~ලොව විශිෂ්ඨතම කථාවක්~
මේ ගෞරව උපාධි උත්සවයේ සිටීමට ලැබීම ගෞරවයක් ලෙස සලකනවා. මෙය ලෝකයේ ඇති විශිෂ්ඨතම විශ්වවිද්‍යාල වලින් එකක්. ඇත්තම කියනවා නම් මම කවදාවත් විද්‍යාලයකින් උපාධියක් අරන් නැහැ. මෙය තමයි උපාධියක් ළඟින්ම යන අත්දැකීම. අද මම මගේ ජීවිතයේ සිදුඋන කතා 3 ක් කියන්න කැමතියි.ලොකු දෙයක් නෙමෙයි කතා 3ක් විතරයි.
පළමුවෙනි කතාව තිත් යා කිරීම පිළිබඳවයි. මගේ සැබෑ මව තරුණයි, අවිවාහකයි, විද්‍යාලයක උපධිදාරිනියක් ඇය මාව කාටහරි හදාවඩා ගන්න දෙන්න තීරණය කරා. මගේ මවට ඕනේ උනා මාව උපාධියක් ඇති කෙනෙකුට භාර දෙන්න. මාව නීතීඥයෙකුට හා ඔහුගේ බිරිඳට දෙන්න හැමදෙයක්ම ලෑස්ති කරලා තිබ්බේ. නමුත් මම ඉපදෙන්න කලින් අවසාන මොහොතේ ඔවුන් කිව්වා ඔවුන්ට ගැහැණු ළමයෙක් අවශ්‍ය බව. නමුත් මධ්‍යම රාත්‍රියේ ඔවුන්ට දුරකථන ඇමතුමක් ආවා "අපිට බලාපොරොත්තු උනේ නැති විදිහට පිරිමි දරුවෙක් ලැබුණා. ඔබලාට ඔහුව ඕනෙද? ".ඔවුන් කිව්වා "ඔව් අපිට ඔහුව ඕනේ" කියලා.
ටික කාලයකට පසු මගේ ඇත්ත අම්මා දැනගත්තා මාව හදාගන්න යන දෙමව්පියන් කවදාවත් විද්‍යාලයකින් උපාධියක් අරන් නැති බව. මේ නිසා ඇය හදාවඩා ගැනීමට දෙන ලිපිලේඛන අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා. ඔහොම මාස කීපයක් ගතවෙද්දී මගේ හදාවඩා ගත් දෙමව්පියන් මගේ මවට පොරොන්දු උනා මාව විද්‍යාලයකට යවන බවට. මගේ ජීවිතය ආරම්භ උනේ එතනින්. අවුරුදු 17කට පස්සේ මම විද්‍යාලයකට ඇතුළු උනා. මම බොළඳ ලෙස මිළ අධික රීඩ් විද්‍යාලය තෝරගත්තා. මගේ දෙමව්පියන්ගේ හැම සතයක්ම මගේ විද්‍යාලයේ ගාස්තු වෙනුවෙන් වැය උනා. මාස 6කට පස්සෙත් මට විද්‍යාලයෙන් කිසිම දෙයක් ලබාගන්න බැරි උනා. මගේ ජීවිතයේ වෙන්නේ මොනවද කියල මට කිසිම වැටහීමක් තිබුණේ නෑ. විද්‍යාලයෙන් මට එය හොයාගන්න උදව් වීමක් මම දැක්fකත් නැහැ. මගේ දෙමව්පියන් ඔවුන්ගේ මුළු ජීවිත කාලයේම හම්බ කළ මුදල් නාස්ති කරමින් මම විද්‍යාලයේ හිටියා. හැමදෙයක්ම හොඳ අතට හැරෙයි කියන බලාපොරොත්තුවෙන් මම විද්‍යාලයෙන් අයින් වෙන්න තීරණය කළා. ඒ කාලේ මම ඒ දේ කරන්න බය උනාට පස්සේ බලනකොට ඒ මගේ ජීවිතයේ ගත්ත හොඳම තීරණයක්.
මම ඉවත් වෙන්න හිතපු මොහොතේ මං අකමැති පන්ති වලට යන එක නැවැත්තුවා. මං කැමති පන්ති වලට විතරක් සහභාගී උනා. ඒ හැමදේම ආදරණීය උනේ නැහැ. මට නිදාගන්න කාමරයක් තිබුණේ නැහැ. ඒ නිසා මං යාලුවෙක්ගේ කාමරයේ බිම නිදාගත්තා. මම Coke බෝතල් නැවත භාරදීලා සත 5ක් හොයාගත්තා කෑම ගන්න. හැම ඉරිදා රාත්‍රියකම මම හැතැම්ම 7ක් නගරය හරහා ඇවිද්දා සතියකට වතාවක් "හරි ක්‍රිෂ්ණා" පන්සලෙන් හොඳ කෑමක් කන්න. මම එයට ආදරය කරා.
මම වැටුණු හැම මොහොතකම එය මගේ කුතුහලයට හේතු උනා. එය මගේ අනාගතයට මිළ කල නොහැකි දෙයක් උනා. මං එක උදාහරණයක් කියන්නම්.
රීඩ් විද්‍යාලය ඒ කාලයේ අපේ රටේ අක්ෂර කලාව ගැන හොඳ තොරතුරු ලබා දුන්නා. මම අයින් උන නිසා සාමාන්‍ය පන්ති වලට ගියේ නැහැ. මම අක්ෂර කලාව ගැන පාඨමාලාවක් කරන්න අදහස් කළා. මං විවිධාකාර අක්ෂර මුහුණත්, අකුරු අතර ඉඩ වෙනස් වෙන්නේ කොහොමද හා අක්ෂර කලාව විශිෂ්ඨ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. එය ඉතාමත් ලස්සන, ඓතිහාසික, කලාත්මක හා සියුම් දෙයක් උනා විද්‍යාවටවත් අල්ල ගන්න බැරි. එය ඉතාමත් සිත්ගන්නාසුළු දෙයක් උනා මේ හැමදෙයක්ම ඒ මොහොතේ මගේ ජීවිතයේ ප්‍රායෝගික දෙයක් උනේ නැහැ. නමුත් අවුරුදු 10කට පස්සේ අපි මුල්ම macintosh පරිඝණකය නිර්මාණය කරනකොට මේ හැම දෙයක්ම එයට ඇතුලත් කළා. එය ලස්සන අක්ෂර ඇති මුල්ම පරිඝණකය උනා. මම ඒ අක්ෂර පන්තියට ඇතුලත් නොවෙන්න mac එකට ඒ තරම් විවිධ ලස්සන අකුරු ලැබෙන්නේ නැහැ. Windows විසින් mac ව පිටපත් කළේ නැත්නම් හැම පරිඝනකයකම එය නොතිබෙන්න ඉඩ තිබ්බා. විද්‍යාලයේ ඉන්න කාලයේ, අනාගතය දෙස බලමින් තිත් යා කරන්න ඇත්තවශයෙන්ම ඉතා අමාරුයි. නමුත් අවුරුදු 10ක් ආපස්සට බැලීමේදී එය ඉතා පැහැදිලියි. නැවතත් මං කියනවා, ඔබට තිත් යා කරන්න බෑ ඉදිරිය දෙස බලමින්, ඔබට ඒවා යා කළ හැක්කේ අතීතය දෙස බලමින් පමණි. නමුත් ඔබ විශ්වාස කළ යුතුයි ඒවා කවදාහරි අනාගතයේදී යාවෙයි කියලා.
ඔබ උනන්දුවෙන යම් දෙයක් ගැන ඔබ විශ්වාස කළ යුතුයි. දෛවය, ජීවිතය, කර්මය හෝ යම් දෙයක්. මොකද ඔබ යන මාවතේ ඒ තිත් සම්බන්ධ වේයැයි විශ්වාස කිරීමෙන් පමණයි ඔබේ හදවතට ධෛර්යක් එන්නේ අසීරු මගක උනත් ගමන් කිරීමට. ඔබ මාවතෙන් ඉවත් වෙන වෙලාවක පවා එය ඔබ තුළ හොඳ වෙනසක් ඇති කරාවි.
Apple සමාගමේ නිර්මාතෘ වන Steve jobs විසින් Stanford විශ්ව විද්‍යාලයේ 114 වැනි උපාධි ප්‍රදානොත්සවයේදී කළ විශිෂ්ඨ කථාව පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක මගකට හැරවීවට සමත් වනු නොඅනුමානයි.
එහි සිංහල පරිවර්තනයක් මෙහි පලවේ.