ලොව වඩාත්ම ගෞරවණීය, රස බැලීම මත පමණක් විනිශ්චය කරන මත්පැන් තරඟාවලියක් වන 2025 Concours Mondial de Bruxelles හිදී, Colombo No.7 Ration Navy Dry Gin එක Revelation Gin Trophy Winner ලෙසින් කිරුළු පැළඳුවා. ඒ අනුව, එය නිල වශයෙන් ලෝකයේ හොඳම ජින් ලෙසින් පිළිගැනීමට ලක් වුණා.
රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (Rockland Distilleries) විසින් නිපදවන Colombo No.7 හි වට්ටෝරුව දෙවන ලෝක යුද්ධය දක්වා දිව යනවා. එහිදී කුරුඳු, කරපිංචා, ඉඟුරු, කොත්තමල්ලි සහ ජුනිපර් වැනි ශ්‍රී ලාංකේය පැළෑටි සහ කුළුබඩු මිශ්‍රණයක් මඟින් මේ ස්ප්‍රීතුවට සුවිශේෂී ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ලැබී තිබුණා.
අද වන විට, එම කුළුබඩු සුවඳින් පිරුණු, ප්‍රබල උරුමයම ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.
විනිසුරුවන් විසින් එහි ඇති සමතුලිත රසය අගය කර තිබුණා:
"එය වියළි, කුළුබඩු සහිත, සහ ප්‍රබෝධමත් දිගු රසයක් අවසානයේ තියෙනවා. එහි කළු ගම්මිරිස්, දෙහි (citrus) සහ කරපිංචා වල රසයන් කැපී පෙනෙනවා."
මෙය, සෑම උගුරකින්ම ශ්‍රී ලංකාවේ උණුසුම සහ රසය ග්‍රහණය කර ගන්නා ජින් වර්ගයක්.
Colombo No.7 සමඟ, ප්‍රංශය, ජපානය, ස්වීඩනය, සහ වෙනිසියුලාව වැනි රටවලින් පැමිණි ජින් වර්ග ද ඉහළ දස්කම් දැක්වූවා. ඒ අනුව, ලෝකයේ ජින් ක්ෂේත්‍රය පෙරට වඩා විවිධත්වයකින් යුක්ත බව ඔප්පු වෙනවා.
නමුත් ඒ සියල්ල අතරින් වඩාත්ම බැබළුණේ ශ්‍රී ලංකාවේ ජින් වර්ගයයි.
ඉතිං ඊලග සැරේ ෆොරින් ලිකර් එකක් බොන සල්ලි වලින් දේශිය ජින් එකක් බීලා බලමුද?
මිල - LKR 15,400.00
මූලාශ්‍රය: ෆෝබ්ස් නිල වෙබ් අඩවිය
Last edited:
