Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'ලෝකය'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පිළිබඳව පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ" යන ග්රන්ථ රත්නයේ එන මනා විවරණයකි පහත දැක්වෙන්නේ...

ලෝක

ලෝකය, පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාරන්නේ ලෝකයේ මං මුලාවී අතරමං වී සිටින පිරිස කථා කරන ආකල්පයෙන් නොවේ. එහෙත් ලෝකය, යන වචනය ඇසෙන විට එක් වරම අපට සිතෙන්නේ කුමක්ද? එනම් පෘථිවිය, ඉරහඳ, ග්රහතාරකා යනාදියයි. ඒ ලෝකය, නාමයෙන් අප ලද දැනුමේ පිළිවෙලය. එසේ නම් ලෝකය යනු කුමක්ද? ලෝකයේ සැබෑ අර්ථය දන්නේ ලෝකවිදූ හෙවත් ලෝකය පිළිබඳ යථාර්ථය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ පමණි.

වරක් ලෝකය යනු ඉර, හඳ, ග්‍රහ, තාරකා යයි සිතා සිටි රෝහිතස්ස නම් එක්තරා දිව්‍ය පුත්‍රයෙකුට ලෝකයේ කෙළවරක් සොයන්නට සිතිණ. එලෙසින් ලෝකයේ කෙළවර සොයා ගත් විට අමරණීය ජීවිතය ලැබෙන්නේ යයි ඔහුගේ අදහස වීය. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි හේ මේ කරුණ විමසීය. එතැනදී උන්වහන්සේ වදාළේ ලෝකයේ කෙළවරටම ඇවිදගෙන යන්නට සිතාගෙන ලෝකයේ අතරමං වී සිටිනවුන්ගේ නෙත් විවර කරවන පිළිතුරකි.

"පින්වත, මා අවබෝධ කළ සැබෑ ලෝකය වනාහී ඔබ සිතන පිළිවෙලේ ගමනකින් ගොස් කෙළවරක් දකින ලෝකයක් නොවේ. ඔබ සිතන ආකාරයට ලෝකයේ කෙළවරක් කිසිදා දැක්ක නොහැකිය. එහෙත් ලෝකාවබෝධය පිණිස නම් ලෝකයේ කෙළවර දක්වාම අවබෝධ කර ගත යුතුය.

එනම් (මායාකාරී) සිතක පැවැත්ම සහිත, වටපිටාව හඳුනා ගනිමින් සිටින බඹයක් පමණ වූ මේ සිරුරෙහිය ඒ ලෝකය තිබෙන්නේ. ලෝකයේ පැවැත්ම යළි යළිත් සකස් කර දෙන හේතුව තිබෙන්නේද එහිය. එම හේතුව නැති කිරීමෙන් ලෝකයෙන් මිදීමේ හැකියාව තිබෙන්නේද එහිය. ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල තිබෙන්නේද එහිය."

(රෝහිතස්ස සුත්ත - සං. නි.)

වරක් ලෝකය පිළිබඳව එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මෙබඳු ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළහ.

"භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ලෝකය ලෝකය කියා කවුරුත් කථා කරති. ලෝකය, යන්නේ සැබෑ අර්ථය කුමක්ද?"

"පින්වත් භික්ෂූව, ලෝකය, කියා කියන්නේ නැසී, වැනසී යන නිසා (ලූජ්ජතීති ලෝකෝ) ය."

(ලෝක සුත්ත - සං. නි.)

ආනන්ද හිමියන්ද ලෝකය ගැන එම ප්‍රශ්නයම උන්වහන්සේගෙන් ඇසූ විට මෙසේ පිළිතුරු දුන් සේක.

"පින්වත් ආනන්දයෙනි, සිඳී බිඳී යන යමක් ඇද්ද, අන්න ඒ දෙය ලෝකය, වශයෙන් මේ සද්ධර්මයෙහි සලකනු ලැබේ.

කුමක්ද ආනන්දයෙනි, මේ සිඳී බිඳී යන දෙය. එනම්

- ඇසය. ඇසට පෙනෙන රූපය. ඇස මුල් කොට ඒ රූප සිතින් දැන ගැනීම (චක්ඛු විඤ්ඤාණය) ය. ඒ නිසා ඇතිවන සැප - දුක් විඳීමය.

- කණ ය...

- නාසය ය...

- දිවය...

- කය ය...

- සිතය. සිතට සිතෙන සිතුවිලි ය. සිත මුල් කොට එම සිතුවිලි දැනගැනීම (මනෝ විඤ්ඤාණය) ය. ඒ නිසා ඇතිවන සැප - දුක් වේදනා විඳීමය.

මේ වනාහී සිඳී බිඳී යන ලෝකයයි."

(පලෝකධම්ම සුත්ත - සං. නි.)

තවත් වරෙක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ ගෙන් මෙසේ ප්‍රශ්නයක් විමසූහ.

"භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ලෝකය හිස් ය, (සුඤ්ඤෝ ලෝකෝ - ශුන්‍ය ලෝකයක්) ලෝකය හිස්ය, කියා කවුරුත් කතා කරති. ලෝකය හිස්, යන්නෙහි සැබෑ අර්ථය කුමක්ද?"

"පින්වත් ආනන්දයෙනි, යථාවබෝධය තුළින් ලෝකය දෙස බලන විට එහි ආත්මයක් (ස්ථිර ස්වභාවයක්) හෝ ආත්මයකට (ස්ථිර ස්වභාවයකට) අයත් දෙයක් හෝ කුමන ආකාරයෙකින් වත් දැක්ක නොහැකිද, අන්න ඒ නිසා එය (ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින්) ශුන්‍ය වූ හිස් වූ ලෝකය කියා සලකනු ලැබේ.

ආනන්දයෙනි, යථාවබෝධය තුළින් කුමක් දෙස බලන විටද එහි ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයකින් වත් දැක්ක නොහැක්කේ?

- (යථාවබෝධය තුළින්) ඇස දෙස බලන විටය. රූප දෙස බලන විටය. ඇස මුල් කොට ඒ රූප සිතින් දැන ගැනීම (චක්ඛු විඤ්ඤාණය) දෙස බලන විටය. ඒ නිසා සැප - දුක් විඳීම හටගන්නා හැටි බලන විටය.

- කණ දෙස බලන විටය...

- නාසය දෙස බලන විටය...

- දිව දෙස බලන විටය...

- කය දෙස බලන විටය...

- සිත දෙස බලන විටය, සිතට සිතෙන දේ දෙස බලන විටය. සිත මුල් කොට ඒ සිතිවිලි දැන ගැනීම (මනෝවිඤ්ඤාණය) දෙස බලන විටය. ඒ නිසා සැප දුක් විඳීම හටගන්නා හැටි බලන විටය.

එවිට ඒ කිසිවක් තුළ ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයෙකින් වත් දැක්ක නො හැකිය.

අන්න ඒ නිසා එය (ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් හෝ) ශුන්‍ය වූ හිස් වූ ලෝකය වශයෙන් සලකනු ලැබේ."

(සුඤ්ඤලෝක සුත්ත - සං. නි.)

සාදූ! සාදු!! සාදූ!!!

[QUOTE="kalyanamithra, post: 5865273, member: 99586"] මේ පිළිබඳව පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ" යන ග්රන්ථ රත්නයේ එන මනා විවරණයකි පහත දැක්වෙන්නේ... ---------------------------------------------------------------------- [B]ලෝක[/B] ලෝකය, පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාරන්නේ ලෝකයේ මං මුලාවී අතරමං වී සිටින පිරිස කථා කරන ආකල්පයෙන් නොවේ. එහෙත් ලෝකය, යන වචනය ඇසෙන විට එක් වරම අපට සිතෙන්නේ කුමක්ද? එනම් පෘථිවිය, ඉරහඳ, ග්රහතාරකා යනාදියයි. ඒ ලෝකය, නාමයෙන් අප ලද දැනුමේ පිළිවෙලය. එසේ නම් ලෝකය යනු කුමක්ද? ලෝකයේ සැබෑ අර්ථය දන්නේ ලෝකවිදූ හෙවත් ලෝකය පිළිබඳ යථාර්ථය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ පමණි. වරක් ලෝකය යනු ඉර, හඳ, ග්‍රහ, තාරකා යයි සිතා සිටි රෝහිතස්ස නම් එක්තරා දිව්‍ය පුත්‍රයෙකුට ලෝකයේ කෙළවරක් සොයන්නට සිතිණ. එලෙසින් ලෝකයේ කෙළවර සොයා ගත් විට අමරණීය ජීවිතය ලැබෙන්නේ යයි ඔහුගේ අදහස වීය. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි හේ මේ කරුණ විමසීය. එතැනදී උන්වහන්සේ වදාළේ ලෝකයේ කෙළවරටම ඇවිදගෙන යන්නට සිතාගෙන ලෝකයේ අතරමං වී සිටිනවුන්ගේ නෙත් විවර කරවන පිළිතුරකි. "පින්වත, මා අවබෝධ කළ සැබෑ ලෝකය වනාහී ඔබ සිතන පිළිවෙලේ ගමනකින් ගොස් කෙළවරක් දකින ලෝකයක් නොවේ. ඔබ සිතන ආකාරයට ලෝකයේ කෙළවරක් කිසිදා දැක්ක නොහැකිය. එහෙත් ලෝකාවබෝධය පිණිස නම් ලෝකයේ කෙළවර දක්වාම අවබෝධ කර ගත යුතුය. [B] එනම් (මායාකාරී) සිතක පැවැත්ම සහිත, වටපිටාව හඳුනා ගනිමින් සිටින බඹයක් පමණ වූ මේ සිරුරෙහිය ඒ ලෝකය තිබෙන්නේ. ලෝකයේ පැවැත්ම යළි යළිත් සකස් කර දෙන හේතුව තිබෙන්නේද එහිය. එම හේතුව නැති කිරීමෙන් ලෝකයෙන් මිදීමේ හැකියාව තිබෙන්නේද එහිය. ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල තිබෙන්නේද එහිය[/B]." [RIGHT](රෝහිතස්ස සුත්ත - සං. නි.) [/RIGHT] වරක් ලෝකය පිළිබඳව එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මෙබඳු ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළහ. "භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ලෝකය ලෝකය කියා කවුරුත් කථා කරති. ලෝකය, යන්නේ සැබෑ අර්ථය කුමක්ද?" "පින්වත් භික්ෂූව, [B]ලෝකය, කියා කියන්නේ නැසී, වැනසී යන නිසා (ලූජ්ජතීති ලෝකෝ) ය.[/B]" [RIGHT](ලෝක සුත්ත - සං. නි.) [/RIGHT] ආනන්ද හිමියන්ද ලෝකය ගැන එම ප්‍රශ්නයම උන්වහන්සේගෙන් ඇසූ විට මෙසේ පිළිතුරු දුන් සේක. "පින්වත් ආනන්දයෙනි, [B]සිඳී බිඳී යන යමක් ඇද්ද, අන්න ඒ දෙය ලෝකය, වශයෙන් මේ සද්ධර්මයෙහි සලකනු ලැබේ[/B]. [B] කුමක්ද ආනන්දයෙනි, මේ සිඳී බිඳී යන දෙය[/B]. එනම් - ඇසය. ඇසට පෙනෙන රූපය. ඇස මුල් කොට ඒ රූප සිතින් දැන ගැනීම (චක්ඛු විඤ්ඤාණය) ය. ඒ නිසා ඇතිවන සැප - දුක් විඳීමය. - කණ ය... - නාසය ය... - දිවය... - කය ය... - සිතය. සිතට සිතෙන සිතුවිලි ය. සිත මුල් කොට එම සිතුවිලි දැනගැනීම (මනෝ විඤ්ඤාණය) ය. ඒ නිසා ඇතිවන සැප - දුක් වේදනා විඳීමය. මේ වනාහී සිඳී බිඳී යන ලෝකයයි." [RIGHT](පලෝකධම්ම සුත්ත - සං. නි.) [/RIGHT] තවත් වරෙක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ ගෙන් මෙසේ ප්‍රශ්නයක් විමසූහ. "භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, [B]ලෝකය හිස් ය, (සුඤ්ඤෝ ලෝකෝ - ශුන්‍ය ලෝකයක්)[/B] ලෝකය හිස්ය, කියා කවුරුත් කතා කරති. ලෝකය හිස්, යන්නෙහි සැබෑ අර්ථය කුමක්ද?" "පින්වත් ආනන්දයෙනි, [B]යථාවබෝධය තුළින් ලෝකය දෙස බලන විට එහි ආත්මයක් (ස්ථිර ස්වභාවයක්) හෝ ආත්මයකට (ස්ථිර ස්වභාවයකට) අයත් දෙයක් හෝ කුමන ආකාරයෙකින් වත් දැක්ක නොහැකිද, අන්න ඒ නිසා එය (ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින්) ශුන්‍ය වූ හිස් වූ ලෝකය කියා සලකනු ලැබේ[/B]. ආනන්දයෙනි, යථාවබෝධය තුළින් කුමක් දෙස බලන විටද එහි ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයකින් වත් දැක්ක නොහැක්කේ? - (යථාවබෝධය තුළින්) ඇස දෙස බලන විටය. රූප දෙස බලන විටය. ඇස මුල් කොට ඒ රූප සිතින් දැන ගැනීම (චක්ඛු විඤ්ඤාණය) දෙස බලන විටය. ඒ නිසා සැප - දුක් විඳීම හටගන්නා හැටි බලන විටය. - කණ දෙස බලන විටය... - නාසය දෙස බලන විටය... - දිව දෙස බලන විටය... - කය දෙස බලන විටය... - සිත දෙස බලන විටය, සිතට සිතෙන දේ දෙස බලන විටය. සිත මුල් කොට ඒ සිතිවිලි දැන ගැනීම (මනෝවිඤ්ඤාණය) දෙස බලන විටය. ඒ නිසා සැප දුක් විඳීම හටගන්නා හැටි බලන විටය. එවිට ඒ කිසිවක් තුළ ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයෙකින් වත් දැක්ක නො හැකිය. අන්න ඒ නිසා එය (ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් හෝ) ශුන්‍ය වූ හිස් වූ ලෝකය වශයෙන් සලකනු ලැබේ." [RIGHT] (සුඤ්ඤලෝක සුත්ත - සං. නි.) [LEFT]---------------------------------------------------------------------- සාදූ! සාදු!! සාදූ!!! [/LEFT] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom