ලෝකයේ ප්‍රබලම රෝකට් එක

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලෝකයේ ප්‍රබලම රෝකට් එක

    උපුටනය http://vidya-gaweshana.blogspot.com/2013/03/x.html


    popsci53_20130318124035+(2).jpg



    දැනට සේවයේ යෙදවිය හැකි අභ්‍යවකාශ රොකට්ටු අතරින් බලසම්පන්නම රොකට්ටුව වන්නේ ෆෝල්කන් X හෙවී රොකට් (Falcon X Heavy Rocket) ලෙස නම්කොට ඇති රොකට්ටුවයි. මීට වඩා බලසම්පන්න රොකට්ටු නිමැවී ඇත්නම් ඒ නීල් ආම්ස්ට්‍රෝං ඇතුලු පිරිස සඳමතට ගෙන ගිය සැටර්න් 5 රොකට්ටුව හා රුසියානුවන්ගේ එනර්ජියා රොකට්ටුවයි. සැටර්න් 5 රොකට්ටුවක් අවසන් වරට අභ්‍යවකාශගත වුනේ 1977දී අවසන් සඳගමන සඳහායි. ඉන් පසු සැටර්න් 5 රොකට්ටුවක් නිශ්පාදනය කොට නොමැත. රුසියානුවන්ගේ එනර්ජියා රොකට්ටුව නිර්මාණය කලේ රුසියානු අභ්‍යවකාශ ශටලය වූ "බූරාන්" යානාව අභ්‍යවකාශගත කිරීම සඳහාය. සෝවියට් දේශයේ බිඳවැටීමත් සමග බූරාන් ශටල් ව්‍යාපෘතිය අතහැරුනු අතර එනර්ජියා රොකට්ටුවේ අවසානයද එලෙස සනිටුහන් විය.
    Evolution-of-the-rocket2.gif



    දැනට සේවයේ යොදවා ඇති බලසම්පන්නම රොකට්ටු ලෙස රුසියානුවන්නේ ප්‍රෝටෝන් රොකට්ටුව හා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ අරියාන් 5 රොකට්ටුව ගත හැකිය. ප්‍රෝටෝන් රොකට්ටුවකට මෙට්‍රික් ටොන් 20ක බරක් කක්ශගත කල හැකි අතර අරියාන් 5 රොකට්ටුවට මෙට්‍රික් ටොන් 16ක බරක් කක්ශගත කල හැකිය. අමෙරිකානු නාසා ආයතනය සතුව තිබු අභ්‍යවකාශ ශටලය මෙට්‍රික් ටොන් 24ක බරක් දරාගෙන කක්ශගත විය හැකිවුවද පසුගිය වසරේදී (2012) අභ්‍යවකාශ ශටල්යානා විශ්‍රාම ගැන්වීමෙන් පසුව නාසා ආයතනය සතුව අධිබල රොකට් පද්ධතියක් නොමැත.

    Falcon X Heavy Rocket

    ෆෝල්කන් රොකට්ටුවේ ඇති සුවිශේෂීත්වය නම් රොකට්ටුවක් හා අභවකාශ යානයක් නිපදවා සාර්ථකව අභ්‍යවකාශ ගතකල ලොව එකම පෞද්ගලික සමාගම වන ස්පේස් එකස් (Space X) සමාගම මගින් එය තනිකරම පෞද්ගලික ප්‍රාග්ධනය යොදවා සිදුකරන ලද ව්‍යාපෘතියක් වීමයි. දැනටමත් ස්පේස් එකස් සමාගම ෆෝල්කන් 9 නමින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ හා ගගනගාමීන් ගෙනයා හැකි රොකට්ටුවක්ද, ඩ්‍රැගන් නමින් අභ්‍යවකාශ කැප්සූලයක්ද නිපදවා ඇත. එය දැනටමත් දෙවරක් සාර්ථකව අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා සැපයුම් ගෙනගොස් ආපසු පැමිණ ඇත.

    ෆෝල්කන් X බැර රොකට්ටුව ස්පේස් එක්ස් සමාගමේ දෙවන රොකට්ටුව වන අතර එය ටොන් 56ක් අභ්‍යවකාශයට ගෙනයා හැකි එන්ජින් 27කින් යුතු දැවැන්ත රොකට්ටුවකි. දැනට කිසිදු රටක් සතුව මෙවැනි අධිබල රොකට්ටුවක් නොමැති අතර පෞද්ගලික සමාගමක් මගින් මෙවැනි රොකට්ටුවක් සාර්ථකව නිර්මාණය කොට අත්හදා බලා සාර්ථක ප්‍රථිපල ලබාගෙන ඇතැයි සිතීමද පුදුම සහගත වන්නේ අමෙරිකාව හැරුනුකොට අනෙක් සියලුම රටවල (අමෙරිකාවේ පවා මෑතක් වන තුරුම) අභ්‍යවකාශ තරණය සඳහා රොකට්ටු නිපැදවීමට ඩොලර් බිලියන ගණනින් බරපැන යෙදැවිය හැකිව තිබුනේ එම රටවල්වල ජාතික අභ්‍යවකාශ ආයතනවලට පමණි. අමෙරිකාවේ නාසා (NASA), රුසියාවේ රොස්කොස්මොස් (ROSCOSMOS) , ජපානයේ ජේ.එස්.ඒ (JSA), යුරෝපයේ ඊ.එස්.ඒ (ESA) හා ඉන්දියාවේ ඉස්‍රෝ (ISRO) ආයතනය මෙලෙස රාජ්‍ය සම්පත් ඇසුරෙන් අභ්‍යැවකාශ රොකට්ටු නිපදවාගත් ආයතනවේ.


    rocket_A.png



    ෆෝල්කන් X හෙවි රොකට්ටුවේ කොටස් හා ක්‍රියාකාරිත්වය

    1. Engine Cluster

    ෆෝල්කන් X හෙවි රොකට්ටුවේ එන්ජින් පොකුරු 3ක් ඇති අතර එක් එන්ජින් පොකුරක මර්ලින් 1D වර්ගයේ එන්ජින් 9ක් ඇත. ඒ අනුව මුලු එන්ජින් ගණන 27කි.

    2. Boosters

    රොකට්ටුවේ පළමුවන අදියරේදී (Stage 1) එන්ජින් 9කින් යුතු ප්‍රධාන රොකට්ටුවද, එන්ජින් 9බැගින් වූ බූස්ටර් රොකට් 2ක් ද වන ආකාරයට නිමවා ඇත. රොකට්ටුව දියත් කරනවිට එන්ජින් 27ම එකට ක්‍රියාත්මක වේ. දියත්කිරීමෙන් විනාඩි 2කුත් තත්පර 45ක් ගතවීමේදී මැද පිහිටි රොකට් එන්ජින් 9ය ක්‍රියා විරහිත වන අතර දෙපස බූස්ටර් දෙකෙහි එන්ජින් 18 දිගටම ක්‍රියාත්මකවේ. බූස්ටර් 2හි ඉන්ධන අවසන්වූ පසු එම බූස්ටර් දෙක වෙන්වන අතර යලිත් මැද පිහිටි එන්ජින් 9ය ක්‍රියාත්මක වේ.

    3. Centre Core

    මැද පිහිටි එන්ජින් 9යේ කොටස මධ්‍යය හෙවත් සෙන්ටර්-කෝර් ලෙස හඳුන්වන අතර ෆෝල්කන් රොකට්ටුවේ ඇති වැදගත් ලක්ශණයක් නම් බූස්ටර් වෙන්වීමට පෙර ඒවායේ ඉතිරිවී ඇති ඉන්ධන සෙන්ටර්-කෝර් හි ඇති ටැංකිවලට පොම්ප කිරීමට ඇති හැකියාවයි. පෙර කිසිදු රොකට්ටුවකට මෙම හැකියාව තිබී නැත. ක්‍රොස්-ෆීඩ් ලෙස හැඳින්වෙන මෙම තාක්ශණය නිසා සෙන්ටර්-කෝර් කොටසේ දහනකාලය දිගුකරගත හැකි අතර මේ වාසිය නිසා රොකට්ටුවට අමතර අයබරක් (payload) ගෙනයාහැකි වී ඇත.

    4. Fuel Tanks

    රොකට්ටුවේ ඉන්ධන ලෙස ද්‍රව ඔක්සිජන් හා සුපිරිසිදු භූමිතෙල් භාවිතා කෙරේ.

    5. Second Stage

    තනි මර්ලින් 1D එන්ජිමකින් ක්‍රියාත්මක වන මෙම අදියරේ කාර්යය වන්නේ ගෙනයන චන්ද්‍රිකා හෝ අභ්‍යවකාශ යානාව සීරුවෙන් කක්ශයට ඇතුලුකිරීමයි. කිහිපවිටක් නිවාදමා යලි දැල්වීමට හැකි මෙම රොකට් එන්ජිම ආධාරයෙන් චන්ද්‍රිකා කිහිපයක් විවිධ උසින් ඇති කක්ශවලට ඇතුළුකිරීමට ෆෝල්කන් දෙවනි අදියරට හැකියාව තිබේ.

    6. Fairing

    රොකට්ටුවේ අයබර (payload) ගෙයන කොටස ෆෙයරින් ලෙස හැඳිවෙන අතර මෙය සිප්පි-කටුදෙකක් (clam-shell) ආකාරයට පියන් දෙකකින් යුක්තවේ. අඩි 45ක් දිග අඩි 17ක විශ්කම්භයකින් යුතු මෙයට ටොන් 56ක් බර චන්ද්‍රිකා කිහිපයක් හෝ අභ්‍යවකාශගාමින් කිහිපදෙනෙකු හා ටොන් කිහිපයක භාණ්ඩ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගෙනයා හැකිය.

    7. Merlin 1D Engine

    ද්‍රව ඔක්සිජන් හා භූමිතෙල් දහනය කරන මර්ලින් එන්ජිම කිලෝනිව්ටන් 650ක තෙරපුමක් නිපදවයි. මෙම එන්ජිම ස්පේස් එක්ස් සමාගමේ රොකට් ඉන්ජිනේරුවන් විසින් සම්පූර්ණයෙන්ම නිර්මාණය කරනලද අතර මෙම එන්ජිම ඉතාම කාර්යක්ශම එන්ජිමක් බව පැවසේ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටින ලිපියක් වගේ.. මං රෑ වෙලා කියවන්නම් මචං.. දැන් නිදිමතේ ඉන්නෙ.. ඊයෙ නිදිවරලා.. මේ ටයිම් එකේ ඕක කියෙව්වට මතක හිටින්නෙ නෑ..