ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ පොත්

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home

    ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ පොත්

    1. “Don Quixote” – මිගුවෙල් දි සර්වැන්තේස්
    01-2.jpg


    ලෝකයේ වඩාම ජනප්‍රිය නවකතාව විදිහට සඳහන් කරන්න පුළුවන් නවකතාව තමයි Don Quixote කියන්නෙ. මේ නවකතාව නිකුත් වෙන්නෙ වර්ෂ 1605 වගේ ඉතාම ඈත කාලෙක. එදා ඉඳල අද වෙනකන් මේ නවකතාවේ පිටපත් මිලියන 500ක් පමණ අලෙවි වෙලා තියෙනවා කියල සඳහන් වෙනවා. ඒක තමයි නවකතාවක වැඩිම පිටපත් ගණනක් අලෙවි වුණ වාර්තාවට හිමිකම් කියන්නෙ. මේ නවකතාව ලියල තියෙන්නෙ Miguel de Cervantes කියන ස්පාඤ්ඤ ජාතික ලේඛකයා විසින්. මේ නවකතාව භාෂා ගණනාවකට පරිවර්තනය කරලා තියෙනවා. විශේෂයෙන් “රදල හිත” නමින් සිංහල භාෂාවටත් පරිවර්තනය කෙරිලා තියෙනවා. නොපසුබට උත්සාහය ගැන කියවෙන මේ නවකතාව හැමෝම කියවන්න ඕන නවකතාවක්.

    2. “A Tale of Two Cities” – චාර්ල්ස් ඩිකන්ස්

    02-1.jpg

    මේ නවකතාව ලෝක ප්‍රසිද්ධ නවකතාවක්. විශේෂයෙන් මේ කතාවෙන් කියවෙන්නෙ ප්‍රංශ විප්ලවය පිළිබඳව. ප්‍රංශ විප්ලවය කාලේදී ලන්ඩන් නුවර සහ පැරිස් නුවර අතර සිදු වුණු සිදුවීම් පෙළක් ගැන. කිසිම වැරද්දක් නොකර අවුරුදු ගණනාවක් දේශපාලන සිරකරුවෙක් විදිහට ජිවිතේ ගත කරපු කෙනෙක් ගැන. ඉතින් මේ කතාව චිත්‍රපටයකටත් පාදක වෙලා තියෙනවා A Tale of Two Cities කියන නමින්ම. මේ පොත ලියවෙන්නේ 1859 චාර්ල්ස් ඩිකන්ස් කියන ලේඛකයා අතින්. මේ වනකොට මෙහි පිටපත් මිලියන 200කට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා. ඇත්තටම කියවල බලන්න වටිනා නවකතාවක්. නවකතාව කියවන්න බැරි නම් චිත්‍රපටියවත් බලන එක වටිනවා

    3. “The Fellowship of the Ring”- J.R.R. ටෝකියන්

    03-2.jpg


    ලෝක ප්‍රසිද්ධ The Lord of the Rings කතාවේ පලවෙනි කොටස තමයි මේ. J. R. R. Tolkien කියන ලේඛකයා විසින් 1954 දී තමයි මේ කතාව එළිදැක්වුවේ. මේක fantasy ගණයට අයිති වෙන නවකතාවක්. අද වෙද්දී ලෝකය පුරා මේ පොතේ පිටපත් මිලියන 150ක් විතර විකිණිලා තියෙනවා. මහා බලසම්පන්න මුදුවක් පිළිබඳව තමයි මේ කතාව ලියවිලා තියෙන්නෙ.

    4. “Le Petit Prince” – ඇන්ටොයින් ඩි සේන්ට් එක්සුපෙරි

    04-3.jpg


    The Little Prince කියන තේරුම තමයි මේ පොතේ ඉංග්‍රීසි තේරුම වෙන්නෙ. දැනට භාෂා 300 කට පමණ පරිවර්තනය වෙලා තියෙන මේ පොත අද වෙද්දී පිටපත් මිලියන 140ක් පමණ විකිණිලා තියෙනවා ලෝකය පුරා. මේ කතාව ලියල තියෙන්නෙ Antoine de Saint-Exupéry කියන ප්‍රංශ ජාතික ලේඛකයා විසින් 1943 වගේ ඉතාම ඈත කාලෙක. විශ්වය පුරා සංචාරය කරපු තරුණ කුමාරයෙක් ගැන, ඔහුගේ හැඟීම් ගැන අපුරුවට ලියවුන කතාවක් විදිහට හඳුන්වන්න පුළුවන් මේක.


    5. “The Hobbit” – J.R.R. ටෝකියන්

    05-3.jpg


    අපි කලින් කතා කරපු The Fellowship of the Ring කතාව ලියපු ලේඛකයා විසින්ම තමයි මේ නවකතාවත් ලියල තියෙන්නෙ. මේකත් fantasy කාණ්ඩයට අයිති වෙන ළමා නවකතාවක්. මේ කතාව එළිදක්වල තියෙන්නෙ 1937 සැප්තැම්බර් මාසයේදී. අද වෙද්දී ලෝකය පුරා පිටපත් මිලියන 150ක් පමණ අලෙවි වෙලා තියෙනවා.

    6. “Harry Potter and the Sorcerer’s Stone” – J.K. රෝලින්ග්

    06-2.jpg


    හැරී පොටර් කියන්නෙ බොහොම ජනප්‍රිය යොවුන් නවකතාවක්. මේක කතා මාලාවක් (Series) විදිහට ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා. 1997 දී J. K. Rowling කියන ලේඛිකාව විසින් ලියපූ මේ නවකතාව අද වෙද්දී ලෝකය පුරා පිටපත් මිලියන 120ක් පමණ අලෙවි වෙලා තියෙනවා. විශේෂයෙන් මේ කතා මාලාව පාදක කරගෙන ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපට මාලවකුත් තිරගත වුණා ‍.

    7. “Scouting for Boys” – රොබට් බේඩන් පවල්

    07-3.jpg


    මේක ලෝකය පුරාම ඉන්න යොවුන් වියේ පසුවන අයගේ අත්පොතක් කියල කිව්වොත් වඩා නිවැරදියි. ලෝකයට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දීපු ඒ වගේම බාලදක්ෂිකා ව්‍යාපාරය හඳුන්වදෙන්නත් මූලික වුණු බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල් රොබර්ට් බේඩන් පවල් සාමිතුමා විසින් තමයි මේ අත්පොත ලියල ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ. 1908 වගේ ඈත කාලෙක ලියපු මේ පොත අදටත් ලෝකය පුරා බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත වෙන ලොකු කුඩා හැම කෙනෙක්ගෙම අත්පොතක් විදිහට භාවිතා කෙරෙනවා. අද වෙද්දී පිටපත් මිලියන 100 පසු කරමින් අලෙවි වෙලා තියෙන මේ පොත ලංකාවෙත් භාවිතා කෙරෙනවා.
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93

    3. “The Fellowship of the Ring”- J.R.R. ටෝකියන්

    03-2.jpg


    ලෝක ප්‍රසිද්ධ The Lord of the Rings කතාවේ පලවෙනි කොටස තමයි මේ. J. R. R. Tolkien කියන ලේඛකයා විසින් 1954 දී තමයි මේ කතාව එළිදැක්වුවේ. මේක fantasy ගණයට අයිති වෙන නවකතාවක්. අද වෙද්දී ලෝකය පුරා මේ පොතේ පිටපත් මිලියන 150ක් විතර විකිණිලා තියෙනවා. මහා බලසම්පන්න මුදුවක් පිළිබඳව තමයි මේ කතාව ලියවිලා තියෙන්නෙ.

    5. “The Hobbit” – J.R.R. ටෝකියන්

    05-3.jpg


    අපි කලින් කතා කරපු The Fellowship of the Ring කතාව ලියපු ලේඛකයා විසින්ම තමයි මේ නවකතාවත් ලියල තියෙන්නෙ. මේකත් fantasy කාණ්ඩයට අයිති වෙන ළමා නවකතාවක්. මේ කතාව එළිදක්වල තියෙන්නෙ 1937 සැප්තැම්බර් මාසයේදී. අද වෙද්දී ලෝකය පුරා පිටපත් මිලියන 150ක් පමණ අලෙවි වෙලා තියෙනවා.
    :love2: :love2: :love2: :love2::love::love::love::love: