ලොව ලේඛන ක‍්‍රම සොයා ගැනීම

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ලොව ලේඛන ක‍්‍රම සොයා ගැනීම

    9.JPG


    stock-photo-ancient-stone-inscriptions-in-singalese-language-texture-pollonaruwa-sri-lanka-38341108.jpg


    2277978196_eeae3e8f8f.jpg




    ලොව විශිෂ්ඨතම සත්වයා හෙවත් ස්වභාව ධර්මයේ ශ්‍රේෂ්ඨතම වූ ජීවියා මනුෂ්‍යයා ය. මනුෂ්‍යයා ගේ ඉතාමත් වැදගත් වූ ද කියා නිම කළ නොහැකි වූ දායාදය නම් චින්තන ශක්තියයි. ඒ මානව චින්තනයේ ශ්‍රේෂ්ඨතම ඵලය වූයේ ශිෂ්ටාචාරයට බද්ධ වූ විද්‍යා, කලා, ධර්ම ශාස්ත‍්‍ර හා ඒ ඔස්සේ ලොවේ පහළ වූ විවිධාකාර වූ විෂයයන් ය. මේ විෂය ක්‍ෂේත‍්‍රයන් එකින් එකට කිසියම් සබඳතාවයක් ද එකික් එකට ඊටම අන්‍ය වූ ලක්‍ෂණයන්ගෙන් ද යුක්ත වන්නේය. මෙම සකළ විධ විෂයානුබද්ධව උපන් සංස්කෘතික මෙවලම වන්නේ ලේඛනයයි. ලේඛනය ශිෂ්ට මානවයාගේ ඉතා අගනා මානව නිර්මාණයක් ද වන්නේය. මේ ලේඛනය නිසා ඔවුනොවුන් ව්‍යවහාරයේ වාචෝද්හනත වූ දේ ලියා තැබීමටත් පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු ඥාණය, ශිල්ප ශාස්ත‍්‍ර හා විවිධ විෂයයන් හා බද්ධ වූ ක‍්‍රමවේධයන් ද ලේඛනගත කොට අනාගත පරම්පරාව උදෙසා සංරක්‍ෂණය කිරීමටත් ගබඩා කර තැබීමටත් අවස්ථාව උදා වූයේය. ගින්දර සොයා ගැනීමත් රෝදය සොයා ගැනීමත් සේම අක්‍ෂර භාවිතය මානවයා විසින් නිර්මාණය කර ගැනීම සැබැවින්ම මානවයින් විසින් ශිෂ්ඨත්වයේ තැබූ විශාල පිම්මක් සේ හැඳින්විය හැකිය.

    පැරණි යුගයේ ගලේ කෙටූ අකුරුවලට අපි සෙල්ලිපි යන නාමය භාවිතා කරන්නෙමු. මෙම සෙල්ලිපියක් ගලේ කෙටීමට පෙර එහි අත්පිටපතක් සකස් කර එය රාජ්‍ය ලේඛනාගාරයෙහි තැම්පත් කිරීමේ සිරිතක් පැරණි ලංකාවේ පැවතුණි. පුරාණ කාලයේදී ශිලා ලිපියක් පිහිටුවීමේ දී යොදා ගන්නා ලද සම්ප‍්‍රදාය නම් පළමුවෙන් ම ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් විසින් රජුගේ උපදෙස් මත ලිපියේ කෙටුම්පතක් සකස් කිරීමය. එම කෙටුම්පත තල්පතක හෝ වෙනත් පතක ලියා සකස් කර ගත් පසුව එයින් පිටපතක් ගල්වඩුවන් අතට පත් කරන ලදී.

    එසේ එම පිටපතට අයත් අකුරු ගලේ කෙටීමට පෙර එම පිටපතෙහි රාජකීය මුද්‍රාව ද තබනු ලැබේ.සතරවන මිහිඳු රජු විසින් මිහින්තලේ පිහිටුවන ලද පුවරු ලිපියේ පුස්කොළයේ ලියූ පිටපතක් පරම්පරාගතව පැවත ආ බැව් ලක්දිව පුස්තකාලවල තැම්පත් කර ඇති පුස්කොළ පිටපත් සාක්‍ෂි දරනු ඇත. පොළොන්නරුවේ රජකළ නිශ්ශංකමල්ල රජුගේ ලිපි කීපයක පිටපත් තවමත් පුස්තකාලවල ඇති බැව් ලංකාවේ පුස්තකාල පොත් නාමාවලිය නමැති ග‍්‍රන්ථය ලියූ කේ. ඩී. සෝමදාස මහතා සඳහන් කරයි.

    පැරණිම සෙල්ලිපියමිහිඳු මහරහතන්වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් පසුව බ‍්‍රාහ්මී අක්‍ෂර ලිවීම ආරම්භ වූ බැව් සාමාන්‍ය පිළිගැනීමයි. මහින්දාගමනයෙන් මාසයකට පමණ පසුව මිහිඳු මහරහතන් වහන්සෙ හා ප‍්‍රමුඛ මහා සංඝයාවහන්සේලා සඳහා ලෙන් හැටඅටක් පිදූ බැව් මහාවංසයේ සඳහන් වෙයි. මිහින්තලා කන්දෙහි හා ඊට අයත් වන රාජගිරි ලෙන කන්දේ ද ආනයිකුට්ටිකන්දේ ද අද පවා දකින්නට ඇති පැරණි ලෙන්වල කටාරම් කොට ඇති බ‍්‍රාහ්මී අක්‍ෂර ඇති ලෙන්ලිපි අසූපහක් පමණ සොයා ගෙන තිබේ. මේවායින් කොටසක් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් සොයා ගන්නා ලදී.

    ඔහු විසින් සොයා ගන්නා ලද ලෙන් ලිපි අතරේ කණ්ඨකෙච්තිය දෙසින් ඇති ලෙන් තුනක සඳහන් වන උතිමහරජහ දෙවනපිය මහරජ ගමණි උති, (ගමණි) ගමණි උති දෙවනපිය මහරජහ යනු දේවානම්පියතිස්ස රජුට පසුව රජකමට පත්වූ ඔහුගේ සොහොයුරු උත්තිය රජුගේ නම බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. එපමණක් ද නොව එය පැරණිම ලෙන් ලිපිය බව ද ඔහුගේ මතයයි. මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතාගේ අදහස අනුව පැරණිම ලෙන් ලිපි පිච්චන්දියාව ලෙන් ලිපි දෙක හා කොල්ලදෙණිය ලෙන් ලිපියයි.
     
    • Like
    Reactions: tigooo