ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය

    ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය
    attachment.php

    බැටරි වලින් දිවෙන වාහන ප්‍රායෝගික නැතැයි කියන පණ්ඩිතයන්ට සැර කණේ පාරක් දෙන්නට, ජපන් කොමට්සු සහ ස්විස්ටර්ලන්ත වාහන නිෂ්පාදකයෙක් [Komatsu ‘e-dumper’ by Kuhn Schweiz AG] සමත් වී ඇත.

    ඔවුන් විසින් ටොන් 111 ක් බරැති ‘ඊ ඩම්පර්’ [‘Elektro Dumper’] යන දැවැන්ත වාහනය නිෂ්පාදනය කර ඇත. මෙහි දිග අඩි 40ක් සහ උස අඩි 4 ක් වන අතර, රෝදයක් සාමාන්‍ය මිනිසෙක්ගේ උසට වඩා වැඩි වේ.

    භාවිතා කරන බැටරියත් සුළු පටු නැත. එය කිලෝ වොට් 600 ක ධාරිතාවයකින් යුක්ත වේ. මේ විදුළි යෝධයාට ටොන් 60ක බරක් ගෙන යාමට හැකිය. ලීටර් 50,000 ක ඩීසල් මේ වාහනය මගින් වසරකට ඉතුරු කර දීම පරිසර විෂයේ විශාල ජයග්‍රහණයක් හෙවත් වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 130 ක් වායු ගෝලයට එකතු වීම මෙමගින් නැවත්වෙනු ඇත.

    මෙය හුදෙක් පර්යේෂණාත්මක වාහනයක් නොව, එම ක්ෂේත්‍රයේ අනෙකුත් ෆොසිල ඉන්ධන වාහන මෙන්ම හෝ ඊටත් වඩා සාර්ථක වාහනයකි. පහත ඇති ලින්ක් එකේ පෙන්වන යූ ටියුබ් වීඩියෝව බැලුවාට පාඩුවක් වන එකක් නැත

    වාහන ක්ෂේත්‍රය සැලකු විට, මේ ආකාරයේ විදුළි වාහනයක් විශේෂ ප්‍රයෝජන දෙකක් තිබේ. එකක් නම් මෙය ෆොසිල ඉන්ධන වලින් නොදුවන නිසා, මුහුදු මට්ටමෙන් ඉහළ භාවිතා කරන ෆොසිල විශාල වාහනයකට සම්බන්ද කරන ටර්බෝ ආකාරයේ යාන්ත්‍රණයක් අනවශ්‍ය වීමය. එනම් මුහුදු මට්ටමෙන් ඉහළ ෆොසිල ඉන්ධන වීමට අවශ්‍ය ඔක්සිජන් තුනී වීම වළක්වා එන්ජින් කුටීරයට වඩා වැඩියෙන් ඔක්සිජන් ලබා දිය යුතුය.මේ සංකීර්ණ ටර්බෝ ක්‍රම උපායයන් අවශ්‍ය වීම නිසා එම ෆොසිල එන්ජිමක මිළ වැඩිවීමත්, අවසානයේ එන්ජිම සංකීර්ණ වීමත්, එනිසාම නඩත්තුව මිළ අධික වීමත් වේ.

    අනෙක් ප්‍රයෝජනය වන්නේ, මේ වාහනය උමඟක් වැනි ස්ථානයක් ඕනා තරම් කාලයක් භාවිතා කල හැකි වීමය. එනම් මෙයින් කිසිම දුම් වහනයක් නොවන හෙයිණි. ජළ විදුළි බලාගාරයක් වැනි තැනක් සඳහා දිග උමං හැරීමේදී එහි ඇතුලේ භාවිතා කරන ෆොසිල ඉන්ධන වාහන වලින් නික්මෙන දුම ඉවත් කිරීමට විශේෂ උපක්‍රම යෙදිය යුතුය.

    අනෙකුත් වාහන නිෂ්පාදකයන්ද මේ විශාල වාහන තැනීමට උනන්දු වේ. විදුළි වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වන ටෙස්ලා ආයතනයෙන් නිෂ්පාදනය කරන ‘Semi’ යන කිලෝ මීටර් 500 ක් ධාවනය කල හැකි විදුළි කන්ටේනර් රථයටද ටොන් 40ක බරක් ගෙන යා හැකිය. මේ තරඟයට අලුතින්ම එකතු වී ඇති වාහන නිෂ්පාදකයන් වන්නේ ‘ඩේම්ලර්’ , ‘වොල්වෝ’ සහ ‘වොක්ස්වැගන්’ ආයතන වේ. ජපානයද මේ තරඟයේ සිටින්නේ, 2020 වසරේ එහි පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ භාවිතා කිරීම සඳහා විශේෂ සූර්ය කෝෂ ඇති මහා මාර්ග නිර්මාණයෙනි.

    දැවැන්ත වාහන විදුලිකරණය වනවා නම්, නුදුරු අනාගතයේ කුඩා සහ සැහැල්ලු වාහන විදුළිකරණය වීම අනිවාර්ය වන බව පැහැදිළිය. ලංකාව මේ ක්ෂේත්‍රයේ බොහෝ පසුගාමී රටක් වුවද, ලෝකය සමඟ ඉදිරියට යා යුතුය.

    මේ ආකාරයේ තොරතුරු ගැන අද දින බොහෝ විමසිළිමත් විය යුත්තේ, ඉදිරි අනාගතය තුල ෆොසිල ඉන්ධන වාහන ගැනීම ගැන දෙවතාවක් සිතා බැලිය යුතුය යන්න පසක් කරමිනි.


    ref lalithkrunaratna
     

    Attachments

    • empa-edumper-lithium-storage-muldenkipper.jpg
      empa-edumper-lithium-storage-muldenkipper.jpg
      43.8 KB · Views: 288
    • Like
    Reactions: dwpsg

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    මරු වැඩේ. ගමන් දෙකයි. චාර්ච් කරන්න පැය 6 යි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    නුවර කොලබ බස් එකක් කියලා හිතුවද? :P:P:P

    ඒක application එකකට විතරක් හරි යයි. බර දාගෙන කදු අදින්න ගිහාම තමා තේරෙන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    ඒක application එකකට විතරක් හරි යයි. බර දාගෙන කදු අදින්න ගිහාම තමා තේරෙන්නේ.

    affa ubata therichcha eka komatsu ekata therun nane :sorry: