ලොව වඩාත්ම මිල අධිකම නිවස

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ලොව වඩාත්ම මිල අධිකම නිවස

    ලොව වඩාත්ම මිල අධිකම නිවස ප‍්‍රංශයේ පැරිස් නුවරදී ඉදිවෙයි


    image_ca927ce3d8.jpg


    ලෝකයේ වඩාත්ම මිල අධිකම පෞද්ගලික නිවාසය සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වූ වර්තමාන සවුදි රාජ්‍ය පාලනයේ දෙවැනියා වෙන මොහොමඩ් බින් සල්මාන් කුමාරයා විසින් පසුගියදාා ප‍්‍රංශයේ අග නගරය පැරීසියට නුදුරු ඉව්ලින් ප‍්‍රදේශයේ ලුව්සිඑන් ග‍්‍රාමයෙන් යුරෝ මිලියන 275ක් හෙවත් ඩොලර් මිලියන 300 කට මිලදී ගත්තේය.

    ප‍්‍රංශයේ පිහිටි කොජෙමැඩ් නම් අධි සුපෝඛභෝගී මන්දිර ඉදිකර අලෙවි කරන සමාගම විසින් ඉදිකර ඇති මෙම නිවස ලෝකයේ දැනට වඩාත්ම මිල අධිකම නිවස ලෙස හඳුන්වයි. පැරීසියට නුදුරින් පිහිටි විදේශීය සංචාරකයෝ නැරඹීමට අමතක නොකරන ලෝක ප‍්‍රසිද්ධ 16 වැනි ලූවී රජතුමාගේ වර්සයිල් මාලිගාවේ ආකෘතියට සමාන ලෙස සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය භාවිතයෙන් නිම කළ මෙම මන්දිරය හෙක්ටයාර් 23ක් විශාල උද්‍යානයක් බඳු භූමියක පිහිටා ඇත්තේය. නවීන තාක්ෂණයෙන් යුත් සුව පහසු සිනමා ශාලාවක්, දැවැන්ත මින් මැදුරක්, පිහිනුම් තටාක, මිල අධික පෞරාණික ලාම්පු ආවරණ, කිරිගරුඬ පිළිම, රත්තරන් ආලේපිත වර්ණවත් කුළුනු, අතින් පින්තාරු කළ වටිනා බිතු සිතුවම්, පාලනය කළ හැකි වතුර මල් හා වෙනත් බොහෝ නිර්මාණන වලින් සමන්විත මෙම නිවසේ විශාලත්වය වර්ග මීටර 5000කි. 14 වැනි ලුවී රජුගේ නමින් මෙම මන්දිරය නම් කර ඇත්තේය.
    image_9eade1ebd0.jpg


    2001 වසරේ සිට ඉදිකිරීම් ආරම්භ කළ මෙම මන්දිරය වසර 2017 දෙසැම්බර් මස හිමිකරුට භාර දෙන තුරු රහසක් ලෙස පැවැතුණද පසුගියදාා ප‍්‍රංශ මාධ්‍ය විසින් ගැනුම්කරු ගැන තොරතුරු හෙළි කළේය. මෙම මන්දිරයේ හිමිකරු සවුදි අරාබියේ ඊළඟ ඔටුන්න හිමි සල්මාන් කුමාරයාගේ දූෂණය පිටුදැකීමේ නව ප‍්‍රතිපත්ති මත සවුදියේ කුමාර වරු හා උසස් රාජ්‍ය නිලධාරීන් 33ක් අත් අඬංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා ඇත. පැරීසියේ අධි සුපෝඛභෝගි හෝටල් කිහිපයක් හා පැරිස් ඩිස්නිලන්තයේ වැඩි කොටස් හිමි ලොව ධන කුවේරයකු වන සවුදියේ අල් වලීඩ් කුමරුද ඉහත අත්අඩංගුවට පත්වූවන් අතර සිටී.

    ඒ අතර තුර මෙවැනි මිල අධික මන්දිරයක් මිලදී ගැනීම ගැන ප‍්‍රංශ මාධ්‍ය තුළ කෙරෙන විවේචන වල අඩුවක්ද නැත. එසේ නමුදු සල්මන් කුමරා මිලදී ගත් මන්දිරයේ ආරක්ෂාවට ආරක්ෂකයෝ විශාල පිරිසක්ද යොදවා ඇත්තේය. මිල අධික නිවස හේතුවෙන් පිටත සිට එය නැරඹීමට මහජනයාද උනන්දුවක් දක්වන බව මේවෙන විට එය නැරඹීමට පැමිණි පිරිසට සාපේක්ෂකව තීරණය කළ හැකි වන්නේය.
    image_f935a46754.jpg


    සුනිල් ආනන්ද
    පැරීසියේ සිට



    https://thespaces.com/2017/12/20/the-worlds-most-expensive-homes-sold-in-2017/
     
    Last edited: