ලoකාව ලෝකයෙන්ම 4 වෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලoකාව ලෝකයෙන්ම 4 වෙයි

    064.gif


    sl-flood-reu_L.jpg








    ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය (Global Climate Risk Index) මගින් 2018 වසර සඳහා නිකුත් කොට ඇති වාර්තාව මගින් ශ්‍රී ලංකාව ස්වාභාවික විපත්වලින් අධි අවදානම් සහිත රටවල් අතරින් හතරවන ස්ථානයේ පසුවන බව පෙන්වා දී තිබේ.

    එම වාර්තාවේ පළමු ස්ථානය හයිටි දිවයින හිමිකරගෙන සිටින අතර පිළිවෙළින් සිම්බාබ්වේ සහ ෆීජී යන රටවල් දවෛනි තුන්වෙනි ස්ථාන හිමිකර ගෙන සිටී.

    1997 සිට 2016 දක්වා වූ කාලගුණ දත්ත විශ්‍ලේෂණය කරමින් මෙකී වාර්තාව සකසන අතර 2016 වසරේ නිකුත් කළ මෙවැනිම වාර්තාවක් විසින් ශ්‍රී ලංකාව 95 වෙනි ස්ථානයට ලැයිස්තුගතව තිබුණි. එහෙත් ඉන්පසු සිදුවූ ස්වාභාවික විපත් සහ ඒවායෙන් සිදුවූ හානි නිසා ශ්‍රී ලංකාවේ තත්ත්වය සිව්වන ස්ථානය දක්වා ඉහළ නැග තිබේ.

    ඊට හේතුව ලෙස මෙම වාර්තාව දැක්වනුයේ ශ්‍රී ලංකාව, ෆීජි, වියට්නාමය වැනි රටවල් ඉතා අඩුකාල පරාසයක් තුළ ස්වාභාවික විපත් රැසකට මුහුණ දීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

    සිම්බාබ්වේ දේශය දිගුකාලීන නියඟයකට මුහුණ දෙමින් සිටිම එම රට මෙම දර්ශකයේ දවෛනි ස්ථානය පත්වීමට හේතු වී තිබේ.

    ඊට අමතරව සංවර්ධිත රටවලට සාපේක්ෂව ඌන සංවර්ධිත රටවල්වලට ස්වාභාවික විපත්වලින් දැඩි අවදානමක් උද්ගතව තිබෙන බවද මෙම වාර්තාව පවසයි. එමෙන්ම ගෝලීය උණුසුම ඉහළ යෑම සහ දේශගුණ විපර්යාස නිසා ස්වාභාවික විපත් ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත්, ශ්‍රී ලංකාව, හයිටි, ෆීජි වැනි දූපත් රාජ්‍යවල පැවැත්මට ඒවා දැඩිව බලපානු ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

    අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
    – lakbima
     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දැන් කියපන් සංවර්ධිත රටවල් අපෙන් හොරකන් කරා එකයි අපිට එතෙන්ට එන්න බැරි උනේ කියලා. අපේ රටට ඕනේ හදිස්සි ආපදාවකදී රටේ සැලැස්මක් තියෙන්න ඕනේ කොහොමද වතුර බස්සවන්නේ ? වගේ ගැන engineering පැත්තෙන් බලල හදන්න ඕනේ ;