පින්වත් මිතුරනි,
'ලෝකය', 'ලෝකය' කියා ධර්මයේ කියැවෙනවා. එහි අරුත කුමක් ද?
( අප සාමාන්‍යයෙන් කථා කරන පෘථිවිය ඇතුළු ග්‍රහ ලෝකවලට ත් ධර්මයේ ලෝකය කියා කියනවා.
ඒත්, අප විසින් අවබෝධ කරගත යුතු 'ලෝකය' කියා දැක්වෙන්නේ එය නොවේ. )
වරක්, එක්තරා භික්‍ෂුවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේන් 'ලෝකය' ගැන විමසා සිටියා.
මෙයට 'ලෝකය' කියන්නේ ඇයිදැ යි විමසා බැලීමට ත්,
එම ලෝකයේ යථා ස්වභාවය විමසා බලන්නටත් මේ thread එක යොදා ගනිමු.
තෙරුවන් සරණයි!
'ලෝකය', 'ලෝකය' කියා ධර්මයේ කියැවෙනවා. එහි අරුත කුමක් ද?
( අප සාමාන්‍යයෙන් කථා කරන පෘථිවිය ඇතුළු ග්‍රහ ලෝකවලට ත් ධර්මයේ ලෝකය කියා කියනවා.
ඒත්, අප විසින් අවබෝධ කරගත යුතු 'ලෝකය' කියා දැක්වෙන්නේ එය නොවේ. )
වරක්, එක්තරා භික්‍ෂුවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේන් 'ලෝකය' ගැන විමසා සිටියා.
මෙන්න පිළිතුර...ස්වාමීනි, ලෝකය, ලෝකය කියල කියනවා. ස්වාමීනි, ලෝකය කියල කියන්නේ කවර කරුණු මත ද?
සළායතන සංයුක්තයේ, ගිලාන වර්ගයේ, ලෝක සූත්‍රය ඇසුරෙනි.පින්වත් භික්‍ෂුව, "සිඳී බිඳී යයි" යන අරුතෙන් තමයි ලෝකය කියල කියන්නේ.
කුමක් ද සිඳී බිඳී යන්නේ?
පින්වත් භික්‍ෂුව, ඇස යි සිඳී බිඳී යන්නේ.
රූප යි සිඳී බිඳී යන්නේ.
ඇසේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
ඇසේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.
පින්වත් භික්‍ෂුව, කණ යි සිඳී බිඳී යන්නේ.
ශබ්දය යි සිඳී බිඳී යන්නේ.
කණේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
කණේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
කණේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.
පින්වත් භික්‍ෂුව, නාසය යි සිඳී බිඳී යන්නේ.
ගඳ සුවඳ යි සිඳී බිඳී යන්නේ.
නාසයේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
නාසයේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
නාසයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.
පින්වත් භික්‍ෂුව, දිව යි සිඳී බිඳී යන්නේ.
රසය යි සිඳී බිඳී යන්නේ.
දිවේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
දිවේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.
පින්වත් භික්‍ෂුව, කය යි සිඳී බිඳී යන්නේ.
පහස යි සිඳී බිඳී යන්නේ.
කයේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
කයේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
කයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.
පින්වත් භික්‍ෂුව, මනස යි සිඳී බිඳී යන්නේ.
සිතිවිලි යි සිඳී බිඳී යන්නේ.
මනසේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
මනසේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.
පින්වත් භික්‍ෂුව, "සිඳී බිඳී යයි" යන අරුතෙන් තමයි ලෝකය කියල කියන්නේ.
මෙයට 'ලෝකය' කියන්නේ ඇයිදැ යි විමසා බැලීමට ත්,
එම ලෝකයේ යථා ස්වභාවය විමසා බලන්නටත් මේ thread එක යොදා ගනිමු.
තෙරුවන් සරණයි!
Last edited:
