ලෝක පෝලියෝ දිනය ඔක්තෝම්බර් 24 වෙනිදා

nadunkwee

Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    ලෝක පෝලියෝ දිනය ඔක්තෝම්බර් 24 වෙනිදා

    ලෝක පෝලියෝ දිනය ඔක්තෝම්බර් 24 වෙනිදාට යෙදී ඇත. ලෝකයෙන් තුරන්වීමට ආසන්නව ඇති මෙම භයානක රෝගය මීට වසර 30 කට පෙර ලොව පුරා ව්‍යාප්තව තිබුණි. එම ජයග්‍රහණ සඳහා ජාත්‍යන්තර රොටරි සංවිධානයේ රෝටරියානුවන් සැපයු දායකත්වය බොහෝ ශ්‍රී ලාංකිකයන් නොදනී... මේ ඒ පිලිබඳ කෙටි සටහනකි..

    මෙම සැප්තැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් අප්‍රිකානු මහාද්වීපයේ අවසන් පෝලියෝ සහිත රට වූ නයිජීරියාව පෝලියෝ රෝගය තුරන් කල රටක් බවට වර්ග කිරීමට තමන් සුදානම් වන බව නිවේදෙනය කරන ලදී. ඒ අනුව ලෝකයේ පෝලියෝ වෛරසය තවමත් තුරන්කොට නැති රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය හා පාකිස්තානයයි.

    1985 දී ජාත්‍යන්තර රොටරි සංවිධානය පෝලියෝ සටනට පිවිසෙන විට ලොව රටවල් 125 ක් පෝලියෝ වෛරසය විසින් ආක්‍රමණය කර තිබුණි. වසරකට දරුවන් 350,000 ක් එනම් දිනකට දරුවන් 1000 ක් පමණ මෙම වෛරසයට ගොදුරු වීම නිසා ආබාධිත තත්වයට පත්විය. 2015 වනවිට එම ගණන 99.9% කින් පහත වැටී තිබුණු අතර ලෝකයෙන්ම වාර්තා වුයේ පොලියෝ රෝගීන් 50 කටත් අඩු ගණනකි. ඒ ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ යුධමය වාතාවරණයක් ඇති කුඩා ප්‍රදේශ කිහිපයකිනි.

    1985 වසරේදී ජාත්‍යන්තර රොටරි සංවිධානය ලෝකයේ සියලු දරුවන් සඳහා පෝලියෝ එන්නත ලබාදීමේ අරමුණින් "පෝලියෝ ප්ලස්" වැඩසටහන ආරම්භ කරන ලදී. 1988 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), යුනිසෙෆ් (UNISEF) හා ඇමෙරිකානු වසංගත රෝග නිවාරණ මධ්‍යස්ථාන සමග වඩාත් පුළුල් වූ වැඩසටහනක් ගොඩනගන ලදී. එතැන් සිට ගතවූ දශක තුනක් තුලදී ජාත්‍යන්තර රොටරි සංවිධානය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණ ලෝකයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමට පරිත්‍යාග කර ඇත. ලොව පුරා රෝටෙරියානුවන්ගේ වසර 30 ක දුෂ්කර උත්සාහයකින් අනතුරුව වසුරිය රෝගයට පසු ලෝකයෙන් සම්පුර්ණයෙන්ම තුරන් කල දෙවන රෝගය ලෙස පෝලියෝ රෝගය ඉතිහාස ගතවීමට ඉතා ආසන්නව ඇත.

    - නදුන් කාංචන වීරසිංහ