ලොව වේගවත්ම මෝටර් රථය BYD සමාගමෙන් (Video)

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    BYD සමාගමෙන් නිශ්පාදනය කරන Yangwang U9 Extreme ඉලෙක්ට්‍රික් මෝටර් රථය නව ලෝක වාර්තාවක් පිහිටුවන්න සමත් වෙලා තියෙනවා...
    ඒ Bugatti Chiron, SSC Tuatara සහ Koeinigsegg Agera RS වැනි මෝටර් රථ පහළට ඇද දමමින්...
    විශේෂත්වය වන්නේ Yangwang U9 මෝටර් රථය විසින් ලොව වේගවත්ම Production car එක විදියට වාර්තා පොත් අලුත් කරන්නේ අනිකුත් සියලුම ෆොසිල ඉන්ධන මගින් දහනය වන රථ පහළට ඇද දැමීම නිසා...
    ඒ වගේම මේක චීනයේ නිෂ්පාදනයක්.වර්තමානයේ ජනප්‍රිය විදුලි මෝටර් රථ නිශ්පාදනය කරන BYD සමාගම මව් සමාගම විදියට කටයුතු කරනවා.
    Yangwang U9 Extreme හි වාර්තාගත උපරිම වේගය පැයට කිලෝමීටර් 496.22 km/h අගයක්...ඒ One way run එකකින්..
    මීට පෙර එම වාර්තාවට හිමිකම් කී production car එක වුනේ SSC Tuatara මෝටර් රථය..එහි වේගය 474.8 km/h.
    ඇත්තටම Bugatti Chiron Super Sport 300+ රථය 2019 වසරේදී 490.5 kmph වේගයක් අත්කරගත්තා One way run එකකින්..
    2014 දී Hennessey Venom GT රථයත් One way run එකකින් තමයි 435.3 kmph ගත්තේ...
    මේ One way, Two way Run කියන්නේ ටෙස්ට් කරද්දී එක් Track එකේ එක් දිශාවකට ද, දිශා දෙකකට ද ධාවනය කළේ කියන එකට...
    සාමාන්‍යෙන් FIA සහ ගිනස් වාර්ථා අනුව ලෝකයේ වේගවත්ම කාරය විදියට සලකන්න නම් Two Way Run එකක් කරලා සාමාන්‍ය ගන්න ඕන.. Bugatti Chiron එකත් 2 Way Run එකක් කළේ නැහැ
    කොහොම වුනත් මීට කලින් පැයට කිලෝමීටර් 400+ ඉක්මවූ Electric Hyper Cars තිබුණා.. ඒ අතර Rimac Nevara R (431.45 kmph) සහ Aspark Owl SP 600 (438.7 kmph) කැපී පෙනුනා..
    Yangwang U9 Extreme රථයේ වාර්තාව ගැන කතා කරොත් මේ රථයට Quad Motor සෙටප් එකකින් අශ්වබල 2,977 hp ක් සපයලා දෙනවා..
    ඒ වගේම පැයට කිලෝමීටර් 100 (0-100 km/h) ළඟා වන්න ගත වන්නේ තප්පර 1.9 ක් පමණයි
    බර 2,480 kg
    80 kWh ලිතියම් අයන් ෆොස්ඵෙට් (LFP) බ්ලේඩ් බැටරියක් තියනවා ඒ වගේම, 500 kW DC ෆාස්ට් චාජින් සපෝර්ටින් එකක් තියෙනවා..30% සිට 80% දක්වා ආරෝපණය වීම මිනිත්තු 10 කින් සිදුවන බව තමයි කියන්නේ නම්..
    සාමාන්‍ය තත්ව යටතේ එක් ආරෝපණ කාලයකින් 450 km ගමන් කරන්න පුළුවන් කියලා ඒ ගොල්ලෝ කියනව..
    මේ ටෙස්ට් ඒක කරන්නේ Nürburgring Nordschleife ට්‍රැක් එකේදී..එතකොට සම්පූර්ණ Lap Time එක මිනිත්තු 6 තප්පර 59.157 කින් ඉවර කරන්න මෙම විදුලි රථයට හැකිවෙලා තියනවා... ඒක EV රථ වලට අලුත් නව වාර්තාවක්...
    මොකද Nürburgring Nordschleife ට්‍රැක් එක ඉතා අසීරු ධාවන පථයක්...20.832 km දිගින් යුතු ධාවන පථයක් වන මෙහි වන්ගු 150 ක් විතර තියෙනවා, ඒ වගේම මෙහි උස මට්ටම් මීටර් 300 දක්වා වෙනස් වන ස්ථානයන් පවා තියෙනවා...
    සාමාන්‍යෙන් IC එන්ජින් සහිත Super Car එකක් වුණත්, වෙනත් Hyper Car එකක් වුණත් මෙහි Lap Record එක තියෙන්න මිනිත්තු 6 සිට 7 දක්වා කාලයක් ගන්නවා..
    මේ වාර්තාවන් නිරවද්‍යයි කියලා ජර්මනියේ ATP Automotive Testing Papenburg track එකේදී තහවුරු කළා...
    ඒ වගේම 2020 දී SSC Tuara රථය One way run එකකදී 508 km/h අත්කරගත්තා කියලා වාර්තා වුණත් පස්සේ එහි තාක්ෂණික වශයෙන් සිදු වූ දෝෂ නිසා සටහන් වීමක් කියලා වාර්තා වුණා..කොහොම වුනත් එම රථයට තියරිටිකලි 500+ km/h අභිබවා යන්න පුළුවන් කියලා තමයි සාමාන්‍යෙන් කියන්නේ..
    Yangwang U9 Extreme රථ යුනිට් 30 ක් තමයි නිශ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ..
    අපි බලමු Yangwang U9 Extreme රථය අභිබවා යන්න පුළුවන් වෙන මීළඟ රථය මොකක් වෙයිද කියලා...

     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,880
    3,382
    113
    උන්ගෙ මෙච්චර technologies up වෙනවා. අපේ උන් ජපන් ජපන් ජපන්
    tawa tika dawasak giyama oka hariyayi ban. Den kohomat electric car gattu un sahenna innawa neh. Un owa use karala car wedi weddi minissunge ideas wenas wewi. Oya katandare godakma kiyanne Japanese imports karana un. Mama langadi Vezel ekakuyi BYD sealion ekakuyi balanna giya. Driving experience eka beluwama nam gewana gaanata Vezel ekata wada sealion eka nam sahenna hondai. Sealion ekat ekka compare karama nam Vezel eka 5-10 years behind wage danenne.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,662
    8,882
    113
    kandy
    images


    ඒ උනාට මෙහෙමයි බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා . . . . .. . :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG