ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි!

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි!

    වර්ගයා බෝ කිරීමට අලස සතෙක්! ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි! බේරා ගන්න විශාල සටනක්!

    පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නවා. ඇත්තටම නම් ඒ කුරුල්ලෙක්, ගිරවෙක්. නම කාකාපෝ. එහි තේරුම ‘රෑ ගිරවා’ යන්නයි.

    මහත සිරුරක් ඇති මේ කුරුල්ලාට ඉගිල්ලෙන්න බැහැ. ඌ වර්ගයා බෝ කිරීමට කෙතරම් අලස ද කීවොත් මේ කුරුල්ලන් මේ වන විට මුළු නවසීලන්තයටම ඉන්නේ 124 දෙනයි.

    1.JPG

    කොළ පැහැති නිසා පරිසරය හා මුසුව සැඟවී සිටින්න ඌට පහසුයි


    ගැහැනු සතාගේ ලිංගික උදාසීනකමට අමතරව පිරිමි සතාටත් තමන් ගොදුරු කර ගන්නට එන විලෝපික සතුරාත් ‘වැළඳ ගන්න’ එන මිතුරියත් වෙන් කර හඳුනා ගන්න අමාරුයි. අන්තිමේ ඌත් නොදැනුවත්වම විලෝපිකයාට ගොදුරු වෙනවා.

    ඒ වගේ ම අනතුරක් එළඹි වහාම ඌ ගහකට නැග්ගත් තමන්ට ඉගිල්ලෙන්න බැරි බව අමතක වීම නිසා එහි මුදුනේ දී ඉගිල්ලෙන්න හදනවා. පිහාටු ශක්තිමත් නැති නිසා සිද්ධවෙන්නේ ගහෙන් මුණින් අතට වැටෙන එකයි. අවාසනාවකට කාකාපෝගේ වර්ගයා බෝ වීමට ස්වාභාවික වරණයත් බාධාවක් වෙලා. කලින් මේ දූපත්වල විලෝපිකයන් නොවූ නිසා උගේ ඉගිල යාමේ අවශ්‍යතාව නැති වුණා. ඒත් මේ දූපත්වලට ආ විදේශිකයන් විලෝපිකයන් මේ දූපත්වලට හඳුන්වා දුන් නිසා උන් දැන් අනතුරේ වැටිලා.

    ඌ බොහෝ විට අවුරුදු 90ක් විතර ජීවත් වෙනවා. ලෝකයේ වැඩිම කාලයක් ජීවත්වන කුරුල්ලා කාකාපෝයි. බරින් වැඩිම ගිරවාත් ඌයි. ඔවුන් ආහාරයට ගන්නේ එකම එක දෙයයි. ඒ රිමු කියන ගහේ පලතුරුයි. මේ ගහේ ගෙඩි හැදෙන්නේ අවුරුදු හතරකට වරක් පමණයි.

    ඔවුන්ට මේ එකක්වත් ගැටලූවක් වුණේ නෑ, විදේශිකයන් ආ නැව්වලින් ගෙනා මීයන්, පැසිපොව්වන්, ස්ටෝට් මුගටියන්, බළලූන් වැනි විලෝපිකයන් රාශිය තමයි ඔවුන්ගේ ගහනයට තර්ජනයක් වුණේ.

    2.JPG

    කාකාපෝ ගස් නගින්න දක්ෂයි

    අවුරුදු සිය ගණනක් ඇතුළත මේ ආක‍්‍රමණකාරීන් කාකාපෝ ගහනය හොඳටම අඩු කළා. දශකයකට උඩදි හිටියෙ 30 දෙනකු විතරයි.

    ඔවුන් බෝ කරන්න ගත්ත උත්සාහය කිසියම් ප‍්‍රමාණයකට හරි ගිහිල්ලා. ඒත් ඒකටත් බාධාව වෙලා තියෙන්නෙ කාකාපෝමයි.

    හොඳින් වැඩුණාම රාත්තල් 8ක් පමණ වන මේ කුරුල්ලකුගේ සිරුර දීප්තිමත් හරිත පැහැයෙන් යුක්ත වෙනවා. මෙය කොළ පැහැති පඳුරු අතර සැඟවිලා සතුරන්ගෙන් ගැලවීමට උදව් වෙනවා. සතුරන් ගෙන් ගැලවීමට බොහෝ විට කරන්නේ ගල් ගැසී සිටීමයි. එහෙම නොකළොත් ඊළඟට කරන්නේ දුවල ගිහින් ගහකට නගින එකයි. ඌ ගස් නගින්න දක්ෂයි.

    අනික් අතට ඌ හරිම හීලෑයි. මිනිසකු දුටුවොත් නොබියව ළඟට එනවා.

    3.JPG

    නවසීලන්තයේ කෝඞ්ෆිෂ් දූපතේ දී මේ අපූරු කුරුල්ලා හමුවිය හැකියි.

    අවාසනාවක මහත! ගහ උඩට නැග්ග වහාම ඌ ඈතට ඉගිලී යන්න කල්පනා කරනවා. කුරුල්ලකු වුනත් ඉගිල්ලෙන්න පිහාටු ශක්තිමත් නැති නිසා සමහර විට ගසෙන් වැටී තුවාල කර ගන්නවා.

    බොහෝ කිරිල්ලියන් වර්ගයා බෝ කිරීමට එක් වෙන්නේ දෙවසරකට එක් වතාවක් විතරයි. මේක කුරුල්ලන්ට මහා වදයක් වෙනවා. කුරුලූ සංරක්ෂකයන් සොයා ගෙන තියෙනව වැඩියෙන් ආහාර දීමෙන් කිරිල්ලියන්ගේ ලිංගික උත්තේජනයක් ඇති කළ බව. ඒත් මොවුන්ගේ චර්යාවල ස්වභාවය නිසා ලොකු ප‍්‍රතිඵල ලබා ගත නොහැකියි. තවත් ගැටලූවක් වන්නේ වැඩිපුරම උපදින්නේ පිරිමි සතුන් වීමයි.

    පිරිමි සතුන් ගැහැනු සතුන්ගේ අවධානය ගන්න මහ හඬින් හැඬලූවත් ඔවුන් ජීවත් වන කඳුකරයේ ඝන කැලෑව නිසා ඒ හඬ දෝංකාරය දෙනවා. හඬ හැම තැනින්ම ඇහෙන නිසා එල්ලය සොයා ගැනීම කිරිල්ලියට අසීරු වෙනවා. ඒ වගේ ම කිරිල්ලියක් අමාරුවෙන් හඬ සොයා ගියත් ඒ හඬට එන අනිත් කිරිල්ලියන් අතරින් නිශ්චිතවම කුරුල්ලා හඳුනා ගැනීමට ඇයට නොහැකි වෙනවා.

    කොහොම වුනත් වඳවී යාමේ තර්ජනයෙන් මේ දුර්ලභ කුරුල්ලා බේරා ගන්න කුරුලූ සංරක්ෂකයන් දැනටමත් විශාල සටනක් ගෙන යනවා.


     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    sanrakshanaya karanawa ethi ban. NZ kiyanne hoda ratak. un me satha wada wenna dena ekak ne :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    sanrakshanaya karanawa ethi ban. NZ kiyanne hoda ratak. un me satha wada wenna dena ekak ne :)

    තරහ වෙන්න එපා වඳ වෙලා යන උන් වඳ වෙලා යනවා අපි මොනවා කලත්, අලුත් උන් එනවා පරණ උන් යනවා :) සොභාදහම !
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    repost..එත් ආයේ පාරක් කියෙව්වා.දැනුම අලුත් උනා.රේප් 5+
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තරහ වෙන්න එපා වඳ වෙලා යන උන් වඳ වෙලා යනවා අපි මොනවා කලත්, අලුත් උන් එනවා පරණ උන් යනවා :) සොභාදහම !

    වැඩිහරියක් වඳවෙලා යන්නෙ මිනිස්සුන්ගෙ වැඩ නිසානෙ :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    වැඩිහරියක් වඳවෙලා යන්නෙ මිනිස්සුන්ගෙ වැඩ නිසානෙ :(

    ගොඩක් උන් එහෙම නැහැ බන්, survival of the fittest තමා ඉතින්, කාලෙකින් අපිත් නැති වෙලා යයි බන්. උන්නද කියල කියන්නවත් සාක්ෂි නැති වෙයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට සීන් එකක්නේ මේක :shocked:.....වදවෙන්න ලන්වෙනකොට ඒ සත්වයන්ගෙන් දුර්වලකම් ඉස්මතු වෙනවා .:yes::yes::(

    සින්හලුන්ටත් මේ ටිකම තමයි වෙලා තියෙන්නේ .එකමුතුවක් නැති වීම , තමන්ගේ දේවල් වල අගයක් නැතිවීම සහ ඒවාට ගැරහීම ...etc
     
    May 29, 2015
    612
    45
    0
    ගොඩක් ලස්සන කුරුල්ලෙක්. උන්ව රැක ගන්න එක අගය කරන්න ඕනේ
     

    Similar threads