ලෝක කුසලානයේ ක්‍රීඩාංගණ ඉදිකිරිමට අ.ඩො. ම&#353

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ලෝක කුසලානයේ ක්‍රීඩාංගණ ඉදිකිරිමට අ.ඩො. ම&#353

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මෙරට ක්‍රීඩාංගණ 3ක් ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමරිකානු ඩොලර් මිලියන 19කට ආසන්න මුදලක් ණය වි ඇති බව අද අනාවරණය විය. ඊට අමතරව රුපියල් මිලියන 200ත් 220ත් අතර මුදලක් මෙරට ආයතනවලට ගෙවීමටද එම ආයතනයට සිදුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පාලක කමිටුවේ ලේකම් නිශාන්ත රණතුංග මෙරට සති අන්ත පුවත්පතකට පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් නොමැති බවය.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදි අනාවරණය වූයේ උග්‍ර මූල්‍ය අරුබුදයක් පවතින බවය.

එහි භාණ්ඩාගාරික සුජීව රාජපක්ෂ පැවසුවේ ලෝක කුසලාන ක්‍රීඩාංගණ ඉදි කිරිමට රුපියල් බිලියන 3.2ක් ඇස්තමේන්තු කළත් ඒ සඳහා රුපියල් බිලියන 4.4ක් වැය වූ බවය.

මෙම හිඟය පවත්වා ගැනීම සඳහා තම ආයතනය රජයෙන් රුපියල් බිලියන දෙකක ආධාරයක් ඉල්ලා සිටි බව ඔහු වැඩිදුරටත් පවසයි.