ලෝක විනාසය ගැන ඔට්ටුවක් ඇල්ලූ වික්ටර් මා&#3512

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ලෝක විනාසය ගැන ඔට්ටුවක් ඇල්ලූ වික්ටර් මා&#3512

    උපුටා ගැනීම හිස් අහස බ්ලොග් වෙබ් අඩවියෙන්.කතෘ සඳරු.මෙහි සම්පූර්ණ අයිතිය ඔහු සතුයි.

    "මේ අවුරුද්දේ ලෝක විනාසේ වෙනවා කියන කතාව සහතික ඇත්ත ! “

    වික්ටර් මාමා එහෙම කියාගෙන උදැහැනැක්කෙම තුම්මං හන්දියේ පොල්ලතු කඩේට ගොඩ වෙද්දී මමයි මගෙ ගෝලයා උක්කුවයි හිටියේ කඩේ නැන්දා හදාපු ලැවරිය එකක් හපන ගමන් .

    "ඇයි බං ප්‍රවෘත්ති වලටවත් කීවයි එහෙම කතාවක් ?”

    තේ කෝප්පයක් "ටිලි ටිලි" හඬින් හැඳිගාමින් උන්නු කඩේ නැන්දා එහෙම කියන කොට කට පුරා ලැවරිය ගිල ගිල උන්නු මමත් බඩට සැප දීම පසක තියලා කනට සැපක් දෙන්න හිතාගෙන් කඩේට ආපු ගමේ අයගේ කතා බහට කන්දෙන්ඩ කට පල්ලෙන් ඇන්ටෙනා පාරක් දැම්මා .

    "මේවා මම පොත් පත්තර අවුස්සලා කියෝලා හොයාගත්ත දේවල් නංඟියේ. උඹට කියන්ඩ ඉස්සර මේ ලෝකේ ඉඳලා තියනවා මායා දන්න මිනිස්සු කොටසක් උන් ගලක කොටලා තිබුණලු ලෝකේ අවසාන වෙන දවස . මේ ළඟදී තමයි ඒ ගල පරීක්‍ෂකයෝ හොයාගෙන තියෙන්නේ .. ඉතින් කාගේ කාගෙත් කාලේ නම් ඉවරයි !”

    "සීවරං දෙයියනේ ! !” කඩේ නැන්දා බයෙන් සලිත වෙන අතරේ කඩේට ආපු තලතුනා මාමලා සෙට් එක්කුත් තක්බීර් වුණා

    උනාපාන මාමට එයා හපමින් හිටි වණ්ඩුව හිර වුණා . , සරත් මාමා සරමේ උණු තේ කහට හලාගත්තා , ඉස්කෝලේ මුර කරන දාස මාමාගේ රොටිය අතරින් බේරුණු ලුණු මිරිස එයාගේ සුදු කමිසේ දිගේ බේරිලා ගියා .

    කට්ටියම කලබල වෙලා .

    දෙකොනින් හිනාවෙවී තවත් ලැවරි කටක් හපාපු මම උක්කුවා දිහා බැලුවා . ඌත් අන්දුන් කුන්දුන් වෙලා .

    උක්කුවා තමයි අපේ ආයතනයට අලුතින් ආපු පියන් .තරමක් දුප්පත් වෙච්ච අපේ උක්කුවාට නිතරම මම කන්න බොන්න අරන් දෙන එක සාමාන්‍ය දෙයක් ඉතින් අදත් සුපුරුදු පරිදිම අපි දෙන්නා උදේට කන්න හිතාගෙන හන්දියේ පොල්ලතු කඩේට ගොඩ වුණා විතරයි අපිට අහන්න ලැබුණේ ලෝක විනාශය ගැන කන්කලු පුවතක් .

    "සඳරු මල්ලි ඇත්තද බං ඔය කතාව ?”

    උක්කුවා මගෙන් සද්ද කරලා එහෙම අහද්දී මම ඩිම් වුණා . ඒ ලෝක විනාශයට බයෙන් නම් නෙවෙයි . කඩේට ආපු එවුන් සේරෝමල්ලා මං දිහාවේ බලන්න ගත්ත නිසයි .

    "සඳරු පුතේ ඔයි කතාව ඇත්තද ?”

    මදෑ හැංඟිලා ඉන්ඩ හැදුවා.! දැන් ඉතින් බේරෙනවා බොරු ..! දර කෑල්ලක් පලමින් උන්නු කඩේ මාමත් කොහේදෝ ඉඳන් කඩේට ගොඩ වැදිලා මගෙන් එකපාරම එහෙම අහද්දී මම තවත් අසරණ වුණා .මේ කතාවට මැදිහත් නොවී හෙමීට ලෙස්සලා යන්නම් කියලා හිතාන හිටපු මමත් අන්තිමේටම ඒ ප්‍රශ්නෙට අහු වුණා .

    පළාතටම තියන එකම නම ගිය පරිගණක පන්තියේ උගන්වන එකා වෙච්ච මට සමහර වැඩිහිටියෝ ගොඩාක් ගරු කරනවා .එයාලට මාව පේන්නේ උපාධි හැටක් විතර ගහපු ආචාර්ය වරයෙක් වගෙයි .ඒත් ඉතින් වින්ඩෝස් ගැනයි ඔෆිස් පැකේජ් එක ගැනයි එකම දේ හැමදාම කියවන මගේ තත්වය මම නම් හොඳටම දැනගෙන උන්නා.

    "මම නම් හිතන්නේ ඒ කතාව බොරුවක් කඩේ මාමේ . ! “

    උණු ප්ලේන්ටියෙන් උගුරක් බීලා මම එහෙම කියාපුහාම වික්ටර් මාමට හොඳටම ඩෝං ගියා !

    "අනේ ..!! අද ඊයේ කලිසන් ඇන්ඳ කජුකිරි කොල්ලෙක්නේ බං උඹ . උඹ කොහොමද හරියටම ලෝක විනාසේ වෙන්නේ නැතෙයි කියලා කියන්නේ මොකෝ උඹ සක්කරයයෑ ?.”

    වික්ටර් මාමා මව විවාදයකට කැඳවන බව මට ඉවෙන් වගේ තේරුම් ගියා . ඒ එක්කම මම දැක්කා කඩේ ඇතුළේ උදේ කෑම ගනිමින් හිටි මගේ ගමේ උදවියත් කාණ්ඩ දෙකකට බෙදුන හැටි . කාණ්ඩෙයක් මගේ පැත්තට පක්‍ෂවත් , තවත් කාණ්ඩයක් වික්‍ටර් මාමට පක්‍ෂවත් .

    "සඳරු පුතා නිතරම කොම්පීතර එක්ක ඉන්න එකා ඌ මේවා ගැන හොඳට දන්නවා"

    කඩේ මාමත්, නැන්දත් , උනාපාන මාමත් මගේ පැත්තට සෙට් වුණා

    "වික්ටර් අයියා ඉතින් නොදන්න දෙයක් නෑ ඌ කොච්චර කල් මේ ගෙන්දගම් පොලේ පය ගහලා හිටි එකෙක්ද ?”

    එහෙම කියලා සරත් මාමත් , දාස මාමත් කඩේට ඒ මොහොතේ ආපු පාං මුදලාලිත් වික්ටර් මාමගේ පැත්තට සහය දුන්නා .

    උක්කුවා නම් අපක්‍ෂපාතීයි ඌ ලැවරිය ඉවර කරලා රොටියකට වග කියනවා . ඌටත් මොකෝ ? මමනේ සල්ලි ගෙවන්නේ ඌට තියෙන්නේ ගිලින්න විතරයිනේ !.

    "හරි සඳරු පුතා උඹ කෝමද කියන්නේ ලෝකෙ විනාශ වෙන්නේ නෑ කියලා..? මොකෝ මේ හැමදෙයක්ම පවතින දේවල්ද..? උඹලා නම් ඉතින් හිතාන ඇත්තේ හැමදාම ජීවත් වෙන්න ඒත් ඒම බෑ පුතා .. ! සියලු සංස් කාර ධර්මයන් නැෂෙන ෂුලුයි ..!”

    වික්ටර් මාමා පඬි කතාවක් කීවා .

    මමත් අතේ ඉතිරි වුණු ලැවරිය පළුව කටේ දාගෙන කඩදහි කොළේකින් අත පිහදාලා විවාදයට සූදානම් වුණා .

    "ඇත්ත මාමේ මේ කිසිම දෙයක් හැමදාම තියෙන්නේ නෑ . නැති වෙනවා.! ඒත් ඉතින් ඒ දවස කවදා එයිද කියලා අපි කෝමද කියන්නේ ?”

    හිතුවක්කාරයි නුඹනම් සොඳුර .
    මහ වැස්සක් වාගේ.. //

    කඩේ මාමාගේ රේඩියෝ එකේ ගීතයක් වාදනේ වෙන්න ගත්තා ... උපරිමේට මල පැනලා හිටි වික්ටර් මාමා ඇඟේ පතේ සේරම හයිය දාලා ඒක වහලා දැම්මා .

    මම ටිකක් පස්සට වුණා .....

    "පුතේ උඹ දන්නවද මායා ජාතිය ගැන ? නෑ නේ ..! අපි නොදන්න ගොඩක් දේ උන් දැනං හිටියා. ඒකනේ ගොනෝ අපිට කලින් උන් කැලන්ඩරේ හැදුවේ . ඉතින් උන් කැලන්ඩරේ හැදුවා වගේම ලෝකය විනාශ වෙන දිනයත් කෙළින්ම ඒකේ සඳහන් කළේ ඉදිරියට එන බුද්ධිමත් මිනිස්සුන්ට මේ බව දන්වන්න .අද කාලේ උඹලා වගේ හරක් බිහි වෙයි කියලා උන් නිකමටවත් හිතුවේ නැතිව ඇති ..”

    වික්ටර් මාමා මට හරකා කීවට මට ඒතරම් මල පැන්නේ නෑ . මල පැන්නත් කරන්න දේකුත් නෑ. ගමේ කොල්ලක් මට මෙහෙම කීවා නම් ඌට හරහා වැටෙන්න පතබාන එක මට සුලු දෙයක්. ඒත් මේ ගමේ වැඩිහිටියෙක්. අනික වයස ගියත් උගේ ඇඟපත යක්ඩ වගේ කියලා තමා වික්ටර් මාමා නම් නිතරම කියන්නේ .අන්න ඒ කරුණු හින්දම මම තවත් කෙස් පැළෙන තර්කයකට අර ඇද්දා

    "මාමා අහන්ඩකෝ මම කියන එකත්"

    "කියහං බලන්ට"

    "කවුද දන්නේ ඔයා මායා කස්ටිය මේක ආතල් එකට කළාද කියලා ?”

    "මොකක් ?”

    "ඔවු මාමා . සමහර විට ඉතින් උන්ට හිතෙන්න ඇති අපි මේ කැලඩරේ හද හදා හිටියොත් වෙන කරන්න දෙයක් නැතිව යනවා ඒක නිසා අපි මේක මගින් නවත්තමු කියලා .නැත්තං අනාගතේදී එන අපිව පොඩ්ඩක් බයිට් කරන්න හිතාගෙන කැලන්ඩරේ බාගෙට හැදුවද දන්නෙත් නෑ නේ .. “

    කීප දෙනෙක් හිනා වුණත් වික්ටර් මාමා නෙවෙයි යන්තම්වත් හිනා වුණේ . ඔය අතරේ තමා කඩේ මාමත් මගේ පැත්තට පොඩි තල්ලුවක් වදින කතාවක් කීවේ .

    "ඒක නේන්නං සඳරු පුතේ . උං කැලැන්ඩර් හද හදා උන්නම කවුද උංඟේ ගෑනුන්ට දරුවන්ට කන්ඩ දෙන්නේ ?. උන් ඕක 2012 වෙනකම් විතරක් හදලා පාඩුවේ ඉන්ඩැති . “

    කඩේ නැන්දා දුම් දාන ආප්ප ටිකකුත් වට්ටියක තියාගෙන ආවේ කථාවෙන් කථාවෙන් අපිට ආප්පයක් දෙකක් ගිල්ලවලා සම්තින් එකක් හොයාගන්න වෙන්නැති .මට නම් හොඳටම විශ්වාසයි ඒ ආප්ප වල කිරි අඩුයි කියලා .මේ වාදය මැද්දේ ගොම තැම්බක් ගැඹුරු තෙලේ බැදලා දුන්නත් එක කටට ගිලදාන අපේ එවුන් ආප්ප වල ලුණු කිරි බලාවිද ? , ඔන්න ඔහේ කියලා මමත් ආප්පයක් ගත්තා .

    "මේ සඳරු පුතා නිකං කෑගැහුවට උඹ ඇස් ඇස්සීත් ෆේල් නේ . ඒක නිසා උඹ කියන ඔය කට කැඩිච්චි කතා මම ගණං ගන්නේ නෑ . !”

    ඒ කියාපු කතාවට නම් මට උපරිමේට යකා නැංගා . මට විතරක් නෙවෙයි මගේ ගෝලයා උක්කුවාටත් නප්පියට තද වුණා .

    "මේ වික්ටර් මාමා ! ඔයා කට කැඩිච්චි කතා කියන්ඩෙපා . විභාග ටික පේල් වුණාට සඳරු අයියා ඉන්ටර්නැට් එකෙන් ගොඩ දේ කරනවා එයා ඒකෙන් බලලා තමා කියන්නේ ලෝක විනාසේ වෙන්නේ නෑ කියලා .”

    අප්පා...! ඒ කතාවට උක්කුවාගේ කටට මසුරමක් දාන්නද නැත්තං උගේ කටේ රෙන්ඩද කියලා මට හිතාගන්න බැරි වුණා.

    "ආ ඉන්ටැර් නැට් එකේ තියන ඒවා වැරදියි පේන්නැද්ද ළමයින්ගේ ප්‍රතිඵල වැරදුණ හැටි ඔය කොම්පීතර වලටත් වරදිනවා.”

    පාං මුදලාලි කතාව මැද්දට පැනලා වික්ටර් මාමට ජැකක් ගැහුවා . ඒ ජැක් එක වැදිලා වික්ටර් මාමා කදිමට ෆෝම් වුණා .

    "හරි යමං අපි සේරෝමල්ලා උඹලාගේ කොම්පීතර පන්තියට යමු. ගිහින් බලමු ඔය ඉන්ටර් නැට්ටේ දාලා තියේද කියලා ලෝක විනාසේ මේ අවුරුද්දේ වෙන්නැද්ද කියලා . දැං යමු .. මේ දැං යමූඌඌඌ" .

    වික්ටර් මාමා එහෙම කියද්දී මට හීනිවට දාඩිය දැම්මා.මේ පිස්සෝ ටිකත් එක්කරගෙන මම වැඩ කරන තැනට ගියෝතින් මුං එතන දෙවනත් වෙන්න කෑගහන බව නම් ෂුවර් .පරිගණක ගැන මෙලව හත්තිලවුවක් නොදන්න අයට අන්තර්ජාලය ගැන එකවරම කියා දෙන එක තරමක් අවදානම් කියලා මට හිතුණා.එතනට එන මගෙන් ඉගන ගන්න ළමයි ඉදිරියේ මුං මට ගොනා කීවොත් ? .එහෙම වුණොත් මගෙ රෙදි ගැළවෙනවා .

    ඔය අතරේ මම තැනට සුදුසු උපායක් කල්පනා කළා.බඩට වැටුණු ලැවරියයි,අමුවෙන්ම ගිල්ල ආප්පයයි ,වැඩි සීනි ප්ලේන්ටියයි බඩ ඇතුළේ එකට කැලතිලා මට අමුතුම ජීව ශක්තියක් ලබා දුන්නා .ඒ ජීව ශක්තිය නිසාද කොහෙද මගේ මොළේට අදහස් කඳක් ගලාගෙන එන්න පටන් ගත්තා . හරියට නිකම් වක්කඩ කැඩුවා වාගේ .

    "හරි මම ඔයාලව එක්කං යන්නං හැබැයි එකක් . මට කිසිම වගකීමක් බාරගන්න බෑ “.

    "වගකීමක් මොකද්ද අපි උක්කුං බොන බබ්බු කියලා උඹ හිතුවද ?”

    "නෑ නෑ මාමා . ඔවුවා ගැන එහෙම තදියමේ හොයන්ඩ ගිහිං උඹ හයිපර් ටෙක්ස්ට් ට්‍රාන්ෆර් ප්‍රෝටොකෝල් එකටවත් අහුවුනෝතින් . නැන්දව බලාගන්නේ මමද ? ඈ පාං මාමේ උඹගේ පාං වාහනේ පැද පැද පාං විකුණන්නේ මමද ? මම උඹලව එක්ක ගිහිං ඉන්ටර් නෙට් දාලා දෙන්නම් උඹලා බලපල්ලා . මම නෑ ඕං . !”

    "අනේ බොලං මට නම් ඔය නොදන්නා ඒවා කරන්න තේරෙන්නේ නෑ.ඔය කොම්පීතර වලින් මොනාද මගඩියක් කොරලා නේද බටිල්ලගේ කොල්ලා රහස් පොලීසියෙන් කුදලාගෙන ගියේ . අනේ මේ මම නම් එන්නේ නෑ උඹලට ඕන්නං පලයල්ලා .”

    පාං මාමා බල බිඳගෙන එහෙම කියද්දී මට හිතුණා මම බයෙන් වුණත් විද්ද ඊතලේ නම් ඉල්ලකෙටම වැදුණා කියලා .

    "සඳරු මලේ උලුඳු වඩේ එකකුත් කමු නේ ?”

    උක්කුවාට නම් කෑමෙන් තොර ලොවක් නෑ . මූ මගෙන් කමුද කියලා අහන්නේ මට ගිල්ලවන්න තියන රුදාවකට නෙවෙයි . ඌට ගිලින්න ඕනෙ නිසා .

    "කාපං කාපං උක්කුං අයියේ .. ! උඹ අරං කාපං ! බඩ යනකම් හරි කමන්නෑ කාපං..!”

    මම උඩ සාක්කුවේ තිබුණු රුපියල් සීය දිහා බලාගෙන හූල්ලමින් කිවුවා .

    මට තරහ ගිහින් වගේ දැනුණු නිසාද කොහෙද උක්කුවා අතට ගත්ත උලුඳු වඩේ එක එහෙට මෙහෙට හරවලා බලලා ඉඹලත් බලලා ආපහු තිබ්බා .මට ටිකක් දුක හිතුණා.ඒත් උදේම අම්මගෙන් හොරකම් කරගෙන ආපු රුපියල් සීයෙන් රුපියලක් හරි ඉතිරි වෙච්ච නිසා මම සැනසුම් සුසුම් හෙළුවා .

    මම වටපිට බැලුවා ! .
    කඩේ කට්ටිය ටිකක් විතර සාමකාමි වෙලා .බිත්තිය කෙළෝරේ තිබුණු බොයිලේරුවේ වතුර ටිකත් පැහෙන්න අරං ඒකෙන් පිටවෙන සිහින් හඬත් මට හිතුණේ මට ඔච්චමට නැගෙන හඬක් කියලයි .කඩේ නැන්දා අපි කාපු බීපුවායේ ගාන හදනවා.පාං මුදලාලි පාං ගෙඩි ටික මේසේ උඩ අඩුක් කරනවා .ඔය අතරේ වික්ටර් මාමා මගේ දිහා බලාගෙන කපටි හිනාවක් දැම්මා .

    "සඳරු පුතේ උඹ තරහද ?”

    "මෙ මොන පිස්සුද මාමේ .!” හිත යටින් අමු තිත්ත කුණු හබ්බ මතක් වුණත් මල් මල් හිනාවකින් මූණ වහගෙන මම එහෙම කිවුවා . ඔය අතරේ ටිකක් නිහඬ හිටි උනාපාන මාමා අමුතුම කතාවක් කීවා.!

    "උඹලා දෙන්නා ඔට්ටුවක් අල්ලපල්ලා !”

    උනාපාන මාමා එහෙම කියද්දී මම ගල් ගැහුණා ඇයි දෙයියනේ අතේ තියන තුට්ටු දෙක විදින්න මයි මේ හැම එකමා බලාන ඉන්නේ .

    "ඔට්ටුවක් ? අනේ මාමේ මම මේ කාපු බීපුවයේ සල්ලි ගෙවන්න තියනවා . අතේ තියෙන්නම රු 100.”

    "අහගනිංකෝ මේකයි ඔට්ටුව"

    තවත් ගිනිගෙඩියකට පිච්චෙන්න මම හිත හදාගත්තා .

    "මේකයි ලෝකෙ මේ අවුරුද්දේ විනාසේ වුණේ නැත්නම් වික්ටර් අයියා උඹ උඹගේ පු * උණු තාර ගාගන්න ඕනෙ !”

    "මොකක් ?”

    "ඔවු ඔවු උඹට ඔච්චර ෂුවර් නම් ඔට්ටුවක් අල්ලන්ඩ බැරි කමක් නෑනේ"

    කඩේ මාමත් ඔට්ටුවේ පැත්තට සුපිරි සවියක් දුන්නා

    "මට විශ්වාසයි උඹලාවගේ ගොං කඳන් වලට තමයි මේ හැමෝටම පේන දේ නොපෙනෙන්නේ . “
    වික්ටර් මාමත් සෙකන්ඩ් වුණේ නෑ .

    "හැබැයි මාමා උඹ ඔට්ටුව පැරදිලා හැංඟිලා හෙම ඉන්ඩ බෑ අපි උඹව හොයාගෙන ඇවිදිල්ලා උඹට ගූ ගහලා යනවා .”

    උක්කුවත් උගේ කටේ බලේ පෙන්නුවා .

    මම අපේ ගමේ ගොඩ දෙනෙක් ගැන දන්නවා මේ මිනිස්සු මම වගේ නෙවෙයි වචනයක් දුන්නොත් දුන්නමයි . එක අතකින් ඒක එඩිතරයි . තව පැත්තකින් මෝඩ කමක් . *කේ තාර ගා ගැනීම , ගූ ගස්සවා ගැනීම ,රෙදි ගලවාගෙන පාරේ යාම වගේ අමුතුම ඔට්ටු ඇල්ලිම මේ පළාතේ සමහරුන්ගේ සිරිතක් .කොයිතරම් ඉතින් මේවගේ ඔට්ටු ඇල්ලුවත් ඒව ඉටු කරන අය නම් ඉන්නේ කීප දෙනෙක් විතරයි .

    "දැන් මාමා එතකොට ලෝකේ විනාශ වුනොතින් මම මොනාද කරන්න ඕනෙ ?”

    "එහෙම වුනොතින් ඉතින් උඹ පු * තාර ගා ගනිං .!”

    මුලු කඩේම හිනා හඬින් පිරුණා . වික්ටර් මාමත් යාන්තමට හිනා වුණා . ඒත් ඒ හිනාව ස්වභාවික හිනාවක් නෙවෙයි බලෙන් මවාගත් හිනාවක් කියලා මට හොඳටම තේරුණා .

    ඉතින් ඔය මොහොත වෙනකොට මගේ හිතේ අබමල් රේණුවක තරම්වත් තරහක් තිබුණේ නෑ දවසම වුණත් මැරීගෙන වැඩ කරන්න තරම් මගේ හිත ගත සවිමත් වෙලා තිබුණා . මම හිතන්නේ ඒ මම කාපු කඩයප්පං වල පෝෂ්‍ය ගුණය නිසා නම් නෙවෙයි උදෑසනම මේ කඩේට ගොඩ වෙලා ටිකක් කෝප වෙලා ලේ පුංච්චගෙන , ගොඩක් හිනාවෙලා ආයෙමත් ලේ පිරිසිදු කරගත්ත නිසා වෙන්නැති .

    උදේ වැඩට යන්න කලියෙන් මේ පුංචි කඩේට ගොඩවදින එක මට දැන් පුරුද්දකට ගිහින් . ගෙදරින් උදේට කාලා ආවත් මේ වයසක දෙන්නාගේ පොඩි පෙට්ටි කඩේට ගොඩවෙලා මම ගිල දාපු කෑම ජාති වල රස අපේ ටවුමේ තියන සුපිරිම හෝටලේ වේච්චී හාමුගේ කඩෙදී නම් මට ලබාගන්න බැරි වුණා .

    උක්කුවයි මම දෙන්නම කාපු කෑම බීම වලට රුපියල් 85 ගෙවලා අපේ ගමේ මාමලා කට්ටියගෙන් සමු අරගෙන මම වැඩකරන පරිගණක පන්තිය බලා පිටත් වුණේ කාපු බීපු තැන්වල සතා සරුපයාවත් ඉන්නේ නැතෙයි කියලා මම දන්න නිසයි .
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ado eka siraa blog ekan eda??

    සිර කියන්නේ බන් මරු සිරා...එකක් නෑර මුල ඉදන් කියවන් යනවා මම.මාරම ඩයල් එකක් බන් මේකා නම්.කතා වලට වැඩිය මූ මේක ලියන විදිහට තමයි බන් ආස හිතෙන්නේ.ඔෆිස් එකේ වැඩ පැත්තක දාල උදේ ඉදන් මේක කියවනවා...

    :yes::yes::yes::yes::yes::cool::cool::cool::cool::cool: