ලෝකය විනාශ වන්නේ ගින්නෙනි
ගින්දර
ලෝකය විනාශ වන්නේ ගින්නෙනි. මේ ගින්න ගිනිගෙන දැවෙමින් වැටෙන උල්කාපාතයක් විය හැකිය. න්‍යෂ්ටික බෝම්බ වල තාපය විය හැකිය. නැතිනම් සිකුරු ග්‍රහයාගේ මෙන් හරිතාගාර ආචරණය නිසා දැවී යාමක් විය හැකිය. 2019 වසරේ සංකේතාත්මක ගිනි දෙකක් විය. පළමුවැන්න බ්‍රසීලයේ නව අන්ත දක්ෂිනාංශික, ජාතිකවාදී ජනාධිපති බෝල්සේනාරෝගේ ආශීර්වාදය ඇතිව ඇමසෝන් වනාන්තරයේ කොටස් දවාලීමයි. ඇමසෝන් වනය කාර්මික වුවමනාවන් සඳහා විවෘත කල යුතුය යන්න ඔහුගේ ඡන්ද පොරොන්දුවක් විය. දෙවැන්න ඕස්ට්‍රේලියාවේ ලැවු ගින්නයි. මේ ගින්න ඇවිලෙන අතරතුර ඕස්ට්‍රේලියාවේ නායක ස්කොට් මොරිසන් හවායි වල පුද්ගලික නිවාඩුවක් ගත් අතර "ඔය වගේ සීන් මම පොඩි එකා කාලෙත් තිබුණා" වැනි ටෝක්ස් ජනමාධ්‍යයට ඉෂූ කළේය.
ඕස්ට්‍රේලියාවේ ඉවක් බවක් නැතිව කෙරෙන ගල් අඟුරු කැණීම් වලට විරුද්ධව පාරිසරික ක්‍රියාකාරීන් විසින් විරෝධතා දැක්වූ විට "මුන් විනාශකාරී පිරිසකි" යයි මොරිසන් කීය. ලැවු ගිනි තත්ත්වය උත්සන්නව තිබියදී පවා ගල් අඟුරු කැණීම කොහෙත්ම නතර නොකරන බවත්, පාරිසරික අර්බුධය සම්බන්ධ සිය "ප්‍රතිපත්ති" වෙනස් නොකරන බවත් කීය. (මේ ප්‍රතිපත්ති යනු කාබන් විමෝචනය නිශ්චිත කාලයක් තුල යම් ප්‍රතිශතයකින් කපා හැරීමේ ඉලක්කයන් ය. සැවොම දන්නා පරිදි කිසිවෙක් මේ ඉලක්කයන් වෙත ලඟා වීමට සීරියස් උත්සාහයක් ගන්නේ නැත.)
බ්‍රසීල ජනාධිපති බෝල්සෙනාරෝ ලෝක පාරිසරික අර්බුධය ගැන දරන අදහස එය පල් බොරුවක් බවයි. ඇමරිකාවේ අන්ත දක්ෂිනාංශික ජනාධිපති ට්‍රම්ප් පාරිසරික අර්බුධය ගැන දරන්නේ මෙවැනිම මතයකි. ට්‍රම්ප් ට අනුව එය චීනය විසින් නිර්මාණය කරන ලද බොරුවකි. ලෝකයේ දෙවැනි ලොකුම කාබන් විමෝචකයා වන ඇමරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත් කරගත්තේද ට්‍රම්ප් ය.
ලෝකයේ හැම තැනම පාහේ ජාතිකවාදීන් දරන්නේ මෙවැනි මතයකි. ලංකාවේ ජාතිකවාදීන් සිය "නිදහස් අදහස්" ණයට ගන්නේ ඇමරිකානු විකල්ප දකුණෙන් බැවින් මෙහේ කවුරුන් හෝ "විකල්ප ශක්තිය" වැනි කතාවක් කී විට ඔවුන් කියන්නේ ඒ අය හරිත බලශක්ති සමාගම් වල ඉත්තන් බවය. (මේ ලොජික් එකටම අනුව තමන් ගල් අඟුරු හෝ තෙල් සමාගම් වල ඉත්තන් බව මුන්ට සරළ ලෙස අමතක වෙයි). "රට දියුණු කිරීම" ආගමක් කරගත් විට කාබන් විමෝචනය ආදිය නොසලකා හැරීමට සිදුවෙයි. තවද, "දියුණු රටවල්" එසේ දියුණු වී ඇත්තේ ඓතිහාසිකව විශාල ශක්ති ප්‍රමාණයක් මුදා හැරීම මගින් බවත්, අපටත් දියුණු වීමට නම් විශාල ශක්ති ප්‍රමාණයක් මුදා හැරීමට සිදුවන බවත්, එහෙත් හදිසියේ ශක්තිය මුදාහැරීමට විරුද්ධ පාරිසරික නීතිරීති පැනවීම අපට අසාධාරණයක් කිරීමක් බවත් ඔවුන් දකිති. ඊට අමතරව ලංකාව වැනි කුඩා රටක කාබන් විමෝචනය ලෝක මට්ටමෙන් සැළකු විට නොගිණිය හැකි ප්‍රමාණයක් හෙයින් එය නොවැදගත් බවද ඔවුන් දකිති.
නමුත් මේ හේතුව නිසා මේ ජාතිකවාදීන් කිසිවෙක්ට පාරිසරික ගැටළුව සීරියස් ගත නොහැකිය. එය සමච්චලයට ලක් කිරීම හෝ ග්‍රේටා තුන්බර්ග් ගේ පෑන්ටියේ පාට සෙවීම හෝ පරිසර කතිකාව යනු විකල්ප ශක්ති සමාගම් වල කුමන්ත්‍රණයකි වැනි කතා කීම මිස මුන්ට වෙන කිසිම පොසිෂන් එකකට එළඹිය නොහැකිය. මන්ද ප්‍රශ්නය සීරියස් ගත්තොත් සියල්ලට කලින් ජාතිකවාදයට කෙළවෙන බැවිනි. ඒ අපි ඉන්නේ වැට මායිම් ගසා ගෙන "අපේ වත්තේ මගුල් අපි බලාගන්නම්" යයි දිගට කිවහැකි කාලයක නොවන බව ඉන් ඇඟවෙන නිසාය. උතුරු ධ්‍රැවයේ ග්ලැසියර දියවීම නිසා මාලදිවයින යටවන විට මාලදිවයින් ජාතිකවාදියෙක්ට අත්වන ඉරණම කුමක්ද? "ලෝක සංස්ථාපිතයෙන්" ග්ලැසියර කූල් කරන ලෙස ඉල්ලා සිටිය හැකිද?
====
වර්තමාන පාරිසරික අර්බුධයේ ප්‍රධාන පැති දෙකක් තියෙනවා.
1. ලෝකයේ උෂ්ණත්වය වැඩි වීම හෙවත් හරිතාගාර ආචරණය. පොඩි ගූගල් සර්ච් එකකින් සොයාගතහැකි ප්‍රස්තාර කිහිපයකින් සරලව පෙනෙන පරිදි අපේ ලෝකය ක්‍රමිකව වඩා උණුසුම් වෙමින් පවතී. වඩා ඉන්ටරස්ටින් ප්‍රස්තාරයක් මෙතනින් බලාගන්න පුළුවන් (zoom කරලා බලන්න):
https://imgs.xkcd.com/comics/earth_temperature_timeline.png
2. ලෝකයේ ජීවගහන වඳවීම. සාමාන්‍යයෙන් කියන විදිහට නම් ලෝකයේ මෙතක් මහා පරිමාණයෙන් ජීවීන් වඳවීම් පහක් තිබුණු බවත්, අපි මේ ඉන්නේ හයවෙනි මහා වඳවීම ඇතුලත බවත්. මේ වඳවීමට හේතුව මිනිස් ක්‍රියාකාරකම් විය හැකියි. මේ ජීවගහන කිව්වම ශාක සහ ජලජ ජීවය ඇතුළු සියල්ල අඩංගුයි.
මේ දෙකම පැහැදිලි "විද්‍යාත්මක" සාක්ෂි සාධක සහිත සංසිද්ධි. සාක්ෂි විදිහට ගත්තම මේවා කොහෙත්ම "මතබේධාත්මක" දේවල් නෙමෙයි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ වගේ ගැටළු මතුවෙන්නේ කොයි ආකාරයටද කියල හිතන එකයි. වැඩේ අවුල් යන තැන මෙතන නිසා අපි පීලි මාරු කරමු.
====
වෙළඳ දැන්වීම් කියන්නේ මොනවාද?
වෙළඳ දැන්වීමක් කියන්නේ මොකක්ද? මුල් වටයකදී මෙහෙම කියන්න පුළුවන්: වෙළඳ දැන්වීමක් කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව ජනතාව දැනුවත් කරන සන්නිවේදනයක්. ඉතින් තමන්ට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් ගැන මේ වෙළඳ දැන්වීමෙන් දකින බුද්ධිමත් පාරිභෝගිකයා අනෙක් තරඟකරුවන්ගේ භාණ්ඩයක් හෝ සේවාවක් සමඟ මේක සංසන්දනය කර තමන්ට අවශ්‍ය නිවැරදි දේ තෝරා ගන්නවා. මේක කියෙව්වම හිනා යන තත්වයක් පහල වෙන්නේ නැද්ද?
උඩ කතාව සත්‍යයක් නම්, කොකා කෝලා බෝතලයක් කෙනෙක් මිලට ගන්නේ ඇයි? හැම ළදරුවාම දන්නා පරිදි කොකා කෝලා යනු ශරීරයට අන්ත අහිතකර, කිසිම ඵලයක් නැති, ඒවා බෝතල් කරන තැන්වල ජල පද්ධති වලට හානිකිරීම හරහා නිෂ්පාදනය කරන භාණ්ඩයකි. කිසිදු සිහිබුද්ධියක් ඇති කෙනෙකුට කොකා කෝලා බීමට අවශ්‍ය විය නොහැකිය. එහෙත් කොකා කෝලා යනු ලොව වැඩියෙන්ම අලෙවි වන පානයකි. එසේ වූයේ හුදෙක්ම වෙළඳ දැන්වීම් හරහා කරන ලද "උවමනාවන් නිෂ්පාදනය" හරහා ය. "EGB නැතුව කෑම එපා" මෝඩ් එකෙන් කොකා කෝලා නැතිව කෑම නොකන උන් සිටිති, කොකා කෝලා නැතුව අරක්කු නොබොන උන් සිටිති. මේ අයගේ "උවමනාව" කෘත්‍රිමව නිෂ්පාදිත උවමනාවකි. මේ අනුව බැලූ කල වැඩකට නැති පමණක් නොව, අපිට හානිකර දෙයක් අපට අත්‍යවශ්‍ය යයි අපටම ඒත්තු ගන්වා, අපම ලවා මුදල් දී කඩෙන් ඒ වැඩකට නැති ලබ්බ අරගෙන පරිභෝජනය කර, අපි ස්ව කැමැත්තෙන් ලෙඩ කරවන වැඩකි කොකා කෝලා සමාගම කරන්නේ. අපිට කොකා කෝලා අවශ්‍යතාව හැදීම සඳහා නිර්මාණය කරන වෙළඳ දැන්වීම් වල වියදමද නැවත කොකා කෝලා බෝතලය තුල අඩංගු ය. ඒ අනුව ගත් කල අපව ලෙඩ කිරීම සඳහා පමණක් නොව, නොමඟ යවනු ලැබීම සඳහා ද අපි අපේ කැමැත්තෙන් මුදල් ගෙවමු. (අපේ කැමැත්ත කියන්නේ මොකක්ද එතකොට?)
වෙළඳ දැන්වීමක ඇත්ත ස්වභාවය ඔය කොකා කෝලා උදාහරණයේ වැනි වූවකි. එසේ නොවී නම් මෙතරම් වෙළඳ දැන්වීම අවශ්‍ය වන්නේ නැත. දැන් අපිට ඇසීමට ඇත්තේ කොකා කෝලා සඳහා වූ "අවශ්‍යතාවය" වෙළඳ දැන්වීම් නොවී නම් අපට තිබේද යන්නයි. පිළිතුර පැහැදිලිය. අපේ ජීවිතයේ සාතිශය බහුතරයක් මිලදී ගැනීම් මේ ආකාරයේ නොමග යැවීම් යයි කිවහොත් ඔබ කුමක් කියනු ඇතිද? මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ ආකාරයට වෙළඳ දැන්වීම් හරහා නොමඟ යැවීම් අතිශය නීත්‍යානුකුල බවය. රෝහණ විජේවීර විසින් තරුණයන් නොමඟ යවා මරණයට දැක්කු බව කියන උන්නාන්සේලා කොකා කෝලා බී දීර්ඝ කාලීන ලෙඩරෝග (දියවැඩියාව වැනි) සෑදී මියයන උන් ගැන කොකා කෝලා සමාගමට දොස් පවරනවා තියා සිතන්නේ වත් නැත්තේ වෙළඳ දැන්වීම් "නීත්‍යානුකූල" නිසා නොවේද? මේ "නිදහස් චින්තකයන්ගේ" චින්තනයේ නිදහස මෙතරම්ය.
ජනමාධ්‍ය (ඉන්ටනෙට් ඇතුළුව) යනු මේ නොමඟ යැවීම් අතර හිස් ඉඩ ප්‍රෝග්‍රෑම් වලින් පුරවන ක්‍රමයකි. වෙළඳ දැන්වීම් අතර හිස් ඉඩ ටෙලිනාට්‍ය, ක්‍රිකට් මැච්, රියලිටි ෂෝ ආදියෙන් පිරවිය හැකිය. මේ වෙළඳ දැන්වීම් විවිධාකාරය. ඒවා ලෝකයේ ඇති සන්නිවේදන ක්‍රම සහ කතන්දර කීමේ සහ ආකර්ෂණය ලබාගැනීම ක්‍රම සියල්ල උපයෝගී කරගනී. එසේ වෙතත් ඕනෑම වෙළඳ දැන්වීමක මූලික පණිවුඩය එකකි. එය නම් "පරිභෝජනය කරනු" යන්නයි. කොකා කෝලා වෙළඳ දැන්වීමක කිසි විටෙක කොකා කෝලා පරිභෝජනය එපා කියන්නේ නැත. දැන් හිතන්න, දවසකට සිය ගාණක් බැගින් දශක ගානක් තිස්සේ "පරිභෝජනය කරනු" යන පණිවුඩය ලස්සන කෙල්ලන්ගේ කටෙන්, ලස්සන කොල්ලන්ගේ ඉඟියෙන්, ක්‍රිකට් තරුවල බැට් එක මැද්දෙන්, සිනමා තරුවල නිලන්කාරය මැද්දෙන්, දොස්තරලාගේ නලාව අස්සෙන්, අම්මලාගේ සාරිපොටවල් අස්සෙන් නිරන්තරයෙන් ඇසූ දුටු කෙනෙක් පරිභෝජනය කිරීම ගැන කුමක් සිතනු ඇතිද? එවන් අයෙකුට පරිභෝජනය යනු ජීවිතයට සමාන පදයක් වනු ඇත. නිරන්තර පරිභෝජනය යනු සතුට, සැනසුම, ඇගයීම ලබාගැනීමේ එකම මාර්ගය ලෙස දකිනු ඇත. පොසිටිව් තින්කින්ග් ඉගෙනගත් ඩයල් එකක් "ඔවු මට පුළුවන්" යයි තමන්ට දිනකට දෙතුන් වතාවක් කියා ගැනීම හරහා තමන්ගේ ජීවිතය වෙනස් වනු ඇති බව සිතයි. එහෙත් ඔහුට දිනපතා දහස් වතාවක් දකින අහන වෙළඳ දැන්වීම් වලින් කියන "පරිභෝජනය කරන්න" යන වචන හරහා ඔහුගේ ජීවිතයට බලපෑමක් නැති බව සිතයි. Usual suspect චිත්‍රපටයේ කියන විදිහට නම්: The greatest trick the devil ever pulled was to convince the world he didn't exist.
ඉතින් මේ සටන් පාඨය අභ්‍යන්තරීකරණය කරගන්නා පාරිභෝගිකයා දිගට පරිභෝජනය කරයි. ඔහුගේ සීමාව වන්නේ අතේ ඇති මුදල පමණි. කොච්චර හම්බකරත් ඊට සරිලන වියදම් මැජික් බලෙන් මෙන් නිර්මාණය වීමට හේතුව ඇත්තේ තමන් තුලය. ඉස්සර කැකුළු හාලේ බත කෑ එකා බුරියානි කන්න ගනී. කලින් කොස් දෙල් කෑ එකා හැම් බේකන් සොසේජස් චීස් බටර් ආදිය කන්න ගනී. කලින් ලිඳෙන් හෝ පයිප්පෙන් වතුර බිව් එකා බෝතල් වතුර හෝ කොකා කෝලා බොන්න ගනී. කලින් දුම්රියේ තෙරපී වැඩට ගිය එකා දැන් කාර් එකේ ට්‍රැෆික් එකේ වැඩට යන්න ගනී. කලින් නෝමල් ෆෝන් එකක් තිබුණු එකා අයි ෆෝන් එකක් ගනී. කලින් චාම් කෙල්ලෙක් එක්ක ලවු කල එකා දැන් හයි මේන්ටනන්ස් කෑල්ලක් හොයා ගනී. කලින් නිවාඩුවට ගමේ ගිය එකා සල්ලි එකතු කර තායිලන්ඩ් ටුවර් එකක් යයි. Endless possibilities. ඇත්තටම මේ ආශාවන් විවිධාන්ගීකරණයට කෙළවරක් නෑ. ඉතිං endless possibilities කිව්වට මේ පොසිබිලිටිස් සල්ලි වලින් සීමා වෙනවා. තායිලන්ඩ් ටුවර් එකක් වෙනුවට නවසීලන්ත ටුවර් එකක් යන්න ඕනේ නම් තව සල්ලි හොයන්න වෙනවා... etc etc, rat race, etc...
මේ පොඩි ට්‍රික් එක විසින් මේ විදිහට මුළු සමාජය සංවිධානය කරනවා. එහා ගෙදර එකාත් මමත් තරගෙට දුවන්නේ අපි දෙන්නගේ අවුලක් නිසා නෙමෙයි, කොකා කෝලා සමාගමේ ඇජෙන්ඩා එකකට අනුව. අනෙක් අතට කොකා කෝලා සමාගම සමාජයට කෙළවන්නේ ඒකෙ වැඩකරන උන්ගේ අවුලක් නිසා නෙමෙයි, ඒක මේ මුළු ක්‍රමයේ ඇජෙන්ඩා එක නිසයි. වෙළඳ දැන්වීම් නිර්මාණය වෙන්නෙත් එහෙමයි. මේවා මෙහෙයවන තනි පුද්ගලයෙක් හෝ සංවිධානයක් නැහැ. අපි හැමෝම මේකේ කොටස්. මේකෙන් කිසිවෙකුට ලේසියෙන් ගැලවීමක් නැහැ.
මිනිස්සු තමන්ගේ "දියුණුව" මනින්නේ ඉස්සරට සාපේක්ෂව තමන් දැන් කොච්චර පරිභෝජනය කරනවද කියන විදිහෙන්. කාගෙන් හරි ඇහුවොත් එයාගෙ පරිභෝජනයේ සංවර්ධනය ගැන එයා නිශ්චිත කතන්දරයක් විදිහට කියන්න ඉඩ තියෙනවා. "ඉස්සර අපි ඉස්කෝලේ යනකොට හැතැම්ම දෙකක් පයින් යන්න වුනා, පස්සේ බයික් එකෙන් ගියේ උසස්පෙළ කාලේ, කැම්පස් එකේදී මහපොලෙන් තමා කෑවේ කැන්ටිමේ බාල බත් එක, පලවෙනි රස්සාවට ගියාම ලෝන් එකක් දාල කාර් කට්ටක් ගත්ත, etc, etc" මේ තියෙන්නේ පාරිභෝගිකත්වයේ ක්‍රමික වර්ධනයේ අවස්ථා. කෙනෙක් තමන්ගේ ජීවිතයේ ප්‍රගතිය සහ achievements මනින්නෙම පරිභෝජනයේ කෝණයෙන්.
මෙහෙම සමාජයකට "පරිභෝජනවාදය අවුල් ඕයි" වගේ කතාවක් කිව්වම කන පලාගන්න චාන්ස් එකක් තියෙනවා. ඒත් මේක අවුලක්.
මේ පරිභෝජනවාදී සමාජය නිරන්තරයෙන් අලුත් අවශ්‍යතා නිර්මාණය කරනවා. මේ අලුත් අවශ්‍යතා කිසිවක් අපිට ඇත්තටම අවශ්‍ය නෑ. හරියට හැමදාම අලුතෙන් අයි ෆෝන් ඒම වගේ. නමුත් අලුතෙන් අයි ෆෝන් එකක් ආවම මිනිස්සු පරණ එක විසික් කරලා අලුත් එකක් පොරකකා ගන්නවා. (එහෙම ගන්නේ ඇයි කියන එකට හේතුව නැවත කොකා කෝලා පන්නයේ හේතුවක්.) මේ අලුත් අවශ්‍යතා නිෂ්පාදනය සහ ඒවා තෘප්ත කරන භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය නිසා ලෝකයේ භෞතික පදනම (හරියටම කිව්වොත් පෘථිවි කබොල්ල, ජෛවගෝලය සහ වායුගෝලය) ක්‍රමිකව විනාශ වෙනවා. මෙසේ විනාශ නොකර මේ වර්ධනය වන පරිභෝජන චක්‍රය පවත්වා ගත නොහැකියි. අපි අද "සංවර්ධනය" කියල අදහස් කරන්නේ මේ වර්ධනය වන පරිභෝජනයට මිස වෙනකකට නෙමෙයි.
මේ විනාශය තමයි අපි දකින්නේ පරිසර අර්බුධය විදිහට. උදාහරණයකට අධික නිෂ්පාදනය සහ ඉන්ධන දහනය නිසා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහල යාම කියන්නේ පරිභෝජනවාදයේ සෘජු ප්‍රතිපලයක්. හැම කොල්ලටයි බල්ලටයි කාර් එකක් උවමනා වීම කියන්නේ පරිභෝජනවාදය තමයි. ඒකෙ ඵලය තමයි ලෝකේ උෂ්ණත්වය ඉහල යාම. එතකොට ඕස්ට්‍රේලියාවේ ලැවු ගිනි සහ අපේ ජීවන රටාව අතර ලොජිකල් ගත්තම සම්බන්ධයක් තියෙනවා. ඕකයි ප්‍රශ්නේ.
(වෙළඳ දැන්වීම් නිසා හුදෙක් මිනිස්සු පාරිභෝගිකයන් වෙනවා කියල නෙමෙයි කියන්නේ. මේ එක ඇස්පෙක්ට් එකක් විතරයි. නමුත් ඒක මේ ලෝකය වැඩ කරන හැටි ගැන හොඳ දර්ශකයක්)
====
ජනගහන scapegoat එක
"ධනවාදය" හෝ "පරිභෝජනවාදය" වැනි වචන වලට අකමැති අය පාරිසරික ප්‍රශ්නය ගැන කතා කරද්දී යොදාගන්න මැජික් වචනයක් තමා "ජනගහනය". මේ අයට අනුව ජනගහන ප්‍රශ්නය තමා ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය. නමුත් ජනගහන වර්ධනය කියන්නේ මොකක්ද? ගිහින් ඓතිහාසික ලෝක ජනගහණ වර්ධන ප්‍රස්තාරයක් අරගෙන බලන්න. මෙන්න උදාහරණයක්:
පොයින්ට් දෙක තුනක් නෝටිස් කරන්න.
1. ප්‍රතිජීවක සහ එන්නත් එනකොට ප්‍රස්තාරය අම්මටසිරි වශයෙන් නැගීම අරඹා ගොඩක් කල් ය. මේවා ජනගහන වර්ධනයට හේතු වුවද, ප්‍රධාන හේතු නොවේ.
2. ජනගහන වර්ධනයේ මුල්ම හරියේ කියවෙන දෙවෙනි කෘෂිකාර්මික විප්ලවය යනු බ්‍රිතාන්‍යය තුලදී එක අතකින් වැඩවසම් ක්‍රමය යටතේ තිබුණු පොදු භූමිය පුද්ගලික අයිතියට හැරවීම හරහා ඵලදායිතාව නැංවීම නිසා සිදුවුණු දෙයකි. ගම්මාන වල වැඩවසම් ස්වාමියා යටතේ පොදු භූමියක් වගා කල සහ භුක්ති විඳි ජනයාව ඒවායින් පලවා හැරුණු අතර භූමිය කොටස් කර තනි අයිතියට පත් කෙරුණි. මෙසේ පුද්ගලික අයිතියට ගැනුණු ඉඩම් වල කැලේ දර කැඩීම, මුවෙක් මරා ගැනීම වැනි දේ තහනම් කෙරුණි (රොබින් හුඩ් නාට්‍ය මාලාව සිහිකරගන්න). මෙසේ යන එන මං නැති කෙරුණු ගැමි ජනයාව දුගීන් බවට පත් කර නගර වලට ගාල් කෙරුණි. මෙසේ නගර වලට පලවා හැරුණු කිසිවක් කරකියාගත නොහැකි ජනයාගේ ශ්‍රමය සූරාකෑමෙන් කාර්මික විප්ලවය සිදුවුණු බව කියවේ. මෙසේ නාගරික ජනගහනය වර්ධනය වෙත්ම, වෙළඳපොල වර්ධනය විය. මන්ද කලින් ගමේ අතට අහුවෙන දෙයක් කකා සිටි උන් දැන් නගරයේ හාමතේ සිටින බැවින්, උන් කලින් සිටි ගම අල්ලාගෙන වගා කරන එකාට සිය වගාව දැන් මුන්ට විකිණිය හැකි නිසාය.
3. අද ලෝකයේ 50%කට වඩා ජනතාව නාගරිකව ජීවත් වෙති. 1800දී ලෝකයේ ජනයාගෙන් නාගරිකව ජීවත් වූයේ 10%කටත් අඩු ප්‍රමාණයකි. මේ අනුව ජනගහන වර්ධනයට ප්‍රධානම සාධකයක් වන්නේ නාගරීකරණයයි. පෙර කී ලෙස නාගරීකරණය යනුම ධනවාදයේ නිර්මාණයකි. ලංකාවේ තමන්ට ආසන්න උදාහරණ වලින් මෙය සරලව තේරුම් ගත හැකිය. නාගරික මිනිස්සු සහ ග්‍රාමීය මිනිස්සුන්ගේ ජීවිත අතර වෙනස කුමක්ද? අනෙක් අතට වැඩියෙන්ම පරිභෝජනය කරන්නේ නාගරිකයන් ය. ඔවුන් අයිඩියල් පාරිභෝගිකයන් ය. සිය ජීවිතයේ කිසිදු සාරාත්මක දෙයක් නැති හෙයින් නිරන්තරයෙන් ජීවිතය පාරිභෝගික භාණ්ඩ සහ සේවා වලින් පුරවා දැමිය යුතු වෙයි. ග්‍රාමීය ජීවිතය තුල මෙය මේ මට්ටමට සිදුවේ යයි සිතිය නොහැකිය.
4. වර්තමානයේ නම් ජාතික රාජ්‍යයන් විසින් තමන් සඳහා ජනගහන ඉලක්ක පනවාගෙන ඇත. උදාහරණයකට සුන්දර කැනඩාවේ ලස්සන ට්රුඩෝ කියන පරිදි ඔවුන්ට 2100 වන විට මිලියන සියයක ජනගහනයක් උවමනා ය. එසේ උවමනා වන්නේ සිය රටේ තරගකාරීත්වය පවත්වා ගැනීම උදෙසාය. කොළඹ දිස්ත්‍රික්කය තරම් ඉඩක් ඇති, මිලියන පහකට වැඩි ජනතාවක් වෙසෙන සින්ගපුරුව නම් නගරයේ පාලකයෝ සිය වැසියන්ගෙන් වඩ වඩා ළමයි හදන මෙන් ඉල්ලා සිටිති.
එනිසා මේ "ජනගහන වර්ධනය" යනු කොහෙත්ම ස්වභාවික හෝ නිරායාස දෙයක් නොවේ. එය මේ ආර්ථික ක්‍රමයේ මූලයන් සමඟ තදින් බැදී තිබේ. තවද, අවශ්‍යතාවය ඇති නම් ජනගහනය පාලනය කිරීම හෝ අඩු කිරීම නොකළ හැක්කක්ද නොවේ.
අතිරේක කාරණයක් ලෙස පරිභෝජනය සහ ජනගහනය අතර සම්බන්ධය සැලකිය යුතුය. පොඩි අදහසක් ගැනීමට මේ ප්‍රස්තාරය බලන්න:
https://en.wikipedia.org/wiki/List_...hold_final_consumption_expenditure_per_capita
ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ රටක මුළු භාණ්ඩ හා සේවා පරිභෝජනය ජනගහනයෙන් බෙදූ විට එන අගයයි. විය යුතු පරිදිම ඇමරිකාව ඉහලම සිටී. ඇමරිකාවට ඉහලින් සිටින්නේ හොංකොං පමණි. (මෑත හොංකොං විරෝධතා වලදී ඔවුන් ඇමරිකානු ජාතික ගීය ගැයූ බවත්, ඇමරිකාවෙන් සහය ඉල්ලා සිටි බවත් මතක් කරගන්න.) අපේ "පරිභෝජනය" සහ ඇමරිකාවේ පරිභෝජනය ගැන කිව හැක්කේ කුමක්ද? එය අහසට පොලොව වගේය. හරියටම අපේ විමෝචන සහ ඇමරිකාවේ විමෝචන අහසට පොලොව මෙනි. මෙතනදී ජනගහනය සහ පරිභෝජනය අතරට පරිභෝජන රේට් එක පැමිණෙයි. ලෝකයම ඇමරිකාවේ රේට් එකෙන් පරිභෝජනය කලේ නම් මෙලහටත් ලෝකය සිකුරු ග්‍රහලෝකයකි. නමුත් ලෝකයම ලංකාවේ රේට් එකෙන් පරිභෝජනය කලේ නම් අපිට මෙතරම් අවුලක් වේ යයි සිතිය නොහැකිය. ලිස්ට් එකේ දහවෙනි තැන සිටින ඕස්ට්‍රේලියානුවන් "අවුල ඇත්තේ ජනගහනය" තුල යයි කියන විට ඔවුන් අමතක කරන්නේ ලෝකයේ බොහෝ මිනිස්සු මුන් තරම් රේට් එකකින් ලැට් වලවල් පුරවන්නේ නැති බවය. ඒ නිසා මේ "ලෝක ජනගහනය දැරිය නොහැකියි" කියන කතාව ඉතාම සීමිත කතාවකි. එය ප්‍රධාන ගැටලුව අමතක වැරදි ඇනලිසිස් එකක් හරහා භයානක නිගමන සහ නිර්දේශ වලට එළඹෙයි. මේ අයගේ නිර්දේශ වන්නේ ස්වභාවික (හෝ අස්වාභාවික) ක්‍රම හරහා ජනගහනය අඩු කිරීමය. මිනිස්සු මැරීමට වඩා පරිභෝජනය අඩු කිරීම හොඳ බව මේ පිස්සු යක්කුන්ට වැටහෙන්නේ නැත්තේ ඔවුන් පරිභෝජනයේ සුවච කීකරු වහලුන් නිසාය. කොකා කෝලා වෙළඳ දැන්වීමක් රහිත සමාජයක් ගැන ඔවුන්ට සිතාගත නොහැකි නිසාය.
මෙහෙමම පරිභෝජනය කරමින් විනාශය කරා යාම හැර වෙන කිසිදු විකල්පයක් මේ "ජනගහනයයි අවුල" කියන අයට නැත. අපි මේකට කියන්නේ ධනවාදී දෘෂ්ටිවාදය කියාය. මේ සිහිබුද්ධියෙන් කියන කතාවක් නොව අවුල වෙන තැනකට විස්ථාපනය කිරීමකි.
====
තව ලියන්නට බොහෝ පැති ඇතත් දැනටමත් දිග වැඩි නිසා නවතිමි.
මේ කියන කතා "මනෝරාජික", "ෆැන්ටසි" හෝ "ප්‍රැක්ටිකල් නැති" බව කියන්නන් වෙත කිව යුත්තේ එකෙන්ම මේවා එහෙම බවය. අනෙක් පැත්තට කියන්න ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ගින්නට මැදිව, ළමයි වඩාගෙන මුහුදට බැස ජීවිතය බේරාගැනීම හෙනම ප්‍රැක්ටිකල් බවය. එතරම් ප්‍රැක්ටිකල් දෙයක් වෙන කොහිද? "ප්‍රැක්ටිකල්" යන වචනය ගැන පොඩ්ඩක් නැවත හිතා බලන්න