ලෝකයේ බලවත් ආගම්

ලෝකයේ බලවත් ආගම්

හින්දු දහම ලෝකයේ බලවත් ආගම් වලින් එකකි. එය ඉන්දියාවේ ප්‍රධාන ආගම යි. ඉන්දියාවේ ජනගහණයෙන් 85% ක් හින්දු ආගමිකයන් බවට ගණනය කරනු ලැබ ඇත. හින්දු දහම වසර 4000 කට වැඩි කලක් පුරා වර්ධනය වී තිබේ. එහෙත් එයට එක් ප්‍රාරම්භකයෙක් හෝ පිළිගැනුණු සම්මත දහමක් නැත. එපමණක් නොව එහි මහා පරිමාණයෙන්, නන්විධ ව්‍යවහාර හා විශ්වාස ඇතුළත් ය. සංවිධිත ස්වරූපය අවම වන අතර, එය නායක සංස්ථාවකින් තොර ය. හින්දු දහම එහි විවිධත්වය නිසා, ආගම පිළිබඳ බොහෝ බටහිර අර්ථ නිරූපණ සමඟ ගැළපෙන්නේ යන්තමිනි. ඒ අතර එය, “ ධර්ම” නමින් හැඳින්වෙන, ජීවිතය පිළිබඳ පරමාදර්ශි මාර්ගයක් සඳහා වගකීම හා සැලකිල්ල යොමු කරයි.

විශ්වාස හා ව්‍යවහාර
කුල ක්‍රමය: හින්දු දහමේ ඇතුළත් ජීවිතය පිළිබඳ පරමාදර්ශී ක්‍රියා මාර්ගය සම්භාව්‍ය මූලාශ්‍ර වලට අදාළව පවතී. මේ ක්‍රියා මාර්ගය හින්දු බැතිමතුන් සලකන්නේ කෙනෙකුගේ වර්ණ ධර්මයට හා ආශ්‍රම ධර්මයට අදාළව ඉටු කැරෙන යුතුකම් හැටියට. වර්ණය යන යෙදුම ඉන්දියාවට විශේෂිත කුල ක්‍රමයට අඟවන වදන් වලින් එකකි. පුරාතන පාඨ ග්‍රන්ථ ප්‍රධාන කුල හෙවත් වර්ණ හතරක් දක්වයි. එනම්, බ්‍රාහ්මණ හෙවත් පූජක, ක්ෂත්‍රිය හෙවත් සෙබළ හා පාලක, වෛශ්‍ය හෙවත් වෙළඳ හා ඉඩම් හිමි සහ ශුද්‍ර හෙවත් ගොවි කම්කරු යනු යි. පස් වැනි වර්ණය හෙවත් පඤ්චමයෝ කුලවතුන් විසින් ස්පර්ශ නොකළ යුත්තෝය. ඔවුනට නියමිත වෘත්තිය වන්නේ කසළ ශෝධනය යි. පඤ්චමයන් අනාර්ය සම්භවයක් ඇත්තන් වන හෙයින් එවන් පහත් මට්ටමේ කාර්ය පවරනු ලැබ ඇතැ යි අනුමාන කැරේ. කෙසේ වෙතත් මේ වර්ගීකරණ ක්‍රමය නූතන කුල පද්ධති සංකීර්ණත්වයට සාධාරණයක් ඉටු කරන්නේ නැත. වර්ණාශ්‍රම ධර්ම පදනම් කර ගත් පැරණි ජීවන වෘත්ති, විවිධ කුල වලට සුවිශේෂිත යුතුකම් හෝ කාර්යභාර විශේෂ කර දක්වයි. එමගින් එක එකා තම තමාට හිමි භූ®මිකාවට අනුකූලව පරමාදර්ශී සමාජය තුළ ක්‍රියා කළ යුතු යැ යි හගිනු ලැබේ.


මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න

http://sinhalawatch.wordpress.com
 
ජීවිතයේ විවිධ අවස්ථා :සම්භාව්‍ය ජීවන වෘත්තීහු, පරමාදර්ශී පියවර හෙවත් ආශ්‍රම හතරක් සැකෙවින් දක්වති. එහිදී ඒ එක එකකට අදාළ ස්වීය යුතුකම් විස්තර කැරේ. මෙයින් පළමුවැන්න බ්‍රහ්මචර්ය හෙවත් ශිෂ්‍ය තත්ත්වය යි. ආරම්භය වයස අවුරුදු 05 – 08 අතර සිට විවාහය දක්වා අවධිය යි. දෙවැන්න ගෘහස්ථ්‍ය සමය යි. එකල්හි කෙනෙක් විවාහ වෙති. පවුලක් නඩත්තු කරති. සමාජ මෙහෙවර ඉටු කරති. තෙවැන්න වානප්‍රස්ථ්‍ය හෙවත් වනවාසී වකවානුව යි. මේ වන විට දරුවන් හදා වඩා ඔවුන් පිළිබඳ සියලු වගකීම් වලින් පුද්ගලයා නිදහස්ව සිටී. සිවු වැන්න සන්‍යාසී හෙවත් නෛෂ්ක්‍රම්‍යය යි. මේ සමයේ දී පුද්ගලයා සියලු ලෞකික බන්ධනයෙන් මිදී ආත්ම විමුක්තිය සොයන්නෙකි. පුද්ගලයාට අදාළ වර්ණ හා ආශ්‍රම ධර්මයන්ගෙන් ව්‍යුත්පන්න යුතුකම් හා වගකීම් වලට අමතරව, සියලු සදාචාර සම්පන්න චර්ය්‍යා පදනම් කර ගත් සනාතන ධර්ම හෙවත් මූලික යුතුකම් ද ඔහු විසින් සපුරාලිය යුතු වෙයි.මේවාට අවංකත්වය, ශූරත්වය, පරාර්ථ චර්යාව, විශ්වාසය, ස්වාත්ම දමනය, නිර්මලත්වය සහ නිර්සාහසිකත්වය ද ඇතුළත් ය.

මේ වර්ණාශ්‍රම ධර්ම සීමා වන්නේ පුරුෂ පක්ෂයට පමණි. හින්දු දහම තුළ කාන්තාවන්ගේ තත්ත්වය හැම අතින් ම නොපැහැදිලි ය. එක් අතකින් කාන්තාවෝ දිව්‍යත්වයේ සංකේතයක් ලෙස ගෞරවයෙන් සලකනු ලබත්. එහෙත් අනෙක් අතින් හීන ජාතියක් වශයෙන් සංග්‍රහ කරනු ලබන්නෝය. සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් ගත් කල කාන්තාවෝ සිය සැමියනට සේවාව කළ යුතු බවට සැලකෙති. එහෙත් ඒ අතර ස්වාධීන හැඟීම් නැති අය බවටද සැලකෙන්නෝය. කෙසේ වෙතත්, “ බ්‍රහ්ම සමාජ” වැනි නූතන හින්දු ව්‍යාපාර අතර මේ තත්ත්වය වෙනස් කිරීමේලා බලාපොරොත්තු තබා ඇත.

ජීවිතයේ අරමුණු: ජීවිතයේ සතර අරමුණු (පුරුෂාර්ථ) අතරින් හින්දු දහම් විශිෂ්ටත්වයෙන් සලකා ඇත්තේ “ ධර්ම” පමණි. එය අර්ථ (ලෞකික සමෘද්ධිය) හා කාම (රසාස්වාදය ) යන දෙකට වඩා උසස් ලෙස සිතනු ලැබේ. මේ තුන ලෞකික ජීවිතයේ අරමුණූ (ප්‍රවෘත්ති) නියෝජනය කරයි. සතරවැන්න මෝක්ෂ හෙවත් විමුක්තිය යි. එය මෙලොව හැර යන්නාගේ හෙවත් නිවෘත්තිකයාගේ අරමුණ යි. මෝක්ෂ, පුද්ගලයාගේ පරමාන්තය ලෙස සම්භාව්‍යත්වයෙන් සැලකේ


මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න

http://sinhalawatch.wordpress.com
 
කර්මය සහ පුනර්භවය : සම්භාව්‍ය හින්දු දහමෙහි පුළුල් ලෙස ව්‍යාප්ත ලක්ෂණයක් නම්, පුනර්ජන්මය හෝ සංසාරය පිළිබඳ විශ්වාසය යි. එනම්, කෙනෙකුගේ කර්ම හෝ ක්‍රියා බලයෙන් අදිටන් කරන ලද පරිදි, ශරීරයකින් ශරීරයකට කෙරෙන ආත්මයාගේ චරණය පිළිබඳ හැඟීම යි. හින්දු දහම තරයේ පිළිගන්නා කර්ම සිද්ධාන්තය විසින්, කෙනෙකුගේ පුරාකෘත කර්මයෙන් අදිටන් කරන ලද පරිදි ඔහුගේ උපතේ මූලාකෘතිය, ජීවිතායුෂ ප්‍රමාණය හා නන්විධ අත්දැකීම් තීරණය කරනු ලැබේ. මෙය ජනපි‍්‍රය අවබෝධය තුළ සීමා කරනු ලැබ ඇති අතර, ඇතැම් විට ඉතිහාසය පුරා අත්‍යන්ත හින්දු බැතිමත් ජනතාවක් කෙරෙහි ශක්තිමත් බලපෑමක් කර ඇත. හින්දු දහම මෙකී පුනර්භව චක්‍රයෙන් විමුක්තිය නිදහස් කර හෙවත් මුදා හැර තිබේ. එකී විමුක්තිය නියත වශයෙන් ම, සපුරා පරිපාකයට යන්නට පටන් ගෙන ඇති කර්ම ශේෂයට අදාළ විපාක විඳීම මගින් සේ ම, අනාගත පුනර්භවයන් සඳහා තවදුරටත් කර්ම ශේෂයක් නොනිපදවනු පිණිස සහතික කරන්නට අදාළ ස්ථාවර ව්‍යවහාර හෙවත් ප්‍රායෝගික අභ්‍යාස අනුගමනය කරමින් ද සාක්ෂාත් කර ගත යුතු වන්නේ ය. මේ විමුක්තිය සාක්ෂාත් කර ගන්නට කෙනෙකුට හැකි වන්නේ, නිරන්තයෙන් නම නියම කර සඳහන් කොට ඇති යෝග අභ්‍යාසයේ නිරත වීමෙනි. මෙයි විමුක්ති සිද්ධාන්තය පිළිබඳ ඉන්දියානු දර්ශනයේ හරය යි, ආත්මයයි.

දර්ශනය
හින්දු දහම සාමාන්‍යයෙන් දාර්ශනික පද්ධති හයකට ඇතුළු කරන්නට අනුදක්නා ලැබේ.මෙයින් හතරක් න්‍යාය, වෛශේෂික, සාංඛ්‍ය හා යෝග යනුවෙන් හැඳින්වෙන අතර, එහිදී යෝග පුහුණුව අවධාරණය කෙරේ. යෝග පුහුණුවත් සමග අධ්‍යාත්ම විද්‍යාව හා ඥාන විභාගය යන පද්ධති දෙක පිළිබඳ අවබෝධය අනෙක් දෙක සේ සැලකේ. ඒ අතර න්‍යාය, එයට තර්ක විග්‍රහයක් ද ඇතුළත් කර ගනී. මීමාංසා නම් පද්ධතියෙන් සංස්කාර සම්පාදනය හඳුන්වා දෙනු ලැබේ. එනම් වෛදික යාගය හෝ විමුක්තියට මඟක් ලෙස යාගය තුළ සම්පාදිත ක්‍රියාව යි. බොහෝ වේදාන්ත පද්ධති සිය ප්‍රෝත්සාහනය උපනිෂදයන්ගෙන් ලබා ගෙන, විමුක්තිය සඳහා වන ඕනෑම මාර්ගයක වැදගත් ලක්ෂණයක් ලෙස, බ්‍රහ්මන් (පරම අභිමතාර්ථය ) හා ආත්මන් අතර ඇති ඥාතිත්වය පිළිබඳ අවබෝධය අවධාරණය කරන්නට නැඹුරු වෙයි. ඉන්දියානු අර්ධද්වීපය තුළ වාග්විද්‍යාත්මක හෝ සාංස්කෘතික ප්‍රදේශ ඇතුළත නිරන්තරයෙන් ස්ථානගත භක්තිපූජා බඳු නිකායික



මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න

http://sinhalawatch.wordpress.com
 
හින්දු දේවතාවෝ
හින්දු දහම් තුළ විශිෂ්ට ඊශ්වරවාදි ව්‍යාපාර දෙකක් වෙයි. එනම්, විෂ්ණු පූජාව හෙවත් වෛෂ්ණව දහම් හා ශිව පුජාව හෙවත් ශෛව දහම යි. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් සමස්ත විශ්වය දේව සමූහයකින් සංගහනය වී සිටිති යි හින්දු දහම පිළිගනී. මේ සියලු දෙවිවරු එක්තරා දුරකට දේවත්වයේ අංග ලක්ෂණ දරා සිටිත්. එහෙත් ඔවුන්ගේ හැසිරීම බෙහෙවින් ම මිනිස් හැසිරීමට සමානය. ඔවුන් අතර නෑකම් පවත්නේ ද මිනිසුන් අතර සේ මය. මේ දැක්ම පුරාතන ගී‍්‍රක දර්ශනයට ද එක සේ සම්පාක වෙයි. උදාහරණ ලෙස සුපිරි දෙවිවරුන් වන බ්‍රහ්ම , විෂ්ණු, ශිව සහ ඇතැම් වෙනත් දෙවිවරුන් සිය බන්ධුත්වය දෙවඟනන් සමඟ පවත්වන බව නිතර දක්නට ලැබේ. දෙවිවරුන් සමග ඈඳුණු දෙවඟනන් හැඳීන්වෙන්නේ “ශක්ති” නමිනි. වෙනත් සුපතළ දෙවිවරු, සුපිරි දේවත්වයේ නෑයන් ලෙස සැලකෙත්. ගණේෂ නම් ලත් ගජහිස්දෙවියා, ශිව හා පාර්වතීගේ පුතා ය. ශිවගේ බිරිඳ හෙවත් කාලි හෝ දුර්ගා , සරත් සමයේදි ඉන්දියාව පුරා පුළුල් ලෙස පුදනු ලබන්නී ය. වානර මුහුණු දෙවියා වන හනුමන්, විෂ්ණුගේ බිරිඳ වන ලක්ෂ්මී සමග බොහෝ දේවාලයන්හි නිරූපිත ය.

හනුමන්, වෛෂ්ණව දහම සමඟ සහචර දෙවිවරුන් අතර අත්‍යන්තයෙන් වැදගත් ය. කෙසේ වෙතත් , නන්විධ කුලක ලෙස හැඳීන්වෙන දේවගණයා, අන්‍යෝන්‍ය වශයෙන් ගත් කල එකකින් අනෙකක් විශිෂ්ට වන්නේ නැත.

පූජා ස්වරූප
හින්දු ආගමේ පුද පූජා නොයෙක් ස්වරූප ගනී. සුලබව දක්නට ලැබෙන අවම ගණයේ එකක් නම්, අපරදිගට සමාන ස්වරූපයේ සමූහ පුද පූජායි. වෙසෙසින් කැප කරන ලද එළිමහනක වෛදික යාගය පවත්වනු ලැබේ. දෛනික ආදර්ශන හින්දු පූජාව, කිසියම් නවාතැන් පොළක නන්විධ දේවගණයේ සිද්ධස්ථානයකදී, දේවාල වන්දනාවකදී හෝ සිය නිවසේදි සිදුකෙරේ. හින්දු බැතිමතෙක් දෙවිවරුන් කීප දෙනෙකුට කැපවූවෙක් විය හැක්කේය. ප්‍රධාන වශයෙන් සිය නිවසේ කුඩා පූජාසනයක් මත පිහිටුවන ලද, සුපුරුදු පවුලේ දෙවියාගේ ප්‍රතිරූපය මුල් තැන ගනී. ද්විතීය වශයෙන් අසල දේවාලයක පුදනු ලබන දෙවියෙක් වෙයි. ඔහු බැතිමතාගේ කුලයට අරක්ගත් දෙවියා විය හැකියි. ඒ අතර සිය ගුරුවරයා හෝ ඔහුගේත් ගුරුවරයා ලෙස යමකු විසින් පුදනු ලබන තවත් දෙවියෙක් විය හැකිය. හින්දු බැතිමතාගේ ඇස්පනා පිට සපුරා ම වාගේ හැම දෙයක්ම පාරිශුද්ධ වනුයෙන්, පිදීමට වැදගත් වෙතියි සැලකෙන හෙයින් ගංගා, ගවකොටු හා ශුද්ධ වූ පුද්ගලයන් විසූ හුදකලා භූ®මි වැනි දෑ පූජ්‍යස්ථාන ලෙස සලකනු ලැබේ.

ගෘහ පුද පුජා :- ගෘහපූජා ස්වරූපයෙන් වටපිටාව ගින්නෙන් හා ජලයෙන් පිරිසුදු කිරීමත්, සංකේතාත්මක රූප සටහන් නිමැවීමත් සමඟ සබැඳෙයි. හින්දු බැතිමතා සපුරන්නට පතන වත්පිළිවෙත්හි වාර ගණන, ඔහුගේ පන්තිය හා තත්ත්වය මත රඳා පවතී. එසේ ම ඒවා සංවිධානය කරන සීමාව ද , නන්විධ විය හැකිය.මේ වත්පිළිවෙත් වලට ශුද්ධ වාක්‍ය හෝ නිර්දිෂ්ට පාඨාන්තර නිසි පරිදි සජ්ඣායනය සමග දෙවියන්ට ආහාර, මල් හෝ සුවඳ පූජා පැවැත්වීම ගැනේ. ශ්‍රාද්ධ නමින් හැඳින්වෙන සුවිශේෂ චාරිත්‍රයක් වේ. එනම්, පේ‍්‍රත පුජාවයි. හින්දු භක්තික පුරුෂ පක්ෂය, ජලය සහ ආහාර පාත්‍ර පූජා කරමින් වෙනත් ලෝකවල වෙසෙන සිය පියවරුන්, මුත්තන් ආදිනට සංකේතාත්මකව සිය සම්මාන පුදති. මේ සිරිත වෛදික යුගයේ සිට පැවත එන්නකි. බැතිමතා මෙහිදීත්, ජීවන චක්‍රයේ උපත, උපනයනය , විවාහය හා මරණය වැනි උත්සව වලදී මෙන් පූජකයකුගේ සේවාව පතයි


මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න

http://sinhalawatch.wordpress.com