ලොව විශිෂ්ඨත්ම විශේෂ බලකායන්,,,
මෙම ලැයිස්තුව ආකරාදී අනුපිලිවෙලට සකසා ඇත
Brigade des Forces Spéciales Terre (Army Special Forces Brigade - France)
1997 දී පිහිටවනු ලැබූ ප්‍රංශ කොමාන්ඩෝ බලකාය 2001 වසරේදී ප්‍රතිසංවිධානය කරන ලද අතර දැන් එය හැඳින්වෙන්නේ ප්‍රංශ විශේෂ බලකා සේනාංකය ලෙසිනි. ප්‍රංශ යුධහමුදාවෙන් තෝරාගන්නා විශිෂ්ඨයින් අතලොස්සකට පමණක් එක්වීමට වරම් ලැබෙන මෙම විශේෂ බලකාය ලෝකයේ ඉතාමත්ම දුෂ්කර තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ ක්‍රමවේදය ඇති බලකායකි. මෙය යුරෝපා මහාද්වීපයේ (බ්‍රිතාන්‍යය හැර ) හොඳම සටන් සූදානම (combat readiness) ඇති විශේෂ බලකාය බවට පිලිගැනේ.
ප්‍රංශ විශේෂ බලකාය විශේෂිත අනුඛන්ඩ තුනකින් සමන්විතය.
1] Counter-terrorism and search and destroy missions Unit - ත්‍රස්ත මර්ධන මෙහෙයුම් හා සොයා විනාශකිරීමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද මෙම අනුඛන්ඩය කැලෑ සටන් කඳුකර ප්‍රදේශවල සටන් හා මුහුදින් ගොස් සතුරාට පහරදීමේ (amphibious) මෙහෙයුම් සඳහා පුහුණුව ලබා ඇත.
2] Long Range Reconnaissance Unit - ප්‍රංශ කොමාන්ඩෝ සේනාංකයේ දිගුදුර විහිදුම් මෙහෙයුම් භාරව සිටින මෙම අනුඛන්ඩයේ මූලික රාජකාරිය වන්නේ සතුරු රටවල් අභ්‍යන්තරයට ගොඩ බැස රහස් තොරතුරු රැස් කිරීමයි.
3] Transport & Logistics Unit - ලොව ඕනෑම ප්‍රදේශයකට භටකණ්ඩායම් යැවීම හා මෙහෙයුමෙන් පසු ආපසු රැගෙන යාම (insertion and extraction) මෙන්ම අවශ්‍ය සැපයුම් ලබාදීම සඳහා සඳහා ගුවන්, නාවික හා සබ්මැරීන පහසුකම් මෙම ඒකකය සතුව ඇත.
ප්‍රංශ විශේෂ බලකාය අප්‍රිකාවේ අයිවරි කෝස්ට් රාජ්‍යයේ, ඇෆ්ඝනිස්ථානයේ හා ඉතා මෑතකදී ලිබියාවේ මෙහෙයුම් සඳහා සහභාගීවී ඇත.
ලිබියාවේ මෙහෙයුම වලට සහභාගීවුනු ප්‍රංශ යුධහමුදා විශේෂ බලකා භටයින්
KSK කොමාන්ඩෝ බලකාය ජර්මන් යුධ හමුදාවේ සෑම අංශයකින්ම තෝරාගන්නා අති දක්ශ සෙබලුන්ගෙන් සමන්විතවේ. මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට SAS විශේෂ බළකායේ ආකෘතියට සංවිධානය කොට ඇති KSK බලකාය නේටෝ සංවිධානයේ මෙහෙයුම් ගණනාවකට සහභාවී වී ඇත. 1996දී පිහිටවනු ලැබූ මෙම බලකාය මේ වනවිට බොස්නියාවේ, කොසෝවෝ ප්‍රදේශයේ, රුසියාවේ හා ඇෆ්ඝනිස්තානයේ මෙහෙයුම් වලට සක්‍රියව දායකවී ඇති බව පැවසේ.
KSK බලකාය භට කණ්ඩායම් (company) 4කින් සමන්විත වන අතර එක් භටකණ්ඩායමක සියයක පමණ සෙබලුන් පිරිසක් සිටී. මේ එක් භටකණ්ඩායමක් විශේෂිත ප්ලැටූන 5කට බෙදා ඇත.
1වැනි ප්ලැටූනය : සතුරු ප්‍රදේශයට ගොඩබිම හරහා කොමන්ඩෝ භටයින් රහසින් ඇතුලු කිරීමේ (land insertions) විශේෂඥ පුහුණුව ඇත.
2වැනි ප්ලැටූනය : ඔත්තු සේවා හා ගුවනින් භටයින් සතුරු ප්‍රදේශවලට ඇතුලු කිරීමේ (intelligence gathering and airborne operations) විශේෂඥ පුහුණුව ඇත.
3වැනි ප්ලැටූනය : දිය මතින් පැමිණ ප්‍රහාර එල්ල කිරීමේ (ජලාශ්‍රිත මෙහෙයුම්) (amphibious operations) විශේෂඥ පුහුණුව ඇත.
4වැනි ප්ලැටූනය : ධ්රැව ආශ්රිත (polar regions) අධික ශීතල ඇති ප්‍රදේශ හා දුශ්කර කඳුකර ප්‍රදේශවල මෙහෙයුම සඳහා විශේෂඥ පුහුණුව ලබා ඇත.
5 වැනි ප්ලැටූනය : දිගුදුර පෙරික්සුම් මෙහෙයුම් (long range reconnaissance) හා ඉලක්කයට වෙඩිතැබීමේ (sniper) විශේෂඥ පුහුණුව ඇති ප්ලැටූනය
කැලෑ සටන්වලට සන්නද්ධවූ KSK කොමාන්ඩෝ සෙබළෙක්
නගරාශ්‍රිත ත්‍රස්ත මර්ධන මෙහෙයුමක් (urban anti-terror mission) සඳහා සූදානම් වුනු KSK කොමාන්ඩෝ සෙබලෙකු
ජලාශ්‍රිත මෙහෙයුමක (amphibious operation) නිරතවන KSK කොමාන්ඩෝ සෙබළෙක්
ඇෆ්ඝනිස්ථානයේ යුධ මෙහෙයුම්වලට සක්‍රියව දායක වුනු ජර්මන් කොමාන්ඩෝ භට පිරිස්
මෙම ලැයිස්තුව ආකරාදී අනුපිලිවෙලට සකසා ඇත
Brigade des Forces Spéciales Terre (Army Special Forces Brigade - France)
1997 දී පිහිටවනු ලැබූ ප්‍රංශ කොමාන්ඩෝ බලකාය 2001 වසරේදී ප්‍රතිසංවිධානය කරන ලද අතර දැන් එය හැඳින්වෙන්නේ ප්‍රංශ විශේෂ බලකා සේනාංකය ලෙසිනි. ප්‍රංශ යුධහමුදාවෙන් තෝරාගන්නා විශිෂ්ඨයින් අතලොස්සකට පමණක් එක්වීමට වරම් ලැබෙන මෙම විශේෂ බලකාය ලෝකයේ ඉතාමත්ම දුෂ්කර තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ ක්‍රමවේදය ඇති බලකායකි. මෙය යුරෝපා මහාද්වීපයේ (බ්‍රිතාන්‍යය හැර ) හොඳම සටන් සූදානම (combat readiness) ඇති විශේෂ බලකාය බවට පිලිගැනේ.
ප්‍රංශ විශේෂ බලකාය විශේෂිත අනුඛන්ඩ තුනකින් සමන්විතය.
1] Counter-terrorism and search and destroy missions Unit - ත්‍රස්ත මර්ධන මෙහෙයුම් හා සොයා විනාශකිරීමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද මෙම අනුඛන්ඩය කැලෑ සටන් කඳුකර ප්‍රදේශවල සටන් හා මුහුදින් ගොස් සතුරාට පහරදීමේ (amphibious) මෙහෙයුම් සඳහා පුහුණුව ලබා ඇත.
2] Long Range Reconnaissance Unit - ප්‍රංශ කොමාන්ඩෝ සේනාංකයේ දිගුදුර විහිදුම් මෙහෙයුම් භාරව සිටින මෙම අනුඛන්ඩයේ මූලික රාජකාරිය වන්නේ සතුරු රටවල් අභ්‍යන්තරයට ගොඩ බැස රහස් තොරතුරු රැස් කිරීමයි.
3] Transport & Logistics Unit - ලොව ඕනෑම ප්‍රදේශයකට භටකණ්ඩායම් යැවීම හා මෙහෙයුමෙන් පසු ආපසු රැගෙන යාම (insertion and extraction) මෙන්ම අවශ්‍ය සැපයුම් ලබාදීම සඳහා සඳහා ගුවන්, නාවික හා සබ්මැරීන පහසුකම් මෙම ඒකකය සතුව ඇත.
ප්‍රංශ විශේෂ බලකාය අප්‍රිකාවේ අයිවරි කෝස්ට් රාජ්‍යයේ, ඇෆ්ඝනිස්ථානයේ හා ඉතා මෑතකදී ලිබියාවේ මෙහෙයුම් සඳහා සහභාගීවී ඇත.
ලිබියාවේ මෙහෙයුම වලට සහභාගීවුනු ප්‍රංශ යුධහමුදා විශේෂ බලකා භටයින්
Kommando Spezialkräfte (Army Special Forces Command - Germany )
KSK කොමාන්ඩෝ බලකාය ජර්මන් යුධ හමුදාවේ සෑම අංශයකින්ම තෝරාගන්නා අති දක්ශ සෙබලුන්ගෙන් සමන්විතවේ. මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට SAS විශේෂ බළකායේ ආකෘතියට සංවිධානය කොට ඇති KSK බලකාය නේටෝ සංවිධානයේ මෙහෙයුම් ගණනාවකට සහභාවී වී ඇත. 1996දී පිහිටවනු ලැබූ මෙම බලකාය මේ වනවිට බොස්නියාවේ, කොසෝවෝ ප්‍රදේශයේ, රුසියාවේ හා ඇෆ්ඝනිස්තානයේ මෙහෙයුම් වලට සක්‍රියව දායකවී ඇති බව පැවසේ.
KSK බලකාය භට කණ්ඩායම් (company) 4කින් සමන්විත වන අතර එක් භටකණ්ඩායමක සියයක පමණ සෙබලුන් පිරිසක් සිටී. මේ එක් භටකණ්ඩායමක් විශේෂිත ප්ලැටූන 5කට බෙදා ඇත.
1වැනි ප්ලැටූනය : සතුරු ප්‍රදේශයට ගොඩබිම හරහා කොමන්ඩෝ භටයින් රහසින් ඇතුලු කිරීමේ (land insertions) විශේෂඥ පුහුණුව ඇත.
2වැනි ප්ලැටූනය : ඔත්තු සේවා හා ගුවනින් භටයින් සතුරු ප්‍රදේශවලට ඇතුලු කිරීමේ (intelligence gathering and airborne operations) විශේෂඥ පුහුණුව ඇත.
3වැනි ප්ලැටූනය : දිය මතින් පැමිණ ප්‍රහාර එල්ල කිරීමේ (ජලාශ්‍රිත මෙහෙයුම්) (amphibious operations) විශේෂඥ පුහුණුව ඇත.
4වැනි ප්ලැටූනය : ධ්රැව ආශ්රිත (polar regions) අධික ශීතල ඇති ප්‍රදේශ හා දුශ්කර කඳුකර ප්‍රදේශවල මෙහෙයුම සඳහා විශේෂඥ පුහුණුව ලබා ඇත.
5 වැනි ප්ලැටූනය : දිගුදුර පෙරික්සුම් මෙහෙයුම් (long range reconnaissance) හා ඉලක්කයට වෙඩිතැබීමේ (sniper) විශේෂඥ පුහුණුව ඇති ප්ලැටූනය
කැලෑ සටන්වලට සන්නද්ධවූ KSK කොමාන්ඩෝ සෙබළෙක්
නගරාශ්‍රිත ත්‍රස්ත මර්ධන මෙහෙයුමක් (urban anti-terror mission) සඳහා සූදානම් වුනු KSK කොමාන්ඩෝ සෙබලෙකු
ජලාශ්‍රිත මෙහෙයුමක (amphibious operation) නිරතවන KSK කොමාන්ඩෝ සෙබළෙක් ඇෆ්ඝනිස්ථානයේ යුධ මෙහෙයුම්වලට සක්‍රියව දායක වුනු ජර්මන් කොමාන්ඩෝ භට පිරිස්