන්ය. සුරතලුන් වශයෙන් ඇතිකරන මෙම සතුන්ගේ නිජබිම වන්නේ දකුණු ඇමෙරිකාවයි .


    02. WHITE LION CUBS – $20,000
    sri lankan rupees : 3,000,000

    top-ten-most-expensive-animals-in-the-world-2015-9.jpg


    ඇමෙරිකානු ඩොලර් 20,000 පමණ වන මෙම කුඩා සිංහ පැටවුන්ගේ වර්ණය සුදු පැහැයක් ගනී . ඇලි සත්ව විශේෂයක් නොවන මෙම සතුන් සෙසු සිංහයන්ගේ පැහැයට වඩා වෙනස් ස්වරුපයක් ගනී .
    මතක තබාගතයුතු කරුණ වන්නේ මෙය කිසියම් රෝගයක් නිසා ඇතිවුවක් නොවේ


    1. PALM COCKATOO – $23,000

    sri lankan rupees : 3,400,000

    top-ten-most-expensive-animals-in-the-world-2015-10.jpg


    මිල අධිකතම සතෙකු ලෙස සෙලකෙන Palm Cockatoo , monotypic වර්ගයට අයත් සත්වයකු වේ .

    හොදයි කියල හිතෙනවනම් සැලකුවට කමක් නෑ :lol::lol::lol: