මම අහපු දේ ඕක නෙමෙයි...විශ්වාස කරනවන් මම උපදුනේ ජීවත් උනේ කුඩු කටේ..කොලොන්නවේ..ඒත් අද වෙනතුරු කුඩු දැකලවත් නෑ..ඒත් බිස්නස් කරන උන් ගැන අහල තියනවා..උන් උපරිම ග්‍රෑම් 2ක් 3ක් අරන් විකුනන අය වෙන්න ඕන..ඇතුලට යනවා එනවා..කවදාවත් කිලෝ ගනන් ගෙන්නන උන් ගැන අහලත් නෑ දැකලත් නෑ..පොලිසියෙන් ලොකුවට කුඩු ඇල්ලුවම කිලෝ 100..කෝටි 150යි කියනවා..ඒත් මගේ මතය නම් ඒ street value එක. ඒ කියන්නේ කුඩ්ඩා එක සැරේට බොන ප්‍රමානයේ ගාන කිලෝ එකෙන් වැඩි කරල..ඔච්චර රිස්ක් එකක් අරන් කුඩු කිලෝ එකක් අරන් පැක් කරන එකා කීයටද බන් ගන්නේ..එහෙම කිලෝ ගනන් විකුනන උන මම නම් හිතන්නේ ලංකාවටම ඉන්නේ එකයි දෙන්නයි..ඒකත් උන් අහුවෙන්නේ නෑනේ.
කිලෝ ගණන් අල්ලනවා බං. [ ඒවාට ඊට පස්සෙ වෙන දේවල් දන්නවනෙ ] ග්‍රෑම් 2-3 අරං කෑලි ගහලා සල්ලි හොයන උනුත් ඉන්නවා. ප්‍රශ්නෙ කියන්නෙ US Law වගේ නෙවේ ලංකාවේ Law මෙහෙ දඩුවම් දෙන්නෙ අල්ලන්න ප්‍රමාණයේ තියෙන Pure Diacetylmorphine [Heroin] ඔකේ තියෙන 6-MAM [6-Monoacetylmorphine ( Heroin වලට Active Metabolite එකක් ඉතිං කුඩුම තමා ) ] /Morphine [ ( Heroin වලට Active Metabolite එකක් ඉතිං කුඩුම තමා ) ] කවුන්ට් වෙන්නෙ නැහැ.
මේ ලඟදි රිපෝට් එකක් බැලුවා 12 ග්‍රෑම් අල්ලලා තිබ්බේ Heroin තිබ්බේ ග්‍රෑම් 2යි මිලි ගානක්. අනිත් ඔක්කොම කට් එක Mannitol/ Caffeine වගේ Bulking Agents.
කිලෝ ගණන් ගේන උන්ට සපෝට් තියෙනවා උන් කවදාවත් පොලිසියට අහු වෙන්නෙ නැහැ. සමහරු ඩුබායි ඉන්නෙ. ගහන එකෙක් අල්ලලා කිලෝ එකක් දෙනවා විකුණලා දෙන්න කියලා. පොරටත් ඕනෙ තරං ගහන්න පුළුවන් නිසා විකුණනවා. ඕකෙත් සිස්ටම් එකක් තියෙනවා ආමි වගේ. කිලෝ එක හම්බුණ එකා කෑලි ගහවට වඩා ඔය පොඩි ග්‍රෑම් 5 වගේ අරං බිස්නස් කරන උන්ට දෙනවා.
ඔහොම ඔහොම බිස්නස් කාරයෝ 5ස් දෙනෙක් ගෙන් විතර ගහන කුඩ්ඩට එද්දී පට්ට Deluted ජරාවක් සෙට් වෙන්නෙ. කිලෝ ගණන් බස්සන උන් රියලි ඉන්නවා. මෙහෙ රතු නිවේදන වැදිලා කියක් නං දේපල Seized කරාද.
ඔය කිලෝ ගණන් පුච්චන ඒවා ඔක්කොම තනි කුඩු නෙවේනෙ.

අනික පස්සහා සපෝට් එකකට සෙට් එකක් ඉන්නවා. තව කිලෝ ගණන් කිසි ගේමක් නැතුව ගේන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. බල්ලෙක්ට වත් අල්ලන්න බැහැ. ඒවා මෙතන කියන්න බැහැ.
ජෙප්පොන්ට සපෝට් කියලා හිතන්න එපා හැබැයි දැන් සමහර පැති වලට හෙරොයින් අඩුයි. ඉතිං කවුද ගෙන්නුවේ කියලා තේරෙනවනෙ. ඉස්සර ග්‍රෑම් ගණන් ගත්තට දැන් ග්‍රෑම් 1ක් ගන්නත් නැහැ. බාග දෙකක් ගන්න ඕනෙ. එකත් පට්ට Deluted. හැබැයි NPP හොඳ වැඩක් නෙවේ කරේ කුඩ්ඩො ඔක්කොම දැන් ලාබ නිසා Methamphetamine ගහන්න අරං ඉන්නෙ. ගාන අඩුයි නෙ. Methamphetamine කියන්නෙ Heroin වලට හපන් Psychosis Drug එකක්. දැන් පොලිසි වලින් අල්ලලා කෑලි නඩු දාන්නෙ නැහැ දඩ 5000 නිසා. දාන්නෙ Ice දඩේ 10 000 යි නෙ. Fentanyl Bulk එහෙම එන්න ගත්තම තමා NPP එකට රෙවෙන්නෙ මල්ශාලා වලට නං හොඳයි.
Heroin නවත්තනවා නං Methadone වත් ගේන්න ඕනෙ. ප්‍රශ්නෙ ඉතිං රීම් එකෙන් දුවන ලංකාවට Methadone ගේනවට වඩා ලාබයි කුඩු ගේන එක.
* ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ කිලෝ ගණන් ගෙන්නනවා. ඒ අය පැක් කරන්නෙ නැහැ. ලොකේෂන් තියන්නෙ නැහැ. බඩු අල්ලන්නෙත් නැහැ. උඩ ඉන්න අයගෙන් සප් එක තියෙනවා. කෙලින්ම කියනවා නං අහු වෙන්නෙ හාල් මැස්සෝ. උනුත් එළියේ සප් එක තියෙන නිසා.