ලොව_වයස්ගතම_කාන්තාව
ලොව වයස්ගතම කාන්තාව බලත්ගමුවේ කිරි අම්මාද?
වයස අවුරුදු 116යි
ලෝකයේම ආදර සත්කාර ගෞරව ලබන්නට සුදුසු මවක් අප රටේ සුන්දර ගම්මානයක අප්රකටව ජීවත් වන්නීය.
ඇය ගැන කතා කළ යුතුව ඇත්තේ ජීවිතයේ අනේක වූ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී ජීවිතය ජයගත් කාන්තාවක් නිසා පමණක් නොව අප රටේ පුරවැසියෙකු සතු නෛතික වටිනාකමක් ඇති සහතිකයකට අනුව ඇය ලෝකයේ වයස්ගතම කාන්තාව වන නිසාය.
බලත්ගමුවේ කිරිඅම්මා ලෙස ප්‍රකට මාවනැල්ල කෙහෙල්පන්නල බලත්ගමුව ගම්මානයේ අංක 82 හි පදිංචිව සිටින අපුල්නලෑ උක්කු නමැති මේ මවගේ වයස අවුරුදු 116 කි.
ඇය සතු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ ජාතික හැඳුන්ම්පතට අනුව ඇය ඉපදී ඇත්තේ 1897 අගෝස්තු මස 22 වන දිනයි. එහි අංකය වී අත්තේ 977960037 ඍ ය.. ඒ අනුව ඇයගේ වයස අවුරුදු 116කි.
ජපානයේ එමෝන් කිමුරා
මෙතෙක් ලෝකයේ වයස්ගතම පුද්ගලයා යන විරුදාවලිය දරා සිටි ජපානයේ කියුතෝහි ජීවත් වූ ජිරෝ එමෝන් කිමුරා පසුගිය 12 දින මිය ගියේය.මිය යන විට ඔහු 116 වැනි වියේ පසුවිය. මිය යාමත් සමඟ ඊළඟට ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස මේ වන විට ඒ සඳහා නිල වශයෙන් උරුමකම් කියා ඇත්තේද ජපන් කාන්තාවකි. ඒත් ඇයගේ වයස අවුරුදු 115 කි.
ඒත් අපේ බලත්ගමුවේ කිරිඅම්මාගේ වයස අවුරුදු 116කි. එසේ නම් ලෝකයේ වයස්ගතම කාන්තාව ඇය නොවේද යන්න සොයා බැලීම කාහටත් වටිනා දෙයකි.
ඇයට දරුවන් අටදෙනෙකි. එයින් ඇයගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 85කට ආසන්න බව දරුවෝ පවසති.
මේ කිරිඅම්මා අද පරම්පරා තුනක දරු මුණුපුරන් දැක සිව්වන පරම්පරාව අබියස තවමත් දෙපා වාරුවෙන් දිවි ගෙවන්නීය.
ඇයගේ දරුවන් අතර පරතරය ද අද මෙන් වසරින් වසර නොව වසර 05කට ආසන්න කාලයකි. ඒ අනුව අපට මේ කතාව පැවසූ ඇයගේ මුණුපුරකු වන සුමිත් විජේවීරගේ පියාගේ වයස අවුරුදු 72කි. ඔහු මේ කිරිඅම්මාගේ සිව්වන පුතාය.
ගම්පොල හෙම්මාතගම හරහා මාවනැල්ල මාර්ගයේ ඇති අම්බුළුවාව කඳු පාමුල පිහිටි බලත්ගමුව සුන්දර ගම්මානයකි. ඉතා දුෂ්කර මාර්ගයක් මතින් අම්බුළුවාව කන්දෙන් පහලට විහිදී ඇති මාර්ගයේ ගිය පසු කන්ද අවසන් වන තැන පිහිටි තැනිතලා බිමෙහි ඇත්තේ මෙම සුන්දර ගම්මානයයි.
මේ කිරි අම්මාගේ දින චරියාවද ඉතා සරලය. වයසට යන විට නොයෙක් දේ පොදි බැඳ ගත්තද ඇයට ඒවා අවශ්‍ය නැත. ඇයගේ මිණිබිරියන් කියන පරිදි ඇයට අද ඇත්තේ චීත්ත කෑලි දෙකකි. ඒ නැති බැරි කමට නොව නිවෙසට පැමිණෙන බොහෝ කාන්තාවන්ට ඇය සතු බොහෝ දේ දීමට පුරුදුව සිටින නිසාවෙනි.
එමෙන්ම ඇයට යම් කෙනෙක් යමක් දෙනවානම් එයද දිය යුත්තේ මද වශයෙනි. කෑමක් හෝ මොනම දෙයක්වත් වැඩි ප්‍රමාණයක් දුන්නොත් ඇය ඒ ගැන අසතුටු වේ. ඒවා අනෙක් අයටත් දෙන්න යැයි කියයි.
ඇය බෙහෙත්වලටද අධික අකමැත්තක් දක්වයි. දරු මුණුපුරන් පවසන්නේ කිරිඅම්මාට කිසි දිනක උණක් හෙම්බිරිසාවක් හැරුණු කොට කිසිම බරපතළ රෝගී තත්ත්වයක් හට නොගත් බවයි. අධික වර්ෂාව නිසා ඇයට මද සෙම් ගතියක් තිබුණද එයටද බෙහෙත් ගැනීමට ඇය අකමැතිය.
ඇයට දිනපතා නෑමට අවශ්‍ය අතර අදටත් ඇය මුහුණ සේදීම කොණ්ඩය පීරීම, වැසිකිළි කැසිකිළි යාම තනිවම කරයි.
මේ කිරිඅම්මාගේ ස්වාමිපුරුෂයාද අවුරදු 111 ක් ජීවත්ව මිය ගිය බව දරු මුණුපුරෝ පවසති.
ඇය තරුණ කාලයේ වත්තේ පිටියේ හේනේ කුඹුරේ ඉතා වෙහෙස මහන්සිවී වැඩපල කොට පසුව ගේ දොර වැඩපොළද ඉතා සතුටින් කළ බව දරුවෝ පවසති.
මේ කිරිඅම්මාගේ දරුවන් අද වයෝවෘද්ධය, ඇයගේ වැඩිමහල් දියණිය මේ අම්මාට වඩා වයෝවෘද්ධ බවක් පෙන්වයි. ඔවුන්ගේ කෙස් කලඹවල් සුදුපැහැ ගැන්වී තිබුණද මැයගේ එසේ නොවීමද විශේෂත්වයකි.
ඇයගේ දරුවන්ට දරුවන් 31 කි.. ඒ ඇයගේ මුල් පරපුරේ මුණුපුරු මිණිපිරියන්ය. ඒ අයටද දරුවන් 44 දෙනෙකි. ඒ දෙවන පරපුරය. ඒ දරුවන්ටද අද දරුවන් සිටින අතර මේ කිරිඅම්මා ඔවුන්ද දැක ඇත.
කෙසේ නමුත් අපේ රටට සම්පතක් වූ මේ මව ගැන සොයා බැලිය යුතුය. අප රටේ 1800 වසර වල මිනිසුන්ට උප්පැන්න සහතික තිබුණේ නැත. ඔවුන්ට නිසි අධ්‍යාපනයක්ද ලැබී නැත. නමුත් එම කාලවල අපට ධෛර්යවන්ත මිනිසුන් බිහිව සිටියේය.
ගත්තෙ දිණමිනෙන්