ලෝකයේම බලවතුන් තැතිගැන්වූ Pegasus Hacking අවදානම

wijaindu

Well-known member
  • Sep 15, 2012
    576
    633
    93
    පසුගිය ඉරිදා වනවිට ලෝකය පුරා විසිරෙන මාධ්‍ය ආයතන ගණනාවක් තමන්ගේ උණුසුම් පුවත් මගින් හෙළිදරව් කරනු ලැබුවේ Pegasus නැමති Mobile App එක හරහා අදාල ජංගම දුරකතනවල ඇමතුම් තොරතුරු සොරාගෙන ඇති බවය. එනම් අදාල දුරකතන Hack වී ඇති බවය. මෙය ඊශ්‍රායලය මූලික කරගත් අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධ ආයතනයක් වන NSO මගින් නිපදවා ඇති බවත් හංගේරියාව, රුවන්ඩා සහ ඉන්දියාව වැනි රටවල්වල ආණ්ඩු විසින් එය මිලට ගෙන ඇති බවත් තොරතුරු හෙළිකරනු ලැබීය. අදාල රජයන් විසින් මෙකී Spyware tool එක භාවිතාකර තෝරාගත් පුද්ගලයන්ගේ දුරකතන ඇමතුම්වල තොරතුරු සොරාගෙන ඇති බවත් වාර්තා විය. ඒ අතර වසර තුනකට පෙර ඝාතනයට ලක්වූ සෞදි අරාබියානු ජනමාධ්‍යවේදී Jamal Khashoggi පවුලේ සාමාජිකයන්ගේ දුරකතනද වන බව දැනගන්නට ලැබේ.

    ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සහ පැරිස් නුවර මූලික කරගත් ස්වේච්ඡා සංවිධානයක් වන Forbidden Stories විසින් මෙලෙස Pegasus Spyware එක මගින් දත්ත සොරකමට භාජනය වුණු පුද්ගලයින්ගේ ලයිස්තුවක් මාධ්‍යයට නිකුත් කිරීමත් සමග මේ තත්වය තවත් උණුසුම් විය. විශේෂයෙන්ම මෙකී ලයිස්තුවේ තිබුණු දුරකතන අංක අතර ප්‍රකට ජනමාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසකගේ අංක ඇතුලත්වී තිබිණි. ඒ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ අංකයද ඇතුලත්වීම නිසා මෙය බොහොමයක් ලෝක නායකයන් භීතියට පත්කරන සිදුවීමක් බවට වේගයෙන් පරිවර්තනය වීය. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් අදාල ලයිස්තුවේ අන්තර්ගත පුද්ගලයන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ජංගම දුරකතන සියුම් ස්වාධීන තාක්ෂණික පරික්ෂාවකට ලක්කර ඇති අතර එහිදී අදාල දුරකතනවල දත්ත සොරකම් කිරීම හෝ සොරකම් කිරීමට උත්සහ දරා ඇති බවට සාක්ෂි සහිතව සොයාගෙන ඇත. අදාල දුරකතන සහ අනෙකුත් උපාංග අතරින් බොහොමයක් ඇපල් සමාගම විසින් නිෂ්පාදිත iphones බවටද ඔවුන් නිවේදනය කර ඇත.

    මොකක්ද මේ Pegasus?

    Pegasus යනු ඊශ්‍රායලයේ අන්තර්ජාල ආරක්ෂණය මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් වන NSO මගින් නිපදවා ඇති Spyware ගණයට අයත් ජංගම දුරකතන යෙදවුමක් වන අතර, අදාල සමාගම විසින් එය විවිධ ගනුදෙනුකරුවන්ට අලෙවිකර තිබේ. ඒ ගනුදෙනුකරුවන් අතරේ විවිධ රටවල රජයන් ද වන අතර ප්‍රධාන වශයෙන්ම අදාල රජයන් විසින් එය මිලට ගැනීමට හේතු ලෙස දක්වා ඇත්තේ ත්‍රස්තවාදී තර්ජන සහ අපරාධ සම්බන්ධ විමර්ශණ සිදුකිරීම සඳහා බවය.

    මෙම Pegasus Spyware එකට අදාල ජංගම දුරකතනයේ Messaging apps හරහා ඇතුල්වීමට හැකි අතර බොහෝවිට iMessage හෝ Whatsapp ඒ සඳහා භාවිතා කර ඇති බවට තොරතුරු ලැබෙමින් පවතී. මෙම යෙදවුමට පරිගණක ජාල තුලට පවා පිවිසීමට හැකි අතර බොහෝවිට ජංගම දුරකතන තුල රහසිගතව ඇතුලත්වී ඒ තුල රැඳෙමින් අවශ්‍ය දත්ත එම උපකරණයෙන් පිටතට එවීමට හැකියාව ඇති ransomware එකක් ලෙසද ක්‍රියාකල හැකි බව සඳහන් වේ.

    මෙහි ඉතා භයානකම තත්වය වන්නේ මෙකී Pegasus Spyware එක නිපදවා ඇත්තේ ඉතා දියුණු නවීන ක්‍රම භාවිතයෙන් වීම නිසා එයට ඉතා සූක්ෂමව අදාල දුරකතනය තුලට රිංගා ගැනීමෙන් අනතුරුව එහි ඇති කෙටි පණිවිඩ, ඊමෙල් කියවීමට හැකියාව ඇති අතරම දුරකතන ඇමතුම්වලට සවන්දීම, දුරකතනය ඇති ස්ථානය හඳුනාගැනීම පමණක් නොව අවශ්‍ය ඕනෑම අවස්ථාවක එකී දුරකතනයේ කැමරාව, මයික්‍රෆෝනය වැනි අංග ක්‍රියාත්මක කර අවශ්‍ය දත්ත සොරාගත හැකිවීමය.

    ඉලක්කය කවුරුන්ද?

    ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ Forbidden Stories සංවිධානය විසින් නිකුත්කල ලේඛනයේ දුරකතන අංක 50,000 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර එම අංකවල හිමිකරුවන් සොයාබැලීමේදී බොහෝමයක් ලෝක බලවතුන්, දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන්ගේ අංක ඒ තුල තිබීම අනුව මෙය ඉතා සැලසුම් සහගතව සහ සංවිධානාත්මකව සිදුකරන ලද දත්ත සොරකමක් බව පැහැදිලිය. එකී ලයිස්තුවේ රොයිටර්, නිව්යෝර්ක් ටයිම්ස්, ද ගාර්ඩියන් වැනි ලෝක ප්‍රකට පුවත් ඒජන්සිවල සේවයේ යෙදෙන සුප්‍රකට ජනමාධ්‍යවේදීන්ගේ අංකද ඇතුලත්වීම නිසා මෙය ලෝක දේශපාලනඥයින් පමණක් නොව ජනමාධ්‍ය ආයතනද තැතිගැන්මට ලක්වන සිදුවීමක් බවට පත්ව තිබේ.

    ‘ඇපල් සමාගම දැනගන්න ඕන Pegasus වගේ යෙදවුම් බ්ලොක් කරලා දාන්න පුළුවන් විදිහට ඔවුන්ගේ දුරකතන මෙහෙයුම් පද්ධතිය හදන්න..මට යම්කිසි සැකයක් තියනවා..එක්කෝ ඇපල් සමාගමට ඒ වැරැද්ද හදන්න බෑ.. නැත්නම් ඔවුන් හිතාමතාම ඒ වැරැද්ද නිවැරදි කිරීමෙන් වැලකී හිටියා..’ එලෙස අදහස් පලකරන්නේ ඉන්දියාවේ සුප්‍රකට ගවේශණාත්මක මාධ්‍යවේදිනියක් වන Swati Chathurvedi. ඇයගේ දුරකතනයද Pegasus මගින් හැක්වූ ලයිස්තුවේ තිබීම සමග ඇය මේ ප්‍රකාශය කරන්නේ ඉතා ආවේගශීලීවයි.

    ඔබේ Smart Phone එකටත් අවදානමක් තිබේද?

    වර්ධනය වෙමින් පවතින දැඩි විරෝධය සහ චෝදනා හමුවේ Pegasus නිර්මාණකරුවන් වන NSO සමාගම කියා සිටින්නේ තම සමාගම මෙකී යෙදවුම අලෙවිකරනු ලැබුවේ අපරාධකරුවන් සහ ත්‍රස්තවාදීන් සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා වගකීමකින් යුතුව ක්‍රියාත්මකවන ආණ්ඩුවලට බවත්, යම් හෙයකින් ඔවුන් එය වැරදි ලෙස භාවිතාකර ඇති නම් තම ආයතනය එය වහාම නතර කිරීමට ක්‍රියාත්මක වන බවත් ය. තම ආයතනයේ අරමුණු අන්තර්ජාල ආරක්ෂණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම මිස දත්ත සොරකමේ නිරතවීම නොවන බවද NSO සඳහන් කර ඇත.

    ලොව පුරා බිලියනයකට අධික පිරිසක් ඇපල් iphones භාවිතා කරන අතර මෙකී සිදුවීම නිසා අදාල පුද්ගලයන් ඇතැම්විට බියට පත්විය හැකි නිසා මේ සම්බන්ධව තාක්ෂණික උපදේශකයන් අදහස් ප්‍රකාශකර තිබේ.

    ‘මේකෙන් කියන්න බෑ හැමෝගෙම අයි ෆෝන් වලට Pegasus ඇතුල්වෙලා දත්ත සොරකම් කරලා කියලා. හැබැයි මේකෙන් ඔප්පුවෙන එකම දේ තමයි තාක්ෂණය කොතරම් දියුණුවුනත් එය තාමත් සීයට සීයක් ආරක්ෂා සහිතයි කියලා කියන්න බෑ කියන එක. එහෙමයි කියලා ඔබේ ඇපල් දුරකතනය පැත්තකට විසිකරලා ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් මිලට අරගෙන පාවිච්චි කලා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑ..මොකද ඇපල් වලටත් කලින් ඇන්ඩ්‍රොයිඩ් මේ වගේ දත්ත හොරකම් කරන යෙදවුම්වල ගොදුරක්වෙලා තියන නිසා..’

    මේ Pegasus සම්බන්ධ ප්‍රශ්නය නිසා ඇපල් සමාගමටත් බරපතල ගැටළුවක් වී ඇති අතර ඔවුන්ගේ වෙළඳපොල කොටස සහ ඇපල් උපාංග අලෙවියට මෙයින් බලපෑමක් සිදුවිය හැකි බවට ඇතැම් පාර්ශව පුරෝකථනය කරනවා. ඒ නිසාම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කල ඇපල් සමාගම කියා සිටින්නේ තම සමාගම ඉතා දීර්ඝ කාලයක් තිස්සේ උපාංගවල සහ දත්තවල ආරක්ෂාව වෙනුවෙන් කැපවන සහ ඉතා උසස් ගුණත්වයෙන් යුතු නිෂ්පාදන ඉදිරිපත් කරන සාමගමක් බවත්, මෙකී Pegasus යනු අන්තර්ජාල ආරක්ෂාවට කෙටි කාලීන තර්ජනයක් බවත් ඉතා ඉක්මණින් එය නිවැරදි කිරීමට තම ආයතනය කටයුතු කරන බව මෙන්ම මේ තර්ජනය අති බහුතරයක් ඇපල් දුරකතන සහ උපාංග භාවිතා කරන්නන්ට ගැටළුවක් නොවනු ඇති බවය.

    ඇපල් සමාගමේ උපාංග ආරක්ෂණ අංශයේ ප්‍රධානී ඉවාන් ක්‍රිස්ටික් පවසන ආකාරයට තම සමාගම විසින් නිපදවන ජංගම දුරකතන සහ උපාංග ඉතා දිගු කාලයක් තිස්සේ ලොව ආරක්ෂාකාරීම සහ නවතම ආරක්ෂිත තාක්ෂණය සහිත දුරකතන බවට අන්තර්ජාල ආරක්ෂණය පිළීබඳව පර්යේෂකයන් විසින්ද පිළීගෙන ඇති බවය. Pegasus වැනි ඉතා විශාල මුදලක් වැය කරමින් මෙවැනි දත්ත සොරකම් සඳහා නිපදවන යෙදවුම්වල ආයුකාලය ඉතාම සීමාසහිත බැවින් සහ ඒවායේ ඉලක්කය තෝරාගත් පරිශීලකයන් පිරිසක් පමණක්වීම නිසා අති බහුතරයක් ඇපල් දුරකතන භාවිතා කරන්නන්ට මෙයින් බලපෑමක් නොමැති බවය. එනමුත් සමස්ත පරිශීලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තම ආයතනය වෙහෙස නොබලා ක්‍රියාත්මක වන අතර නව ආරක්ෂීත අංග ඇපල් දුරකතනවල මෙහෙයුම් පද්ධතියට එක්කරන බවද ඔහු පවසයි.

    මූලාශ්‍රය - www.colomboplus.com
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,061
    1,961
    113
    The_Dissident_film_poster.png


    මේ documentary එකේ ඔක ගැන තියෙනවා.amazon එකේ jeff bezos ෆෝන් එකත් හැක් කරලා තියෙනවා
    උගේ ෆෝන් එකටත් එහෙම උනානම් අපේ ඒවා ගැන කවර කතාද​
     

    lilman

    Well-known member
  • May 10, 2009
    17,909
    9,628
    113
    Colombo
    i පෝර්න් යූසර්ස්ලට කෙලවෙලා නේද ?

    View attachment 136130

    මේ documentary එකේ ඔක ගැන තියෙනවා.amazon එකේ jeff bezos ෆෝන් එකත් හැක් කරලා තියෙනවා
    උගේ ෆෝන් එකටත් එහෙම උනානම් අපේ ඒවා ගැන කවර කතාද​
    ඕක ඔටෝ ඉන්ස්ටෝල් වෙනවද ?
    ------ Post added on Jul 22, 2021 at 10:12 AM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,061
    1,961
    113
    i පෝර්න් යූසර්ස්ලට කෙලවෙලා නේද ?


    ඕක ඔටෝ ඉන්ස්ටෝල් වෙනවද ?
    ------ Post added on Jul 22, 2021 at 10:12 AM
    jeff bezos ගේ ෆෝන් එක හැක් කරලා තිබ්බේ සවුදියේ බින් සල්මාන් කුමාරයා එවපු whatsapp video එකකින්
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,269
    501
    113
    කන්ද උඩරට
    View attachment 136130

    මේ documentary එකේ ඔක ගැන තියෙනවා.amazon එකේ jeff bezos ෆෝන් එකත් හැක් කරලා තියෙනවා
    උගේ ෆෝන් එකටත් එහෙම උනානම් අපේ ඒවා ගැන කවර කතාද​
    ekama thama hethuwa api wage (mama) ewunge existence ekak thiyanawa kiyala danne nethuwa hack karanne nea machan amazon lokka kiyanne high value target ekak
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    7,243
    1,389
    113
    ගම මහනුවරයි
    මගෙත් හැක් කරලා ද දන්නේ නැ.අද පඩි විස්තර සේරම බැසිල් සර් දැනගෙන මට ටැක්ස් එකක් වත් ගහයිද දන්නෑ නෑ.
    මීට සංචාරක ක්ෂේත්‍රයේ සුළු සේවකයෙක්
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    576
    633
    93
    i පෝර්න් යූසර්ස්ලට කෙලවෙලා නේද ?


    ඕක ඔටෝ ඉන්ස්ටෝල් වෙනවද ?
    ------ Post added on Jul 22, 2021 at 10:12 AM
    මම දන්න තරමින් මේක ඔටෝ ඉන්ස්ටෝල් වෙන්නේ නෑ. හැබැයි මේකේ ලින්ක් ක්ලික් කරලා ඉන්ස්ටෝල් වෙනවට වඩා වෙන සූක්ෂම ක්‍රමයක් භාවිතා වෙනවා.