ලෝක ඉතිහාසයේ කලුපැල්ලම - නැන්කින් සමූල ඝාතනය

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    ලෝක ඉතිහාසයේ කලුපැල්ලම - නැන්කින් සමූල ඝාතනය

    uVwb1J5.jpg

    චීනයේ “නැන්කිං” (වර්තමානයේ නැන්ජිං) නගරයේ වර්තමාන දර්ශනයක්

    1937 වසරේ දෙසැම්බර් 13 වන දා ජපන් හමුදා භට ඛණ්ඩයක් චීනයේ “නැන්කිං” (වර්තමානයේ නැන්ජිං) නගරයේ බලය අල්ලා ගත්තා. එතැන් සිට සති හයක කාලයක් පුරාවට ලක්ෂ ගණනක් නැන්කිං වැසියන් අමානුෂික හිරිහැරකිරීම් සහ අතවරවලට ලක්කර ඝාතනය කිරීමේ සිදුවීම එකල නගරය හැඳින්වුණු නම ඇසුරෙන් “නැන්කිං සංහාරය” යනුවෙන් හැඳින්වෙනවා. පසුගිය ශතවර්ෂයේ සිදුවුණු අඳුරුතම සිදුවීමක් වූ ඒ නැන්කිං සංහාරය පිළිබඳව යි මේ ලිපිය.


    දෙවන චීන-ජපන් යුද්ධය​

    1937හි සිදුවුණු නැන්කිං සංහාරය තනි සිදුවීමක් නෙවෙයි. එම නිසා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර එයට මුල් වූ සිදුවීම් මාලාව පිළිබඳව විස්තර දැන ගන්න එක වැදගත්.
    1937 ජුලි 7 වන දා චීන ජනරජය සහ ජපාන අධිරාජ්‍යය අතර යුධමය තත්ත්වයක් ඇතිවුණා. මෙය ඇරඹීමට මුල් වුණේ මාර්කෝ පෝලෝ පාලමේ සටන (Marco Polo Bridge Incident) බව යි සැලකෙන්නේ.


    Jxsfg8Z.jpg
    H0CbGLg.jpg


    එම සටන නිසා චීන සහ ජපන් භටයන් අතර තිබූ කෝලාහලය යුද්ධයක් බවට පත්වුණා. මෙම යුධමය තත්ත්වය සමනය වුණේ 1945 සැප්තැම්බර් 2 වන දා ජපානය කොන්දේසි විරහිතව දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශවයට යටත් වීමත් සමග යි.


    BahDJVj.jpg


    මේ සියළු සිදුවීම් ඇරඹීමට මුල් වුණේ ජපානය ගෙනගිය බලය පැතිරවීමේ සහ තමාගේ කර්මාන්ත ආදිය සඳහා ශ්‍රමය හා අමුද්‍රව්‍ය එක්කර ගැනීමේ ප්‍රතිපත්තිය යි. පළමු ලෝක යුද්ධයේ බලපෑමත්, චීනයේ කර්මාන්තවල පිබිදීමත් සමග ජපාන අපනයන වෙළඳපොළ පහත වැටීම මෙයට එක් හේතුවක්. එයත්, තවත් දේශපාලන කාරණා ගණනාවකුත් නිසා 1931 දී ජපානය විසින් චීනයේ “මැන්චූරියාව” ආක්‍රමණය කර චීනය පරදවා එහි පෙදෙසක් අල්ලාගැනුණු අතර, එහි රාජ්‍යයක් පිහි‍ටුවා එය “මන්චුකුවෝ” ලෙස නම් කරනවා.


    0XtLL3K.jpg

    ජපන් හිරෝහිතෝ අදිරජ්‍යා

    1931 සිට 1937 දක්වා කාලයේ දී චීන සහ ජපාන හමුදා අතර සුළු ගැ‍ටුම් ඇති වූවත්, මෙය දෙවන චීන-ජපන් යුද්ධය බවට පරිවර්තනය වූයේ 1937හි සිදු වූ මාර්කෝ පෝලෝ පාලමේ සිදුවීම මුල්කරගෙන යි.


    නැන්කිං නගරයට පහරදීම​

    1937 දී යුද්ධය ආරම්භ වූ පසු ජපනුන් ප්‍රථමව පහර දුන්නේ ෂැන්ග්හයි නගරයට යි. ඒ 1937 වසරේ අගෝස්තුවේ දී යි. දරුණු සටනකින් අනතුරුව නොවැම්බර් මැද භාගය ලබන විට ෂැන්ග්හයි බිඳ වැ‍ටුණා. ඉන්පසු ජපන් හමුදාවට අණ ලැබුණේ එවකට චීන ජනරජයේ අග නගරය වූ නැන්කිංවලට පහර දීමට යි.


    fTzYr6h.jpg
    bBhGEHh.jpg


    එවකට චීන ජනරජයේ අගමැති චියැන් කායි ශෙක් ප්‍රබල ජපන් හමුදාව හමුවේ නැන්කිං සටන දිනාගැනීමට නොහැකි බව කලින්ම අවබෝධ කරගත්තා. එම අවබෝධයත් සමග නොදිනන සටනක දී චීන භටයින් නිරපරාදේ මරණයට ලක්වීම වැළැක්වීමට භට ඛණ්ඩවලින් වැඩි කොටසක් නගරයෙන් ඉවත්කර ගැනීමටත්, ලක්ෂයක පමණ නුපුහුණු භට පිරිසක් පමණක් නගරයේ රඳවා තැබීමටත් ඔහු තීරණය කරනවා.


    TQFALTG.jpg

    එවකට චීන ජනරජයේ අගමැති චියැන් කායි ශෙක්

    නගරයේ සාමාන්‍ය වැසියන් නගරය අතහැර පලායාම වැළැක්වීමට එම හමුදා පිරිස් භාවිත කර පාරවල් අවහිර කිරීම, සහ තො‍ටුපළ විනාශ කිරීමත් සිදු කෙරෙනවා. මේ අතර චීන හමුදාවේ ජෙනරාල් ටෑන්ග් ශෙන්සි විදේශීය මාධ්‍යවලට ප්‍රකාශ කරන්නේ නැන්කිං වැසියන් “මරණය තෙක්” සටන් කරන බව යි.



    නැන්කිං බිඳවැටීම​

    මඟ දිගට හමු වූ චීන ආරක්ෂක වළලු බිඳ දමමින් ඉදිරියට ඇදුණු ජපන් හමුදාවන් 1937 දෙසැම්බර් 9 වන විට නැන්කිං හි නගර පවුරට ළඟා වුණා. එහිදී පවුරෙන් පිට සිට නගරය තුළට සංදේශ සහ පත්‍රිකා යැවූ ජපන් හමුදා, නගරය පැය 24ක් තුළ යටත් වන්නේ නම් නගරය විනාශ නොකරන බවට පොරොන්දු වී තිබුණා. කෙසේ නමුත් දෙසැම්බර් 10 වන දා වන විටත් නගරයෙන් හෝ චීන පාර්ශවයෙන් ප්‍රතිචාර නොලැබුණු නිසා නගරයට පහර දීම ආරම්භ කෙරෙනවා. ඇතැම් වාර්තාවලින් කියැවෙන්නේ ජපන් ජනරාල්වරයා නගරයට පහරදීමට පෙර අමතර පැයක කාලයක් ලබා දුන් බව යි.

    hDK8fCc.jpg
    GCkCNnA.jpg


    මේ අතර චීන ජෙනරාල් ටෑන්ග් තම හමුදාවන්ට පසුබැසීමට අණ දෙන අතර බොහෝ හමුදා භටයින් සටන අත්හැර පලායනවා. නැන්කිං හි පිටත ආරක්ෂක කලාපයට සිවිල් වැසියන් සමග පලා ගිය සිවිල් ඇඳුමෙන් සැරසුනු චීන භටයින් 4000ක් ජපනුන් විසින පසුව අල්ලාගෙන ඝාතනය කරන ලද බව කියැවෙනවා

    සංහාරය​

    නැන්කිං බිඳවැටීමෙන් අනතුරුව එළඹුණු සති හය එහි සිටි සිවිල් වැසියන්ට කිසිසේත්ම වාසනාවන්ත කාලයක් වූයේ නැහැ. ජපන් හමුදා නගරය මංකොල්ල කෑවා පමණක් නොව එහි වැසියන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම්, ඝාතන, ගිනි තැබීම්, සහ තවත් බොහොමයක් යුධ අපරාධ ද සිදු කළා.


    r9NPo9K.jpg
    LXUmdah.jpg


    දොරින් දොරට ගිය ජපන් සොල්දාදුවන් විසින් ඒ ඒ නිවෙස්වල සිටි සියළුම තරුණ කාන්තාවන් පැහැරගනු ලැබුවා. මෙම කාන්තාවන් පසුව තනි තනිව හෝ සමූහ ලෙස දරුණු ලිංගික අතවරයන්ට ලක් කෙරුණා.

    rP5cSAv.jpg
    5ud0hhJ.jpg


    ලිංගික අඩන්තේට්ටම් කිරීමෙන් පසුව මෙම කාන්තාවන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කෙරුණේ උණ බම්බු, බයිනෙත්තු ආදිය ද සිරුරට ඇතුල් කර සිරුරු විකෘති කිරීමෙන් අනතුරුව යි. ලිංගික අතවරයට ලක්වූ කුඩා දරුවන් හා වැඩිහිටියන් ගණන නොසලකා හැරි විට ජපන් හමුදා සති 6ක් තුළ දී කාන්තාවන් 20,000කට අධික ප්‍රමාණයක් දරුණු ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කර තිබුණා.

    jCauEFD.jpg
    KkFul4m.jpg


    එපමණක් ද නොවේ, ජපන් හමුදා භටයින් විසින් සිවිල් වැසියන් ඝාතනය කිරීමේ තරගයන් ද පවත්වනු ලැබුවා! එසමයෙහි ජපන් පුවත්පත් දෙකක් මඟින් වාර්තා කළ අන්දමට නැන්කිං අල්ලාගැනීමට පෙර 16 වන හමුදා ඛණ්ඩයේ තොශියාකි මුකායි සහ ත්සුයෝශි නෝද නම් නිලධාරීන් දෙදෙනා අතර කඩුවක් භාවිතයෙන් පළමුව සිවිල් වැසියන් 100 දෙනෙකු ඝාතනය කරන්නේ කවුදැ යි සෙවීමට තරගයක් පවත්වා තිබුණා.

    m2KNrvl.jpg
    2JXlAa7.jpg


    නැන්කිං වෙත එන ගමනේ දී ජුරොං සිට ටන්ග්ශැන් දක්වා දුර ප්‍රමාණයේ දී මුකායි අතින් 89 දෙනෙකුත් නෝද අතින් 18 දෙනෙකුත් ඝාතනය වී තිබුණා. සීජින් කන්දට පැමිණෙන විට මුකායි පුද්ගලයන් 106කුත්, නෝද පුද්ගලයන් 105කුත් මරා දමා තිබුණත්, යුදමය තත්ත්වය හේතුවෙන් මැරූ සංඛ්‍යාව පිළිබඳව නිගමනයකට ඒමට නොහැකි වීම නිසා මරා දැමිය යුතු ඉලක්කය 150 දක්වා ඉහළ දමා තරගය දිගටම ගෙන ගිය බව වාර්තා වෙනවා.

    pJx5o0K.png
    tvBDb3x.jpg


    එසේම නැන්කිං තුළ වූ රජයේ ගොඩනැගිලි සහ වැසියන්ගේ නිවෙස් බොහොමයක් කොල්ලකනු ලැබූ අතර ඉන් අනතුරුව ජපනුන් ඒවා බිමට සමතලා වන තෙක් පුළුස්සා දැමුවා.



    සංහාරයේ අවසානය​

    නැන්කිංවලට පිටතින් වර්ග කිලෝමීටර කීපයක භූමි භාගයක් ආරක්ෂිත කලාපයක් ලෙස වෙන්කර තිබුණා. මෙහි විදේශිකයන් සහ සිවිල් පුරවැසියන් පිරිසක් ලැගුම් ගෙන සිටියා. නගරයට තරම් මෙම කලාපයට පහර දුන්නේ නැති වුණත්, විටින් විට එහි පැමිණෙන ජපන් සොල්දාදුවන් එක්වර සිය ගණනක් සිවිල් වැසියන් ‍රැගෙන ගොස් සීමාවෙන් පිටත දී අඩත්තේට්ටම් කර, ඝාතනය කිරීම සිදු කළා.

    LVlmPxh.jpg



    dU8KMjV.jpg


    0WSO1ru.jpg


    l4xf7w8.jpg


    1938 ජනවාරිය වන විට ජපන් හමුදා මෙම ආරක්ෂිත කලාපයේ සිටි සිවිල් වැසියන් නැන්කිං නගරය තුළට බලය යොදා පිටත්කර හැරීම ඇරඹුවා. කලබලකාරී තත්ත්වයන් සෙමින් සංසි‍ඳෙන්නට පටන්ගත් අතර ජපන් හමුදා සැළකිය යුතු තරමින් නගරය හැර යෑමට පටන් ගත්තා. 1938 මාර්තු අග භාගය වන විට සියළුම ඝාතනය කිරීම් අවසන් වු බවට කියැවෙන අතර, 1938 මැයි වන විට සියළු සරණාගත කඳවුරු අහෝසි කර දැමුණු අතර වැසියන් නගරය තුළ නැවත පදිංචි කරනු ලැබ සිටියා.


    pzGY7Sv.jpg
    iJc7b6D.png


    දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය යටත් වීමෙන් අනතුරුව මෙම සිදුවීම්වලට එරෙහිව නඩු විභාගයන් පැවැත්වුණා. 1948 නොවැම්බර් වන විට මෙම යුද්ධය මෙහෙයවූ ජපන් ජෙනරාල් මත්සුයි, තානි, සහ හිරොතා ද ඇතුළු තවත් 5 දෙනෙකු පළමු පන්තියේ යුධ අපරාධකරුවන් ලෙස නම් කර මරණ දඬුවම පමුණුවනු ලැබුවා. තවත් පුද්ගලයින් 18 දෙනෙකු එම වරදටම විවිධ දඬුවමට ලක් කෙරුණා.




    Source
    nankingatrocities.net
    Nanking Atrocities: Fact and Fable
    Blogger Amanda Abesuriya
    Roarmedia
    web.library.yale.edu
    makinghistoryatmacquarie
    Yale Library
    WordPress.com

    Pictures from Internet
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ජපනුන්ට රචනා ලිව්වට උන් හරි අසහන කරයෝනේ බලනකොට.කොට පයිය හින්දද දන්නේ නෑ ජපන් ගෑනුන්ට කොට පයිය හින්ද පච වෙලා ඉන්න ඇත්තේ ඒ කාලේ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,326
    3,943
    113
    ජපනුන්ට රචනා ලිව්වට උන් හරි අසහන කරයෝනේ බලනකොට.කොට පයිය හින්දද දන්නේ නෑ ජපන් ගෑනුන්ට කොට පයිය හින්ද පච වෙලා ඉන්න ඇත්තේ ඒ කාලේ
    ජානවල අවුලක් වගේ නැත්නම් small pp energy වෙන්නත් පුලුවන්

    1693758213688.png


    @NRTG 👆 මෙක ගැනත් දන්න පිස්සු හැදෙන ස්ටෝරියක්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන්ගේ ඉතිහාස පොත්වල වල උන් ගේ හමුදාව චීනේ ඇතුලේ කරපු අපරාධ ගැන සඳහනක් වත් නෑ කියන්නේ.අණදීපු එවුන්ව ස්මාරක හදලා සමරනවා.

    ඔහොම අපරාධ උන් කලේ නෑ කියනවා අදටත්.හරියට තුර් කි #කයලා ආර් මේනියන් ජන සංහාරය කලේ නෑ කියනවා වගේ..

    ජපන්නු යටත් කරගත්තු හැම රටකම වගේ හැසිරිලා තියෙන්නේ තිරිසනුන්ට අන්ත විදියට.. කොරියාව,වියට්නාමය වගේ රටවල මිනිස්සුන්ටත් ඔහොම තමයි සලකලා තියෙන්නේ..

    පරමාණු බෝම්බ දැම්මා කියල සමහරු නාහෙන් අඩනවා,ඇනුවසිරි එක ලං වෙද්දී.දාපු එකම තමයි හොඳ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,326
    3,943
    113
    උන්ගේ ඉතිහාස පොත්වල වල උන් ගේ හමුදාව චීනේ ඇතුලේ කරපු අපරාධ ගැන සඳහනක් වත් නෑ කියන්නේ.අණදීපු එවුන්ව ස්මාරක හදලා සමරනවා.

    ඔහොම අපරාධ උන් කලේ නෑ කියනවා අදටත්.හරියට තුර් කි #කයලා ආර් මේනියන් ජන සංහාරය කලේ නෑ කියනවා වගේ..

    ජපන්නු යටත් කරගත්තු හැම රටකම වගේ හැසිරිලා තියෙන්නේ තිරිසනුන්ට අන්ත විදියට.. කොරියාව,වියට්නාමය වගේ රටවල මිනිස්සුන්ටත් ඔහොම තමයි සලකලා තියෙන්නේ..

    පරමාණු බෝම්බ දැම්මා කියල සමහරු නාහෙන් අඩනවා,ඇනුවසිරි එක ලං වෙද්දී.දාපු එකම තමයි හොඳ.
    ඇයි යකු ලංකාවටත් බෝම්බ දැම්ම 😂
    මෙහෙ හිටපු අනගාරික ධර්මපාලල එහෙම වැඳගෙන හිටපු රටක් තමයි ඔය
    මෙහෙට ආව නම් බලාගන්න තිබ්බ වැඩේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි යකු ලංකාවටත් බෝම්බ දැම්ම 😂
    මෙහෙ හිටපු අනගාරික ධර්මපාලල එහෙම වැඳගෙන හිටපු රටක් තමයි ඔය
    මෙහෙට ආව නම් බලාගන්න තිබ්බ වැඩේ
    ඇයි අල්ලපු රටේ චන්ද්‍රා බෝස් :lol:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,326
    3,943
    113
    මුකුත් නෑ, චීන්නු මොනා හරි විකුනන්න බලයි උන්ට
    ඒ දැන්නේ
    උන් හැමදාම එහෙම ඉන්න එකක් නෑ
    ලොක බලවතා වෙනකන් ඇමරිකාවත් හරිම හොඳ විදිහට තමයි හිටියේ
    පලවෙනි ලෝක යුද්දෙ ඉවර වෙලා කිව්ව යටත් වීජිත වලට නිදහස දෙන්න ඕන වගේ බණ කතා
    ඒත් බලය හම්බවුන ගිහිල්ල වියට්නාම් වලට බෝම්බ පිට බෝම්බ දැම්ම
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    ජානවල අවුලක් වගේ නැත්නම් small pp energy වෙන්නත් පුලුවන්

    View attachment 213742

    @NRTG 👆 මෙක ගැනත් දන්න පිස්සු හැදෙන ස්ටෝරියක්
    ඔව් මචන් මේ ගැනත් හොඳ විස්තරයක් තියනවා මම දාන්නම් එක ගැන (y)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුකුත් නෑ, චීන්නු මොනා හරි විකුනන්න බලයි උන්ට
    15 වෙනි සියවසේදී චීන්නු මේක ආක්‍රමණය කරලා මෙහේ ලොක්කෝ ටිකක් උස්සන් ගිහින් තියෙනවා කියන්නේ.. ඊට පස්සේ රට පාලනය කරපු ඈයෝ චීනෙට කප්පම් පවා ගෙව්වා කියලා කතාවක් තියෙනවා.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උන්ගේ ඉතිහාස පොත්වල වල උන් ගේ හමුදාව චීනේ ඇතුලේ කරපු අපරාධ ගැන සඳහනක් වත් නෑ කියන්නේ.අණදීපු එවුන්ව ස්මාරක හදලා සමරනවා.

    ඔහොම අපරාධ උන් කලේ නෑ කියනවා අදටත්.හරියට තුර් කි #කයලා ආර් මේනියන් ජන සංහාරය කලේ නෑ කියනවා වගේ..

    ජපන්නු යටත් කරගත්තු හැම රටකම වගේ හැසිරිලා තියෙන්නේ තිරිසනුන්ට අන්ත විදියට.. කොරියාව,වියට්නාමය වගේ රටවල මිනිස්සුන්ටත් ඔහොම තමයි සලකලා තියෙන්නේ..

    පරමාණු බෝම්බ දැම්මා කියල සමහරු නාහෙන් අඩනවා,ඇනුවසිරි එක ලං වෙද්දී.දාපු එකම තමයි හොඳ.
    Japan paraduna. Samanyen paraduna side eken karapuva vadi karala kiyanava.