ලෝක වාර්තාවක් සමග ලොව වේගවත්ම 8.429 GHz ප්‍රොසෙස&#35

nuwanga116

Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    ලොව වේගවත්ම 8.429 GHz ප්‍රොසෙසරය

    ලෝක වාර්තාවක් සමග ලොව වේගවත්ම ප්‍රොසෙසරය එළිදක්වයි.​

    AMD_FX_Bulldozer_Box_BE_689.jpg


    ඕගොල්ලෝ කව්රුත් දන්නවනේ AMD Processors ගැන.ඒ Company එක පසුගිය අගෝස්තු 31වෙනිදා අලුත් ප්‍රොසෙසරයක් එළිදැක්වූවා ඒ ලෝක වාර්තාවකුත් සමග. ඒ කියන්නේ ඒ ප්‍රොසෙසර් එක තමයි දැනට ලෝකේ හදල තියෙන වේගවත්ම ප්‍රොසෙසරය. මේ ප්‍රොසෙසරයේ
    වේගය සටහන්වෙලා තියෙන්නේ 8.429 GHz ලෙසට.
    ඔය පහල පින්තුරේ තියෙන්නේ බලන්නකෝ


    AMD.jpg


    [ඔය පින්තුරේ වේගය තියෙන්නේ MHz වලින්. කව්රුත් දන්නවනේ 8429.2 MHz , ගිගා හර්ට්ස් වලට පරිවතනයකරාම එන්නේ 8.429 GHz කියල.(1000 MHz = 1GHz නිසා 8429.2 MHz , ගිගා හර්ට්ස් කරගන්න 1000 න් බෙදන්නනේ තියෙන්නේ).]
    මේ ප්‍රොසෙසර් එකට කියන්නේ AMD FX Prosessor කියලා. මීට කලින් තිබුන වේගවත්ම ප්‍රොසෙසරයේ වේගය වාර්තා උනේ 8.309 GHz ලෙසට. මේ AMD FX අලුත් ප්‍රොසෙසරය සාමාන්‍ය Cooling Fans ඇති සිසිලන පද්ධතියක හෝ ජලය යොදාගන්නා සාමාන්‍ය සිසිලන පද්ධතියක ක්‍රියා කරවීමෙන් 5GHz අගයට වඩා වැඩි අගයක් ලබාගත හැකිවෙලා තියනවා(ඊට වැඩිය වේගයක් ඕනනම් ඔය පහල තියන video එකේ වගේ හොඳ Cooling System එකක් තියෙන්න ඕන). මේ ප්‍රොසෙසරය cores 8 ක් සහිත ප්‍රොසෙසරයක්. AMD සමාගම මේ ප්‍රොසෙසරයේ 8.429 GHz වගේ වේගයක් ලබාගැනීමේදී සිසිලන ක්‍රියාවලිය සඳහා යොදාගෙන තියෙන්නේ ද්‍රව හීලියම් සහ නයිට්‍රජන්. ද්‍රව නයිට්‍රජන් වලට මේ ප්‍රොසෙසරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 180 ක් දක්වා පල දැමීමට හැකිවෙනවා. හැබැයි මෙහෙම උනාම ඇතිවෙන අනිත් ප්‍රශ්නේ තමයි "cold bug". ඒකියන්නේ ප්‍රොසෙසරය ක්‍රියාත්මක වෙන්න ඕන වෙන නියම උෂ්ණත්වයත් නොලැබෙන එක. හැබැයි මේ AMD FX ප්‍රොසෙසරයට නම් එක බලපාල නෑ. ඒඅතින් බලනකොට මේ AMD FX ප්‍රොසෙසරය සාර්ථක නිර්මාණයක් වෙලා තියනවා.




    http://youtu.be/UKN4VMOenNM

    AMD සමාගම කියන අනිත් දේ තමයි මෙලෙස සිසිලන පද්ධති වලට ද්‍රව හීලියම් සහ නයිට්‍රජන් වැනි දේ යොදාගනිමින් ප්‍රොසෙසර් වල වේගය වැඩි කිරීමෙන් Hardware warranties අවලංගු වීමට සහ පරිගණකයට හානි වෙන්න පුළුවන් කියලා. එත් ඉතින් ඒගොල්ලෝ කොහොමහරි World record එක තිබ්බනේ. තව විස්තර හම්බුනොත් කියන්නම්.එහෙනම් ඔන්න මම ගියා.


    ගත්තේ මෙතනින්
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    machan oka newi fastest processor eka. oya speed eka enne OverClock kalama. oka OC karanna lesi unlocked ekak nisa.

    apita oya speed eken oka normal use karanna ba.
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    පොඩ්ඩක් ඉන්න පුදුම වෙන්නැතිව
    අන්න ඉන්ටෙල් 10.5 එක එලියට දාන්න හදන්නේ:cool::yes:



    අඩෝ එහෙමද.....එලන....:shocked:

    Android 4ns වලටත් ඊ ලගට ඉන්ටෙල් processros ලු එන්න :P
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අම්මෝ.... මේව ගහල අල කන්නද
    මටනම් Cor2Do 2.93 හොදටම ඈති

    අනික ප්‍රොසෙසරයම තිබිලත් මදි ඔකම එලටම හරියන්න Ram එකත් තියෙන්න එපෑ.... :D
    ඔන්න අරව දුන්නා.....++++