වකුගඩු රැකගමු වකුගඩු මිත්‍ර ආහාර
වකුගඩු හිතකාමී ආහාර වේලක් සඳහා උගත යුතු පාඩම් බොහෝය. එබඳු ආහාරයක ප්‍රධාන අංගය වනුයේ ප්‍රොaටීන, පොස්‌පරස් සහ විශේෂයෙන් ලුණු ප්‍රමාණය පාලනය වී තිබීමයි. මාංශපේෂීන්ගේ වැඩීමටත්, පටක අලුත්වැඩියාවටත් ප්‍රොaටීන අවශ්‍යයි. වකුගඩු දුර්වලත්වයෙන් පෙළෙන රෝගීන්ට බලපාන එක් ප්‍රශ්නයක් වනුයේ ප්‍රොaටීන ආහාරයන්හි අපද්‍රව්‍යයන් සිරුරින් පිටමං කිරීමේදී ඇතිවන අපහසුතාවයයි. මේ අනුව අපද්‍රව්‍ය සීමා කරනු වස් එබඳු රෝගීන්හට සැපයෙන ආහාරවේලක ප්‍රොaටීන පාලනය විය යුතුය. තවද පොස්‌පරස් අධික වුවහොත් කැල්සියම් උරා ගැනීමෙන් අස්‌ථි දුර්වලතා හටගනී. සාමාන්‍ය ආහාරවේලකට වඩා වකුගඩු රෝගියාගේ කෑමෙහි සුදුසු මේද සහ පිෂ්ට ආහාර වැඩිපුර අවශ්‍ය වනුයේ ප්‍රොaටීන සීමාව නිසා ඇතිවන කැලරි ඌනතාවය පිරිමැසීමටයි. අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු පිෂ්ට ආහාරත් අසංතෘප්ත මේද සහිත ආහාරත් විශේෂයෙන් ධපෑඨA - 3 ඇතුළත්වීමත් වැදගත් වනුයේ මෙම හේතුවෙනි. වයස අවුරුදු 60 ට වඩා අඩු එබඳු රෝගීන් සඳහා දිනකට ඔවුන්ගේ බර ප්‍රමාණය අනුව 1 ණට වෙනුවෙන් කැලරි 35 ක් ප්‍රමාණවත් වේ. වයස ඊට වැඩි නම් කැලරි 30 බැගින් සෑහේ. පිෂ්ට, ප්‍රොaටීන සහ මේද ආහාරයන්හි කැලරි අඩංගුය. එක් එක් ආහාරයන්හි අඩංගු කැලරි ප්‍රමාණය වෛද්‍ය වෘත්තිකයන් හමුවී දැනගත හැකිය.
කොලොස්‌ටරෝල් අධික ආහාර වකුගඩු රෝගීන්ට බෙහෙවින්ම අහිතකරයි. අධික ලුණු පාවිච්චිය ද හානිකරය. රුධිරයේ ජලය රැඳීමට එය හේතුවන බැවින් එමගින් රුධිර පීඩනය වැඩිවේ. එයින් අකරණයට මංපාදයි. මේස ලුණුවලට අමතරව බොහෝ නිවෙස්‌වල පාවිච්චියට ගන්නා වෙළෙඳපොළෙන් ගෙනෙන සකස් කරන ලද සහ අසුරන ලද කෑමවල අධික ලෙස ලුණු අඩංගුය. එක් ආහාර කොටසක තිබිය යුතු ප්‍රමාණය මි. ග්‍රෑ. 100 හෝ ඊට අඩුවය. අයකුට දිනකට සෑහෙන ප්‍රමාණය මි. ග්‍රෑ. 2400 ක් බව ගණන් බලා තිබේ. කෙසේවෙතත් රස ගැන්වීම පිණිස ලුණු වෙනුවට භාවිත කළ හැකි සුදුසු තුන පහ වර්ග ඇත. දෙහි, ලෙමන් වැනි දෑ සුදුසුය. රුධිර පරීක්‍ෂණයකින් සහ මුත්‍ර සෝදිසියෙන් අනතුරුව ආහාරවේලෙහි යම් වෙනස්‌කම් සිදුවිය යුතු බැව් නිගමනය වුවහොත් ඒ අනුව කෑමවේල සකස් විය යුතු වේ. එයද එක් එක් රෝගියාගේ වුවමනා එපාකම් මතත් වෛද්‍ය වාර්තා අනුවත් සැලැසුම් සහිතව කැපවීමකින් පිළිවෙළ විය යුතු කාර්යයකි. වකුගඩු අකරණයේ අවසන් අවස්‌ථා වෙත ළඟාවෙමින් සිටින රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය සියයට 20 පමණට අඩුවී ඇත්නම් එදිනෙදා කෑමවේල ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ඩයලිසිස් රෝගීන්ගේ කෑම වට්‌ටෝරුව අන් රෝගීන්ටත් වඩා විශේෂයි. එබඳු රෝගීන් දිනපතා ප්‍රොaටීන අධික ආහාර අවුන්ස 8 -10 අතර අනුභව කළ යුතු බව වෛද්‍ය මතයයි. බිත්තර සුදු මදය ඔවුනට ගැළපෙන ආහාරයකි. රුධිර කාන්දුකරණය සිදුකරන රෝගීන් නොවේ නම් දියර ආහාර සීමා කළ යුතු නොවේ. වකුගඩු රෝගීන්ගේ මහත් කනස්‌සල්ලට හේතු වී ඇත්තේ පොටෑසියම් බහුල ආහාරයි. එහෙත් එය මනා හෘද සෞඛ්‍යයටත්, නිරෝගී මානසික පැවැත්මටත් එකසේ ඉවහල්වන්නකි. සාමාන්‍යයෙන් කෙනකුට දිනකට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණය මි. ග්‍රෑ. 3500 කි. වකුගඩු දුර්වලත්වයේ 4 වැනි සහ 5 වැනි අවස්‌ථාවලදී පොටෑසියම් හරිහැටි පාලනය නොවුවහොත් එනම් (3.5-5.0) ඉක්‌මවයි නම් වෛද්‍ය උපදෙස් මත වහාම පොටෑසියම් අඩු ආහාරවලට නැඹුරු විය යුතු වේ. පොටෑසියම් බහුල ආහාර වශයෙන් ගැනෙන අර්තාපල්, තක්‌කාලි, බෝංචි, ඇට වර්ග, ඉඳුණු කෙසෙල් සහ චොක්‌ලට් වර්ග එබඳු රෝගීන්ට ගුණදායක නොවේ.
සුදුසු ආහාර වර්ග කිහිපයක පෝෂ්‍ය විස්‌තර මේ සමඟ ඇත.
ලූනුq
වර්ගයෙහි සහ පාටෙහි වෙනසක් නොමැතිව හැම ලූනු වර්ගයකම පාහේ සෝඩියම්, පොටෑසියම් සහ පොස්‌පරස් අඩුවෙන් ඇතුළත්ය.
අඟල් 1/4 පෙත්තකින් සැපයෙන ප්‍රමාණයන්
- සෝඩියම් මි. ග්‍රෑ. 2.0
- පොටෑසියම් මි. ග්‍රෑ. 55.0
- පොස්‌පරස් මි. ග්‍රෑ. 11.0
මෙහි ක්‍රෝමියම් අඩංගු බැවින් රුධිර සීනි පාලනයට ද හිතකරය. කොලෙස්‌ටරෝල් අඩුවෙන් සැපයේ. දියවැඩියා රෝගීන්ට ගැළපේ.
ගෝවා
පොටෑසියම් අඩු කදිම එළවළුවකි.
වට්‌ටක්‌කා
එළවළුවක් වශයෙන් වට්‌ටක්‌කා සුළුපටුව සැලකිය හැක්‌කක් නොවේ. මෙහි ගුණාංග රැසකි. මේද සහ කැලරි අඩුය. ශරීරයෙහි දියර තුලනය ඇති කරන, රුධිර පීඩනය මැඩ පවත්වන ඛනිජ, විටමින් ඇතුළත් වටිනා එළවළුවකි. එහි අසංතෘප්ත ඔමේගා 3 ද ඇතුළත් වේ.
කොස්
ලෙඩ රෝග රාශියකට ගුණදෙන එදිනෙදා ආහාරවේලට ඇතුළත් කළ යුතු අංගයකි. එහි අඩංගු ප්‍රතිඔක්‌සිකාරක, ප්‍රොaටීන, ඛනිජ, විටමින් සහ පයිටෝ පදාර්ථ නිසාම කොස් අග්‍ර ඝනයේ ආහාරයකි.
අධික රුධිර පීඩනය, හෘද රෝග, සමේ රෝග, මළබද්ධය සහ වකුගඩු ආබාධයන් සඳහා ගුණාත්මක වටිනාකමෙන් ද යුක්‌ත වූවකි. පිළිකා මර්දන ශක්‌ති ප්‍රභවයකි. අඩු කැලරි ආහාරයක් වූ මෙහි ග්‍රෑම් 100 ක ඇත්තේ කැලරි 94 ක් පමණි. පොටෑසියම් ප්‍රමාණය මි. ග්‍රෑ. 303 කි. තාරුණ්‍ය බව රැකෙන සමෙහි පැහැපත් බව ද ඇති කරන කොස් ගැන නළු නිළියන් දනියි නම් හැමදාම කොස් සොයාගෙන ඒවි.
කොමඩු
වකුගඩු ක්‍රියාකාරීත්වයට ගැලපෙන දියර ආහාරයකි.
පොටෑසියම් අඩු, මිලෙන්ද අඩු ගම්බද ජනප්‍රිය පලතුරකි.
පිළිකා මර්දන හේතුකාරක අඩංගුය.
ඇපල්
වකුගඩු රෝගීන්ට මිතුරකු හා සමානය. පිටපොත්ත පීරාගත් කල්හි පොටෑසියම් ප්‍රමාණය තවත් අඩුවේ. කෝප්ප 1/2 ක ප්‍රමාණයේ පීරන ලද පෙතිවල මි. ග්‍රෑ. 62 පොටෑසියම් වෙයි. මිරිකන ලද කෝප්ප 1/2 මි. ග්‍රෑ. 148 කි.
කුරුඳු
රුධිර ග්ලූකෝස් මට්‌ටම පහත හෙළන එසේම රුධිර පීඩනය ද මැඩපවත්වන කදිම කුළුබඩුවකි. වකුගඩු රෝගීන්ගේ කෑමවේල රසවත් කිරීමට කදිමය.
අබ
ලුණු අඩුව පිරිමැසීමට කදිම ආදේශයකි. ව්‍යංජන රස ගැන්වීමට භාවිත කළ හැකි ප්‍රයෝජනවත් තුනපහ ගණයට වැටෙන කුළුබඩු විශේෂයකි.
තේ හැන්දක ප්‍රමාණයකින් යුත් කහ පැහැති අබ ස්‌වල්පයක සැපයෙන ප්‍රමාණයන්
- සෝඩියම් මි. ග්‍රෑ. 25- 65
- පොටෑසියම් සහ පොස්‌පරස් මි. ග්‍රෑ. 7 ට වඩා අඩුය.
ඉඟුරු
ඉඟුරු දෝසි බඩේගායට හොඳ බව හෝඩි පොතේ කියෑවුණත් ඇත්ත වශයෙන්ම දියවැඩියාව ඇතුළු රෝග කිහිපයකටම ගුණදායක බව වෛද්‍ය පර්යේෂණවලින් සනාථ වී ඇත. කොලෙස්‌ටරෝල් අඩුවීමට හේතුවේ. ව්‍යංජන පිළියෙල කිරීමේදී ස්‌වල්පයක් මිශ්‍ර කිරීම යෝග්‍ය වේ.
දියර
රුධිර කාන්දුකරණය සිදුකරන රෝගීන් නොවේ නම් දියර ආහාර සීමා කළ යුතු නැත. එසේ නැතහොත්, පිපිඤ්Æ, සලාද, කොමඩු, මිදි, දොඩම් වැනි එළවළු සහ පලතුරු ද, සුප් වර්ග ද සීමා කළ යුතු වේ. වෛද්‍ය නිගමන මත ආහාරපාන ගැනීම ඔවුන් සතු වගකීමකි. වයස අවුරුදු 60 ට වඩා අඩු එබඳු රෝගීන් සඳහා දිනකට ඔවුන්ගේ බර ප්‍රමාණය අනුව කිලෝග්‍රෑම් 1 ක් වෙනුවෙන් කැලරි 35 ප්‍රමාණවත් වේ. වයස ඊට වඩා වැඩි නම් කැලරි 30 බැගින් සෑහේ. පිෂ්ට, ප්‍රොaටීන සහ මේද ආහාරයන්හි කැලරි අඩංගුය. එක් එක් ආහාරයන්හි අඩංගු කැලරි ප්‍රමාණය වෛද්‍ය වෘත්තිකයාගෙන් අසා දැනගත හැක. නිතර නිතර භාවිත වන පොටෑසියම් බහුල ආහාර වශයෙන් ගැනෙන අර්තාපල්, තක්‌කාලි, බෝංචි ඇට වර්ග සහ ඉදුණු කෙසෙල් ගෙඩි සහ චොක්‌ලට් වර්ග ද සඳහන් කළ හැක. ගෙදරදීම රුධිර පීඩනය හා රුධිරයේ ප්‍රොaටීන ප්‍රමාණය, බෙහෙත් ගල්වන ලද පටි භාවිතයෙන් මැනගැනීමට ඔබට හැකියාව ඇත.
- වෛද්‍ය ලේඛක කීර්ති සුමනසිරි