ලොව වයස්ගතම "තාත්තා"
ලොව වයස්ගතම "තාත්තා"
96 හැවිරිදි රම්ජිත් රගාව්
රම්ජිත් රගාව් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ වෙසෙන ගොවියෙකි. නවදිල්ලි නුවරට කිලෝමීටර් 31 ක් ඈත ගමක වෙසෙන මොහු 2010 වසරේ දී ලෝකයේම අවධානය දිනා ගත්තේය. එනම් වයස 94 දී පියකු වීම නිසාය. රම්ජිත්ට වයස 94 ක් වෙද්දී ඔහුගේ බිරිය සකුන්තලා දේවි වයස 52 කි. 2010 දී මොවුන්ට උපන් දරුවා නම් කරන ලද්දේ වික්‍රම්ජීත් ලෙසය.
තරුණ කාලයේ මල්ලවපොර ක්‍රීඩකයකු වූ රම්ජීත් තවමත් පුරා පැය නමයක් සිය වගාබිම්වල වැඩ කරයි. 2007 දී තවත් ඉන්දීය ගොවියකු වූ නානුරාම් ජොයි 90 වැනි වියේදි සිය 21 වැනි දරුවාට පියා විය. නමුත් ඒ සියලු වාර්තා මේ රම්ජිත් විසින් බිඳ දමනු ලැබීය.
ඇත්තෙන්ම නැවතත් ලොව පුරා මාධ්‍ය රම්ජිත් ගැන කතා කරයි. ඒ ඔහුගේ බිරිඳ පසුගියදා සිය දෙවැනි දරුවාද බිහිකර ඇති නිසාය. වර්තමානයේ 96 හැවිරිදි වියේ පසුවන රම්ජිත් නැවතත් පියකු වී ඇත. පසුගිය මාසයේ සකුන්තලා දේවි සිය දෙවැනි දරුවා බිහිකළ අතර ඔහුට රන්ජිත් යනුවෙන් නම් තබා තිබේ.
"මම මොකද කරන්නේ... මේක දෙවියන්ගේ කැමැත්ත. දෙවියෝ මට තවත් පිරිමි දරුවකු ලබා දුන්නා" යනුවෙන් මේ 96 හැවිරිදි ආඩම්බරකාර තාත්තා කියයි. හර්යානා රජයේ රෝහලකදී සකුන්තලා දේවි සිය දෙවැනි දරුවා බිහිකළ විට වෛද්‍යවරු මේ දරුවාගේ පියා රම්ජිත් යෑයි කිවූ විට සිනහසී ඇත. ඔවුන් මට සිනහ වුණා. නමුත් පස්සේ පුදුම වුණා" මේ ඉන්දීය මහල්ලා පවසයි.
"මම ජීවිත කාලයම ගොවියකු ලෙසයි වැඩ කළේ. නමුත් මගේ පුතුන් දෙදෙනා රජයේ උසස් රැකියා කරන මහත්වරුන් කිරීම මගේ අරමුණයි. මට මේ වයසට හෝ නිරෝගීමත් දරුවෝ ලැබීම ගැන මේ අසල්වාසී ගොවියෝ ඊර්ෂ්‍යා කරනව. ඔවුන් මගේ ලිංගික හැකියාව ගැනත් ඉන්නේ ඊර්ෂ්‍යාවෙන්. ඔවුන් අහනවා මම වයස්ගත වෙලා අවුරුදු 96 ක් වෙලත් මට ළමයි හදන්න පුළුවන් මොකද කියලා. ඇත්තම මේක දෙවියන්ගේ ආශිර්වාදයයි."
මේ 96 හැවිරිදි ඉන්දීය ගොවියා පවසන්නේ තමන් එක් රාත්‍රියකදී තෙවරක් බිරිඳ හා රමණය කරන බවයි. "මම මගේ බිරිඳ ගැන හොඳට බලා ගන්නවා. ඇයට අවශ්‍ය දේවල් ලබා දෙනවා. ඇත්තෙන්ම ඇය ඉන්නේ බොහෝම සතුටින්. වයස 96 ක් වුවත් තම කාම ශක්තිය හොඳින් පවතින්නේ දිනපතා ආමන්ඩ්, කිරි හා එළඟිතෙල් කෑම නිසයි."
රම්ජිත්ට සකුන්තලා දේවි හමුවූයේ මීට වසර 22 කට පෙර මුස්ලිම් පල්ලියක උත්සවයකදීය. පුරා වසර 25 ක් සිය පළමු බිරියගේ වියෝව නිසා වැන්දඹුව සිටි මේ ගොවියාගේ නව සහකාරිය වන්නට සකුන්තලාට ආරාධනා කළේය. "ඇත්තටම ඇයට කවුරුවත් නෑයෝ, සහෝදරයෝ නැහැ. එමනිසා ඇයව බලා ගන්න මට අවශ්‍ය වුණා. මම ඇයට යෝග ඉගැන්නුවා. මගේ හිටපු ප්‍රේමවන්තියෝ මියගියා. ඒ නිසා මම මගේ බිරිය ලෙස සකුන්තලාව තියා ගත්තා" රම්ජිත් කියයි.
ලොව වයස්ගතම පියාගේ බිරිය පවසන්නේ සිය සැමියා ප්‍රේම ආංලිගනයේ යෙදෙන්නේ වයස 25 ක තරුණයකු ලෙස බවයි. ඔහුගේ වයස කීයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔහු තරුණයකු වගෙයි. මම ඇත්තටම ඔහුට ආදරෙයි. සමහර වෙලාවට ඔහු මට බණිනව. නමුත් අපි සතුටෙන් ඉන්නවා. ඇත්තටම ඔහු පුදුමාකාර පුද්ගලයෙක්" යෑයි මේ සකුන්තලා දේවි කියයි.
මේ 96 හැවිරිදි ගොවියා මුලින්ම විවාහ වී ඇත්තේ වයස 24 දීය. කාමර දෙකක් ඇති කුඩා පැලක වෙසෙන මොහු සතියකට පවුම් 12 ක ආදායමක් ලබයි. රම්ජිත් පවසන්නේ තමා කිසි දිනක මත්පැන් බී නැති බවයි. දිනපතා කිරි බොමින් එළවළු, පළතුරු ආහාරයට ගත් බවත් හෙතෙම කියයි.
චතුර පමුණුව