ලොව සරාගීම ක්‍රිකට් ක්‍රීඩිකාව..
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹීමත් සමග විවිධ රටවල්වල තරුණියන් ක්‍රිකට් පිටියේ සුප්‍රසිද්ධ චරිත බවට පත්වන්නට විය. ඒ අතර ඇතැම් තරුණියන් සුරූපිණියන් වීම නිසා ඔවුන්ගේ දක්ෂතා වලට මෙන්ම රූපයට ක්‍රීඩාලොව තුල ප්‍රසිද්ධියක් ලැබීම සිදුවිය.
Reckontalk සඟරාව සිදුකරන ලද පාඨක සමීක්ෂණයකට අනුව ලොව සරාගීම ක්‍රිකට් ක්‍රීඩිකාවන් 15 දෙනෙක් නම් කෙරුණු අතර එම ලයිස්තුවේ ඉහළම ස්ථානය හිමිවුණේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ එලීයීස් පෙරී ටය. සුරූපී පෙනුම සහ මනබන්ධන සිනහව හේතුවෙන් පෙරී ක්‍රිකට් ලොව සරාගීම යුවතිය බව බොහෝ දෙනාගේ තේරීම විය.
තවමත් 27 වියෙහි පසුවන පෙරී ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩිකාවකි. ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් වරම් ලද ලාබාලතම ක්‍රීඩිකාව වන පෙරී මුලින්ම ක්‍රීඩාකරන විට 17 වැනි වියෙහි පසුවිය. මේ වනවිට එක්දින තරඟ 95 කදී ලකුණු 2540ක් ලබාසිටින්නේ අර්ධ ශතක 25ක් ද සමගින්ය පන්දු යැවීමෙන් ඇය කඩුලු 130ක් බිඳදමා ඇත. විස්සයි විස්ස තරඟ 90කදි ලකුණු 875ක් ලබාසිටින ඇය පන්දුවෙන් කඩුලු 84ක් ලබා ඇත. ටෙස්ට් තරඟ 7කට ද මුහුණ දී ඇති අයගේ හොඳම ඉනිම නොදැවී ලකුණු 213ක් වාර්තා කිරීමය.
නිරතුරුවම තරුණයන්ගේ ආකර්ශණය හිමිවන පෙරී ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව නිරූපණ ක්ෂේත්‍රයේද නිරතවෙමින්න සිටියි. කොතරම් අව්රශ්මියක ක්‍රීඩාකලද නිරතුරුවම තමන්ගේ රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බව පෙරී මාධ්‍ය වෙත පවසා ඇත. පසුගිය කාන්තා ලෝක කුසලාන තරඟාවලියේදී ඇය තරුණයන් අතර ජනප්‍රියම ක්‍රීඩිකාව බවටද පත්විය.
උපුටා ගැනීම - www.her.lk