\/...ලෝකයේ ලස්සනම ස්වාභාවික උණුදිය උල්පත් 10...\/

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    \/...ලෝකයේ ලස්සනම ස්වාභාවික උණුදිය උල්පත් 10...\/

    ...Top 10 Natural Hot Springs in The World...

    057d2d220a02ad47b62a0cc57b89d720.jpg

    ...........................................................................................
    ...........................................................................................
    ...........................................................................................


    01. Pamukkale, තුර්කිය

    denizli03.jpg


    Pamukkale යනු තුර්කි භාෂාවෙන් cotton castle යන්නයි. තුර්කියේ Denizli පළාතේ ඇති මෙම උණුදිය උල්පත් ඉතා දුර්ලභ පිහිටීම් වේ. මේ ජලය ඛනිජ සම්පත් බහුල ජලය වන අතර වෙන වෙනම තටාක වශයෙන් පිහිටා ඇත.සුදු පැහැති පාෂාණ මත ඇති නිල් පැහැති ජලය නිසා මෙවා දුටුවනම සිතෙන්නේ මෙම උල්පත් අයිස් ජල උල්පත් කියායි. මෙය යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කර ඇත.

    02. නවසීලන්තයේ Frying Pan ඇල

    23833630.jpg


    මෙය Waimangu Cauldron කියාද හඳුන්වනවා. පිහිටා ඇත්තේ නවසීලන්තයේ Waimangu ගිනිකන්ද ආශ්‍රිත නිම්න භූමියේයි. මෙය 200 mක පළලකින් යුතු ලොව විශාලතම උණුදිය උල්පතයි. උෂ්ණත්වය 50-60 °C අතර වනවා.

    03. ඩොමිනිකාවේ Boiling Lake

    the-boiling-lake.jpg


    මෙම ඇල කැරිබියානු මුහුදේ ඇන්ටිලස් කලාපයේ පිහිටා ඇත. මෙය ලෝකයේ දෙවැනි විශාලතම උණුදිය උල්පත ලෙසම යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම්කර තිබෙනවා.

    04. Grand Prismatic Spring

    85


    ඛණිජ සම්පත් බහුල ජලය අඩංගු වන මෙම උල්පත පිහිටා ඇත්තේ United States of America හියි. මෙම උල්පතේ ජලය කොළ පැහැයේ සිට රතු පැහැය දක්වා වූ වර්ණ සංකලනයක් පෙන්වන්නේ මෙහි වාසය කරන බැක්ටීරියාවක් නිසාවෙනුයි.

    05. ඉන්දියාවේ Brahmakund උණුදිය උල්පත්

    hotwater.jpg


    මේවා පිහිටා ඇත්තේ ඉන්දියාවේ බිහාර් හි Rajigir වලයි. මේවා උපත ලබන්නේ සප්තපර්ණී ගල්ගුහා වලිනුයි. මෙම උල්පත් වල ජලයේ ඇති ඛණිජ වර්ග නිසා මෙම ජලයේ රෝග නිවාරණ හැකියාව පවතී යැයි විශ්වාස කෙරෙනවා.

    06. ජපානයේ Takaragawa Onsen

    8438048720_c0547450d8_b-60b57.jpg


    මෙම උල්පත් ජලයේ රෝග සුව කිරීමේ හැකියාව ඇති බව කියවේ. විශේෂයෙන් ස්නායු ආබාධ වලට, රුධිර සංසරණයට, මාංශ පේෂි හා හන්දිපත් රුදාවට සහ මිනිස් සමට මෙම ජලය යෝග්‍ය වේ.

    07. ඇමරිකාවේ Minerva Terrace

    mammoth_terrace2.jpg


    ඇමරිකාවේ Yellowstone Park හි පිහිටා ඇති මෙම උල්පත ලොව ඉතා විශිෂ්ඨතම සුන්දර උල්පත වේ. උල්පත වෙත යන මාර්ග හුණුගල් වලින් සැරසී ඇති නිසා මෙම ස්ථානය ඉතා චිත්තාකර්ශණීය වේ.

    08. ජපානයේ Blood Pond Hot Spring

    blood-pond-hot-spring-kyushu-japan.jpg


    මෙම උල්පතට මේ නම ලැබී ඇත්තේ මෙහි යකඩ අධිකව අඩංගු වීම නිසා ජලය තද රතු පැහැයෙන් දිස් වීමයි. එලෙසම මේ ජලයේ ඇති අධික උණුසුම් බව නිසාම මෙය සෑම විටම වාශ්ප වලින් වැසී ගොස් තිබේ.

    09. ඉතාලියේ Cascate del Mulino

    7bddc28f8ebfb902e57af8aec18487ab.jpg


    ඉතාලියේ Tuscanyහි Saturnia නගරයට එපිටින් පිහිටා ඇති මෙම උල්පතේ ජලය 37 °Cක පමණ උෂ්ණත්වයකින් යුක්ත වනවා.

    10. Deception දූපතේ උණුදිය උල්පත්

    8otyHfi.jpg


    ඇන්ටාටිකාවේ පිහිටා ඇති මෙම දූපත සක්‍රීය ගිනිකඳු විවරයකි. මෙහි උණුදිය උල්පත් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇති අතර ඒ එකිනෙකක උෂ්ණත්වයන් එකිනෙකින් වෙනස් වේ. බොහෝ උල්පත් වල 70 °Cක පමණ උෂ්ණත්වයක් පවතී.



    Source - Internet​


     
    Last edited: