ලෝක විනාශය පිළිබඳ බෞද්ධ මතය
පැපිලියාන සුනේත‍්‍රාදේවි මහ පිරිවෙන්පති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කෘතිකාචාර්ය, රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභය තිස්ස හිමි.
2012 වසරේ දෙසැම්බර් මස විසිඑක්වැනි දින ලෝක විනාශය සිදුවෙතැයි යන්න ගොඩනගා ගත් මතය මම නොපිළිගනිමි. මන්ද ලෝක විනාශය එක්වර සිදුවන්නක් නොවන නිසාය. එයට නිශ්චිත දිනයක් නොමැති අතරම එය සිදුවන්නේ ක‍්‍රමානුකූලවය.
බුදු දහම තුළින් මේ පිළිබඳ සවිස්තරාත්මක ලෙස විස්තර කොට ඇත. එහිදී ලෝක විනාශය පිළිබඳ දකින ක‍්‍රමය අපි දකින ක‍්‍රමයට වඩා බොහෝ වෙනස්ය.
චක්ඛවත්ති සීහනාද සූත‍්‍රය, අග්ගඤ්ඤ සූත‍්‍රය හා අංගුත්තර නිකායේ සත්තසූරියුග්ගමන සූත‍්‍රයේ වැනි සූත‍්‍රවල ලෝකය විනාශවන ආකාරයත්, ඒ සඳහා මුහුණ දෙන්නේ කෙසේද යන්නත් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. උන්වහන්සේ සඳහන් කරන ආකාරයට ලෝක විනාශය සිදුවන ක‍්‍රම 2කි.
පූර්ණ විනාශය - අර්ධ විනාශය
පූර්ණ විනාශය - ක්‍ෂිරපථයේ සූර්යයන් එක්කෙනෙකු සිටියත් ක‍්‍රමයෙන් දෙදෙනෙක්ද තවත් කලෙකින් තිදෙනෙක්ද ආදිකොට ගනිමින් සූර්යයන් සත් දෙනෙකු පායන අතර මේ නිසා පෘථිවි වාසීන් දැඩි උණුසුමකට නතු වන බව පෙන්වා දේ. එහිදී පර්වත, ගුහා, ගිනි කඳු ආදිය මෙම රශ්මියෙන් ගිනිගෙන අළු බවට පත්වන බව සඳහන්ව ඇත. අවසානයේ මහ සමුදුරේ ජලය අත් දෙකට ගන්නට හැකි වන බව සඳහන් වේ. ‘‘මහ සමුදෝ සුස්සුස්සකි’’ මහ සමුද්‍රය සම්පූර්ණයෙන්ම විනාශවන බව එහි අදහසයි.
අර්ධ විනාශය - මින් අදහස් කරනුයේ පෘථිවියේ තැනින් තැන යම් යම් පැති විනාශ වීමකි. එසේ නැතහොත් යම් යම් විනාශකාරී දේවල් සිදුවීමත් ය. මේ පිළිබඳ සප්තසූරියුග්මන සූත‍්‍රයේ සඳහන් කොට ඇත. එහිදී විනාශකාරී දේවල් සිදුවන්නේ මිනිසාගේ ක‍්‍රියාකලාපයන් නිසාය. එම ව්‍යසනයන් ස්වාභාව ධර්මයාට විරුද්ධවීම තුළින් හටගන්නා බව පෙන්වා දී ඇත.
මෙය පරිච්ඡේදයක වෙනස් වීමක් පමණි. මහ මුහුදේ රළ ගසනවා මෙන් වරින් වර ලෝකය තුළ බිහිවීම් වර්ධනය වීම හා පරිහානියට පත්ව නැතිවී යාම ඇත. නිදසුන් ලෙස ගත්විට ලොව ඉතා දියුණු ශිෂ්ටාචාර තිබී ඇත. මොහෙන්දොජාරෝ හරප්පා වැනි ශිෂ්ටාචාර හොඳ තත්ත්වයෙන් තිබුණ ඒවා විය. ලංකාවද ඈත අතීතයේ දියුණු ශිෂ්ටාචාරයක්ව තිබුණි. වාරි තාක්‍ෂණයක් ද තිබුණි. එලෙස හටගත් දියුණු ශිෂ්ටාචාර යටපත් වී තවත් ශිෂ්ටාචාර බිහිවී ඇත. එමෙන්ම පුද්ගලයා තුළ ගුණධර්ම හොඳ හෝ නරක ලෙස සංවර්ධනය වී යහපත් අයහපත් සමාජ වරින් වර බිහිවී ඇත. ඒ හරහා ආයුෂ වැඩි වීමද අඩුවීම්ද සිදුව ඇත. එය ලෝකයේ වෙනස් වීමයි. එම වෙනස්වීම හොඳ හෝ නරක වන තරමට ලෝකය විනාශ වීම හෝ පැවැත්ම තීරණය කරන බව පෙන්වා දේ.පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස ලෝකය විනාශ වූවත් එම විනාශවීම සඳහා මූලික වන්නේ පුද්ගලයා මුල්කොටගත් සිතුවිලි ඇසුරින් ගොඩනගාගත් ක‍්‍රියාකලාපයන් වන බව බුදුන්වහන්සේ පෙන්වා දුන් සේක.
එහිදී ලජ්ජාව හා භය මිනිසුන් තුළ නොමැතිවීම ඔවුන් අධර්මයේ හැසිරීමට හේතුවන බව පැවසූ බුදුන් වහන්සේ මව, පියා සහෝදරයා නොහඳුනන තත්ත්වයට පත්වන බව පෙන්වා දුන්සේක.
”දස කුසල කම්මපථා සබ්බෙන සබ්බං අන්තරධායිස්සන්ති” ඉන් අදහස් වන්නේ දස අකුසල් කර්ම එන්න එන්න වැඩි වීමයි.
ලෝක විනාශය ඇති වීමේදී ආයුධ වර්ෂ, මෘග සංඥාව පහළවීම ආදිය ඇතිවන බව බුදු දහමේ සඳහන් කර ඇත. ආයුධ වර්ෂා යනු ආයුධ වැස්සක් නොවේ. ඉන් අදහස් කරන්නේ අවි ආයුධ පරිහරණය සමාජයේ සිටින සෑම පුද්ගලයකුම නැඹුරු වීමයි. එහිදී කෝපයෙන් එකිනෙකා මරා ගැනීම දැකිය හැකිය. එය වර්තමානයේ දැකිය හැකි තත්ත්වයකි. අපි කියන දේ පමණක් ඇත්තය. අනෙක් අය පවසනුයේ අසත්‍ය යනුවෙන් කියමින් කලකෝලාහල කරයි. දේශපාලනය දෙස බැලූවද එසේමය. අයහපත් දේ අගය කරන පිරිසක් බිහි වේ. එළුවෝ, කුකුළෝ, ඌරෝ, බල්ලෝ හිවල්ලූ වැනි සතුන්ගේ මානසිකත්වයෙන් ක‍්‍රියාකරන පිරිසක් බිහිවේ. මේ සඳහා නිදසුන් වත්මන් සමාජයෙන්ම ගත හැකිය. පියා තම දියණිය දූෂණය කිරීම, පුතා මව දූෂණය කිරීම් එසේ නොමැති නම් සමහර තරුණයන් වැඩිහිටි කාන්තාවන් දූෂණය කොටගත් ස්ත‍්‍රී දූෂණ වත්මන් සමාජයේ වෙලාගනිමින් පවතී. බුදුන්වහන්සේ එවන් වූ අසද්ධර්ම ලෝක විනාශය තුළදී පහළ වීම පෙන්වා ඇත්තේ මෘග සංඥා ලෙසයි.
මිනිසා විසින් පරිසරයට එරෙහිව යාම වර්තමාන සමාජයේ දැකිය හැකි තත්ත්වයකි. පෞද්ගලික පරිහරණය උදෙසාම සිදුවන වන විනාශය තුළින් හටගන්නා අර්බුදකාරී තත්ත්වයට ලෝකයේ බොහෝ රටවල් ගොදුරු වී ඇත. ගංවතුර, නාය යෑම් ඇති කොටගත් දේශගුණික සංසිද්ධීන් පවා බොහෝ වෙනස් වී ඇත.
වසවිස ආහාර සඳහා මිශ‍්‍ර කිරීම. වැඩි ආදායමක් ලබාගැනීම සඳහා නිෂ්පාදකයන් ගන්නා ක‍්‍රියාමාර්ගයකි. ලෙඩ රෝග බහුල වී ඇත. ඒ තුළින් හටගන්නා පිළිකා වැනි රෝගී තත්ත්වයන් වත්මන් සමාජයේ වසංගතයක් වී ඇත. එම නිසා මිනිස් ආයුෂ ක‍්‍රමයෙන් අඩුවීමක් දැකිය හැකිය.
බුදු දහමේ ආයුෂ අඩුවීම වසර දහය දක්වා සිදුවන බව චක්ඛවත්ති සීහනාද සූත‍්‍රයෙන් පෙන්වා දේ.
ලෝක විනාශය පිළිබඳ තැති ගැනීම එසේ නොමැති නම් ලෝකය ජය ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න විමසා බැලීම වටී. එසේ නම් කළ යුතු වන්නේ, පංචේන්ද්‍රීය ලෝකය ජය ගැනීමයි. ඒ සඳහා අප කළයුතු වන්නේ මරණයද, ව්‍යාධියද, ශෝකයද ලැබෙන්නේ යන්න පිළිබඳ අවධානයෙන් කල්පනාවෙන් කටයුතු කිරීමයි. එවිට ඒ තුළ ඇතිවිය හැකි ගැටලූ යම් ප‍්‍රමාණයකට අඩුකර ගත හැකිය. මුලූමනින්ම ඒවා නැතිකර ගත නොහැක. අපට කරදරයක් ව්‍යසන ඒමට පෙර අප ඒ ගැන බිය විය යුතු නැත. එම ව්‍යසනය ඇතිවූ විට එයට මුහුණ දීමයි කළ යුතුව ඇත්තේ. ව්‍යසනයක් ඒමට පෙර ඇති කළ යුත්තේ ව්‍යසනයක් සිදුවීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඉඩකඩ අවම කිරීම යනු මිනිසා ගුණධර්මවලින් සමන්විත වීමයි.