ලෝකයේ ආන්දෝලානාත්මක අද්භූත ඡායාරූප

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ලෝකයේ ආන්දෝලානාත්මක අද්භූත ඡායාරූප

    ලෝකයේ ආන්දෝලානාත්මක අද්භූත ඡායාරූප


    ලෝකයේ විවිධ තැන්වලින් ඡායාරූප ගත කල එහෙත් පැහදිලි කල නොහැකි දේ සටහන් වූ ඡායාරූප රාශියක් තියෙනවා ඒවයින් වඩා ප්රසිද්ධ උනු කිහිපයක් ගැනයි මේ,,,,

    10. Martian spherules- අඟහරු මත ඇති ගෝලාකාර පිහිටීම්

    2004 වසරේදී අඟහරු ගවේශණය කල රෝවර් යානය අඟහරු මත ඇති ගෝලාකාර අන්වීක්ශීය දෑ රාශියක් ඡායාරූප ගත කලා, විද්යාඥයන් මේවා අනුමාන කලේ හිමැටයිට් වලි සෑදුනු ස්වාභවික නිර්මාණ විදියටයි,

    9VVI0DY.jpg


    නමුත් 2012 වසරේදී opportunity යානය මගින් මීට වඩා විශාල ගෝලාකාර පිහිටීම් අඟහරු පෘෂ්ටයේ තිබී ඡයාරූප ගත කලා,තවමත් මේවා මොනවදැයි නිශ්චිතව හඳුනා ගෙන නැහැ,,,,

    NiV0ljC.jpg




    9.Hook Island sea monster- Hook දූපතේ අද්භූත සත්වයා


    1ZxlNXg.jpg


    1965 Hook දූපතේ දී ගන්නා ලද මේ ඡායාරූපය නිවැරදි ඡායාරූපයක් ,මෙහි සටහන් වී ඇති සත්වයා කිසියම් නොදන්න මුහුදු ජීවියෙක් විදියටයි අනුමාන කරන්නේ සත්ව විද්යඥයින් අතර පවා මේ ගැන සාකච්චා වෙලා තියෙනවා,,,


    8.Black Knight satellite - Black Knight චන්ද්රිකාව


    lZDXpFu.jpg



    නාසා වල ව්යපෘතියකදී ගත් ඡයාරූප වල සටහන් වූ අද්භූත යානාවක් තමා Black Knight චන්ද්රිකාව ,ඉහත ඡායාරූපයේ තමා මේ යානය හොඳටම සටහන් වෙලා තිබුනේ,,

    තාම මේක මොකක්ද කියලා හරියටම හඳුනා ගෙන නැහැ,,අභ්යවකාශයේ ඇති මිනිසා විසින් සෑදූ යානාවක කොටසක් වෙන්න පුලුවන් කිව්වට තවම ඒක තහවුරු කරගන්න බැරිවෙලා තියෙනවා,,


    7.The Babushka lady- බාබුස්කා කාන්තාව


    1963 නොවැම්බර් 23 දාඅමෙරිකාවේ 35 වන ජනාධිපති වූ John F Kennedy වෙඩිතැබීමකින් ඝාතනය උනා,,එම අවස්තාවේ ගන්නා ලද ඡායාරූප වල හිටපු අද්භූත කාන්තාවක් Babushka lady නමින් හැඳින්වෙනවා,

    Hz8Hh1l.jpg



    මේ කාන්තාව බොහොමයක් ස්තානවල ඉන්නවා ඇය දුඹුරු පාට කෝට් එකක් ඇඳලා ස්කාෆ් එකකුත් ඔලුවට දාගෙන ඉන්නෙ,, ඒ අතර ඇය කැමරාවකින් වෙඩි තැබීමට පසු සිදුවීම් ඡයාරූප ගත කරන බවත් පේනවා,අද වන තුරුත් මේ කාන්තාව කවු දැයි හඳුනාගෙන නැහැ,,


    FVpsGUI.jpg



    YX8RHlX.jpg



    6. C. C.C. movie lady- ජංගම දුරකතනයෙන් කතා කරන කාන්තාව


    wAEqyeB.jpg



    මේක ඇත්තටම 1928 තිරගත උනු Charlie Chaplin ගේ Circus කියන චිත්රපටියේ අහම්බෙන් පටිගත වුනු සිදුවීමක්, එහි එක් දර්ශනයක පාරේ ගමන් ගන්නා කාන්තාවක් අතේ ඇති යම් දේකට කතාකරමින් යනවා හරියට ජංගම දුරකතනයකට කතාකරනවා වගේ,

    GGpLQLp.jpg


    නමුත්1928 දී ජංගම දුරකතන නිර්මාණය වෙලා තිබුනේ නැහැ,ඇය කතා කරන්නේ මොකකටද කියන එක තාම උත්තර නැති ප්රශ්නයක්,,,


    5.Hessdalan Lights- හෙස්ඩලාන් නිම්නයේ අභිරහස් ආලෝක


    P2eA56O.jpg



    නෝර්වේ වල හෙස්ඩලාන් නිම්නයේ අභිරහස් ආලෝක 1930 සිටම වාර්තා වෙන අභිරහස් සංසිද්ධියක්,ඒවා වරින් වර ඡායාරූප ගත කොට තිබෙනවා
    මෑතකදී ගන්නා ලද පැහැදිලිම ඡායාරූපය තමා මේ තියෙන්නේ 2007 දී ගුරුවරුන් හා සිසුන් පිරිසක් විසින් කරන ලද හෙස්ඩලාන් ආලෝක පිලිබඳ අධ්යනයකදී එක්තරා රැයක තත්පර 30ක් පමණ දර්ශනය වූ මේ ආලෝක ඡායාරූප ගත කර ගැනීමට හැකි වී තිබෙනවා,,

    මේ ආලොක වර්ණාවලිය අධ්යනයේදී පෙනී ගොස් තිබෙන්නේ ආලෝක නිකුත් කරන ප්රභව සිලිකා,යකඩ,ටයිටන්, ස්කැන්ඩියම් වැනි ලෝහ වලින් සෑදී ඇති බවයි, නමුත් අද වන තුරු මේ ආලෝක කුමක් නිසා ඇතිවන්නක් දැයි පැහැදිලි කිරීමක් නැහැ,,,



    4.The unknown rebel- .සාමකාමී නැගී සිටින්නා


    uYaXelp.jpg



    1989 චීනයේ Tianamen චතුරස්රයේ පැවති උද්ගෝෂණය මර්දනයට යුද ටැංකි කිහිපයක් එමින් තිබුනා, මේ සන්නාහ සන්නද්ධ රථවල මාර්ගය අවහිර කරමින් එක්තරා නිරායුද පුද්ගලයෙක් නොබියව රථ පෙල ඉදිරියෙන් හිට ගත්තා,,

    මෙම සිදුවීම ඡායාරූප ගත කොට තිබුනත් මෙම පුද්ගලයා කව්ද, ඔහුට සිදුවුනේ කුමක්ද යන්න අදටත් අභිරහසක්,,, මෙම ඡායාරූපය ලොව පුරා ජනප්රිය වුනු අතර එම මිනිසා සාමකාමී නිරායුද එරෙහිවන්නන්ගේ සංකේතයක් බවට පත් වුනා....


    3. Solway firth spaceman


    1969 මැයි 23 දී Jim Templeton සිය බිරිඳ හා දියණිය සමග Burg Marsh වෙත පැමිණියේ නිවාඩුව ගත කිරීමටයි, මොවුන් තිදෙනා පමනක් සිටි එම අවස්තාවේ Jim Templeton කැමරාවෙන් තම දියණියගේ ඡායාරූප කිහිපයක් ගත්තා,,
    එම ඡායාරූප මුද්රණය කල විට දිස්වුනේ පසුබිමින් අද්බූත මිනිස් සිරුරකුත් ඡායරූප ගතවී ඇති බවයි, මේ පුද්ගලයා කවුදැයි හඳුනාගෙන නැහැ,,,


    gxWs0uB.jpg




    2. Goddards squadron photograph

    1 වන ලෝක යුද්ධයේදී සෙවය කල ගුවන් හමුදා නිලධරින් කන්ඩායමකගේ ඡයාරූපයක් තමා මේ තියෙන්නේ

    bLcZfML.jpg


    මේ ඡායා රූපයේ එක් නිලධාරියෙකුට පිටුපසින් එක්තරා මිනිස් මුහුනක් ඡායා ගත වී තිබෙනවා,,මේ මුහුන ගුවන් කාර්මිකයකු Freddy Jackson වන බව අනිත් නිලධාරීන් හඳුනා ගත්තා,,,


    CSQvSuE.jpg



    2d48GDp.png



    එහෙත් අද්භූත ජනක සිදුවීම වන්නේ මෙම ගුවන් කාර්මිකයා මෙම ඡායාරූපය ගැනීමට දින දෙකකට පෙර හදිසි අනතුරකින් මිය ගොස් තිබීමයි.


    1.Geophone Rock Anomaly

    ඇපලෝ 17 අවසන් සඳ ගමනේදී ගන්නා ලද ඡායාරූප අතර හිස් ඡයා රූපයක් තිබුනා ,,එය නම් කොට තිබුනේ AS-17-136- 20680 ලෙස ,,,,

    dVFnSvF.jpg


    නමුත් මෙම ඡායාරූපය විශ්ලෙෂණය කල බැලූ විට එහි යම් දෙයක් සටහන් වී ඇති බවපෙනෙන්නට වුනා,, මෙම සේයාරුව නිවැරදිව ඡායා ගත වී ඇති බවත් එය අධික ශබ්දයකට හෝ ආලෝකයට නිරාවරනය වීඇති නිසා මේ විදියට සුදු පැහ වී ඇති බව විද්යඥයන්ට පෙනුනා,,

    මෙම ඡායාරූපයෙ ආලෝක තත්වයන් වෙනස් කර බැලූ විට ඔවු න් දුටුවේ දෑස් අදහාගත නොහැකි දෙයක්,, එනම් පිරමීඩයක් එහි සටහන් වී තිබුනා,,,

    Hmk2R6n.jpg



    2iXNXfM.jpg


     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    TFS
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    passe rep dennam
     
    • Like
    Reactions: nir83k

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    1. පිටසක්වල ජිවින්ගේ බෙටි
    2. අර ෆිල්ම් වල ඉන්න දිය රකුස
    3. රෝහිතයා උඩ ගහපු චන්දිරිකාව
    4. කෙනඩිගේ ආච්චිගේ අවතාරේ
    5. A lady from future - අනාගතයෙන් ආ කාන්තාව
    6. අව්රෝරා
    7. ඒ මිනිහව චීන ආණ්ඩුවෙන් මැරුව
    8. ජිම් ගේ ගෑණිගේ හොර මිනිහ
    9. මරුන සෙබලාගේ අවතාරේ
    10. Photographic Artifacts
     
    • Like
    Reactions: nir83k

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    1. පිටසක්වල ජිවින්ගේ බෙටි
    2. අර ෆිල්ම් වල ඉන්න දිය රකුස
    3. රෝහිතයා උඩ ගහපු චන්දිරිකාව
    4. කෙනඩිගේ ආච්චිගේ අවතාරේ
    5. A lady from future - අනාගතයෙන් ආ කාන්තාව
    6. අව්රෝරා
    7. ඒ මිනිහව චීන ආණ්ඩුවෙන් මැරුව
    8. ජිම් ගේ ගෑණිගේ හොර මිනිහ
    9. මරුන සෙබලාගේ අවතාරේ
    10. Photographic Artifacts

    :lol::lol::lol::lol: