ලොව විරූපීම චිත්‍ර

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ලොව විරූපීම චිත්‍ර

    ලොව විරූපීම චිත්‍ර සඳහා වෙන් කෙරුනු කෞතුකාගාරයට සවාරියක්


    සාමාන්‍යයෙන් මහජන ප්‍රදර්ශනය උදෙසා ඉදිරිපත් කිරීමට ‍පොදුවේ තෝරා ගනු ලබන්නේ නෙතට සිතට ප්‍රිය උපදවන සුන්දර මනබඳින සුළු යැයි සම්මත කලා කෘති හා කලාත්මක අංග වුවද එම සම්මතයෙන් බැහැර වූ අභව්‍ය ගණයේ නිර්මාණයන් උදෙසා වෙන් කෙරුනු කෞතුකාගාරයක් ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් නුවර පිහිටි බව ඔබ දැන සිටියා ද? ලෝක පූජිත චිත්‍ර ශිල්පීන්ගේ අග්‍රගණ්‍ය සිතුවම් නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ලොව බොහෝ කෞතුකාගාර හා කලාගාර පෙළගැසී සිටියදී, වසරකට නරඹන්නන් දහස් ගණනක් වැල නොකැඩී ඇදී එන බොස්ටන් හි පිහිටි මෙම කෞතුකාගාරය ප්‍රදර්ශනයට ලක් කරනුයේ ලොව ඇති විරූපීම, කොටින්ම දෙවරක් නොසිතා කසළ බඳුනට දැමිය යුතු අන්දමේ අප්‍රසන්න චිත්‍ර නිර්මාණය. ලෝකයෙන් ප්‍රතික්‍ෂේප වූ එබඳු විරූපී නිර්මාණ කෙරෙහි
    ප්‍රිය උපදවූ එක් අසාමාන්‍ය රසිකයෙකුගේ අදහසක් අනුව බිහි වූ බොස්ටන්හි පිහිටි ‘Museum of Bad Art’ හි අද වන එබඳු ගණයේ විරූපී සිතුවම් හයසියයක් පමණ ප්‍රදර්ශනයට ලක් කෙරේ.



    විරූපී චිත්‍ර සඳහාම වෙන් කෙරුනු මෙම කෞතුකාගාරය අද වන විට කෙතරම් ජනප්‍රිය වී ඇත්තේද යත් සෑම මාසයකදීම සුළු වශයෙන් අසාමාන්‍ය පෙනුමින් යුතු ඒවායේ සිට සිතුවමක් යැයි හැඳින්වීමට පවා නොහැකි නිර්මාණ විස්සක් පමණ කෞතුකාගාර භාරකාර මණ්ඩලයට ලැබුණද ප්‍රදර්ශනයට ලක්කිරීමට තරම් ප්‍රමාණවත් විරූපී බවකින් යුතු ඒවා ලෙස ඉන් තෝරා ගැනෙනුයේ හතරක් වැනි සුළු සංඛ්‍යාවකි. මෙබඳු විරූපී චිත්‍ර උදෙසාම වෙන් කෙරුනු ඇමෙරිකාවේ පිහිටි කෞතුකාගාරය වන බොස්ටන් බෑඩ් ආට් කෞතුකාගාරයේ විධායක
    අධ්‍යක්ෂවරිය වන ‘ලුයිස් රෙයිලි සැකෝ’ අවධාරණයෙන් යුතුව කියා සිටින පරිදි මෙහි ප්‍රදර්ශනය සඳහා භාර ගැනෙනුයේ අව්‍යාජ වූද සැබෑම අනන්‍යතාවයකින් යුතු වූද, සේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විරූපී යැයි හැඳින්විය හැකි සිතුවම් නිර්මාණය. එය ඇතැම් විටක අවාසනාවන්ත හා නොසිතූ ලෙස වැරදී ගිය දක්ෂ චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් වුවද විය හැක. එසේත් නොමැති නම් පින්සල හරි හැටි ඇල්ලීමට පවා නොදත් ආධුනිකයෙකුගේ අවාසනාවන්ත උත්සහයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූවාද විය හැක. සිතුවමකින් නරඹන්නන්ට සන්නිවේදනය කිරීමට උත්සාහ දරන පණිවුඩයද මෙම කලාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා සිතුවමක් තෝරා ගැනීමේදී අවධානයට බඳුන් කරන තවත් වැදගත් කරුණකි.


    මෙබඳු විරූපී ලෙස සම්මත කලාත්මක වශයෙන් කිසිදු වැදගත්කමකින් තොර සිතුවම් නිර්මාණ සඳහාම වෙන්වූ කලාගාරයක් බිහිකිරීමට පදනම සැපයෙන ලද්දේ, කෞතුක වස්තු අලෙවිකරුවෙකු වූ ස්කොට් විල්සන් විසින් කසළ බඳුනක තිබි සොයා ගන්නා ලද ‘ඹ්භජර ඪද බඩඥ ඉඬර ඹඪබඩ ජ්තධඹඥපඵ’ නමැති චිත්‍රය මගිනි. මල් යායක් මැදින් ඇවිද යන වියපත් කාන්තාවක නිරූපණය කෙරුනු එම චිත්‍රය කලක් ‘ඇනා කීන්ගේ’ පවු‍ලේ නිවහනේ එල්වා තිබුණකි. ස්කොට් විල්සන් හා ජෙරි රෙයිල් විසින් පිහිටුවන ලද විරූපී චිත්‍ර උදෙසාම වූ කෞතුකාගාරයට එක්වූ පළමු චිත්‍රය වීමේ වාසනාව හිමිවන ලද්දේ එයටය.


    සෑම වසරකදීම බොස්ටන් හි පිහිටි විරූපී චිත්‍ර උදෙසා වෙන් කෙරුනු කෞතුකාගාරයේ වන චිත්‍ර නැරඹීමට හා ඒවා සමගම ප්‍රදර්ශනය කරන කෞතුකාගාර භාරකරුවන් විසින් චිත්‍ර සඳහා ලියන ලද කෙටි සටහන් කියවීමට වසරකදී නරඹන්නන් අටදහසක් පමණ ඒ කරා පැමිණෙන්නෝය.


    තමන්ගේ මැදහත්වීම නොවන්නට කිසිදා පිළිගැනීමක් හෝ ප්‍රසිද්ධියක් ලැබිමට අවස්ථාවක් නොලැබෙන්නට තිබූ සිතුවම් සමූහයක් ජනතා අවධානයට ලක් කිරීමට ඉදිරිපත් වූ අපූරුම රසාඥතාවයෙන් යුතු මෙම කලාකාමීන් දෙදෙනාට පින්සිදු වන්නට දැන් සම්භාව්‍ය කෘති නිර්මාණය කිරීමේ හැකියාවක් නොමැත්තවුන්ට පවා ජාත්‍යන්තර කීර්තියට පත් වීමේ විරල අවස්ථාවක් හිමිව තිබේ.



    badartdogsresized.jpg

    images

    p-pop-portrait-8-799175.jpg
    505994_2665a3fb6f_z.jpg

    article-0-0D760A2D00000578-832_634x711.jpg

    emmet-kelly.jpg

    manalisa_moba.jpg
    images

    Koch.jpg

    img_2343.jpg

    Lucyflowers.jpg


     
    • Like
    Reactions: ^Buddhika^