ලොව_දැවැන්තම සාප්පු සංකීර්ණය මෙන්න

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    ලොව_දැවැන්තම සාප්පු සංකීර්ණය මෙන්න

    උණුසුම පාලනය කරන නගරයක ඉදිවන ලොව දැවැන්තම සාප්පු සංකීර්ණය මෙන්න



    වර්ග අඩි මිලියන 08 ක ඉඩ පහසුකම් සහිත ලෝකයේ විශාලතම සාප්පු සංකීර්ණය ඩුබායිහි ගොඩ නැගීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය සූදානම් වනබව අනාවරණය වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උණුසුම පාලනය කළ හැකිලෙස ඉදිකරන දැවැන්ත නගරයක “Mall of The World“ යනුවෙන් හඳුන්වන මෙම සාප්පු සංකීර්ණය ඉදිකරන බවයි.

    මෙම සමස්ත ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි මිලියන 48 ක ඉදිකිරීම් කෙරෙන අතර එයට හෝටල් 100 ක්, සිනමාශාලා, තේමා උද්‍යානයක්, සංචාරක වෛද්‍ය පහසුකම් යන ඒවාද ඇතුළත් වනබව සඳහන්ය.

    මෙම ව්‍යාපෘතිය නිම කිරීමට යන සමස්ත වියදම හෝ ව්‍යාපෘතිය අවසන් කරන දිනය තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

    මෙම සංචාරක පුරවරය සඳහා වසරකට සංචාරකයින් මිලියන 180 ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබේ.








    adaderana​
     
    • Like
    Reactions: gangst3r.93

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    ඔ‍ටු තෙල් බලේ

    මොනා උනත් උන් තමන්ගේ රටට වැඩක් කරනවනේ මුළු ලෝකෙම පුදුම කර කර....ඒකට ලංකාවේ උන්..තියෙන දේ හූරන්කාලා ණයට සල්ලි ඉල්ලගෙන පාරවල් ගහනවා ඊට පස්සේ ඒවා පෙන්න පෙන්න චන්දෙ හිගාකනවා:lol::lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොනා උනත් උන් තමන්ගේ රටට වැඩක් කරනවනේ..ඒකට ලංකාවේ උන්..තියෙන දේ හූරන්කාලා ණයට සල්ලි ඉල්ලගෙන පාරවල් ගහනවා ඊට පස්සේ ඒවා පෙන්න පෙන්න චන්දෙ හිගාකනවා:lol::lol::lol:
    මහින්ද ලොක්ක කිව්ව නේද මොකක්ද ලිඳක් මතු උනා කියල..උක්කුං පුතාගෙ සැටලයිට් එක වගේ ඒකටත් වෙච්ච දෙයක් නෑ :baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    මහින්ද ලොක්ක කිව්ව නේද මොකක්ද ලිඳක් මතු උනා කියල..උක්කුං පුතාගෙ සැටලයිට් එක වගේ ඒකටත් වෙච්ච දෙයක් නෑ :baffled:

    :Dඒකත් හාරලා සල්ලි උක්කුන්ගේ account එකට දාලද දන්නේ නැහැ...:lol::lol:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :Dඒකත් හාරලා සල්ලි උක්කුන්ගේ account එකට දාලද දන්නේ නැහැ...:lol::lol:

    උක්කුං හදට යනකොට හාරපු ලිදෙන් ගත්ත ඒවලු පාවිච්චි කරන්නේ:nerd:
    එකයි සද්දයක් නැත්තේ:lol: