ලෝක විනාශය අත ළඟද?

SolarKing

Member
Feb 4, 2011
129
37
0
ලෝක විනාශය අත ළඟද?

ලෝක විනාශය අත ළඟද?
November 10, 2012 at 12:02 am | Lanka C News.


7482939.png
සොබා දහම පෘථිවියම කළඹයි
මේ සුළි කුණාටු සමයයි. ශ්‍රී ලංකාවට පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවල් ඔක්‌තෝබර්, නොවැම්බර් දෙසැම්බර් කාල සලකනුයේ සුළි කුණාටු, භූ කම්පන, ජල ගැලීම් වැනි ස්‌වභාවික විපත් බහුල කාල පරිච්ඡේදයක්‌ ලෙසිනි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11 ක්‌ දරුණු සුනාමි ව්‍යසනයට ගොදුරු වූයේද 2004 දෙසැම්බර් 26 වැනිදා ය. ඔක්‌තෝබර් මාසයේ ගංවතුර, ජල ගැලීම්, නාය යැම් හා අකුණු අනතුරු ද ශ්‍රී ලංකාවට අරුමයක්‌ නොවේ. බංග්ලාදේශය තායිලන්තය, පිලිපීනය, ඉන්දියාව වැනි රටවල් ජල ගැලීම්වලින් හා සුළි කුණාටුවලින් වැඩි වශයෙන් පීඩා විඳින්නේද මේ කාලයේදීය. මේ අතර සුමාත්‍රා දූපත් කලාපයේ භූ කම්පන ද මේ කාලයේදී සාමාන්‍යයෙන් වාර්තා වේ.
‘නීලම්’ සුළි කුණාටුව
පසුගිය 27 වැනි සෙනසුරාදා ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව හදිසි නිවේදනයක්‌ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. එහි වූයේ බෙංගාල බොක්‌ක ආශ්‍රිතව අවපීඩන කලාපයක්‌ වර්ධනය වී ඇති බැවින් උතුරු නැගෙනහිර පළාත්වලට තද වැසි සමග තද සුළං ද ඇතිවිය හැකි අතර මුහුද රළු වන බැවින් ධීවර හා නාවික කටයුතු අවදානම් බවය.
එම අනාවැකිය පසුදින වන විට සක්‍රිSය කරවමින් අවපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක්‌ බවට පත්විය. පසුගිය 29 වැනිදා වන විට එය මුත්තූර් (ත්‍රිකුණාමලය) ප්‍රදේශයට කිලෝ මීටර් 600 ක්‌ තරම් ළං වූ අතර එදින රාත්‍රී 9.00 පමණ වන විට එය සුළි කුණාටුවක්‌ දක්‌වා වර්ධනය වූවා පමණක්‌ නොව මුතූර්වලට කිලෝ මීටර් 100 ක්‌ තරම් ළං විය.
මඩකලපුවේ සිට යාපනය හරහා මන්නාරම දක්‌වා වෙරළ තීරයේ නොගැඹුරු මෙන්ම ගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය. වෙරළේ සිට කිලෝ මීටර් 500 ඉක්‌මවූ දුරකට මුහුදේ සිට රට ඇතුළට පැයට කිලෝ මීටර් 80 ක වේගයෙන් සැඩ සුළං හමන්නටත්, එකදිගට දෙදිනක්‌ පුරා මිලි මීටර් 100 ඉක්‌මවා මොර සූරන වැසි වසින්නටත් වූයෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව පනස්‌ දහසකට වැඩි පිරිසකගේ ජන ජීවිතය අවුල් වියවුල් විය. කුච්චවේලි සිට යාපනය දක්‌වා වෙරළ තීරයේ ජනතාව වහාම එම ප්‍රදේශවලින් ඉවත් කර ආරක්‍ෂිත ස්‌ථානවල රැඳවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය වහා ක්‍රියාත්මක විය. දින 200 කට වැඩි කාලයක්‌ එනම් පුරා මාස 6 කට වැඩි කලක්‌ නියඟයෙන් පීඩා විඳි උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පමණක්‌ නොව නියඟය දැඩිව බලපෑ අනුරාධපුරය, පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කවලටද වැව් අමුණු පිටාර යන තරම් වර්ෂාවක්‌ පසුගිය දිනවල ඇදහැලිනි. මෙම වර්ෂාව එතැනින් ද නැවතුණේ නැත. බස්‌නාහිර, සබරගමුව, මධ්‍යම උතුරු මැද, වයඹ පළාත්වලට ද තද වැසි සමග සුළං ඇති විය. කැලණි, කළු, වළවේ, ගිං යන ගංගා වල ස්‌ථාන කිහිපයක්‌ පිටාර ගලන්නට විය. රත්මලානේ වෙරළ ආසන්නයේ නිවාස 50 කට වැඩිය මුහුදේ රළු බවින් හානි සිදුවී තිබිණි. දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 21 ක ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක්‌ මේ විපතින් පීඩාවට පත්විය. මහාමාර්ග ගණනාවක්‌ ජලයෙන් යට වූ අතර ගස්‌ කඩා වැටීමෙන් ද ගමනා ගමන කටයුතුවලට බාධා ඇති විය. විනාශ වූ නිවාස සංඛ්‍යාව පන්දහසකට ආසන්නය.
මෙම සුළි කුණාටුව මුලතිව් ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවී යාපනය හරහා ඉන්දියාවට ගමන් කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ නමුත් එය මුලතිව් ළඟටම පැමිණ ආපසු හැරී බෙංගාල බොක්‌ක දෙසට යන්නට විය. ටික දුරක්‌ එසේ ගොස්‌ ඉන්දියාවේ තමිල්නාඩුව දෙසට ඇදී ගියාය. ඉන්දියාව විසින් මෙම සුළි කුණාටුව නම් කරන ලද්දේ ‘නීලම්’ යනුවෙනි.
‘සැන්ඩි’ සුළි කුණාටුව
ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම සුළි කුණාටුව පසුගිය 29 වැනිදා පැයට කිලෝ මීටර් 180 ක වේගයකින් ඇමරිකා එක්‌සක්‌ ජනපදයේ නිව් ජර්සි ප්‍රදේශයෙන් රට තුළට ඇතුළු විය. ඇමරිකාවේ වැඩිම ජනගහනයක්‌ වෙසෙන නිව් ජර්සිහි ජන ජීවිතය අඩාල කරමින් ඔවුන් අඳුරේ හෙළන්නට මෙම දරුණු සුළි කුණාටුවට හැකි විය. ‘
සැන්ඩි’ යනුවෙන් නම් කළ මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් වර්ග සැතපුම් 8721 ක්‌ තරම් විශාල භූමි ප්‍රමාණයක වෙසෙන ජනයා අඳුරේ ගිල්වමින් විදුලි සැපයුම මුළුමණින්ම නැවතිණි. මුහුදු ජලය රට ඇතුළට ගලාගෙන ඒමත් සමග උමං මාර්ග ගණනාවක්‌ ජලයෙන් පිරී යන්නට විය. මහා මාර්ග ගොඩනැගිලිවලට ද මුහුදු ජලය පැමිණි අතර නිව්යෝර්ක්‌ වෙතද සුළි සුළඟ කඩා වැදිණි. මුහුදු ජලයෙන් පිරී ගිය නිව්යෝර්ක්‌ ප්‍රාන්තයේ වාහන දහස්‌ ගණනක්‌ ගසාගෙන යන්නට විය. ගොඩනැගිලි කඩා වැටිණි. බින්ලාදින්ගේ ගුවන් ප්‍රහාරයෙන් වසා දැමීමට නොහැකිවූ නිව්යෝර්ක්‌ කොටස්‌ වෙළෙඳ පොළ දින කිහිපයකට වසා දමන්නට ‘
සැන්ඩි’
සමත් විය. එසේම නිව්යෝර්ක්‌ ප්‍රාන්තයට අධික හිම පතනයක්‌ද මේ කාලයේ පවතී. විදුලිය ඇනහිටීම ඔවුන්ගේ ජීවිතවලට දරුණු තත්ත්වයක්‌ ඇති කළේය.
නිව්යෝර්ක්‌ ප්‍රාන්තයේ නගර ගණනාවක්‌ මෙම ව්‍යසනයට ගොදුරු වූ අතර ඒවා නම් මෑන්හැට්‌න්, වොෂිංටන්, බැල්ටිමෝර්, ෆිලඩෙල්ෆියා, නිව්යෝර්ක්‌, බොස්‌ටන් යන නගරයි. ඇට්‌ලැන්ටික්‌ නගරයේ ජල මට්‌ටම අඩි අටක්‌ විය. එම නගරයේ පිහිටි ගොඩනැගිලි ජලයෙන් යට විය. මෑන් හැට්‌න් නගරය අඩි 13 ක්‌ දක්‌වා ජලයෙන් යටවීමත් සමග එහි වූ විදුලි ජනන බලාගාර පුපුරා යන්නට විය. ධාවනය වෙමින් තිබූ වාහන දහස්‌ ගණනක්‌ සමග හඩ්සන් ගඟ යටින් පිහිටි උමං මාර්ගය ජලයෙන් වැසිණි. ගුවන් තොටුපළ රැසක්‌ වැසුණු අතර ගුවන් ගමන් 12000 ක්‌ අවලංගු කෙරිණි.
සැන්ඩි සුළි කුණාටුවෙන් ඇමෙරිකාවේ පුද්ගල මරණ 64 ක්‌ සිදුවී ඇති බව පසුගිය සිකුරාදා (2 වැනිදා) වාර්තා විය.
එම සංඛ්‍යාව ජල බැස යැමත් සමග තවදුරටත් ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ. ට්‍රාන්ස්‌පෝමර් ගිනි ගැනීමෙන් පමණක්‌ නිව්යෝර්ක්‌හි නිවාස 111 ක්‌ විනාශවී තිබිණි.
පිලිපීනයටත් හානි
මේ අතර තවත් රටවල් කිහිපයක්‌ පසුගිය සතියේ ස්‌වභාවික විපත්වලින් පීඩාවට පත් විය.
පිලිපීනයට බලපෑ සැඩ සුළඟ හා ඒ සමග ඇතිවූ තද වැසි වලින් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස්‌ තවත් පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදන් විය. මධ්‍යම පිලිපීනයේ සහ දකුණු දිග පිලිපීනයේ නිවාස 13000 ක්‌ ජල ගැල්මෙන් හා සුළඟින් විනාශවූ අතර කුඹුරු අක්‌කර 48000 ක්‌ ද ධාන්‍ය වගා බිම් අක්‌කර 148000 ක්‌ ද ජලයෙන් යට විය.
කෙන්යාවේ තත්ත්වය
කෙන්යාවේ නයිරෝබි නුවර ද පසුගිය 15 වැනිදා සිට 26 වැනිදා දක්‌වා ජලයෙන් පිරී ඉතිරී යන්නට විය. පුද්ගලයන් ලක්‍ෂ 7 ක්‌ පමණ මෙයින් විපතට පත්වූ අතර ලක්‍ෂ 2 කට වැඩි පිරිසක්‌ තුවාල ලැබීය.
වගා බිම් හෙක්‌ටයාර් 94211 ක්‌ද පාසල් හා නිවාස 1015 ක්‌ ද ජලයෙන් යටවූ අතර 70000 කට වැඩි පිරිසක්‌ අවතැන් විය. මිය ගිය සංඛ්‍යාව 22 කි.
මේ අතර තෙරාන් සිට ඔක්‌හොට්‌සන් මුහුද හරහා පෙල්ඩිස්‌ටෝ දිවයින බලා යාත්‍රා කරමින් තිබූ රත්තරං ටොන් 700 ක්‌ රැගත් රුසියානු නැවක්‌ මහ මුqහුද මැද සුළි කුණාටුවකට හසුවීමෙන් නාවිකයන් 9 දෙනෙකුද සමග අතුරුදන්වූ බව විදෙස්‌ වාර්තා පසුගිය සතියේ හෙළිsදරව් කළේය.
භූ කම්පන කිහිපයක්‌ පිළිබඳවද පසුගිය සතියේ වාර්තා විය. කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා දූපත ආශ්‍රිතව පසුගිය 27 වැනිදා අලුයම රික්‌ටර් මාපකය 7.7 ක්‌ තරම් ප්‍රබල භූ කම්පනයක්‌ ඇති විය. එම කම්පනයත් සමග සුනාමි තත්ත්වයක්‌ ප්‍රකාශයට පත් කළ නමුදු වාසනාවට එසේ වූයේ නැත.
ඇමරිකාවේ හවායි දූපත අසල සාගර පතුලේ ද එදිනම ප්‍රබල භූ චලනයක්‌ ඇති විය. එයින්ද සුනාමි ව්‍යසනයක්‌ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් කළ ද එසේ වූයේ නැත. එයින් ද ජීවිත රැසක්‌ යන්තම් මරණින් ගැලවිණි.
ලෝක විනාශය දෙසැම්බර් මාසයේ සිදුවේ යෑයි මුළු ලෝකවාසීන් භීතියෙන් බලා සිටින මෙවන් මොහොතක ලොව පුරා තැනින් තැන සිදුවන මෙවැනි ව්‍යසන තව තවත් ඔවුන්ගේ භීතිය තීව්‍ර කරන්නට හේතු වනු ඇත. එහෙත් මිනිස්‌ ක්‍රියාකාරකම් නිසාම පෙරළා අත්විඳින්නට සිදුවී ඇති මෙම ව්‍යසන හමුවේ අසරණ බවට පත්වෙනවා හැරෙන්නට කරන්නට කිසිවක්‌ ඉතිරිවී නැත. ලෝක ස්‌වභාවය මේ යෑයි තහවුරු කරවන කාලපරිඡේදයක්‌ ඔබ අප ගත කරමින් සිටිනවා නොවේද?
- තුෂාරී කළුබෝවිල / Divaina

 

SolarKing

Member
Feb 4, 2011
129
37
0
බුරුම භූමිකම්පාවෙන් 68ක් මේ වෙනකොට මැරිලා.ගිය සතියේ ගෝතමාලා භුමිකම්පාවෙන් 50ක් විතර මැරුනා.ඇත්තටම මේ වසර අන්තිමේ යම් දෙයක් වීගෙන යනවා.
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවේ හතර වටේ මුහුද පත්ල පුපුරනවා මේ දවස්වල .ඒක නිසා ටිකක් පරිස්සමෙන් ඉන්න. 2004 මම කොලඹ හිටිය නිසා කොලඹ පැත්තට ආපු සුනාමි ‍රැල්ල පිටසක්වල ජීවීන් බ්ලොක් කරා.මේ පාරනම් මම ලංකාවේ නැති නිසා සහ මගේ කිසිම වටිනා දෙයක් කොලඹ නැති නිසා පිටසක්වල ජීවීන්ට කොලඹ බේරගන්න හේතුවක් නෑ.
     
    • Like
    Reactions: sanath ekanayake

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ලංකාවේ හතර වටේ මුහුද පත්ල පුපුරනවා මේ දවස්වල .ඒක නිසා ටිකක් පරිස්සමෙන් ඉන්න. 2004 මම කොලඹ හිටිය නිසා කොලඹ පැත්තට ආපු සුනාමි ‍රැල්ල පිටසක්වල ජීවීන් බ්ලොක් කරා.මේ පාරනම් මම ලංකාවේ නැති නිසා සහ මගේ කිසිම වටිනා දෙයක් කොලඹ නැති නිසා පිටසක්වල ජීවීන්ට කොලඹ බේරගන්න හේතුවක් නෑ.


    :rofl: :rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවේ හතර වටේ මුහුද පත්ල පුපුරනවා මේ දවස්වල .ඒක නිසා ටිකක් පරිස්සමෙන් ඉන්න. 2004 මම කොලඹ හිටිය නිසා කොලඹ පැත්තට ආපු සුනාමි ‍රැල්ල පිටසක්වල ජීවීන් බ්ලොක් කරා.මේ පාරනම් මම ලංකාවේ නැති නිසා සහ මගේ කිසිම වටිනා දෙයක් කොලඹ නැති නිසා පිටසක්වල ජීවීන්ට කොලඹ බේරගන්න හේතුවක් නෑ.
    හා,එතකොට අවිස්සාවෙල්ලෙ යද්දි ටයර් එකෙ හුලන් යද්දි කොහෙද උබෙ කුම්බාන්ඩ එලියන්ස් ල උන්නෙ???:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හා,එතකොට අවිස්සාවෙල්ලෙ යද්දි ටයර් එකෙ හුලන් යද්දි කොහෙද උබෙ කුම්බාන්ඩ එලියන්ස් ල උන්නෙ???:lol:
    මේ පාර සුනාමියක් ආවොත් කොලඹ ඉන්න එවුන්ට ලිඳ පමනයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ හතර වටේ මුහුද පත්ල පුපුරනවා මේ දවස්වල .ඒක නිසා ටිකක් පරිස්සමෙන් ඉන්න. 2004 මම කොලඹ හිටිය නිසා කොලඹ පැත්තට ආපු සුනාමි ‍රැල්ල පිටසක්වල ජීවීන් බ්ලොක් කරා.මේ පාරනම් මම ලංකාවේ නැති නිසා සහ මගේ කිසිම වටිනා දෙයක් කොලඹ නැති නිසා පිටසක්වල ජීවීන්ට කොලඹ බේරගන්න හේතුවක් නෑ.

    block kale komada? lalla dalada ? :baffled:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ලෝකේ විනාශ වෙයි බන් වෙන දවසක .. බලන් ඉමුකො :)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවේ හතර වටේ මුහුද පත්ල පුපුරනවා මේ දවස්වල .ඒක නිසා ටිකක් පරිස්සමෙන් ඉන්න. 2004 මම කොලඹ හිටිය නිසා කොලඹ පැත්තට ආපු සුනාමි ‍රැල්ල පිටසක්වල ජීවීන් බ්ලොක් කරා.මේ පාරනම් මම ලංකාවේ නැති නිසා සහ මගේ කිසිම වටිනා දෙයක් කොලඹ නැති නිසා පිටසක්වල ජීවීන්ට කොලඹ බේරගන්න හේතුවක් නෑ.
    උබ අවිස්සාවෙල්ලට එනවා කියලා මම කලින් දන්නවා නම් අනිවා උබට මම වෙඩිතියනවා ොකද වෙන්ේ බලන්න..... :lol::lol::lol::lol:
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    හැබැයි මම අහලා තියනවා තව අවුරුදු 2500 යනකන් ලෝකේ විනාශයක එන්නේ නෑ කියලා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ අවිස්සාවෙල්ලට එනවා කියලා මම කලින් දන්නවා නම් අනිවා උබට මම වෙඩිතියනවා ොකද වෙන්ේ බලන්න..... :lol::lol::lol::lol:
    මාව මරන්න ඕන එවුන් මේ වෙනවිට මැරිලා ඉවරයි.පිටසක්වල ජීවීන් එවුන්ට ගේම දෙනවා.
    කාටවත් මම ජිවතුන් අතර සිටින කොට පෘථිවිය මුලුමනින්ම විනාශ කරන්න බෑ. I am the blood sacrifice for the earth destruction in 2012.