ලොව සරාගීම ගෝල්ෆ් ක්‍රීඩිකාව..
ගෝල්ෆ් ක්‍රීඩාව ලෝකයේ බොහොම සුප්‍රසිද්ධ ක්‍රීඩාවක් වගේම ඉතා විශාල මුදලක් සංසරණය වන ක්‍රීඩාවක්.ලොව පුරා අති බහුතරයක් රටවල් ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙනවා.
ජාත්‍යන්තර ගෝල්ෆ් පිටියේ අතීතයේ සිටම දස්කම් දැක්වූ කාන්තා බොහාමයක් සිටිනවා. අපි මේ කතාකරන්නේ දැනට ගෝල්ෆ් පිටියේ ක්‍රීඩාකරන දක්ෂ වගේම සරාගීම ගෝල්ෆ් ක්‍රීඩිකාව ගැනයි. ගෝල්ෆ් ක්‍රීඩා රසිකයන් අතරේ අන්තර්ජාලය හරහා සිදුකරනු ලැබූ මත විමසීමකින් තමයි මේ ක්‍රීඩිකාව නම් කරනු ලැබුවේ.
ඇය නමින් බ්ලේයාර් ඕනෙල්, ඇය උපදින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉල් නොයිස් ප්‍රදේශයේ. කුඩා කාලයේම ඉතා උනන්දුවෙන් පුංචි ගෝල්ෆ් පිත්තකින් ක්‍රීඩා කිරීම ආරම්භකරපු ඇය ඉතා කෙටි කලකින් ඇමරිකාවේ දක්ෂතම ක්‍රීඩිකාවන් කීපදෙනා අතරට එන්නට සමත්වුණා.
ගෝල්ෆ් ක්‍රීඩාව එක්ක කොතරම් කාර්යබහුල වුනත් ඇය අදවනවිට ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. ඇය ඉගනීම පැත්තෙන්ද විශාල දක්ෂතාවයක් දක්වනවා වගේම ගෝල්ෆ් ක්‍රීඩාව ගැන ඉතා හොඳින් හදාරා ඇති තරුණියක්.
කෝබ්‍රා කින්ග් ගෝල්ෆ් කණ්ඩායම වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් සිදුකරපු බ්ලෙයාර් ඩොමිනිකන් එම්.වී.පී කුසලානය ජයග්‍රහණය කරමින් මුල්ම වතාවට ලෝක අවධානය දිනාගන්න සමත්වුණා. ක්‍රීඩාවට වගේම රූපලාවන්‍ය ගැනත් ඇය සෑහෙන්න උනන්දුයි.
ඇයගේ සුන්දර සහ සරාගී රූපය නිසා ඇය අදවනවිට ඇමරිකානු ගෝල්ෆ් සන්නම් නාමයක් බවට මෙන්ම මෝස්තර නිරූපිකාවක් බවට පත්වී තිබෙනවා. කාන්තා ගෝල්ෆ් ක්‍රීඩා ඇඳුම් සහ ආම්පන්න දැන්වීම්වල ඇය හුරුපුරුදු චරිතයක්.
ඉතාම සරාගී ඇඳුම් වලින් සැරසී ඡායාරූපවලට පෙනී සිටින බ්ලෙයාර් සමාජ ජාලවල වැඩි අවධානය දිනාගත් ගෝල්ෆ් තාරකාවියක්. 2014 සිට ජාත්‍යන්තර තරඟකාරී ගෝල්ෆ් තරඟවලට සහභාගීවීමෙන් ඉවත්වුණු ඇය වැඩි කාලයක් ගෝල්ෆ් චැනල් සහ වෙනත් රියලිටි වැඩසටහන් වලට සහභාගීවීමට තීරණය කලා.
උපුටා ගැනීම - www.her.lk