ලොව විශාලතම ගුවන් යානය ගොඩ බෑ හැටි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ලොව විශාලතම ගුවන් යානය ගොඩ බෑ හැටි

    ඉන්දියාවට කුණු කොල්ලයට දෙන්නට යන මත්තල වී ගබඩාවට ලොව විශාලතම ගුවන් යානය ගොඩ බෑ හැටි

    maththala.jpg
    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආරම්භයේ පටන් මේ දක්‌වා කාලය තුළ විවිධ හේතූන් නිසාවෙන් ලංකාවේ ජනතාව අතර මෙන්ම ලෝකවාසි ජනතාව අතර ද මත්තල ගුවන්තොටුපොල විශේෂ අවධානයට පාත්‍ර වූ එකක්‌ බවට පත් විය. ලංකාවේ ඉදිවූ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස මත්තල රාජපක්‌ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හැඳින්වේ. මෙම ගුවන්තොටුපොළ ඉදිවීමත් සමඟ රටට විශාල වාසියක්‌ අත් වූ නමුදු දේශපාලන කරලියේ විටින් විට මෙය පුවත් මවන ස්‌ථානයක්‌ බවට ද පත් විය. මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීමෙන් කලකට පසු ගුවන් යානා මෙහි නොපැමිණෙන බව පවසමින් දේශපාලන අධිකාරියේ නියෝග මත වී ගබඩාවක්‌ ලෙස භාවිතයට ගත් අවස්‌ථාවක්‌ද අපට මතකය. ගුවන් යානා පැමිණෙන කාලයේ වගේම නොපැමිණෙන කාලයේ ද මත්තල ගුවන්තොටුපොළ මෙරට හා එරට ජනතාව අතරේ පුවත් මවන ස්‌ථානයක්‌ බවට පත් විය.

    නිතර නිතර පුවත් මැවූ මත්තල ගුවන් තොටුපොළ පසුගිය 18 වන දින ද විශේෂ පුවතක්‌ මවන්නට සමත් විය. ඒ ලොව විශාලතම භාණ්‌ඩ ප්‍රවාහන ගුවන් යානය වන Antonov AN 225 ම්රියා ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළට ගොඩ බෑම නිසාය. හදිසියේ මත්තලට පැමිණි මෙම ගුවන් යානය දැක බලා ගැනීමටද විශාල පිරිසක්‌ මත්තල ගුවන්තොටුපොළට එක්‌රැස්‌ව සිටිනු ද අපට දැකිය හැකි විය.

    මැලේසියාවේ සිට ඉකුත් 18 දින පෙරවරු 6.55ට මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එය 18 දින මධ්‍යම රාත්‍රියේදීම නැවත පාකිස්‌ථානයේ කරච්චි බලා පිටත්ව ගියේය. ගුවන් යානයේ කාර්ය මණ්‌ඩලයට විවේක ලබා ගැනීsම සහ ගුවන්යානයට ඉන්ධන ලබා ගැනීම සදහා මෙම ගුවන් යානය මත්තලට ගොඩබස්‌සවා තිබේ. ගුවන් යානයේ කාර්ය මණ්‌ඩලය 24 දෙනෙකුගෙන් සමන්විත වන අතර යානය පියාසර කරවීම සදහා ගුවන් නියමුවන් හය දෙනෙකුගේ සහාය හිමි විය යුතුය. රුසියාවට අයත් මෙම Antonov AN 225 ගුවන් යානය දැනට ලොව ඇති විශාලතම භාණ්‌ඩ ප්‍රවාහන ගුවන් යානයයි. මෙය දිගින් මීටර් 84 ක්‌ වන අතර පළල මීටර් 88.4ක්‌ වෙයි. යානයේ උස මිටර් 18.01 ක්‌ වෙයි. ගුවන් යානයේ පමණක්‌ බර ටොන් 285 ක්‌ පමණ වන අතර උපරිම ඉහළ නැංවීමේ බර ටොන් 640 ක්‌ පමණ වෙයි. මෙහි කිලෝ දෙලක්‌ෂ පනස්‌දහසක පමණ භාණ්‌ඩ ප්‍රවාහනය කළ හැකිය.

    ZMKB Progress D -18 වර්ගයේ එන්ජින් හයකින් සමන්විත මෙම යානය උපරිම බර සහිතව ගුවන් ගත කිරීම සදහා ධාවන පථයේ කිලෝමීටර් තුනක්‌ හතරක්‌ පමණ දුරක්‌ ගමන් කල යුතුවෙයි. ගුවන් යානය ගොඩබෑමේදී සහාය සදහා රෝද 32 කින් මෙම යානය සමන්විත වෙයි. මෙහි උපරිම වේගය පැයට කිලෝ මීටර් 850 පමණ වන අතර ගුවන් යානය සදහා උපරිම ඉන්ධන පිරවීමකින් පසු කිලෝමිටර් 15,400ක දුරක්‌ එක දිගට ධාවනයේ යෙදිය හැකිය.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු ධනවාදී බටහිර රටවල් සිය බළපරාක්‍රමය පවත්වාගෙන යාමට විවිධ නිර්මාණ කරන්නට විය.දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර රටවල් එක්‌ව ධනවාදී කදවුරක්‌ නිර්මාණය කෙරුණු පසු බිමක්‌ තුල ඊට එරෙහිව සෝවියට්‌ දේශය සමාජවාදී කඳවුරක්‌ නිර්මාණය කිරීමත් නිසා දෙපාර්ශ්වය අතර සීතල යුද්ධයක්‌ පැවතිණි. දෙපාර්ශවයේම අදිටන වුයේ එකෙකු පරයා අනෙකා ජයගැනිSමය. යුද තාක්‌ෂණය අතින් ඉහළට යැමය. 1980 දශකය වන විට සෝවියට්‌ රුසියාවේ අභ්‍යවකාශ වැඩසටහනේ -බුරාන්- ෂටලය ප්‍රවාහනය සඳහා විශාල ප්‍රවාහන යානයක අවශ්‍යතාවයක්‌ දැඩි ලෙස පැන නැගී තිබුණු අතර ඒ සදහා සෝවියට්‌ රුසියාවට අයත්ව තිබූ යුක්‌රේනයේ ඇන්ටනොව් ගුවන් යානා සමාගම විසින් විශාල යානයක්‌ නිෂ්පාදනය කිරීමේ කටයුත්තට මුලපුරන්නට විය.මේ කාලය වන විට රුසියාව විසින් එන්ජින් හතරකින් සමන්විත ඇන්ටනොව් 124 නමින් විශාල භාණ්‌ඩ ප්‍රවාහන ගුවන් යානයක්‌ නිෂ්පාදනය කර තිබුණි. දිනෙන් දින යුද උපකරණ හා ගුවන් යානා නිපදවීම අතින් ඉදිරියට ඒමට කටයුතු කළ රුසියාව එතෙක්‌ ඔවුන් සතුව පැවති විශාලතම භාණ්‌ඩ ප්‍රවාහන ගුවන් යානය වු එන්ජින් හතරකින් සමන්විත ඇන්ටනොව් 124 ගුවන් යානය වෙනුවට එය තවත් සංවර්ධනය කර 1985 වසරේදී එන්ජින් හයකින් සමන්විත මෙම "ඇන්ටනොව් ඒ එන් 225 ම්රියා" ගුවන් යානය නිෂ්පාදනය කර තිබේ. මෙය දැනට ලෝකයේ ඇති බරින් වැඩිම ගුවන් යානය වන අතර විශාලතම ගුවන් යානය ද වෙයි. 'ම්රියා' යනු යුක්‌රේන් බසින් 'සිහිනය' යන නමයි. සෝවියට්‌වරුන්ගේ සිහිනය සැබෑ කරමින් නිෂ්පාදනය කෙරුණු මෙම ගුවන් යානය 1988 දෙසැම්බර් මස 21 වන දින පළමු ගුවන් ගත කිරීම සිදු කර තිබේ. ඒ විනාඩි 74ක කාලයක්‌ය.

    යානයේ අභ්‍යන්තරයේ මෙන්ම බාහිර ආධාරකය මතද භාණ්‌ඩ ප්‍රවාහනය කිරීමේ පහසුකම් මෙම ගුවන් යානයේ ඇති අතර කිලෝග්‍රෑම් 200,000ක බරක්‌ යානයේ අභ්‍යන්තර ශාලාවේද කිලෝග්‍රෑම් 250,000ක බරක්‌ පිටත බාහිර ආධාරකය මත ද රැගෙන යැමේ හැකියාව පවතිනවා. අද වන විට විශාලතම ජාත්‍යන්තර භාණ්‌ඩ ප්‍රවාහන ගුවන් යානය ලෙසින් සැළකෙන මෙම ගුවන් යානයෙන් සම්මත ගුවන් කන්ටේනර් 60ක්‌ පමණ එකවර මෙහි පැටවිය හැකිය. වරකට මෙහි මෝටර් රථ 200ක්‌ පමණ රැගෙන යාමේ හැකියාව ඇත. භාණ්‌ඩ රැගෙන යන අතරම සියලුම පහසුකම් සහිතව මගීSන් 70කටද මෙහි ගමන් කිරීමට පහසුකම් පවතී. එකල ප්‍රධාන වශයෙන් යුධ මෙහෙයුම් සඳහා මෙම යානය යොදා ගෙන ඇති අතර එය ඉතා වාසිදායක තත්ත්වක්‌ ලෙසද සැළකෙයි. පැරෂුට්‌ භටයන් 1000ක්‌ පමණ එකවර මෙම ගුවන් යානයේ රැගෙන යාමටද හැකි අතර යුද ටැංකි විශාල ප්‍රමාණයක්‌ එකවර රැගෙන යැම සඳහාත් මේ භාවිතා කළ හැකිය. ඇන්ටනොව් ඒ එන් 225 යානය භාණ්‌ඩ ප්‍රවාහන යානයක්‌ ලෙස මෙන්ම අභ්‍යවකාශ වැඩසටහන් සඳහා යොදාගනු ලබන විශේෂිත යානයක්‌ ලෙසත් සැළකෙයි. සෝවියට්‌ අභ්‍යවකාශ වැඩසටහනේ අවශ්‍යතාවයක්‌ මත මෙම ගුවන් යානය නිර්මාණය වූ අතර යානයේ අභ්‍යන්තර මෙන්ම බාහිර රැඳවුම් ස්‌ථානවල විශාල රොකට්‌, බුරාන් ෂටල, ගුවන් යානා හා හෙලිකොප්ටර් විශාල ප්‍රමාණයක්‌ ද රැගෙන යා හැකි පරිදි මෙය නිෂ්aපාදනය කර තිබේ.

    ඇන්ටනොව් ගුවන් සමාගම හා වොල්ගා ඩෙන්ප ගුවන් සමාගම මෙම යානා වැඩි වශයෙන් භාවිතා කරයි. මීට අමතරව ඇමරිකා එක්‌සත් ජනපදය, එංගලන්තය හා කැනඩාව වැනි රටවල් තම විශේෂිත ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා මෙවැනි යානා රුසියානු හා යුක්‌රේන ගුවන් සේවාවන්ගෙන් කුලියට ගනු ලබනවා. ඉකුත්දා මත්තලට පැමිණි මෙම ගුවන් යානය ලෝක වාර්තා කිහිපයකටද හිමි කම් කියන බව සදහන් කළ යුතුමය. ඒ ලොව බර වැඩිම ගුවන් යානය ලෙසත්, විශාලතම අත්අටු හිමි ගුවන් යානය ලෙසත් හා දැනට පවතින ගුවන් යානා අතරින් වැඩිම බර ප්‍රමාණයක්‌ රැගෙන යා හැකි ගුවන් යානයද වීම නිසාය.

    මෙම ගුවන් යානය මත්තල රාජපක්‌ෂ අන්තර් ජාතික ගුවන් තොටුපොළට පැමිණිම සම්බන්ධයෙන් මත්තල ගුවන්තොටුපොළ ප්‍රධාන කළමනාකරු උපුල් කළන්සුරිය මහතාගෙන් අප සිදු කළ විමසීමේදි ඒ මහතා මෙසේ පැවසීය.

    ලොව විශාලතම භාණ්‌ඩ ප්‍රවාහන ගුවන් යානය වන Antonov AN 225 ගුවන් යානය 18 දින පෙරවරු 6.55ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්‌සුවා.ඒ එහි පැමිණි කාර්ය මණ්‌ඩලයට විවේක ලබා ගැනීමට සහ ගුවන් යානය සදහා ඉන්ධන ලබා ගැනිමත් සදහා.ඒ වගේම කියන්න ඕනේ පසුගිය මාස කිපය තුළදීත් ඇන්ටනෝව් ගුවන් සමාගම විසින් ඔවුන්ගේ ගුවන් යානා විශාල ප්‍රමාණයක්‌ මත්තල ගුවන් තොටුපොළ හරහා තම මෙහෙයුම් සහ පහසුකම් ලබාගෙන තිබෙනවා. අද මෙම ගුවන් යානය මත්තලට පැමිණීමෙන් ශ්‍රී ලාංකිකයින් ලෙස අපි ලබා ගත්ත ලොකු ජයග්‍රහණයක්‌ ලෙසයි අපි දකින්නේ. ඒ වගේම මෙවැනි විශාලතම ගුවන් යානයක්‌ මෙරට ගුවන් තොටුපොළකට පැමිණීම තුළින් දළ වශයෙන් රුපියල් එක්‌කෝටි තිස්‌ ලක්‌ෂයක පමණ ආදායමක්‌ රටට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙවැනි ගුවන් යානයක්‌ පැමිණීම තුළින් අපිට වැඩි වියදමක්‌ යන්නේ නැතිවම විශාල මුදලක්‌ රටට ලබා ගැනීමේ හැකියාවක්‌ තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ වගේ ගුවන් යානයක්‌ කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළට පැමිණියහොත් එහි ගුවන් ගමන් ගණනාවක්‌ම නවත්වන්නට සිදු වෙනවා මෙහි ඇති විශාලත්වය නිසාවෙන්. නමුත් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ මෙවැනි ගුවන් යානා සදහා ඉතා පහසුවෙන් පහසුකම් සපයාදීමේ හැකියාව තියෙනවා. එමෙන්ම මෙවැනි ගුවන් යානයක්‌ කිසියම් ස්‌ථානයක ගොඩබස්‌වනවා නම් ඔවුන් පළමුවෙන්ම ඔවුන්ගේ පහසුව පිළිබඳවත් සොයා බලනවා. මත්තල ගුවන් තොටුපොළ සතුව ඒ සියලු පහසුකම් පවතින නිසා තමයි මෙම ගුවන් සමාගම මෙම යානය මත්තල ගුවන් තොටුපොළට එවීමට තීරණය කරන්න ඇත්තේ. මෙවැනි ගුවන් යානා මත්තලට පැමිණීම තුළින් රටේ විවිධ පිරිස්‌ අතර තියෙන විවිධ දුර්මත පවා වියෑකිලා යනවා. මෙම ගුවන් යානය මැලේසියාවේ ඉඳලා තමයි මත්තලට පැමිණියේ. 18 දින රාත්‍රියේ නැවතත් මෙම ගුවන් යානය පාකිස්‌ථානයේ කරච්චි බලා පිටත්ව ගියා. ඉදිරියේදීත් මෙවැනි විශාලතම ගුවන් යානා වගේම අනෙකුත් ගුවන් යානා සදහාත් අවශ්‍ය සියලු පහසුකම් ඕනෑම අවස්‌ථාවක ලබා දීමට අපි සුදානමින් සිටිනවා කියන එකත් බොහොම සතුටින් යුතුව කියන්න ඕනේ."


    මත්තල දිලීප් එන්. ජයසේකර
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    what is the wonder of a plane landing in an airport. This type of non commercial flights that land for refuelling will use the least cost airports and that have slots as per their requirements.

    Fortunately no bird hits for this giant.