ලොව වඩාත් ආකර්ෂණීය හමුදා කාන්තාවෝ

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ලොව වඩාත් ආකර්ෂණීය හමුදා කාන්තාවෝ

    Cover-pic-1180x520.jpg


    ලොව වඩාත් ආකර්ෂණීය හමුදා කාන්තාවෝ

    ශතවර්ෂයකට පමණ ඉහත යුද හමුදාව තුළ ස්ත‍්‍රීන් දක්නට ලැබීම අතිශය දුර්ලබ කරුණක් වී තිබුණි. ස්ත්‍රීන් සුමුදු සුකොමළ ළඳ බොළද තැනැත්තියන් ලෙස සැලකුණු අතර භාරදූර වගකීමක් දැරීමට ඔවුන් නුසුද්දන් සේ සළකනු ලැබිණී. විශේෂයෙන්ම යුදමය කාර්යයේදී එය ශක්ති සම්පන්න පිරිමින් විසින් කළ යුතු කාර්යයක්ය යන අදහස සමාජගත කර තිබුණි. එහෙත් වර්තමානය වන විට කාන්තාවන් පිරිමින් අභිබවමින් භූමියේ මෙන්ම ගුවනේ සහ මුහුදේත් අභීතව සටන් කරන්න මෙන්ම සේවය සපයන්නන් වී සිටින බවට සාධක ඕනෑ තරම් තිබේ. සටන් පෙරමුණේ, ගුවන් ප‍්‍රහාර, නියමු ප්‍රහාරක ජෙට් යානා මෙන්ම, නෞකා පදවන්නන් සහ වෛද්‍ය මෙහෙයුම් අධීක්ෂණය කරන්නන් දක්වාම කාන්තාව යුද ක්‍ෂේත‍්‍රය තුළ ඉහළට පැමිණ තිබේ.

    එක්සත් ජනපද මිලිටරියේ වඩාත් කැපී පෙනෙන කාන්තාවන් පස් දෙනෙකු ගැනයි දැන් අපි වාර්තා කරන්න සූදානම් වෙන්නෙ. මෙම කාන්තාවන් අතර මහෙයුම් මැදිරිය තුළ සිය ජීවිත බේරාගත්, සතුරු ප‍්‍රහාර හමුවේ සෙසු සාමාජිකයින් බේරාගත්, යුද යානාවන්හි වාර්තාගත කාල සටහන් තැබූ, පිපුරුම් තුවාල සඳහා කිරීම සඳහා නව ප‍්‍රතිකාර ක‍්‍රම ඉදිරිපත් කරමින් සටන්වලදී දක්‍ෂතාවයත් ධෛර්යසම්පන්න භාවය මෙන්ම කැපවීමත් මනාව ප‍්‍රදර්ශනය කළ මෙම කාන්තාවන් සටන් බිමේ පිරිමින්ට නොදෙවෙනි තැනක් කාන්තාවන්ට හිමි බව මනාව ශපථ කර තිබේ.


    මේජර් ලෝරේන් එඩ්වර්ඩ්ස්

    1-Maj.-Lauren-Edwards-701x526.jpg


    ඉරාකය ආක‍්‍රමණය කළ අවස්ථාවේ සටන් පුහුණු ඉංජිනේරුවෙකු ඇය කි‍්‍රයා කළාය. 2003 දී ඇගේ ඒකකය සතුරු ප‍්‍රහාරයට ලක් විය. ජේම්ස් බ්රැුඩි විසින් ලියන ලද ‘වයි මරියන්ස් ෆයිට්ස්’ (Why Marine Fights)

    නමැති ග‍්‍රන්ථයේ දැක්වෙන අන්දමට ඇය වෙඩි තැබූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. නමුත් ඇය 150 කට අධික නාවුක භටයන් සහ ආරක්ෂිත උපායමාර්ගික මෙහෙයුම්වලදී යුද රථ කීපයක් මෙහෙයවමින් දස්කම් පා ඇත.

    ඉරාකය ආක‍්‍රමණය කිරීමේ දී ආරක්ෂක හමුදාවන් 150 කට වැඩි ගණනක් සහ හමුදා යුද රථ කිහිපයක් මේජර් ලෝරේන් එඞ්වර්ඞ්ගේ නායකත්වයෙන් මෙහෙයවනු ලැබීය.

    ලොරේන් යුද්ධයේදී සිදු කළ මෙහෙය වෙනුවෙන් සම්මානයටද පාත‍්‍ර වූවාය. ලොරේන්ගේ ශාරීරික ශක්තිය විශ්මයජනක ය. මිනිත්තු 18 කින් සැතපුම් තුනක් ධාවනය කිරීම, විනාඩි දෙකකදී ඇදගෙන යාම් 20 ක් සහ හිඳ ගැනීම් සිට ගැනීම් 100ක් කිරීම ඇත්තෙන්ම පිරිමියෙකුටද ඉතා අසීරු කාර්යයක් වනු ඇත.

    2.Lauren-2-701x394.jpg




    සාජන් ෂෙරී ගැලගර්

    gallagher-701x394.jpg


    එක්සත් ජනපද හමුදා මාර්ක්මන්ෂිප් ඒකකයෙහි වෙඩික්කරුවෙකු වන ගැලගර්, වසරේ සොල්දාදුවාගේ තරඟයේදී අනෙකුත් තරඟකරුවන් 11 දෙනෙකු පරාජය කිරීම නිසා ඇය ලෝකයේම ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූවාය.

    තරඟකාරී සටන්කාමීත්වය, නාගරික හමුදා මෙහෙයුම්, රැඳවියන්ගේ මෙහෙයුම්, තුවාලකරුවන් හට ආධාර කිරීම, අවි ආයුධකරණය සහ රාත‍්‍රී වෙඩි තැබීම වැනි තරඟවලදී ඇයට වැඩි වශයෙන් ම තරඟකාරීත්වයක් තිබුණේ පුරුෂයින් සමඟය.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම පෙළේ රයිෆල් තුවක්කුකරුවන් අතරින් එක් අයෙකු වන අතර ඇය වසරේ හොඳම සොල්දාදුවා ලෙස ද නම් කෙරිණි. එමෙන්ම ඇය පසුගිය වසරේ සිට, එක්සත් ජනපද යුද හමුදා පැරෂුට් කණ්ඩායමෙහි ගෝල්ඩන් නයිට්ස් හි සාමාජිකාවකි.

    4.Sgt-Gallagher-with-Major.jpg




    සාජන් ඈන් හෙස්ටර්

    5.anne-hester.jpg


    ඈන් හෙස්ටර් ඉරාකය තුල ප‍්‍රහාරයට ලක්ව සිටි සටන්කරුවන් රැුසක් ඝාතනය කළ හමුදා නිලධාරිනියකි . හෙස්ටර් යනු යුද්ධයේදී ෂතුරන්ට සමීපව සටන් වැදී ඔවුන්ව ඝාතනය කළ සම්මානනීය වීර හමුදා නිලධාරීන් ස්වල්ප දෙනා අතුරින් එක් නිලධාරිනියකි.

    ඉරාකය තුල ස්ථානගත කරන ලද සතුරු බලකායන් විසින් ඇය සහ ඇයගේ කණ්ඩායමට වෙඩි තබන අවස්ථාවේදී, හෙස්ටර් ඉරාක කැරලිකරුවන් 24 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කළාය. වොෂිංටන් පෝස්ට් පුවත්පත පවසන අන්දමට, හෙස්ටර් සතුරු සටන්කරුවන් ප‍්‍රහාර එල්ල කරන ස්ථානයට නොබියව ඇවිද ගොස් අවම වශයෙන් සටන්කරුවන් තිදෙනෙකු එකවර ඝාතනය කළ බවයි.

    ඇගේ වීරත්වය නිසා හමුදා සාමාජිකයින් බොහොමයකගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. යුද පෙරමුණේ ඇයගේ කි‍්‍රයාවන් නිසා දෙවන ලෝක සංග‍්‍රාමයේ සිට වීර හමුදා සෙබළුන්ට පිරිනැමෙන රිදී ස්ටාර් පදක්කම දිනා ගත් ප‍්‍රථම කාන්තා සෙබළිය වන්නටද ඇය සමත් වූවා.

    6.Leigh_Ann_Hester_February_3_2007_Cropped-701x756.jpg




    ලූ‍තිනන් ජෙනරාල් පැට්රීෂියා හොරොහො

    7.-Lt._Gen._Patricia_D._Horoho-701x876.jpg


    පැට්රීෂියා යනු එක්සත් ජනපදයේ ප‍්‍රථම යුද හමුදා ශල්‍ය වෛද්‍යවරියයි. ඇය එක්සත් රාජධානියේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ලේඛනයේ 43 වැනි ශල්‍ය වෛද්‍යවරිය වන අතර යුද හමුදාවේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුර දරන්නේද ඇයයි. වසර 200 කට අධික කාලයක් තුළ මෙවැනි භාරදූර කාර්යයක් බාර ගන්නා පිරිමියෙකු නොවන එමෙන්ම හෙදියක් ලෙස රැුකියාව ආරම්භ කර පසුව ශල්‍ය වෛද්‍යවරියක වීමට සුදුසුකම් ලද නොවන ශල්‍ය වෛද්‍යවරිය වන්නේ ද ඇයයි. එනම් ඇය හෙදියක වශයෙන් සිට ශල්‍ය වෛද්‍යවරියක් බවට පත් වූ හමුදා නිලධාරිනියකි.

    බොහෝ හමුදා හෙද හෙදියන්, පිරිමි සහ ගැහැණු අය මෙන්, හොරෝහෝ කම්පන ඒකකවල සේවය කරන බොහෝ අත්දැකීම් ඇත්තියකි. ඇය කම්පන රෝගය පිළිබඳ හෙද නායකත්ව සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය හෙරෝහි එක්සත් ජනපද යුද හමුදා සංචිතයේ ශල්‍ය වෛද්යවරයා යටතේ වන ක්ෂේත්ර රෝහල්වල පුහුණු පාඨමාලා පැවැත්වෙන්නේද ඇගේ අධීක්‍ෂණය යටතේය.

    2009 වසරේ එක්සත් සේවා සංවිධානයේ (USO) ‘වසරේ කාන්තාව’ ලෙස නම් කරනු ලැබුවේද ඇයයි.

    patricia-701x466.jpg




    හමුදා නියෝජිත ලින්ඩ්සි කිබ්ලර්

    lindsey.jpg


    හමුදා වාර්තාකාරිණියක ලෙස ලින්ඩ්සි කිිබ්ලර් යුද හමුදා සංවර්ධනය හා ඇෆ්ගනිස්ථානයේ ඉතාම අන්තරායකාරී ප‍්‍රදේශයන් ආවරණය කළාය.

    යුධ හමුදා මාධ්‍ය ප‍්‍රධානී විසින් ලින්ඩ්සි කිිබ්ලර් ඇයව පුද්ගලිකව තෝරාගනු ලැබුවේ බලසේනා කාර්ය සාධක බලකායේ කතා ආවරණය කිරීම සඳහා ය. කිබ්ලර් ඇෆ්ගනිස්ථානයේ අන්තරාදායක ප‍්‍රදේශවලින් ආකර්ශනීය කතන්දර 11 ක් හා ඡයාරූප 300 කට අධික සංඛ්‍යාවක් රැගෙන ආපසු පැමිණීමත් සමඟ 2011 වසරේදී ඇය මාධ්‍යවේදිනියක ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබුවාය.

    10.Lindsa-701x1052.jpg


    උපුටාගැනීම - Roar සිංහල
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැට්‍රීෂීයා නැන්දා ගැන නං උගන්නලා තිබ්බා අපිට......
    මාර ම පර්සනල්ටි එකක් කියල තමා කියන්නේ.....
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පැට්‍රීෂීයා නැන්දා ගැන නං උගන්නලා තිබ්බා අපිට......
    මාර ම පර්සනල්ටි එකක් කියල තමා කියන්නේ.....

    පැට්‍රීෂියා නංගි නෙහ් අය්යෙ :P
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol::lol::lol::no:
    ලස්සන ගැන නෙවෙයි බන් බලන්නේ ..
    වැඩ කාරියෝ කවුද කියලයි බලන්නේ ...
    ඇත්ත කතාව මචන්. ලංකාවෙත් ආමි එකේ ගෑනු ඉන්නව. හිටියට කිසිම වැඩක් නෑ. යුද්ධයක් තියන පැත්ත පළාතක ගිහින් නෑ. ලංකාවෙ ඉතින් ඔක්කොම පිරිමිනෙ කරන්නෙ. හැබැයි මචන් ඊශ්‍රායල් ආමි කෙල්ලොත් පට්ට. එයාල ෆ්‍රන්ට් ලයින් එකේ යන්නෙ. ඔය වටේ ඉන්න මුස්ලිම් රටවලට ඊශ්‍රායල් වලට කිට්ටු වෙන්න බැරි ඊශ්‍රායල් කෙල්ලන්ගෙ ශක්තිය හින්ද. නැතුව ඊශ්‍රායල් පිරිමි ලොකු දෙයක් කරන්නෙ නෑ.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒකට අපේ අය

    8f981a5c37edac9a88fc2d2ca76510a3--police.jpg


    17e7289bdeaf9218c12875217eb13145.jpg


    10.jpg


    tigers12n-1-web.jpg
    ඇති ලස්සනකුත් නෑ හමුදාවට මුන්ගෙන් වෙන සේවෙකුත් නෑ. යුද්ධෙ තියන කාල අපේ ආමි ගෑනු ටික කෑම්ප් වල හැංගිලා කිටියෙ. ලෝකෙ චාටර්ම ගෑනු ඉන්න රටක් තමා මචන් ලංකාව කියන්නෙ.