ලෝකෙ කොහේවත් නෑ....

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ලෝකෙ කොහේවත් නෑ....

    ලඟදි දාපු චීනේ පරන වාහන ත්‍රේඩ් එකට හොඳ ප්‍රතිචාර හම්බූන නිසා මේ පාරත් චිනේ ගැනම තමා...හැබැයි මේ දාන ෆොටෝ ටික උබලට චිනෙට ගිහින්ම තමා බලන්න වෙන්නෙ.මොකද මේවා තියෙන්නෙ චිනෙම විතරක් හින්දා.:P හැබැයි චීනේ ගැනම දානවා කියලා බනින්න හේම එපා බොලවු.
    2015 අවුරුද්ද ඇතුලත චීනේ තමා ලෝකේ දෙවෙනියට වැඩියෙන්ම සංචාරක කර්මාන්තයෙන් ආදායම් ලබපු රට බවට පත්වෙලා තියෙන්නේ.එක(1) නම් මොකක්ද දන්නෑ..ආසන්න වශයෙන් අවුරුද්දකට මිලියන 4ක් එනවලු චීනේ බලන්න..:shocked:ඒ සංචාරකයෝ වැඩිපුර එන්න හේතු වෙච්ච තැන් ටිකක් තමා මේ තියෙන්නේ..:)


    උඩු යටිකුරු ගෙදර
    චීනේ ෂැංහයි ලඟ තියෙන පොඩි ගමක තමා මේ උඩු යටිකුරු ගෙදර තියෙන්නේ.(ගමේ නම නම් තිබ්බේ නෑ හරිය..)මේ ගෙදර තියෙන ඇඳ පුටු මේස බිත්ති සැරසිලි ඔක්කොම හියෙන්නේ අනිත් පැත්තටලු.2014 හදපු මේ ගෙදර බලන්න යන්න යුරෝ තුනකුත් අය කරනවලු.... :eek:


    59c4100000000000.jpg




    කුරුමිටි රාජධානිය....
    කුරුමිටි රාජධානිය තියෙන්නේ තීම් පාර්ක් කියන තැන.මේකේ ඉන්න කුරුමිට්ටෝ 2009 ඉඳලම මේකට එන අයව විනෝදය සපයනවලු.ඉන්න හැම එකාම අඩි 3ක් හරි 4ලු උස.මේ අය ජීවත්වෙන්නෙත් මේකේම තියෙන කොන්ක්‍රීට් වලින් හදපු බිම්මල් වගේ ගෙවල්වල.ඔය පේන්නෙ ඒවා තමා..


    69c4100000000000.jpg



    සතුටු ලෝකය..
    හදන්න මිලියන 315ක වියදමක් ගිහිල්ලා තියෙන මේ විනෝදාස්වාදය සඳහාම නිර්මාණය වෙච්ච මේ උද්‍යානය චැංග්ෂු කියන පලාතේ අක්කර 197.684ක් පුරා විහිදිලා තියෙනවා (තිතටම දැම්මා).:Pමේක හදලා තියෙන්නේ World of warcraft හා starcrat කියන ගේම් වල එන චරිත හා සිද්ධිවලින්ලු.මේ ගේම් වලට ආසාකරන අයට තමන් කැමති චරිත ඇත්තටම දැක ගන්න පුලුවන්ලු.:).


    79c4100000000000.jpg



    DSC_4449.JPG


    PICT1552.jpg


    ලෝකයේ කවුළුව..

    මේකත් තියෙන්නෙ කලින් කියපු තීම් පාර්ක් එකේමයි.ලෝකයට කවුළුව කිවුවෙ මේ තැනේ තියනවා ලෝකේ ප්‍රසිද්ධ තැන්වල තියෙන ස්මාරක වල පොඩි සයිස් එක. අයිෆල් කුලුන, වයිට් හවුස් එක, ඊජිප්තුවේ පිරමිඩ, ටජ්මහල, රශ්මෝර් ප්‍රතිමා වගේ තව ගොඩාක් දේවල්..



    89c4100000000000.jpg


    p532_d20111114145547.jpg


    බෲස් ලී - පැරඩයිස් පාර්ක්
    මේකේ නම් බෲස් ලීගේ තඹවලින් හදපු ප්‍රතිමාවකුත් මාෂල් ආර්ට් ගැන කෞතුකාගාරයකුත් තියෙලු..
    83d4100000000000.jpg


    රැලි පාලම..
    මේ රැලි පාලම තියෙන්නේ චංග්ෂා කියන පලාතේ.මේක හදලා තියෙන්නෙ නෙක්ස්ට් කියන ගෘහනිර්මාණ සමාගමකින්.මේක මීටර් 150ක් දිගයිලු..මේක හදලා තියෙන්නෙ චීනේ පාවිච්චී වෙන ගැටයක් හැඩයටලු..( ලනුවෙන් ගැට ගහන )

    c3d4100000000000.jpg


    පිංග්ටන් කලා කෞතුකාගාරය
    පිංග්ටන් කියන දුපතේ වෙරලේ තමා මේ කලා කෞතුකාගාරය තියෙන්නේ.වර්ග අඩි 40000ක කෘතිමව නිර්මාණය දුපතක තමා මේක තියෙන්නෙ. කලා කෘති 1000කට ආසන්න ගණනක් තියෙන මේක තමා චිනේ තියෙන විශාලම පෞද්ගලික කෞතුකාගාරය


    d3d4100000000000.jpg



    එම්පරර් හෝටලය
    හෙබෙයි කියන පලාතට සංචාරයට යන අයට චීනේ දෙවිවරු විදිහට හදලා තියෙන මේ හෝටලයේ නවතින්න පුලුවන්.හැබැයි නවතින්න වෙන්නෙ උන්ගේ බඩේ තමා.තට්ටු 10ක් තියෙන හෝටලේ හදලා තියෙන්නේ ෆූ, ලූ, ෂු කියන සතුට, සෞභාග්‍යය, දීර්ඝායුෂ ලබාදෙන දෙවිවරු තුන්දෙනා විදිහටලු...

    e3d4100000000000.jpg



    හොඳ නම් බම්ප් එකක් දාලා යන්න අනිත් අයට බලන්න...
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    Spuiri macho


    හොඳ නෑ බං :) ඒක නිසා බම්ප් නොදා රෙප් 11ක් දීල නිකං හිටිය :)




    BUMP
    +TfS

    niyamai macho.....


    බම්ප්

    BUMP

    +rep


    බම්ප් රෙප් දීපු හැමෝටම ටැන්කූ.. පුලුවන් හැටියෙන් සලකනවා...අනිවා..
    :):):)