ලොව වැඩිම මිලක් නියමවූ දියමන්ති බිකිනිය..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ලොව වැඩිම මිලක් නියමවූ දියමන්ති බිකිනිය..

    සාමාන්‍යයෙන් බිකිනියක් හෝ කාන්තා යට ඇඳුම් නිමවන්නේ කාන්තාවට දැරිය හැකි මිලකට සහ ශරීරයට පහසුවෙන්න. ඒත් බිකිනි වර්ග නම් අද වෙනකොට ලෝකයේ විලාසිතා කර්මාන්තය ආක්‍රමණය කර තිබෙනවා. එහෙම වාතාවරණයක ලෝකයේ මිලෙන් වැඩිම බිකිනිය ලෙස වාර්තාවූ සුසාන් රොසෙන් විසින් නිර්මාණය කල දියමන්ති බිකිනිය විශේෂයි.

    ඉතා වටිනා දියමන්ති වර්ග වලින් නිපදවා ඇති මේ බිකිනිය නිර්මාණය කලේ 2006 වසරේදී. වික්ටෝරියා සීක්‍රට් සමාගම වෙනුවෙන් මෙම බිකිනිය නිර්මාණය කල සුසාන් එය ඉතා සරාගී සහ ආකර්ශණීය ආකාරයෙන් නිර්මානය කරතිබේ. එහි මිල නියමවුනේ ඩොලර් මිලියන 30 ක් ලෙසයි. ඒ කියන්නේ ලංකාවේ මුදලින්නම් රුපියල් ලක්ෂ 4650 ක් විතර.

    මේ තරම් මිලක් ගෙවලා මේ වගේ බිකිනියක් මිලට ගන්න පුළුවන් කමක් තිබෙන කෙනෙක් ලෝකේ ජීවත්වෙන එකත් පුදුමයක්. කාන්තා පිහිනුම් ඇඳුම් ප්‍රදර්ශනයකදි මෙය ප්‍රදර්ශනයටද තබා තිබුණ අතර ඒ සඳහා ආරක්ෂක නිලධාරීන් විශාල ගණනකගේ ආරාක්ෂාවද යොදා තිබුණා.

    උපුටා ගැනීම - www.her.lk