ලෝකයේ මිල වැඩිම දේවල්

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ලෝකයේ මිල වැඩිම දේවල්

The Most expensive things in the world

අද කියන්නේ දැනට ලෝකයේ තියන මිලෙන් වැඩිම දේවල් ගැන. මේ දේවල් මෙච්චර මිල වැඩි මොකද කියලාත් මෙතන සදහන් වෙනවා. ඒ වගේම ග්‍රෑම් එකක මිල මෙතන සදහන් කර ඇත.


1. Antimatter (ප්‍රතිපදාර්ථය) රු. ට්‍රිලියන 8200/g (රු. 8,200,000,000,000,000 / g)

මේක ගැන කියනවට වඩා මේ Video එක බැලුවනම් ඔයාට හොදට තේරුම් ගන්න පුළුවන්. මේකෙන් වෙන දේ සරලව කිව්වොත් අපි දන්නවා ධන හා සෘණ විදියට අවස්ථා 2 ක්. මේවයින් අපිට එක් අවස්ථාවක් පමණක් දකින්න පුළුවන්. ඒවාට ගලපෙන අනෙක් අවස්ථාව මෙමගින් ලබාගන්නවා.



2. Californium 252 රු. බිලියන 3.5 /g

02.californium%5B10%5D.jpg

විකිරනශීලි මුලද්‍රව්‍යකි. දක්නට ඇත්තේ ඉතා විරල ස්ථාන වලය. ඒවායේ පවා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මේවයේ කිරණ ඉතා ඉක්මනින් පිළිකා ඇති කිරීමට හේතු වේ.


3. Diamonds (දියමන්ති) රු. මිලියන 7.2 /g

03.Polished-Loose-Diamonds%5B3%5D.jpg

කාබන් වල බහුරූපී ආකාරයකි. ලොව තිබෙනා දැඩිබව වැඩිම විශේෂය වේ (ලොව කිසිම දෙයකට දියමන්ති සිරීම කල නොහැක.) පොලව මතුපිට සිට 1.4Km සිට 190Km දක්වා යට පොලවේ ඉතා දැඩි උෂ්ණත්ව තුල දක්නට ඇත. ස්වර්ණාභරණ වලට මෙන්ම විශාල කර්මාන්ත රැසකට මේවා යොදාගනී.


4. Tritium (ට්‍රිටියම්) රු. මිලියන 4 /g

04.dc57_detail_2_gr%5B8%5D.jpg

හයිඩ්‍රජන් වල සමස්ථානිකයකි. විකිරනශීලි වන අතර ඔරලෝසු නිපදවීමට යොදාගනී. පිළිකා වලට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා මේවා න්‍යෂ්ටික අවි වල උත්ප්‍රේරකයක් ලෙස යොදාගනී.


5. Taaffeite (ටාෆයිටි) රු. මිලියන 2.6 /g

05.20120404_178%255B20%255D.jpg

තවත් දුර්ලහ මැණික් විශේෂයකි.


6. Pinite (පයිනයිට්) රු. මිලියන 1.2 / g

06.moussaieffreddiamond%255B3%255D.jpg

ලෝකයේ දුර්ලභම මැණික් විශේෂය ලෙස සැලකේ. දැනට සොයාගෙන ඇත්තේ මැණික් ගල් 2 කි.


7. Plutonium (ප්ලූටෝනියම්) රු. ලක්ෂ 5.2/g

07.6a00d8341bf67c53ef0133f22c35af970b-800wi%255B12%255D.jpg

විකිරනශීලි මුලද්‍රවයකි. න්‍යෂ්ටික අවි සදහා ඉන්ධන ලෙස යොදාගනී. ශරීර වල ඇටකටු වලට ඉක්මනින් උරාගන්නා නිසා අහිතකර මුලද්‍රව්‍යකි.


8. LSD රු. ලක්ෂ 4/g

08.lsd430x300%5B4%5D.jpg

ප්‍රධාන වශයෙන් බෙහෙත් විශේෂයක් ලෙස යොදාගන්න මේවා වැඩිපුර භාවිතා කලවිට මත්ද්‍රව්‍යක් බවට පත්වේ. එවිට ශරීර උෂ්ණත්වය, හර්ද ස්පන්දනය , නිදිමත ගතිය ඉහල යෑම සිදුවේ.


9. Cocane (කොකේන්) රු. 28,000/g

09.cocaine%255B3%255D.jpg

පේරු රාජ්‍යයේ කොකේන් පත්‍ර වලින් නිපදවන මේ මත්ද්‍රව්‍ය ස්වසනඅබාධ මෙන්ම ඉක්මන් මරණ වලටද හේතු වේ.


10. Heroin (හෙරොයින්) රු. 17,000 /g


10.LARGE+PHOTOS_heroin%255B7%255D.jpg


මේ මත්ද්‍රව්‍ය වර්ගය නිසා පපුවේ අමාරුව ඇතුළු තවත් රෝග විශාල ප්‍රමාණයක් ඇතිවේ. වැඩි කාලයක් භාවිතයෙන් ඉක්මන් මරණ සිදුවේ. නමුත් ලෝකයේ ඉතා ජනප්‍රිය මත්ද්‍රව්‍ය වර්ගයකි.


11. Rhino Horn (රයිනෝ අං) රු.14,300/g

11.rhino_horn%255B3%255D.jpg

ආසියානු බෙහෙත් වර්ග නිපදවීමට යොදා ගනී. මේ මිල අධිකබව නිසාම රයිනෝ සත්ව විශේෂය වඳ වෙමින් පවතී.


12. Methamphetamine රු. 13,000/g

12.crystal-meth10.jpg

යම්කිසි දෙයකට හොදින් ඇහුම්කම් දීමට මත්ද්‍රව්‍යක් විදියට මේවා භාවිතා කරනවා. වැඩිපුර භාවිතයෙන් ලිංගික දුබලතා ඇතිවේ.


13. Platinum (ප්ලැටිනම්) රු. 7800/g

13.platinum23.jpg

මේවයේ දුර්ලභබව නිසාම ලොකු මිලක් මේවට තියනවා. රෝඩියම් තරම් නැති වුනත් තරමක් දීප්තියක් මේවට තියන නිසාම ස්වර්ණාභරණ නිපදවීමට යොදා ගනී. එකම ප්‍රමාණයේ රත්තරන් මුද්දක වටිනාකම වගේ දෙගුණයක් මිල වෙනවා.


14. Rhodium (රෝඩියම් ) රු.7600 /g

14.Rhodium-Bubble-600x4463.jpg

නියුට්‍රෝන දැල්ලේ ප්‍රතික්‍රියාව සෙවීමට යොදාගනී. සුදු රත්තරන් ආභරණ ඔප දැමීමට බහුලව යොදාගනී. මේවා කුඩා බෝතලයක් පවා රු.60,000 ක් පමණ වේ.


15. Gold (රත්තරන්) රු. 6000 /g

15.goldbar%255B1%255D.jpg

මේවා දකුණු අප්‍රිකාව, දකුණු ඇමරිකාව වගේ රටවල් වල නිධි වලින් හොයාගන්න පුළුවන්. ඒවා උඩින් plane එකකින් උඩින් යනකොට ඒ පැත්තම රත්තරන් පාටයි. ඒත් මේවයේ පස් ටොන් 1 කින් නිස්සරණය කරලා ගන්න පුළුවන් රත්තරන් 1.5g වගේ බොහොම පොඩි ප්‍රමාණයක්.


16. Saffron (කුංකුම) රු.1500/ g

16.Saffron_Spice_%5B11%5D.jpg

වර්ණකාරකයක් ලෙස මෙන්ම රසකාරකයක් ලෙසත් මේවා යොදාගන්නවා. මේවා හදන්නේ “Crocus Sativus” කියන මල් වර්ගයෙන්. හැම මලකම තියෙන්නේ එක නුල් කැල්ලක් වගේ පොඩි කොටසක්. ඉතිං 1g හදන්නත් මල් 1000 ක් විතර ඕනේ.


-------------------------------------------------​
වැදගත් උනානම් සැලකුවාට කමන්නෑ :D:D:D
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේවාට වඩා ලංකාවේ අධිවේගි මාර්ගයේ අමුද්‍රව්‍ය වටිනවා සෙන්ටිමිටර්යකටක් කොටි ගණන් ගිහිල්ලා ‍තියෙනවා.
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මේවාට වඩා ලංකාවේ අධිවේගි මාර්ගයේ අමුද්‍රව්‍ය වටිනවා සෙන්ටිමිටර්යකටක් කොටි ගණන් ගිහිල්ලා ‍තියෙනවා.


    :rofl::rofl::rofl::yes::yes::yes:
     

    Similar threads