වකුගඩු අක්‍රීයවීම යනු කුමක්ද?

signshop

Well-known member
  • May 30, 2011
    12,196
    8,927
    113
    Dubai
    වකුගඩු අක්‍රීයවීම යනු කුමක්ද?

    වකුගඩු අක්‍රීයවීම යනු කුමක්ද?

    stock-illustration-18675254-human-kidneys.jpg


    අප සිරුර තුළ තුනටිය ප්‍රදේශයේ බෝංචි ඇට හැඩැති අවයව යුගලයක් පිහිටයි. වකුගඩු හෙවත් වෘක්ත යනුවෙන් හැදින්වෙන අප හොදින් අසා පුරුදු මේ අවයවයන් ගේ කාර්යය මුත්‍රා නිපදවීමයි.මෙසේ නිපදවන මුත්‍රා මගින් ජලය හා සිරුරට අන්‍යවශ්‍ය අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කරයි.මුත්‍රා නිපදවීමට අමතරව රුධිර පීඩනය , රුධිරගත හිමොග්ලොබීන් ප්‍රමාණය හා සිරුරේ අම්ල භෂ්ම සමතුලිතතාවය පාලනය කිරීම වුකුගඩුවල අනිකුත් කාර්යයන් වේ.
    වකුගඩු රෝගීවූ විට ඉන් සිදුවන ඉහත ක්‍රියාවන් අඩපණ වේ. වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩාල වීම වකුගඩු අක්‍රීය වීම ලෙස හදුන්වමු.වඩාත් නිවැරදිව කීවොත් වකුගඩු දෙකම රෝගී වූවිට සහ එහි මුලු ක්‍රියාකාරීත්වය 60%-70% කින් අඩපණ වූවිට වකුගඩු අක්‍රීයව ඇතැයි සිතමු.ක්‍රියාකාරීත්වය 90% කින් අඩාල වූ වී ඇති විට වකුගඩු අක්‍රීයවීම උග්‍ර වී ඇතැයි කිව හැක.

    රෝගයේ ආකාර මොනවාද?
    වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණවීම ක්‍රම දෙකකට විය හැක.
    හදිසියේ ඇතිවන වකුගඩු අක්‍රීයවීම
    කෙටි කාලයක් තුල වකුගඩු ක්‍රියාකාරීක්වය අඩපණවී යයි.උදා- සර්පයන් දෂ්ඨ කල විට මෙවැනි තත්වයන් ඇතිවිය හැක.
    කාලාන්තරයක් තුල වකුගඩු ක්‍රීය වීම
    මෙහිදී ක්‍රමයෙන් කාලයක් තිස්සේ වකුගඩු අක්‍රීය වී යයි.එය මාස හෝ වසර කීපයක් තුල විය
    හැක.
    මෙම දෙආකාරයේ මිශ්‍ර සම්බන්ධයක් ලෙසින්ද මෙය දැකිය හැක.

    රෝගය සෑදෙන්නේ කාටද?
    ළදරුවාගේ සිට වැඩි මහල්ලා දක්වා කවරකුට වුවද රෝගය වැළදේ.නිතර නිතර වකුගඩු ආබාධ වලට ලක්වන්නන් වකුගඩු අක්‍රීයවීමට ගොදුරු වීමේ වැඩි ඉඩක් දක්වයි.

    වකුගඩු අක්‍රීයවීමට හේතු මොනවාද?
    ළමුන් අතර වකුගඩු අක්‍රීයවීම සුලභව දක්නට නොමැති මුත් ඔවුන් අතර බොහෝ විට වකුගඩු ප්‍රදාහ සහ මුත්‍රා මාර්ග ආසාදන දැකිය හැක.

    වැඩිහිටියන්ගේ වකුගඩු අක්‍රීයවීමට හේතු -
    හදිසි වකුගඩු අක්‍රීයවීම
    සර්පයින් දෂ්ඨ කිරීම
    වකුගඩු ප්‍රදාහය
    ඇතැම් ඖෂද වර්ග
    විෂ වර්ග
    ශල්‍යකර්‍ම
    තදබල ආසාදන

    කාලාන්තරයකදී වකුගඩු අක්‍රීයවීම
    දිගුකාලීන වකුගඩු ප්‍රදාහය
    අධික රුධිර පීඩනය
    දියවැඩියාව
    ප්‍රොස්ටේට් ග්‍රන්තයේ ඇතිවන රෝග
    වකුගඩුවල ගල් ඇතිවීම
    ප්‍රවේනිගත රෝග
    මෙසේ ඇතිවන වකුගඩු අක්‍රීයතාව සදහා බොහෝවිට නිශ්චිත හේතුවක් සොයා ගැන්ම අපහසුය මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන වකුගඩු අක්‍රීයතාව දක්වා වර්‍ධනය වන්නේ කලාතුරකිනි.එහෙත් වකුගඩු දුර්වල වූ රෝගීන් හට ඇතිවන එවන් මුත්‍රා මාර්ග ආසාදන නිසා වකුගඩුවල තත්වය වඩා නරක අතට හැරවීමට ඉඩ තිබේ.

    වකුගඩු අක්‍රීයවීම හදුනා ගන්නේ කෙසේද?
    රෝගයේ මුල් අවස්ථාවේදී පසුවන රෝගීන් බොහෝ දෙනෙක් රෝග ලක්ෂණ නොපෙන්වති.නැතහොත් වකුගඩු අක්‍රීයත්වයට විශේෂිත නොවූ වෙන යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරති.එබැවින් මෙම රෝගය බොහෝවිට මුල් අවස්ථථාවේ හදුනා ගනුයේ වකුගඩු අක්‍රීයව ඇතිදැයි සෙවීමේ අරමුණින්ම කෙරෙන රුධිර හා මුත්‍රා පරීක්ෂණ වලිනි.

    රෝග ලක්ෂණ -
    කල් පවතින ආහාර අරුචිය.
    ඔක්කාරය,වමනය,ඉක්කාව හා බඩ දැගලීම
    ස්වසනය කිරීමේ අපහසුතාව හා ශරීර අප්‍රාණිකත්වය
    මුහුණ,පාද ,උදරය ඉදිමීම
    මුත්‍රා පිට වීම අඩුවීම සහ හදිසියේ වකුගඩු අක්‍රීයවීම
    රක්ත හීනතාවය(කාලාන්තරයක් තුල වකුගඩු අක්‍රීයවීම).

    වකුගඩු අක්‍රීයවීම තීරණය කරන්නේ කෙසේද?
    රුධිර සහ මුත්‍රා පරීක්ෂණ මගින් මෙය තහවුරු කල හැක.රුධිර ගත යූරියා සහ ක්‍රියැට්නීන් මැනීම එවැනි ක්‍රම දෙකකි.වකුගඩු අක්‍රීයවූ රෝගියකුගේ රුධිරගත යූරියා සහ ක්‍රියැට්නීන් ම්ට්ටම සාමාන්‍ය මට්ටමට වඩා වැඩිය.
    පැය 24 ක් තුල රෝගියා පිට කරන මුත්‍රා එකතුකර කරනු ලබන ක්‍රියැට්නීන්පහ කිරීම පරීක්ෂණය මගින් වකුගඩු ‍ෙකාතෙක් දුරට අක්‍රීය වී ඇත්දැයි තීරණය කර ගත හැක.මෙම පරීක්ෂණය විටින් විට කිරීමේ දී රෝග තත්වය වෙනස්වන අයුරුද පරීක්ෂා කල හැක.මෙයට අමතරව එක්ස් කිරණ ඡයාරූපද භාවිතා කරනු ලැබේ.

    රෝගය සදහා ප්‍රතිකාර මොනවාද?
    ප්‍රතිකාර විධි 4 කි.
    රෝගයට උචිත ආහාර තෝරා ගැනීම
    ඖෂධ ප්‍රතිකාර
    ඩයලිසිස් (Dialysis)
    වකුගඩු බද්ධය (Kidney transplantation)

    1. රෝගයට උචිත ආහාර තෝරා ගැනීම -
    මෙහිදී කරනුයේ ආහාරයේ අඩංගු කොටස් සීමා කිරීමයි.ප්‍රෝටීන,පොටෑසියම්,ලවණ,ජලය සීමා කෙරේ.මස් ,බිත්තර , මාළු වැනි ප්‍රෝටීනමය ආහාර වලින් රෝගියා වැලකී සිටිය යුතු අතර දිනකට වරක් පමණ ප්‍රෝටීන අඩංගු ආහාරයක් ගත යුතු වේ.
    තැඹිලි,අලුත් පලතුරු,බදින ලද අර්තාපල් වැනි පොටෑසියම් බහුල ආහාර වලින් රෝගියා වැලකිය යුතුය.අධික රුධර පීඩනය ,සිරුර ඉදිමීම ,පපුවේ හතිය වැනි ලක්ෂණ වලින් රෝගියා පෙලෙයි නම් ලුණු සහිත ආහාර වලින්ද වැලකිය යුතුය.පානය කල යුතු දියර ප්‍රමාණය වෛද්‍යවරයා විසින් රෝග තත්වය අනුව තීරණය කරනු ඇත.

    2. ඖෂධ ප්‍රතිකාර -
    කාණ්ඩ කීපයක ඖෂධ, ප්‍රතිකාර වශයෙන් යොදා ගැනේ.
    · සිරුර ඉදිමීම අඩු කීරීමට මුත්‍රාකාරක ඖෂධ.(Frusemide)
    · රුධිර පීඩනය පාලනය කිරීමට මිතයිප්ඩෝපා.(Methyldopa)
    · බඩ දැගලීම ,වමනය පාලනය කිරීමට මෙටොක්ලොප්‍රෝමයිඩ.(Metoclopramide)
    · රක්ත හීනතාවය සදහා රුධිරය ලබාදීම;එරිත්‍රොපොඑටින් (Erythropoietin) මිල අධික ඖෂධයකි.
    · මුත්‍රා මාර්ග ආසාදනය සදහා ප්‍රතිජීවක ඖෂධ.

    3. ඩයලිසීන් (DIALYSIS) -
    පළමු ප්‍රතිකාර දෙක මගින් තරමක් දුරට රෝගී තත්වය උග්‍රවීම පමාකල හැක.නමුත් වකුගඩු අක්‍රීයතාවය නිසා දිනපතා සිරුරේ එකතුවන යූරියා හා පොටෑසියම් ලවණ මට්ටම අඩුකිරීමට ඉහත ක්‍රම ප්‍රමාණවත් නොවිය හැකි බැවින් යූරියා හා පොටෑසියම් ශරීරයෙන් ඉවත් කිරීමට(Dialysis) ක්‍රම යොදාගනී.
    හදිසි වකුගඩු අක්‍රීයතාවය බොහෝවිට යථා තත්වයට පත්වන නමුදු කල්ගතව පවතින වකුගඩු අක්‍රීයතාවය යථා තත්වයට පත් කල නොහැක.මෙම රෝගීන් සුව කිරීමට අවශ්‍ය නම් වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය වේ.

    4. වකුගඩු බද්ධ කිරීම -
    යථා තත්වයට පත් කල නොහැකි ලෙස වකුගඩු අක්‍රීය වූ විට නැවත නැවතත් ඩයලයිසිස් නම් ප්‍රතිකර්මය සිදු කිරීම රෝගියාට පීඩාකාරී, හානිකර මෙන්ම අධික වියදම් කටයුත්තක් විය හැක.මෙම රෝගීනට වකුගඩුවක් බද්ධ කර නව ජීවනයක් ලබා දිය හැක.


    වැදගත් දෙයක් නිසා බෙදා ගන්න හිතුවා.. ඉස්සුවේ වෙදනැනසැලෙන්
     
    Last edited: