ලෝකයේ කුඩාම පොත

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ලෝකයේ කුඩාම පොත

DD-P-01-11-01-(P)-MKCK-128.jpg



book1.jpg


ලෝකයේ කුඩාම පොත වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඇල්ල වැල්ලවාය පාර, ව්‍යාපාරිකයකු සතුව ඇත. මෙම පොත දිග සෙන්ටිමීටර් 2.5, පළල සෙන්ටිමීටර 1.1, උස සෙන්ටිමීටර 0.1 හා පිටු 127 කින් සමන්විතයි. ඉංග්‍රීසි අක්‍ෂරවලින් ප්‍රංශ භාෂාවෙන් මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර නීතිය මෙම පොතෙහි ඇතුළත්ව ඇත.

පරිච්ඡේද 29 යි. පිටු 127 කින් සමන්විත මෙම කුඩා පොතෙහි ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය පිළිබඳ සියලුම කරුණු ඇතුළත්ව ඇත.

මෙම පොත ඔහුට ලැබී ඇත්තේ 1996 වසරේදීය. මෙම ව්‍යාපාරිකයා සෞදි අරාබියේ රැකියාවක්‌ කරන අතර තුර ඔහු විසින් කුඩා දරුවකු හා පියෙකු අනතුරකින් වැලැක්‌වීම නිසා ප්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙක්‌ විසින් ඔහුට පරිත්‍යාග කර ඇත.

ඉංජිනේරුවරයා හා ඔහුගේ පුතා මාර්ගයේ ගමන් කරද්දී කන්ටේනර් රථයක රෝදයක්‌ ගැලවී ඉදිරියට එන විට එම රෝදයෙන් සිදුවීමට ගිය අනතුර වළක්‌වා ගැනීම නිසා මෙම පොත ඔහුට පරිත්‍යාග කර ඇත.

ලෝකයේ කුඩාම පොත මුද්‍රණය කළ මුද්‍රණාලය කුඩා පොත් 10 ක්‌ මුද්‍රණය කර විනාශ කර දමා ඇති බවද ඉංජිනේරුවරයා ව්‍යාපාරිකයාට පවසා ඇත. ඔහු තවදුරටත් පවසා ඇත්තේ එම පොත ඩොලර් 5000 ක මිලට ගත් බවයි.


:):):)

(දිව‍යින)
 
  • Like
Reactions: isuru003 and Rex921

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි