ලෝක ඉතිහාසයේ කලුපැල්ලම - නැන්කින් සමූල ඝාතනය
චීනයේ “නැන්කිං” (වර්තමානයේ නැන්ජිං) නගරයේ වර්තමාන දර්ශනයක්
1937 වසරේ දෙසැම්බර් 13 වන දා ජපන් හමුදා භට ඛණ්ඩයක් චීනයේ “නැන්කිං” (වර්තමානයේ නැන්ජිං) නගරයේ බලය අල්ලා ගත්තා. එතැන් සිට සති හයක කාලයක් පුරාවට ලක්ෂ ගණනක් නැන්කිං වැසියන් අමානුෂික හිරිහැරකිරීම් සහ අතවරවලට ලක්කර ඝාතනය කිරීමේ සිදුවීම එකල නගරය හැඳින්වුණු නම ඇසුරෙන් “නැන්කිං සංහාරය” යනුවෙන් හැඳින්වෙනවා. පසුගිය ශතවර්ෂයේ සිදුවුණු අඳුරුතම සිදුවීමක් වූ ඒ නැන්කිං සංහාරය පිළිබඳව යි මේ ලිපිය.
1937 ජුලි 7 වන දා චීන ජනරජය සහ ජපාන අධිරාජ්‍යය අතර යුධමය තත්ත්වයක් ඇතිවුණා. මෙය ඇරඹීමට මුල් වුණේ මාර්කෝ පෝලෝ පාලමේ සටන (Marco Polo Bridge Incident) බව යි සැලකෙන්නේ.
එම සටන නිසා චීන සහ ජපන් භටයන් අතර තිබූ කෝලාහලය යුද්ධයක් බවට පත්වුණා. මෙම යුධමය තත්ත්වය සමනය වුණේ 1945 සැප්තැම්බර් 2 වන දා ජපානය කොන්දේසි විරහිතව දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශවයට යටත් වීමත් සමග යි.
මේ සියළු සිදුවීම් ඇරඹීමට මුල් වුණේ ජපානය ගෙනගිය බලය පැතිරවීමේ සහ තමාගේ කර්මාන්ත ආදිය සඳහා ශ්‍රමය හා අමුද්‍රව්‍ය එක්කර ගැනීමේ ප්‍රතිපත්තිය යි. පළමු ලෝක යුද්ධයේ බලපෑමත්, චීනයේ කර්මාන්තවල පිබිදීමත් සමග ජපාන අපනයන වෙළඳපොළ පහත වැටීම මෙයට එක් හේතුවක්. එයත්, තවත් දේශපාලන කාරණා ගණනාවකුත් නිසා 1931 දී ජපානය විසින් චීනයේ “මැන්චූරියාව” ආක්‍රමණය කර චීනය පරදවා එහි පෙදෙසක් අල්ලාගැනුණු අතර, එහි රාජ්‍යයක් පිහිටුවා එය “මන්චුකුවෝ” ලෙස නම් කරනවා.
ජපන් හිරෝහිතෝ අදිරජ්‍යා
1931 සිට 1937 දක්වා කාලයේ දී චීන සහ ජපාන හමුදා අතර සුළු ගැටුම් ඇති වූවත්, මෙය දෙවන චීන-ජපන් යුද්ධය බවට පරිවර්තනය වූයේ 1937හි සිදු වූ මාර්කෝ පෝලෝ පාලමේ සිදුවීම මුල්කරගෙන යි.
එවකට චීන ජනරජයේ අගමැති චියැන් කායි ශෙක් ප්‍රබල ජපන් හමුදාව හමුවේ නැන්කිං සටන දිනාගැනීමට නොහැකි බව කලින්ම අවබෝධ කරගත්තා. එම අවබෝධයත් සමග නොදිනන සටනක දී චීන භටයින් නිරපරාදේ මරණයට ලක්වීම වැළැක්වීමට භට ඛණ්ඩවලින් වැඩි කොටසක් නගරයෙන් ඉවත්කර ගැනීමටත්, ලක්ෂයක පමණ නුපුහුණු භට පිරිසක් පමණක් නගරයේ රඳවා තැබීමටත් ඔහු තීරණය කරනවා.
එවකට චීන ජනරජයේ අගමැති චියැන් කායි ශෙක්
නගරයේ සාමාන්‍ය වැසියන් නගරය අතහැර පලායාම වැළැක්වීමට එම හමුදා පිරිස් භාවිත කර පාරවල් අවහිර කිරීම, සහ තොටුපළ විනාශ කිරීමත් සිදු කෙරෙනවා. මේ අතර චීන හමුදාවේ ජෙනරාල් ටෑන්ග් ශෙන්සි විදේශීය මාධ්‍යවලට ප්‍රකාශ කරන්නේ නැන්කිං වැසියන් “මරණය තෙක්” සටන් කරන බව යි.
මේ අතර චීන ජෙනරාල් ටෑන්ග් තම හමුදාවන්ට පසුබැසීමට අණ දෙන අතර බොහෝ හමුදා භටයින් සටන අත්හැර පලායනවා. නැන්කිං හි පිටත ආරක්ෂක කලාපයට සිවිල් වැසියන් සමග පලා ගිය සිවිල් ඇඳුමෙන් සැරසුනු චීන භටයින් 4000ක් ජපනුන් විසින පසුව අල්ලාගෙන ඝාතනය කරන ලද බව කියැවෙනවා
දොරින් දොරට ගිය ජපන් සොල්දාදුවන් විසින් ඒ ඒ නිවෙස්වල සිටි සියළුම තරුණ කාන්තාවන් පැහැරගනු ලැබුවා. මෙම කාන්තාවන් පසුව තනි තනිව හෝ සමූහ ලෙස දරුණු ලිංගික අතවරයන්ට ලක් කෙරුණා.
ලිංගික අඩන්තේට්ටම් කිරීමෙන් පසුව මෙම කාන්තාවන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කෙරුණේ උණ බම්බු, බයිනෙත්තු ආදිය ද සිරුරට ඇතුල් කර සිරුරු විකෘති කිරීමෙන් අනතුරුව යි. ලිංගික අතවරයට ලක්වූ කුඩා දරුවන් හා වැඩිහිටියන් ගණන නොසලකා හැරි විට ජපන් හමුදා සති 6ක් තුළ දී කාන්තාවන් 20,000කට අධික ප්‍රමාණයක් දරුණු ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කර තිබුණා.
එපමණක් ද නොවේ, ජපන් හමුදා භටයින් විසින් සිවිල් වැසියන් ඝාතනය කිරීමේ තරගයන් ද පවත්වනු ලැබුවා! එසමයෙහි ජපන් පුවත්පත් දෙකක් මඟින් වාර්තා කළ අන්දමට නැන්කිං අල්ලාගැනීමට පෙර 16 වන හමුදා ඛණ්ඩයේ තොශියාකි මුකායි සහ ත්සුයෝශි නෝද නම් නිලධාරීන් දෙදෙනා අතර කඩුවක් භාවිතයෙන් පළමුව සිවිල් වැසියන් 100 දෙනෙකු ඝාතනය කරන්නේ කවුදැ යි සෙවීමට තරගයක් පවත්වා තිබුණා.
නැන්කිං වෙත එන ගමනේ දී ජුරොං සිට ටන්ග්ශැන් දක්වා දුර ප්‍රමාණයේ දී මුකායි අතින් 89 දෙනෙකුත් නෝද අතින් 18 දෙනෙකුත් ඝාතනය වී තිබුණා. සීජින් කන්දට පැමිණෙන විට මුකායි පුද්ගලයන් 106කුත්, නෝද පුද්ගලයන් 105කුත් මරා දමා තිබුණත්, යුදමය තත්ත්වය හේතුවෙන් මැරූ සංඛ්‍යාව පිළිබඳව නිගමනයකට ඒමට නොහැකි වීම නිසා මරා දැමිය යුතු ඉලක්කය 150 දක්වා ඉහළ දමා තරගය දිගටම ගෙන ගිය බව වාර්තා වෙනවා.
එසේම නැන්කිං තුළ වූ රජයේ ගොඩනැගිලි සහ වැසියන්ගේ නිවෙස් බොහොමයක් කොල්ලකනු ලැබූ අතර ඉන් අනතුරුව ජපනුන් ඒවා බිමට සමතලා වන තෙක් පුළුස්සා දැමුවා.
1938 ජනවාරිය වන විට ජපන් හමුදා මෙම ආරක්ෂිත කලාපයේ සිටි සිවිල් වැසියන් නැන්කිං නගරය තුළට බලය යොදා පිටත්කර හැරීම ඇරඹුවා. කලබලකාරී තත්ත්වයන් සෙමින් සංසිඳෙන්නට පටන්ගත් අතර ජපන් හමුදා සැළකිය යුතු තරමින් නගරය හැර යෑමට පටන් ගත්තා. 1938 මාර්තු අග භාගය වන විට සියළුම ඝාතනය කිරීම් අවසන් වු බවට කියැවෙන අතර, 1938 මැයි වන විට සියළු සරණාගත කඳවුරු අහෝසි කර දැමුණු අතර වැසියන් නගරය තුළ නැවත පදිංචි කරනු ලැබ සිටියා.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය යටත් වීමෙන් අනතුරුව මෙම සිදුවීම්වලට එරෙහිව නඩු විභාගයන් පැවැත්වුණා. 1948 නොවැම්බර් වන විට මෙම යුද්ධය මෙහෙයවූ ජපන් ජෙනරාල් මත්සුයි, තානි, සහ හිරොතා ද ඇතුළු තවත් 5 දෙනෙකු පළමු පන්තියේ යුධ අපරාධකරුවන් ලෙස නම් කර මරණ දඬුවම පමුණුවනු ලැබුවා. තවත් පුද්ගලයින් 18 දෙනෙකු එම වරදටම විවිධ දඬුවමට ලක් කෙරුණා.
Source
nankingatrocities.net
Nanking Atrocities: Fact and Fable
Blogger Amanda Abesuriya
Roarmedia
web.library.yale.edu
makinghistoryatmacquarie
Yale Library
WordPress.com
Pictures from Internet
චීනයේ “නැන්කිං” (වර්තමානයේ නැන්ජිං) නගරයේ වර්තමාන දර්ශනයක්
1937 වසරේ දෙසැම්බර් 13 වන දා ජපන් හමුදා භට ඛණ්ඩයක් චීනයේ “නැන්කිං” (වර්තමානයේ නැන්ජිං) නගරයේ බලය අල්ලා ගත්තා. එතැන් සිට සති හයක කාලයක් පුරාවට ලක්ෂ ගණනක් නැන්කිං වැසියන් අමානුෂික හිරිහැරකිරීම් සහ අතවරවලට ලක්කර ඝාතනය කිරීමේ සිදුවීම එකල නගරය හැඳින්වුණු නම ඇසුරෙන් “නැන්කිං සංහාරය” යනුවෙන් හැඳින්වෙනවා. පසුගිය ශතවර්ෂයේ සිදුවුණු අඳුරුතම සිදුවීමක් වූ ඒ නැන්කිං සංහාරය පිළිබඳව යි මේ ලිපිය.
දෙවන චීන-ජපන් යුද්ධය
1937හි සිදුවුණු නැන්කිං සංහාරය තනි සිදුවීමක් නෙවෙයි. එම නිසා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර එයට මුල් වූ සිදුවීම් මාලාව පිළිබඳව විස්තර දැන ගන්න එක වැදගත්.1937 ජුලි 7 වන දා චීන ජනරජය සහ ජපාන අධිරාජ්‍යය අතර යුධමය තත්ත්වයක් ඇතිවුණා. මෙය ඇරඹීමට මුල් වුණේ මාර්කෝ පෝලෝ පාලමේ සටන (Marco Polo Bridge Incident) බව යි සැලකෙන්නේ.
එම සටන නිසා චීන සහ ජපන් භටයන් අතර තිබූ කෝලාහලය යුද්ධයක් බවට පත්වුණා. මෙම යුධමය තත්ත්වය සමනය වුණේ 1945 සැප්තැම්බර් 2 වන දා ජපානය කොන්දේසි විරහිතව දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශවයට යටත් වීමත් සමග යි.
මේ සියළු සිදුවීම් ඇරඹීමට මුල් වුණේ ජපානය ගෙනගිය බලය පැතිරවීමේ සහ තමාගේ කර්මාන්ත ආදිය සඳහා ශ්‍රමය හා අමුද්‍රව්‍ය එක්කර ගැනීමේ ප්‍රතිපත්තිය යි. පළමු ලෝක යුද්ධයේ බලපෑමත්, චීනයේ කර්මාන්තවල පිබිදීමත් සමග ජපාන අපනයන වෙළඳපොළ පහත වැටීම මෙයට එක් හේතුවක්. එයත්, තවත් දේශපාලන කාරණා ගණනාවකුත් නිසා 1931 දී ජපානය විසින් චීනයේ “මැන්චූරියාව” ආක්‍රමණය කර චීනය පරදවා එහි පෙදෙසක් අල්ලාගැනුණු අතර, එහි රාජ්‍යයක් පිහිටුවා එය “මන්චුකුවෝ” ලෙස නම් කරනවා.
ජපන් හිරෝහිතෝ අදිරජ්‍යා
1931 සිට 1937 දක්වා කාලයේ දී චීන සහ ජපාන හමුදා අතර සුළු ගැටුම් ඇති වූවත්, මෙය දෙවන චීන-ජපන් යුද්ධය බවට පරිවර්තනය වූයේ 1937හි සිදු වූ මාර්කෝ පෝලෝ පාලමේ සිදුවීම මුල්කරගෙන යි.
නැන්කිං නගරයට පහරදීම
1937 දී යුද්ධය ආරම්භ වූ පසු ජපනුන් ප්‍රථමව පහර දුන්නේ ෂැන්ග්හයි නගරයට යි. ඒ 1937 වසරේ අගෝස්තුවේ දී යි. දරුණු සටනකින් අනතුරුව නොවැම්බර් මැද භාගය ලබන විට ෂැන්ග්හයි බිඳ වැටුණා. ඉන්පසු ජපන් හමුදාවට අණ ලැබුණේ එවකට චීන ජනරජයේ අග නගරය වූ නැන්කිංවලට පහර දීමට යි.
එවකට චීන ජනරජයේ අගමැති චියැන් කායි ශෙක් ප්‍රබල ජපන් හමුදාව හමුවේ නැන්කිං සටන දිනාගැනීමට නොහැකි බව කලින්ම අවබෝධ කරගත්තා. එම අවබෝධයත් සමග නොදිනන සටනක දී චීන භටයින් නිරපරාදේ මරණයට ලක්වීම වැළැක්වීමට භට ඛණ්ඩවලින් වැඩි කොටසක් නගරයෙන් ඉවත්කර ගැනීමටත්, ලක්ෂයක පමණ නුපුහුණු භට පිරිසක් පමණක් නගරයේ රඳවා තැබීමටත් ඔහු තීරණය කරනවා.
එවකට චීන ජනරජයේ අගමැති චියැන් කායි ශෙක්
නගරයේ සාමාන්‍ය වැසියන් නගරය අතහැර පලායාම වැළැක්වීමට එම හමුදා පිරිස් භාවිත කර පාරවල් අවහිර කිරීම, සහ තොටුපළ විනාශ කිරීමත් සිදු කෙරෙනවා. මේ අතර චීන හමුදාවේ ජෙනරාල් ටෑන්ග් ශෙන්සි විදේශීය මාධ්‍යවලට ප්‍රකාශ කරන්නේ නැන්කිං වැසියන් “මරණය තෙක්” සටන් කරන බව යි.
නැන්කිං බිඳවැටීම
මඟ දිගට හමු වූ චීන ආරක්ෂක වළලු බිඳ දමමින් ඉදිරියට ඇදුණු ජපන් හමුදාවන් 1937 දෙසැම්බර් 9 වන විට නැන්කිං හි නගර පවුරට ළඟා වුණා. එහිදී පවුරෙන් පිට සිට නගරය තුළට සංදේශ සහ පත්‍රිකා යැවූ ජපන් හමුදා, නගරය පැය 24ක් තුළ යටත් වන්නේ නම් නගරය විනාශ නොකරන බවට පොරොන්දු වී තිබුණා. කෙසේ නමුත් දෙසැම්බර් 10 වන දා වන විටත් නගරයෙන් හෝ චීන පාර්ශවයෙන් ප්‍රතිචාර නොලැබුණු නිසා නගරයට පහර දීම ආරම්භ කෙරෙනවා. ඇතැම් වාර්තාවලින් කියැවෙන්නේ ජපන් ජනරාල්වරයා නගරයට පහරදීමට පෙර අමතර පැයක කාලයක් ලබා දුන් බව යි.
මේ අතර චීන ජෙනරාල් ටෑන්ග් තම හමුදාවන්ට පසුබැසීමට අණ දෙන අතර බොහෝ හමුදා භටයින් සටන අත්හැර පලායනවා. නැන්කිං හි පිටත ආරක්ෂක කලාපයට සිවිල් වැසියන් සමග පලා ගිය සිවිල් ඇඳුමෙන් සැරසුනු චීන භටයින් 4000ක් ජපනුන් විසින පසුව අල්ලාගෙන ඝාතනය කරන ලද බව කියැවෙනවා
සංහාරය
නැන්කිං බිඳවැටීමෙන් අනතුරුව එළඹුණු සති හය එහි සිටි සිවිල් වැසියන්ට කිසිසේත්ම වාසනාවන්ත කාලයක් වූයේ නැහැ. ජපන් හමුදා නගරය මංකොල්ල කෑවා පමණක් නොව එහි වැසියන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම්, ඝාතන, ගිනි තැබීම්, සහ තවත් බොහොමයක් යුධ අපරාධ ද සිදු කළා.
දොරින් දොරට ගිය ජපන් සොල්දාදුවන් විසින් ඒ ඒ නිවෙස්වල සිටි සියළුම තරුණ කාන්තාවන් පැහැරගනු ලැබුවා. මෙම කාන්තාවන් පසුව තනි තනිව හෝ සමූහ ලෙස දරුණු ලිංගික අතවරයන්ට ලක් කෙරුණා.
ලිංගික අඩන්තේට්ටම් කිරීමෙන් පසුව මෙම කාන්තාවන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කෙරුණේ උණ බම්බු, බයිනෙත්තු ආදිය ද සිරුරට ඇතුල් කර සිරුරු විකෘති කිරීමෙන් අනතුරුව යි. ලිංගික අතවරයට ලක්වූ කුඩා දරුවන් හා වැඩිහිටියන් ගණන නොසලකා හැරි විට ජපන් හමුදා සති 6ක් තුළ දී කාන්තාවන් 20,000කට අධික ප්‍රමාණයක් දරුණු ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කර තිබුණා.
එපමණක් ද නොවේ, ජපන් හමුදා භටයින් විසින් සිවිල් වැසියන් ඝාතනය කිරීමේ තරගයන් ද පවත්වනු ලැබුවා! එසමයෙහි ජපන් පුවත්පත් දෙකක් මඟින් වාර්තා කළ අන්දමට නැන්කිං අල්ලාගැනීමට පෙර 16 වන හමුදා ඛණ්ඩයේ තොශියාකි මුකායි සහ ත්සුයෝශි නෝද නම් නිලධාරීන් දෙදෙනා අතර කඩුවක් භාවිතයෙන් පළමුව සිවිල් වැසියන් 100 දෙනෙකු ඝාතනය කරන්නේ කවුදැ යි සෙවීමට තරගයක් පවත්වා තිබුණා.
නැන්කිං වෙත එන ගමනේ දී ජුරොං සිට ටන්ග්ශැන් දක්වා දුර ප්‍රමාණයේ දී මුකායි අතින් 89 දෙනෙකුත් නෝද අතින් 18 දෙනෙකුත් ඝාතනය වී තිබුණා. සීජින් කන්දට පැමිණෙන විට මුකායි පුද්ගලයන් 106කුත්, නෝද පුද්ගලයන් 105කුත් මරා දමා තිබුණත්, යුදමය තත්ත්වය හේතුවෙන් මැරූ සංඛ්‍යාව පිළිබඳව නිගමනයකට ඒමට නොහැකි වීම නිසා මරා දැමිය යුතු ඉලක්කය 150 දක්වා ඉහළ දමා තරගය දිගටම ගෙන ගිය බව වාර්තා වෙනවා.
එසේම නැන්කිං තුළ වූ රජයේ ගොඩනැගිලි සහ වැසියන්ගේ නිවෙස් බොහොමයක් කොල්ලකනු ලැබූ අතර ඉන් අනතුරුව ජපනුන් ඒවා බිමට සමතලා වන තෙක් පුළුස්සා දැමුවා.
සංහාරයේ අවසානය
නැන්කිංවලට පිටතින් වර්ග කිලෝමීටර කීපයක භූමි භාගයක් ආරක්ෂිත කලාපයක් ලෙස වෙන්කර තිබුණා. මෙහි විදේශිකයන් සහ සිවිල් පුරවැසියන් පිරිසක් ලැගුම් ගෙන සිටියා. නගරයට තරම් මෙම කලාපයට පහර දුන්නේ නැති වුණත්, විටින් විට එහි පැමිණෙන ජපන් සොල්දාදුවන් එක්වර සිය ගණනක් සිවිල් වැසියන් රැගෙන ගොස් සීමාවෙන් පිටත දී අඩත්තේට්ටම් කර, ඝාතනය කිරීම සිදු කළා.

Last edited: